“ආශ්‍රව” යන විෂබීජ වල, “ඔඩු දිවීම” වළක්වන්නේ කොහොමද ?

අපේ අභ්‍යන්තරයේ තුවාලයකි. තණ්හාව ඇති සිතේ ආශ්‍රව ඔඩු දුවයි. ඒ භාව රෝගය දුරු කර ගන්නට “ප්‍රතිපත්තිය” පාවිච්චි කර ඔඩු දිවීම ඉවත් කරන්නට නොහැක. එවිට වන්නේ තුවාලය උඩින් හොඳ කරනවා යන්න පමණි. හුදෙක් ඒ කෙරෙන්නේ, “භව රෝගී තත්වය” සුවපත් කිරීම නොවේ. “තණ්හාව” දුරු කෙරෙනවා නොවේ. “සමාධිය” එවිට ඇති වන්නේද නැත. “ආශ්‍රව” ඉවත් කල යුතුය. තායිලන්තයේ වැනි... Continue Reading →

“නිරෝධය” යනු කුමක්ද?

එය “නිර්වාණය” යන්න බව කියා පාන්නේය.ඒ  බරපතල දෙය සාක්ෂාත් කරගත යුතුය. නිරෝධය මතු වන්නේ සංසාරික සේ පාරමී ගුණ ධර්ම දියුණු කල කෙනෙක්ට පමණි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ එක්තරා ස්වාමින් වහන්සේලා දෙදෙනෙක් අතර ධර්ම සාකච්චාවක් ඇති විය. එය අසා සිටි, “කිරි වවුල්ලු පන්සීයකගේ” ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙව් ලොව නැවත ඉපදීමයි. ඔවුන් ඒ සාකච්චාවේ ඵලයවත් හැඳින්නේ... Continue Reading →

ලලිත් මළා !

මිනියක් එම්බාම් කරනවා දැක තිබේද?ඔබ දැකලා තියෙනවාද මිනියක් එම්බාම් කරනවා? මැරෙන්න කලින් එම්බාම් කරනවා දැකලා නැහැ? ඊයා… ! ඒක දැක්කේ නැත්නම් උඹලා මිනිස්සු නොවේ. ගැහැණුත් නොවේ. දන්නා කෙනෙක් එම්බාම් කරනවාම දැක ගන්න ඕනා. දැන් මේකට ටෙස්ට් එකක් ඕනා. ඕනා නම් මගේ බොඩිය ගන්න. ඕක එම්බාම් කරන වීදුරු ලෑල්ලට කියන්නේ අපූරු නමක්. ඔව්, ඒකට කියන්නේ “මෝචරිය”... Continue Reading →

ටෙලි නාට්‍ය

ගැහැණියක් දිනපතා දකින ටෙලි නාට්‍යයක් ගන්න. අන්න එය හොඳම හොඳ බොළඳ දර්ශනයක් වන්නේය. එය බලන්න නැතිවුනොත් එදා දිනය හමාරය. දුක සිතෙන් ඉතිරී පැතිරී යයි. වෙන එකක් තියා ඒ ටෙලි නාට්‍යයේ නළුවන් සහ නිළියන් රඟන ආකාරය තම පෞද්ගලික ජීවිතයේ කොටස් කරගෙන හමාරය. මේවා ලොකුම ලොකු ගැට වේ. නිරීක්ෂණය කල යුතු හොඳම දේ වන්නේ මනඃකල්පිත ලෝකයකට එකතු... Continue Reading →

හිපියෝ සහ බුදු දහම

ටික කලකට පෙර “හිපියෝ” කියා කට්ටියක් ලංකාවට පැමිණියහ. ඔබ ඔවුන් සමඟ සම්බන්ද වුනොත්, ඔබව කණපිට පෙරලේ. ඒ හිපියන් අතිශයින්ම උගත් අය සිටී. අවාසනාව ඒ අය “බුදු සමය” යන්න හරියටම දන්නේ නැත. ලංකාවට පැමිණියේ එනිසාය. එකළ ඔවුන් ඇමරිකාවේදී “වොක්ස්වැගන් බීට්ල්” පාවිච්චි කලේ එනිසාය. සාපේක්ෂව, “ඒ කුඩා කාර් එක” ඔවුන්ගේ සරළ දේට අගේට ප්‍රයෝජනවත් විය.…”ඔන්න උඹේ කළිසම... Continue Reading →

මෙන්න යකඩ යකා !! විශාල බඩුවක් !!!

මෙවැන්නක් පින්තුරයකින් හෝ දැකීමත් පවා වාසනාවක්... !!! ඒකට කිව්වේ “ටෙක්සාස් සහ පැසිෆික් 2-10-4” කියා. එයට 'ටෙක්සාස්' වර්ගයේ අංක 610 කියා කිව්වා. මේ වාහනේ “ජෝර්ජියාවේ”, “ටොකෝවා” හි දක්ෂිණ දුම්රිය මාර්ගයේ විනෝද චාරිකා මගී දුම්රියක් ඇදගෙන යන විට ගමනාගමන හැකියාව පෙන්නුවා. මෙම බලගතු එන්ජිම 1927 දී, “ලීමා ලොකොමොටිව් වර්ක්ස්” කොම්පැනිය විසින් “T&P දුම්රිය පද්ධතියේ” අධික බර අදින... Continue Reading →

ධ්‍යාන වලට යන්නට අපට බැරිද?

ඇයි බැරි? පුළුවන් !! හැබැයි තමන්ට “අති ශූක්ෂම ඥාණයක්” ඕනා. මම නම් මේක කරලා බැරි වුනා. ඒ නිසා මම මෝඩයි. තවමත් මෝඩයි. හැබැයි මගේ සිත සෑහෙන්න ඒකාග්‍ර තත්වයකට ගියා. දැනට ඔය මදෑ ! නිකම් හරියට හඳට ඇවිද්දා වගේ තමා. යන්න බැරිවුනා. එහෙත් ටික දුරක් හෝ ගියා. ඊළඟ දිනයේ එතන සිට යනවා. ඇත්තෙන් මෙතන ඇත්තේ “ප්‍රඥාව”... Continue Reading →

Cancers in the brain and their conditions

                        - By [M.D. [ Robert Lustig, M.D.]1. metastatic,2. meningioma,3. glioblastoma,   [Glioblastoma is the most aggressive type of brain tumor and is brain cancer; However,      a small group of patients survive 5, 10, and even 20 years after initial diagnosis. The median survival for patients with low-grade tumors may be more than 10 years,... Continue Reading →

මෙය MAN වර්ගයේ ඩීසල් එන්ජිමකි.

මෙය MAN වර්ගයේ ඩීසල් එන්ජිමකි. “මෑන්” යනු කුමක්ද කියා ඔබ දන්නවාද ? ඔව් එය ඉංග්‍රීසියෙන් , Maschinenfabrik Augsburg-Nürnberg යන්නයි. ඔවුන් 1893 සිට 1897 වසර දක්වා ඔවුන්ගේ දහන චක්‍රය සංවර්ධනය කරන්නට උත්සාහ කළහ. ඇත්තෙන්ම ඔවුන් පළමු ඩීසල් එන්ජින් තැනීමට “රුඩොල්ෆ් ඩීසල්” සමඟ කටයුතු කලෝය.රුඩොල්ෆ් ඩීසල් ? ඒ කව්ද ? ඔව්, ඒ “ඩීසල් එන්ජිමේ” නිර්මාතෘ වන්නේය. ඔහු... Continue Reading →

ඔබේ සොඳුරු බවයි, මේ ලස්සණට තියෙන්නේ.

ගෞරවණීය “අත්තුඩාවේ සිරි රාහුල අනු නාහිමි ස්වාමින් වහන්සේගේ” , “සාමණේර බණ දහම් පොත සහ රෝහණ පාර්ශවයේ කතිකාවත” යන පොතේ පිළිකුල යන කොටසෙනි. මේ ඇත්තේ මිය ගිය කෙනෙක්, දින කීපයකින් ඒ ඔහුගේ පූර්ව ශරීරය දෙස, මේ ලෝකයේ සිට බලන විට දුටු දේ වැනිය. දෙතිස් කුනුප කොට්ඨාශයකින් මැවුනා වූ මේ ශරීරය, මුතු ඇටයකින්, මැණිකකින්, පබළුවකින්, රනින්, රිදියකින්... Continue Reading →

බුදුන් වහන්සේගේ අප්‍රමාණික දැනුම

“මහන්තත්වය” ගැන බුදුන් වහන්සේ දේශණා කලේ මෙසේය.… “මහණෙනි, බුදුන් වහන්සේ ඇතුළු තවත් රහතන් වහන්සේලා පන්සීයක් සඳහා දානයක් දෙන්නේ නම්, එය මහඟු කුසලයකි. එහි තේරුම, අවබෝධය ඉක්මනින්ම ලැබෙනු ඇත.  නමුත් යමෙක්, “සම්බොජ්ඣංග ධර්ම මානව ප්‍රීතියෙන් යුතුව, මහා සෘද්ධ ආකාරයෙන් ඉටු කිරීමේදී, ලැබෙන කුසලය ඉහත කී දානයෙන් ලැබෙන කුසලය මෙන් දහස් ගුණයකි” …එනම් එය තමා විසින් තමාම... Continue Reading →

ජීවිතය කුමකට ඉදිරියට ගෙන යන්නේද ?

ජීවිතය කුමකට ඉදිරියට ගෙන යන්නේද ? “ජීවිතය” ඉදිරියට ගෙන යන්නට හේතු දෙකක් ගැන සළකා බැලිය යුතුය. ළඟදී පලස්තීනයේ ඝාතනය කල හැඩි දැඩි සොල්දාදුවන් දෙදෙනෙක් ගැන වීඩියෝ එකක් පල වී තිබිණ. ඒ සොල්දාදුවන්ව තත්පර කීපයකින් ගින්නෙන් විනාශ කරනවා එහි තිබිණ. මුහුණු පොතේ නම් ඒ ආකාරයේ වීඩියෝ පල වන්නේ නැත. ඔබ ඒ වීඩියෝ දැම්මොත්, අවම සේ ඔබේ... Continue Reading →

කාමසුඛල්ලිඛානු යෝගයට වඩා අත්ථකිලමතානු යෝගය හොඳ වෙන්නේ ඇයි ?

“උත්පාද’, “තිථි”, “භංග” සේ කියන, “සියල්ල ඇති වී පැවතී නැති වන්නේ නැහැ”. “ඇතිවී නැති වීම පමණක් සිදුවේ”. සංසාරය එය වේ. “ස්කන්ධායතන ධාතුන්” [ස්කන්ධ, ධාතු, ආයතන] යන්න අනුව දිවියේ බොහෝ දේ පෙන්වා දිය හැක. ඒවා හට ගැනීම නිසා දුක් විඳීම ඇති වේ. ඒවා එනවිට යථා පරිදි පැවැත්මක් තිබේ. එනම් එහිදී දුක, ශෝකය වැටහේ. “ස්කන්ධායතන ධාතුන්” ගේ... Continue Reading →

ආදරය, සෙනෙහස, ජීවිතය සහ බුදු සමය. 

                                               ජීවිතයේ බිහිසුණුම කාලය මිය යන මොහොත බව අප දනිමු. කුමක් නිසා එසේ වන්නේද යන්න පැහැදිළිය. අප ඉගෙන ගත් දේවල්, දන්නා වෘත්තීමය හැකියාවන්, ආදරය කල අය, දරුවන්, දෙමාපියන් සහ සියළුම සංස්කෘතික අගයයන් සියල්ල අත හරින දිනය, “මිය යන මොහොතයි”. ඒ ඒ ආශාවල් වලට අප කොතරම් කිට්ටුද යන්න මත, ඒ ඒ “අත හැරීමේ දුක” වැඩි වන්නේය. ඒ... Continue Reading →

ලෝකය යනු කුමක්ද ?

මිය යන්නට ආසන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් කුමක් අසාවිද ? පුරාණ කාලයේ, “ආත්මීය සේ ඔබ වහන්සේගේ “ආත්මීය සේ බැස ගත් තැනක් වේද? …මෙය “මරණීය තත්වයට” පත්වූ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් අසන දෙයයි. ඉන් පසු අසන්නේ “ඔබ වහන්සේ, අරහත් වී තිබේද ? ඒ සඳහා “නැහැ” කිවහොත්, ,...ඔබ වහන්සේ, “රූප”, “වේදනාව”, “සඥාව”,... Continue Reading →

“අභිධර්මය” – අතිපූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. 

“ස්කන්ධ” කියන්නේ ධර්මය දැන ඉගෙනගන්නා සියලුම දෙනාට දැනගැනීමට අත්‍යවශ්‍යම දෙයක්. “ස්කන්ධ” ගණන පහක් බව ඔබ සියලු දෙනාම වගේ දනනවා. මේවා සූත්‍ර දේශනා වල සම්මුති කතාවෙනුත් අභිධර්මයේදී පරමාර්ථ කතාවෙනුත් දේශනා වෙලා තියෙනවා. මාර්ගඵල අවබෝධ කරගැනීමට නම් ප්‍රතිපත්ති පිරිය යුතුම වෙනවා. ප්‍රතිපත්ති පුරන්න නම් පර්යාප්ති ධර්මය ඉගෙනගෙන ඉන්න වෙනවා. ඒ නිවන් අවබෝධයට යන ගමනේදී ගිහි පැවිදි බොහෝ... Continue Reading →

නැව්

මොහොතකට ඔබ යනු වෙරළේ පාලු තැනක අර්ථයක් නැතිව ඔහේ එන්ජිමත් හරියට කැඩී කැඩී යන්නට බැරිව දඟලන නෞකාවක් වේ. නැව අබලන් වුනාට වඩා ප්‍රශ්ණය වී ඇත්තේ ඒ වටා වේගයෙන් වැවෙන වැල් වර්ග වේ. මුහුද චණ්ඩය. මේ ආකාරයේ නෞකා ඕනෑතරම් මෙම වෙරළේ දැකිය හැකිය. දැන් ඔබ මගෙන් අසන්නේ, කුමක් නිසා අපේ ජීවිත වැල් වටාරම් වලින් වටකරගත් නෞකාද... Continue Reading →

මිනිසා පරිඝනකයක් සේ

මේ කතාව දිගටම බලන්න පෙර "රූපය" හොඳින් බලන්න, මිනිසෙක්ගේ ස්වරූපයෙන් කොම්පියුටරයක් හදන්නට නොහැකිද? බලන්න, එය මිනිසා ගේ ස්වරූපය අනුව තනා ඇත. එය "ආචාර්ය පියාල් වල්පොල" මහතා ගේ පින්තුරයකි. “චන්ද රාගය” ගොඩ නැගෙන නිසා, ලෝකයේ ස්වභාවය අපට නොපෙනේ. එයට කියන්නේ, “ලෝක සමුදය” කියාය. අස්වාභික තත්වයක් අපේ සිතේ ඇති වේ. වර්තමානය තුල ලෝකය, “අස්වාභාවික” සේ අසුවීම සිදු... Continue Reading →

ආදරය සහ අභිනන්දනය යනු එකක්මද ?

“සිහිනයකින්”, ඒ ආදරය ගැන අපට අදහසක් ගන්නට හැකිද ? වතාවක් හිතවතෙක් “සිහිනයක්” දැක, දරුවාට “අවම සේ තේ එකක් හදා දී නැති බව” කීවේය. දරුවා අසනීපයෙන් ආරෝග්‍ය ශාලාවේ සිටී. මෙය හුදෙක් එක් සිදුවීමක් පමණි යයි ඔබ කියයි. නමුත් දුටු සිහිනයෙන් පෙන්වන්නේ ඔහු ඒ දරුවාට කොතරම් ආදරය ඇත්තේද යන්නය.තවත් එක හිතවතෙක් දුටු සිහිනය නම්, “එක්තරා නැවතුනු දුම්රියක්... Continue Reading →

ජීවිතයේ අරුත කුමක්ද ?

උපන්නේ හඬමිනි. මිය යන්නේද හඬමින්මය. ඊට අමතව මේ කුඩා දශක හය හතේදී සොයාගත් නානා ප්‍රකාර දේවල් අත හරිමිනි. ඔබ ඒවා ඒ ආකාරයෙන් කිසි දින දකින්නේ නැත. ඒවාට කතා කරන්නේ නැත. ඒවා දැනෙන්නේ නැත. අප මියගොස් ඒ ශරීරයට කිසියම් වටිනාකමක් තිබේද ? කිසිසේත් නැත. දින නවයකින් හුදෙක් ඇට කැබිලිති වෙනවා පමණි. උපදින්නේ එතරම් හොඳ තැනක නොවන්නට... Continue Reading →

Blog at WordPress.com.

Up ↑