ඩොලර් ගැන මේ කාලයේ බොහෝ අය කතා කරති. ඒ ගැන නොදන්නා කෙනෙක් නැත. එහෙත් “පෙට්රෝ ඩොලර්” යන්න ගැන ඔබ අසා තිබේද ?
1970 කාලයේ ඔපෙක් සමුළුව විසින් ෆොසිල ඉන්ධන වල මිල තුන් ගුණයකට වැඩි කරන ලද්දේ, [Oil Embargo] සහ කෙමෙන් කෙමෙන් ලෝකයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වැඩි වූ හෙයිණි. ඇමරිකාව මේ තත්වයෙන් පීඩාවට පත් වන බව පැහැදිළි තත්වයක් විය. විශේෂ හේතුවක් වූයේ ඇමරිකාවට අවශ්‍ය ෆොසිල ඉන්ධන වලින්, “70%ක්” එකළ විදේශ වලින් ගෙන්වීම සිදු විය. මේ සඳහා ඇමරිකාවේ එකල සිටි ජනාධිපති වූ “නික්සන්” සහ සහ ආරක්ෂක ලේකම් “හෙන්රි කීසින්ජර්” විසින් විශේෂ පියවරක් ගන්නා ලදී.
සව්දි අරාබිය ලෝකයේ වැඩියෙන්ම තෙල් නිපදවන රටවූ හෙයින් ඔවුන්ගේ අවධානය සව්දි අරාබියට යොමු විය. සව්දි අරාබියේ පාලක පන්තිය ආරක්ෂා කිරීම සහ සව්දි අරාබියට දෙන ආරක්ෂාව යටතේ ඇමරිකාව ඔවුන්ට යෝජනාවක් කළේය. ඒ යෝජනාවට එකඟ වීම අනිවාර්ය විය. එනම් සව්දි අරාබියට එසේ යෝජනාවකට වඩා නීතියකට අවනත වීමට සිදු විය. එය පෙට්‍රල් මිළ අඩු කිරීමට නොවේ. ඇමරිකාවට ඔපෙක් හී බලපෑමක් නැතිව ෆොසිල ඉන්ධන අඩු මිළට එවීමද නොවේ.
එය වූ කලී, සව්දි අරාබිය විකුණන සෑම තෙල් බැරලයක්ම වෙන කිසිම මුදල් ඒකකයකින් නොවිකුණා, ඩොලර් වලින්ම විකිණීමය. මෙයට තෙල් නිපදවන සහ විකුණන සියලුම රටවල් වලට ක්‍රියාත්මක කරන්නට සිදු විය.
එනම් උදාහරණයක් සේ රුසියාව රූබල් වලින්, ඉන්දියාවට, ඉන්දියානු රුපියල් වලින් හෝ ජර්මනියට ඩොයිෂ් මාර්කස් ගෙවා තෙල් ගත නොහැක. රුසියාව රූබල් ගෙවා ඩොලර් මිලට ගෙන, ඉන්දියාව ඉන්දියානු රුපියල් වලින් ඩොලර් මිළට ගෙන, සහ ජර්මනිය ඩොයිෂ් මාර්ක්ස් ගෙවා ඩොලර් මිළට ගෙන තෙල් මිලදී ගත යුතුය. ලෝකයේ සෑම රටක්ම අදත් මේ තත්වයට යටත් වේ. මේ තත්වය යටතේ මුළු ලොව පුරාම , ඒ ඒ රටවල් වල මුදල් ඒකකය වෙනුවට ඩොලර් සංචිතයක් තබා ගැනීමේ දැවැන්ත ප්රයත්නයක් ඇති විය.
උදාහරණයක් සේ ඇමරිකාවේ ඇති ඩොලර් සීයේ නෝට්ටු ප්‍රමාණයට වඩා එකළ රුසියාවේ ඩොලර් තිබිණ. ඩොලර් වලට වූ ඉල්ලුම අති විශාල විය.
කලකට පෙර ලංකාවේ රුපියල් 3ක් ඇමරිකානු ඩොලරයක අගය පැවතුනේ, ඒ ඉහත කී ඩොලර්, පෙට්රෝ ඩොලර් වලට හැරවීමට පෙර විය. රුපියල අපේ ගොන් බිජු දේශපාලුවන් ගේ ගොන් කමට පහතට ගියද, එය රුපියල බාල්දු වීමේ එකම හේතුව නොවීය.
ඉහත සේ ඩොලරය සඳහා ෆොසිල ඉන්ධන විකිණීමට විරුද්ධව ක්‍රියාකළ කිසියම් රාජ්‍ය නායකයෙක් සිටී නම්, එක්කෝ ඔවුන්ව ඝාතනය වීම සිදු විය. නැතහො ඒ රට හැකිතාක් සම්බාධක දමා රට අස්ථාවර කිරීම සිදු විය. උදාහරණයක් සේ ලිබියාවේ නායකයා වූ “මුහම්මර් ගඩාෆි” සහ ඉරාක ජනාධිපති “සදාම් හුසේන්” ඝාතනය කර දමන ලදී. මීට අමතරව තවත් තෙල් සම්පතෙන් අනුන රටවල් වල මුදල් ඒකකය ඩොලරයට “ලොක්” කිරීමට බලපෑම් සිදු විය. උදාහරණය එක්සත් අරාබි ජනරජයේ මුදල් ඒකකය වන “ඩිරාම්” යන්න, ඩොලරයට සාපේක්ෂව වෙනස් වන්නේ නැත. එය සැමවිටම ඩිරාම් 3. 6875 යන්න ඩොලර් 1 ක් සේ පවතී.
මේ කරුණට හේතුවක් ඇත. එනම් ඒ සඳහා වසර හතළිහකට පමණ පෙර ඉතිහාසය හෝ භූගෝලය කියැවූ කෙනෙක් නම් ඒ හේතු දනී. එනම් එක්සත් අරාබි ජනරජයේ එක්තරා ප්‍රාන්තයක් වූ එකල නිදහස් රාජ්‍යයක් වූ “සාජා” ප්‍රාන්තයේ වරාය ගැන කෙනෙක් අසන්නට ඇත. එහෙත් එකල ඩුබායි දේශය ගැන කෙනෙක් අසා තිබුනේද / මා හිතන්නේ නම් “නැත” කියාය. ඇත්ත වශයෙන්ම අයිතිහාසික සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියා දෙයක් නැත. එය ඉරානයට අයත් බිම් කොටසකි. දැන් එතන උත්තරය ඇත.
එය සරළය. එනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, “ඩිරාමය”, ඩොලරයෙන් ගැලවූ වහාම ඇමරිකාව ඔවුන් ඊට දෙන ආරක්ෂාව ඉවත් කරයි. වඩා බලවත් ඉරානය එවිට එමීරයට තර්ජනයක් වනු ඇත. “ඔබේ සතුරාගේ සතුරා, ඔබේ මිත්‍රයා වේ” යන න්‍යායය මෙහි ක්‍රියාත්මක වේ. මේ ආකාරයට ඩොලරයේ ශක්තිය වැඩි වීම දිගටම තබා ගන්නට ඇමරිකාව සමත් විය.
කිසියම් හේතුවක් නිසා මේ “පෙට්රෝ ඩොලර්” සංකල්පය කඩා වැටුනහොත් කුමක් වේද ? එය පහසුවෙන් කල නොහැකි වුවද, “ඇමරිකාව හිඟමනට පත් කෙරෙන ආකාරයේ” දෙයක් වනු ඇත. දැන් මෙහි දෙවන පරිච්චේදයේ චීනය වැදගත් තැනක් දරයි.
ඔවුන් එය ආරම්භ කලේ මූලික වශයෙන් අප්‍රිකාවෙනි. බටහිර රටවල් ආධාර දීමේදී අප්‍රිකානු රටවල් වල පාලකයන්ට බලපෑම් ඇති කලද, චීනය එය කිසි විටෙක නොකරයි. එහෙත් වෙන ආකාරයේ බලපෑමක් ඔවුන් කරති. මේ සඳහා දූෂිත දේශපාලනඥයන් ඔවුන් සොයා ගනී. උදාහරණ සේ ෆොසිල ඉන්ධන ඇති ඇන්ගෝලාව සහ නයිජීරියාව ගත හැක. චීන්නු කරන්නේ, ඒ ඒ දේශපාලනඥයන්ට අත යටින් ගානක් දී, ඒ තෙල් සම්පතේ වැඩි ප්‍රමාණයක් චීනයට ලබා ගැනීමය.
තෙල්ම නොව, වෙනත් වැදගත් ආකාරයේ සැලැස්මවල්ද මේ ආකාරයෙන් ඒ ඒ රටවල් වල ක්‍රියාත්මක කිරීම වේ.
තවත් කෙනෙක් මේ ක්‍රමය අප්‍රිකාවට සුභ දායක බව පවසනවා වුවද, සත්‍යය වන්නේ ඒ ඒ රටවල් චීනයේ අතකොළු වීමය. කෙසේ වුවද මේ ක්‍රමය ඥානාන්විත සේ භාවිතා කර දියුණු වූ රටවල්ද ඇති බව කිව යුතුය. උදාහරණ වන්නේ රුවන්ඩාව සහ ඉතියෝපියාවයි. උදාහරණයක් සේ ඉතියෝපියාවේ වර්ධන වේගය 11% ටත් වඩා වැඩි වේ. “බළල්ලු ලවා කොස් ඇට බාවන්නට” චීන්නු හැර වෙන අයෙක් නැත. එක්තරා චීන ව්‍යාපාරිකයෙක් මුලට දමා චීනය ඇන්ගොලාවෙන් ගෙන්නා ගන්නා තෙල් ප්‍රමාණය කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව ඇමරිකාවට යවන තෙල් ප්‍රමාණයට වඩා වැඩි වේ.
කෙසේ හෝ මේ ක්‍රමය අඩු හා වැඩි වශයෙන්, එක් එක් රටවල් සඳහා චීනයට අවශ්‍ය සම්පත් ප්‍රබල කිරීම සඳහා චීන ණය මුදල් දීම සිදු කෙරේ.චීනාගේම ණය ගෙවන්නත්, චීනා නැවත ඒ ඒ රටවල් වලට ණය ලබා දේ. මේ විෂම චක්‍රයට අපද බොහෝ අවාසනාවන්ත සේ අසුවී ඇත්තෙමු. කෙසේ වුවද අප ඩොලරය සහ යුවාන් අතර සිරැවී ඇති බැව් පැහැදිළිය. මෙයින් බේරීමට නම් දැඩි විදේශ ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය වේ.
ණයක් බේරන්නට ණයක් සේ ලැබුණු මුදල ගැන කොපමණ ලොකුවට කතා කළද, ඒ ණය අපට කෙසේ හෝ ගෙවන්නට සිදු වනු ඇත. එය නොගෙවන්නේ හෝ ඉන් විපුල ප්‍රයෝජන ලබා ගැනීමට නම්, අපද ඉතියෝපියානු ජන නායකයන් හෝ විශිෂ්ට රුවන්ඩා ජන නායකයෙක් වූ “පෝල් කගාමි” කලාක් මෙන් ඉන් ප්‍රයෝජනය ගත යුතුය.
අපටද “හොඳටම කරන්නට” ඕනා නම්, ඔවුන් මෙන් ක්‍රියාත්මක විය යුතුය.
2022 සඳහා මීට වඩා හොඳ අවුරුදු පැතුමක් අපට අනවශ්‍ය වේ.
කුරානයේ සඳහන් පාරාවෝගේ නොදිරන මිනිය ගැන කතාව ඇත්තක්ද?
ඒ ගැන විස්තර අවශ්‍යයි. පොඩි වාදෙකට!
LikeLike