රිලවා සහ මිනිස් අපි කොතෙක් සමීපද ?

මේ කාලයේ බුකිය පිරී ඇත්තේ, “රිලා තොරතුරු” මගිනි. ලංකාවේ සාමාන්‍ය වනජීවී තත්වයට හේතුවක් සේ රිලව් පාලනය කිරීමට, “මේ රිලව් විකුණා දැමීම” එක හොඳ ක්‍රමයකි. එහෙත් උන්ව එසේ ගෙන යන්නේ, මිනිස් ආහාරය සඳහා යන්න ඇත්ත විය යුතුය. දැන් දැන් එය බොරුවක් කියා චීනයෙන් ඇසේ. මහා පටලැවිල්ලකි. මේ ගැන පුද්ගලිකව මා දනිමි. දක්ෂිණ අධිවේග මාර්ගය නිර්මාණය කරන... Continue Reading →

“හිස් බවෙන්” , ජලය ලබා ගැනීම.

2014 වසරේ මිනිසුන්ට ඉහිළිය නොහැකි සාගතයක් රට පුරා පැතිර තිබ්බේය. විශේෂයේ ජළය හිඟ “පොලොන්නරුව” ඉන් හොඳට බැට කෑවේය. හේතුව ඉතා පැහැදිළිය. වැවේ ජල උස ඇති තරම් නැත. එය එසේ නම් ජලය ලබා ගැනීම ලංකාවේ වුවද ගැටලුවකි. ඇත්තෙන්ම මේ “හිස් බවෙන්” යයි කියා ලීවාට, එය හිස් බව නොවේ. අපේ පරිසරයේ වාතය වේ. “වාතය උණුසුම්ය” කියා සමහරවිට කෙනෙක්... Continue Reading →

ශරීරයේ නිවැරදි පරාමිතික තත්ව.

                                 Reference:-  VindysJourneyKitchen gossiplankant [Language transferred by Google translator.]සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ, 1. රුධිර පීඩනය: 120/80, 2. ස්පන්දනය: 70 - 1003. උෂ්ණත්වය: 36.8 - 374. ශ්වසනය: 12-165. හිමොග්ලොබින්: පිරිමි (13.50-18) ,  ගැහැණු (11.50 - 16)6. කොලෙස්ටරෝල්: 130 - 2007. පොටෑසියම්: 3.50 - 58. සෝඩියම්: 135 - 1459. ට්‍රයිග්ලිසරයිඩ: 22010. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය: Pcv 30-40%11. සීනි: ළමුන්... Continue Reading →

සියවසක් තුල මිනිසා විසින් ලොවට සිදු කල විශාලතම අපරාධය

                               මේ මිනිසුන් කරන ක්‍රියාවේ ප්‍රතිඵලය කෙතරම් ලොවට ව්‍යසනකාරී වේද යන්න අවබෝධ වීමට තවත් ශත වර්ෂයක් ගතවිය. අද දින ඔබ සමහරවිට රූපවාහිණියේ එක්තරා ජාත්‍යන්තර පුවතක දර්ශන නරඹන්නට ඇත. “කැලිෆෝනියාවේ ලැව් ගිණි” සිදුවන ආකාරය  23 ජූලි 2022 දින පෙන්වන ලදී. වසර සීයකට පසු කැලිෆෝනියාවේදීම මිනිසා විසින් සිදු කල විනාශයට, මිනිසාටම වන්දි ගෙවීමට සිදු වීම දෛවපෝගත කරුණක් විය.... Continue Reading →

 ලෝක උණුසුම වැඩිවීම සමාන වන්නේ පෘතුවියේ වදින උල්කාපාතයකට වේ.    

                               ඉදිරි දශක තුන තුළ සිදුවන ගෝලීය උණුසුමේ තීව්‍රබව නැවැත්වීමට කිසිම ක්‍රමයක් නැත, මන්ද යත්, අප බොහෝ කාලයක් තිස්සේ පොසිල ඉන්ධන විමෝචනය මැඩපැවැත්වීම ප්‍රමාද කල හෙයිණි. නරකම අවස්ථාව වළක්වා ගැනීමට අපට ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයක් පමණි. “ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ දේශගුණය” පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක “කෝ බැරට්” එසේ පැවසීය. දේශගුණික පද්ධතියේ යම් යම් වෙනස්කම් සිදුවී... Continue Reading →

කෘමි සතුන්ට සහ මිනිසුන්ට පරිසර සාධක නිසා වන ව්‍යසන 

වසරකට පමණ පෙර දිනෙක මෙසේ දුටුවෙමි. නිවසෙන් එළියේ විදුළි බල්බ වල එල්ලී සිටින මී මැස්සන් සමූහ වශයෙන් දැකීමට හැකි විය. ඔවුන් උදේ හිරු ආලෝකය වැටීමට පසුවද එසේ එල්ලී සිටියහ. ඉන් භාගයක් පමණ තවත් ටික වෙලාවකින් පියාසර කර ඈතට ඉගිලී ගියද, බොහෝ දෙනෙක් මියන බවක් පෙණින. පියාසර කල සතුන්ද ඔහේ අන්ද මන්දව ඉගිලී ගියා මිසෙක රොන්... Continue Reading →

ඉන්දියාවේ වාතයේ ගුණාත්මක බව සහ අපට ඉන් ගත හැකි පාඩම් පරිසර දූෂණ මට්ටම් නරක අතට හැරුණු නිසා, ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි පාසල් සහ විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට ප්‍රවෘත්තියක් පලවිය. ඔවුන් ප්‍රවාහන හා ආරක්‍ෂක කටයුතු හැර අනෙකුත් සියලුම ඉදිකිරීම් කටයුතු නොවැම්බර් 21 දක්වා නැවැත්වූහ. ඇනහිට ඇත. ඝන දුමාරයක් නගරය ආවරණය කර... Continue Reading →

කැනඩාවේ විදුළි දුම්රිය සහ අපි.

කැනේඩියානු ජාතික දුම්රිය සමාගම, බැටරි-විද්‍යුත් දුම්රිය මිලදී ගැනීම නිවේදනය කළේය. කැනඩාවේ සැතපුම් 19,500 දුම්රිය ජාලයට සම්පූර්ණයෙන්ම විදුළියෙන් දුවන දුම්රිය සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාවයි. මෙය කාබන් විමෝචනය අවම කිරීම සඳහා උපාය මාර්ගයේ කොටසක් වූ අතර පෙන්සිල්වේනියා පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදානයකි. එහි උපරිම බර රාත්තල් 430,000 කි. කැනේඩියානු ජාතික දුම්රිය සමාගම 1919 වසරේ සිට ක්‍රියාත්මක වන දුම්රිය... Continue Reading →

ලෝකයේ වැඩිම පාපැදි ඇති නෙදර්ලන්තය

ලංකාවේ නම් සාමාන්‍යයෙන් පාපැදියක් භාවිතා කරන්නේ, වෙනත් වාහනයක් ගැනීමට වත්කමක් නැති කෙනෙක් බව පැරණි ගීතයක මෙසේ කියැවේ. බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ// අව්වේ වැස්සේ වෙනසක් නොතකා මහ මඟ පැදයන බයිසිකලේ … ! මේ කතාව නෙදර්ලන්තයට නම් අදාළ නැත. දුප්පත් පොහොසත් ලොකු පොඩි සෑම කෙනෙක්ම බයිසිකල් පදිති.. ගොළු හදවතේ සුගත් ධම්මි වගේ ඉස්සර ආදර සම්බන්ද වලදී,... Continue Reading →

          ලෝකය සම්පූර්ණ ශුන්‍ය විමෝචනයට යන ආකාරය.

                                    මේ කතාව වෙන කෙනෙක් කීවා නම්, “පිස්සෙක් එය කියන්නේය” යයි සිතන්නට ඉඩ තිබිණ. එහෙත් එසේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා වන “ටයිටන් ඇන්ඩ්රු ෆොරස්ට්” වේ.මේ තරම් ධනවත් වන්නට ඔහු පිස්සෙක් නොවිය යුතුය.ඔහු පවසන පරිදි, “නිරපේක්ෂ ශුන්‍ය විමෝචනය” කෙරෙහි ලෝකය අවධානය යොමු කළ යුතුය. “කාබන් අල්ලා ගැනීම” සහ ගබඩා කිරීම [carbon capture and storage - CCS ]වැනි... Continue Reading →

              අප පරිසරය රකින්නට කොතරම් කැප වන්නෙමුද ?

                                                      දශක ගණනාවක් තිස්සේ, “පාරිභෝගිකවාදය” පවතින සමාජයක් ඇතිවීම යනු, ඉතා සාමාන්‍ය දෙයක් යයි සිතා ගෙන සිටියෙමු.  විසිවන සියවසේ මුල් භාගයේදී කාර්මික විප්ලවයේ මහා නිෂ්පාදනය නිසා අතිරික්ත නිෂ්පාදනය ඇති විය. පාරිභෝගිකයින්ට දරා ගැනීමට නොහැකි වීම හෝ සමහර භාණ්ඩ අවශ්‍ය නොවුවද ඉල්ලුමට වඩා සැපයුම වැඩි විය.... Continue Reading →

කාබන් විමෝචනය අඩු කිරීමට නම්,….

                             වායුගෝලයේ කාබන් විමෝචනය තවත් සියයට 5 ක් අඩු කරන්නේ කෙසේදැයි ගවේෂණය කරන වාර්තා තුනක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කර ඇත.මේ වාර්ථාවල කතුවරියක් වන “ආචාර්ය කැතරින් කොලෙට්” මෙසේ පැවසුවාය: … “දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙත මාරුවීමට වඩා වැඩි යමක් අවශ්‍යය”.... හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් විදුලිය,... Continue Reading →

රොබෝ ලා ගේ වැඩ

                                                      ඕනෑම සේවාදායකයෙක්ට ඇති වියදම් වන්නේ, සේවකයෙක්ට ගෙවිය යුතු වැටුප සහ අර්ථ සාධක මුදල්, නිවාඩු දිනවල ගෙවීම්, සහ ඇතිවිය හැකි වෘත්තීය සමිති ගැටළු වේ. ඒ අතර දිනයේ කිසියම් කාලයක් සේවය කල යුතු සේවකයා, දිනයේ පැය 8 ම කාර්යක්ෂම සේ සේවය කරන්නේ නැති විය හැක. කලාතුරකින් කෙනෙක් ඒ කරන සේවයට සාපේක්ෂව ආයතනයෙන්  හොරකම් සහ ඊට අලාබ හානි... Continue Reading →

ජල විදුළි බලාගාර වසන චීනය.

                                                          2060 වන විට කාබන් උදාසීන වීමේ ඉලක්කය සපුරාලීම සඳහා චීනය සිය දැවැන්ත ආර්ථිකය ගල් අඟුරු සහ පොසිල ඉන්ධන වලින් ඉවත් වීමට උත්සාහ කරයි. එසේ නම් ඔවුන් ජල විදුලි බලාගාර 40,000 ක් පමණ වසා දැමීමට උත්සාහ කරන්නේ ඇයි?මේ කතාව, “මුත්‍රා” කරනවා මෙන් කුඩා ජල පාරවල් හරහා ලංකාවේ මයික්‍රෝ බලාගාර තැනීමේ ප්‍රයත්න වලට හොඳ පාඩමකි. ජල විදුලි... Continue Reading →

100 % ක පුනර්ජනන බලය භාවිතය සහ බැටරි ගබඩා සහ විදුළි වාහන

මෙය කල නොහැක සේ බොහෝ බක පණ්ඩිතයන් විසින් අනාවැකි කියා තිබිණ.  අතීතයේද මේ ආකාරයේ අනාවැකි හෙවත් “පට්ට බින්න” කියූ ආකාරය සොයා බැලීම වටී.එක්සත් රාජධානියේ නුදුරු අනාගතයේ වැඩිවන විදුළි වාහන සඳහා අවශ්‍ය බල ශක්තිය ගැනීමේදී, එහු විදුළි බල සැපයුම අස්ථාවර වනු ඇත, සේ ප්‍රව්රිඋත්තියක් සමහරවිට ඔබ දකින්නට ඇත. නිවැරදි පියවරවල් කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම්, ලංකාව වැනි... Continue Reading →

 වසංගතයේ දී අවශ්‍ය මුඛ ආවරණ සහ ඉන් ඇතිවන ආර්ථිකමය සහ පාරිසරික තත්වයන්.

 වසංගතයේ දී අවශ්‍ය මුඛ ආවරණ සහ ඉන් ඇතිවන ආර්ථිකමය සහ පාරිසරික තත්වයන්. කෝවිඩ් වසංගතය බෝ වීම වැළැක්වීමට කල හැකි එක්තරා හොඳම පියවරක් වන්නේ මුඛ ආවරණ පැළඳීම බව සොයාගෙන ඇත. මක්නිසාදයත් විසිවෙන අන්වීක්ෂීය කෙළ බිඳිති හරහා වෛරස් ප්‍රචාරණය ඉන් නැවතීම නිසාය. අපට සටන් කරන්න වී ඇත්තේ ඉතා කුඩා, එහෙත් ඉතා ප්‍රබල සතුරෙක් සමඟ වේ. එනම් වෛරස... Continue Reading →

හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ? [දෙවන කොටස]

                          මෙහි මුල් කොටසට එල්ලවූ ගල් මුල් සහ විවේචන බොහෝ ය. මේ තරම් මිනිසුන් මස් මාළු වලට ගිජු බව දැන සිටියෙමි. එහෙත් මේ තරම් මස් වලට වහළුන් සිටින බව දැන ගැනීමට ඒ ලිපිය විශේෂ හේතුවක් විය. රසය නිසා මාළුවා මැරෙන බව අවබෝධ වන යුගයකි. මස් මාළු  නොමැතිව ජීවත් වන්නට හැකි බව නොදන්නේ මෝඩයෙක් නොවේ නම්,... Continue Reading →

වාහන නොමැතිව ජීවත් වීමට හැකිද ?

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥයන් කණ්ඩායමක් නගරයක් තුළ මෝටර් රථ භාවිතය සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහැ. එයින් පෙන්නුම් කර ඇත්තේ ජීවත්වීමට නම් අනාගත නගර සම්පූර්ණයෙන්ම කාර් රහිත විය යුතු බවයි. නගරවල පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම සඳහා සාමූහික හැසිරීම වෙනස් කළ යුතු බව පර්යේෂකයෝ කියති. ඔවුන් මෙසේ කියති. මෝටර් රථ රහිත නගර සඳහා... Continue Reading →

කම්කරු පක්ෂය 100% පුනර්ජනනීය බලය ලබා දීමට පොරොන්දු වේ- නවසීලන්තය.

    නුදුරු අනාගතයේ සියයට සියයක් පුනර්ජනනීය විදුලිය ඇති රටවල් කිහිපයෙන් එකක් නිව්සීලන්තය විය හැකි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු නායක “ජසින්ඩා ආර්ඩර්න්” පැවසුවේ, … “ජනතාවගේ රැකියා ආරක්ෂා කරන අතරම නවසීලන්තයට තිරසාර හා දැරිය හැකි ශක්තියක් මෙම ප්‍රතිපත්තිය මගින් සහතික කරනු ඇත”... බවයි. “කොවිඩ් -19 නිසා බිඳ වැටුණු ආර්ථික තත්වය නවසීලන්තයේ බලශක්ති පද්ධතිය වඩාත් පුනර්ජනනීය... Continue Reading →

සිගරැට් බීම සම්පූර්ණයෙන් නවත්වා දැමීමට හේතුවක් – කළු පුස් රෝගය [Black fungus]

මැයි මස මුලදී, ඉන්දියාවේ වෛද්‍යවරු “මුකෝර්මිකෝසිස්” සේ හැඳින්වෙන දුර්ලභ හා මාරාන්තික ආසාදනයක් වන කළු දිලීර රෝගයේ වැඩිවීම ගැන අනතුරු දැක්වූහ. රෝගයේ ආසාදිතයින්ගෙන් බොහෝ දෙනෙක් කොරොන වයිරස් රෝගීන් හෝ මෑතකදී කොවිඩ් -19 වෙතින් සුවය ලැබූ අය වේ. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයෙන් දුර්වල වීම හෝ විශේෂයෙන් දියවැඩියාව ඇති අය වූහ. පසුගිය සති කිහිපය තුළ රට පුරා කළු... Continue Reading →

Blog at WordPress.com.

Up ↑