වසංගතයේ දී අවශ්‍ය මුඛ ආවරණ සහ ඉන් ඇතිවන ආර්ථිකමය සහ පාරිසරික තත්වයන්.

 වසංගතයේ දී අවශ්‍ය මුඛ ආවරණ සහ ඉන් ඇතිවන ආර්ථිකමය සහ පාරිසරික තත්වයන්. කෝවිඩ් වසංගතය බෝ වීම වැළැක්වීමට කල හැකි එක්තරා හොඳම පියවරක් වන්නේ මුඛ ආවරණ පැළඳීම බව සොයාගෙන ඇත. මක්නිසාදයත් විසිවෙන අන්වීක්ෂීය කෙළ බිඳිති හරහා වෛරස් ප්‍රචාරණය ඉන් නැවතීම නිසාය. අපට සටන් කරන්න වී ඇත්තේ ඉතා කුඩා, එහෙත් ඉතා ප්‍රබල සතුරෙක් සමඟ වේ. එනම් වෛරස... Continue Reading →

හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ? [දෙවන කොටස]

                          මෙහි මුල් කොටසට එල්ලවූ ගල් මුල් සහ විවේචන බොහෝ ය. මේ තරම් මිනිසුන් මස් මාළු වලට ගිජු බව දැන සිටියෙමි. එහෙත් මේ තරම් මස් වලට වහළුන් සිටින බව දැන ගැනීමට ඒ ලිපිය විශේෂ හේතුවක් විය. රසය නිසා මාළුවා මැරෙන බව අවබෝධ වන යුගයකි. මස් මාළු  නොමැතිව ජීවත් වන්නට හැකි බව නොදන්නේ මෝඩයෙක් නොවේ නම්,... Continue Reading →

හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ?

                 1. මස් ඉරා කෑම සඳහා අපට ඇති දන්ත වින්‍යාසය ගැන සලකන විට  , කෘන්තක, රදනක, චාර්වක සහ පුරඃ චාර්වක යන දත් වලින්, තියුණු සේ නිර්මාණය වන්නේ "රදනක" දත් වේ. මිනිසාගේ  රදනක දත් කුඩා කාලයේ තරමක් උල්ව තිබී, පසුව ඒවා මොට්ට වේ. කුඩා දරුවෙක් ගේ සහ වැඩිහිටියෙක්ගේ දත් සංසන්දනය කිරීමෙන් මෙය වටහා ගත හැක. 2. ඉහත... Continue Reading →

මාතෘකාවක් නැත

අමුතුම මිනිසෙක් මට හමුවිය.තවමත් මීට අදාළ මාතෘකාවක් සිතා ගන්නට නොහැකි නිසා, මාතෘකාව යන සම්මතය මෙහි නැත. ලිපිය බලන ඔබට කැමති දෙයක් මාතෘකාව වෙනු ඇත.කවදාවත් අසා නැති පැත්තක් ඔහුගෙන් ඇසුණු නිසා, කොරන්ටින් වන්නට කාමරේ තනියෙන් ඉන්නවාට වඩා ඔහු සමඟ හෝටල් කාමරේ ෂෙයාර් කිරීමට යෝජනා කලෙමි. හැරත් එය කාමරේ කුලිය දෙකට බෙදීමක් ද වේ.ඔහු හෝටල් ක්‍ෂේත්‍රයේ සේවය... Continue Reading →

චීනයේ ජල විදුළි බලය.

                                                නිරිතදිග චීනයේ ජින්ෂා ගඟේ පිහිටා ඇති බයිහෙතන් වේල්ල, එහි පළමු 1GW ජනන ඒකක දෙක ක්‍රියාත්මක කළේ චීනය පොසිල ඉන්ධන භාවිතය ඉහළ යෑම අඩු කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ය. 2022 ජුලි වන විට වේල්ල එකම ධාරිතාවයකින් යුත් ඒකක 16 ක ක්‍රියාත්මක විය යුතු අතර, එය සමස්ත විදුලි උත්පාදනය දෙවැනි වන්නේ චීනයේ යැංසි ගඟ දිගේ... Continue Reading →

රැකියා ස්වයංක්‍රීය වීමෙන් ඇතිවිය හැකි ගැටළු.

කොරෝනා වසංගතයට පෙර, “ඔන් ලයින්” යන්න කුමක්ද කියාවත් නොදන්නා අය, අද දින තමන්ට අවශ්‍ය භාණ්ඩ අන්තර් ජාළය හරහා ගෙන්වා ගැනීම දැකීම සතුටකි. එසේම අන්තර් ජාළය හරහා නිවසට වී සේවය කිරීමද, මහ මඟට කාලය වැයවීම සහ වසංගතයෙන් බේරීමට වැදගත් කරුණු වේ.අනාගත රැකියා වලින් මුලින්ම නැති වන රැකියාවන් දෙකක් වන්නේ රියැදුරු කම සහ රක්‍ෂණ නියෝජිත කම බව... Continue Reading →

අපල වලට පුද පූජා කල යුත්තේ කෙසේද ?

මේ ඔබ දකින්නේ දේව පූජාවල් යයි කියමින් කරන ලද, ලංකාවේ එක් ප්‍රසිද්ධ ස්ථානයක කරන ලද මොකක්දෝ එකක අවසානය වේ. මෙසේ කෑම විසි කිරීම ඒ දෙවියන් වත් අනුමත කරයිද ? හින්දු ජ්‍යෝතිෂය අනුව නම් මේවා කිරීමට සිත හදා ගැනීම ඉතා පහසුය. ඒවා ව්‍යාකූල භාවයෙන් තොරව කල හැකිය. එහෙත් බෞද්ධ ආකාරයට සිතන පතන කෙනෙක්ට මේ පුද පූජා... Continue Reading →

පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ.

පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන ජාතීන්ට පුනර්ජනනීය බලශක්තිය ගෙන ඒම සඳහා ඔවුන් ඩොලර් බිලියන එකක අරමුදලක් දියත් කරයි. ස්කැන්ඩිනේවියානු හෝම්වෙයාර් වෙළඳසැලේ පුණ්‍යායතනය වන IKEA පදනම, රොක්ෆෙලර් පදනම සමඟ එක්ව දේශගුණික විපර්යාස සහ බලශක්ති දරිද්‍රතාවයට එරෙහිව ඩොලර් බිලියන එකක අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ. මේ රොකෆෙලර් පදනම යනු කුමක්ද කියා... Continue Reading →

වාහන නොමැතිව ජීවත් වීමට හැකිද ?

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥයන් කණ්ඩායමක් නගරයක් තුළ මෝටර් රථ භාවිතය සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහැ. එයින් පෙන්නුම් කර ඇත්තේ ජීවත්වීමට නම් අනාගත නගර සම්පූර්ණයෙන්ම කාර් රහිත විය යුතු බවයි. නගරවල පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම සඳහා සාමූහික හැසිරීම වෙනස් කළ යුතු බව පර්යේෂකයෝ කියති. ඔවුන් මෙසේ කියති. මෝටර් රථ රහිත නගර සඳහා... Continue Reading →

ලොවම දකින අපි නොදකින බල ශක්ති යතාර්ථය.

                                           ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ, ස්ටැම්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානියා වූ “මහාචාර්ය ටෝනි සෙබා” මහතා අනාගත බල ශක්තියේ ඇතිවන දැවැන්ත වෙනස මෙයට වසර කිහිපයකට පෙර පෙන්වා දුන්නේය. ඔහු ඉන් විශාල ආන්දෝලනයක් බල ශක්ති ක්ෂේත්‍රයේ ඇති කළේය. අද දින එය වඩාත් සත්‍ය වෙමින් පවතින බව ඉතා හොඳින් පෙනීයන කාරණයකි. ඒ ගමනේ මඟක් යන අතරතුරේ වඩාත්... Continue Reading →

    අපේ එකෙකි ඒ මිනිසා  !  පිටිසර ගම්මානෙක ලංකාවේ - ගොවියෙක් සිටියා පව්ලක් සමඟින  බිරිඳට කොල්ලෝ දෙදෙනෙක් හිටියා - සතුටින් සියල්ල එහි ජීවත් වුන  කිරි එළදෙනකුත් සිටියා ඔවුන්ට -  සැමදා හැකි විය කිරි ගන්න  දිනක් පුනක්කූ දෙන්නට යන විට - හෆෝයි මැරිලා ඒ හොඳ එළදෙන    ගොවියා හරි ආදරෙයිනේ ඇයහට - ශෝකය ඉවසා ගන්න බැරි වුනා  ළඟ... Continue Reading →

නවාංශක කේන්ද්‍රය – 1

ජ්‍යෝතිෂය දත් එහෙත් කුහක කමේ පතුලේ සිටි පණ්ඩිතයන්, ඔවුන් මිය යාමත් සමඟ මේ අගනා ශ්‍රාස්ත්‍රය ද වළ පල්ලට ගෙන ගියහ. ඔවුන් සැම විටම කලේ, කරන්නේ, සත්‍යයෙන් අඩක් පමණක් කීමය. මේ විස්තර මොන තරම් අනාවරණය කලද, ජ්‍යෝතිෂය ඉගෙන ගැන්මට කෙනෙක්ට විශේෂ ග්‍රහ පිහිටීම් අවශ්‍ය බව ඔවුන් දන්නේ නැත.එසේ හෙයින් ඇත්තටම ඔවුන් පණ්ඩිතයන් නොව, මෝඩයන්ය.ඉන් එක රහසක්... Continue Reading →

නාඩි වාක්‍ය, ආනන්ද මෛත්‍රී තෙරුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ උපන් තැන .

  මෙවැනි කුඩා ලිපියකින් මේ තරම් පුළුල් මාතෘකා තුනක් පැහැදිළි කිරීම කිසිසේත් කල නොහැකි වුවද, කලක් තිස්සේ නිරීක්ෂණය කල දේවල් කීපයක් ඇති හෙයින් ඒ ගැන ලියමි.  විදේශීය රැකියාවකට ගොස් නැවත ලංකාවට පැමිණි පළමු නිවාඩුවේ දී, එතෙක් ගරාජයේ නැවත තිබු වාහනය පණ ගැන්වීමට උත්සාහ කලෙමි. එය කල නොහැකි වූයේ එය මී ගුලක්ව තිබි හෙයිණි. යාන්තම් වයර්... Continue Reading →

කම්කරු පක්ෂය 100% පුනර්ජනනීය බලය ලබා දීමට පොරොන්දු වේ- නවසීලන්තය.

    නුදුරු අනාගතයේ සියයට සියයක් පුනර්ජනනීය විදුලිය ඇති රටවල් කිහිපයෙන් එකක් නිව්සීලන්තය විය හැකි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු නායක “ජසින්ඩා ආර්ඩර්න්” පැවසුවේ, … “ජනතාවගේ රැකියා ආරක්ෂා කරන අතරම නවසීලන්තයට තිරසාර හා දැරිය හැකි ශක්තියක් මෙම ප්‍රතිපත්තිය මගින් සහතික කරනු ඇත”... බවයි. “කොවිඩ් -19 නිසා බිඳ වැටුණු ආර්ථික තත්වය නවසීලන්තයේ බලශක්ති පද්ධතිය වඩාත් පුනර්ජනනීය... Continue Reading →

මසායි ලෝකය

                                                                             “බෝමා” යනු ඔවුන්ගේ පවුල් සංස්ථාව සකස් වී සිටින කුඩා ගම්මානයයි. මේ ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කඳුවැටිය අසළ ගම්මානයක මිනිසුන්ගේ කතාවකින් කුඩා කොටසකි.  “උගාලි” ඔවුන් සාමන්යෙන් දිනපතා අනුභව කර “පාප්ප” මෙන් තනා ගත් ආහාරයකි. ඔවුන්ට දිනපතා ලේ බීමට හෝ මස් කෑම කල නොහැක්කේ, දිගින් දිගටම හරකෙක් ගෙන් ලේ ගන්නා විට එම හරකා දුර්වල වන හෙයිණි. එසේම විශේෂ... Continue Reading →

අප්‍රිකාණු යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම

                                                                 මේ ලිපිය,  “අච්චාරුවක් වී ඇති ගුප්ත ක්‍රම අතරේ සත්‍යය කෙසේ සොයමුද ?” යන ළිපියට සම්බන්ද වේ. එය නොබලා මෙය බැලුවහොත් ඔබට ලැබෙන්නේ අසම්පූර්ණ පණිවිඩයකි. මේවා කියන්නට මා එතරම් කැමැත්තක් නැත්තේ, කෙළවරක් නැතිව මුහුණු පොත් හිතවතුන් මට මැසේජ් එවන හෙයිණි. දිගින් දිගට අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නට කාලය සෑහෙන ප්‍රමාණයක් යයි.  මා නම් හිතන්නේ, බොහෝ... Continue Reading →

අච්චාරුවක් වී ඇති ගුප්ත ක්‍රම අතරේ සත්‍යය කෙසේ සොයමුද ?

කිසියම් වස්තුවක ස්වභාවය ගුණ තුනකින් පෙන්වා දේ. යමක් නිර්මාණය වේ. එය පවතී. ඉන්පසු එය විනාශ වේ. මේ අවස්ථාවන් තුන පිළිවෙලින්, “උත්පාද”, “තිථි”, “භංග” සේ කියනු ලැබේ. මෙයට හින්දුත්වය විසින් දේවත්වයක් ආරූඩ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගැනීමට වන්නට ඇත. එය එසේ නොවේ නම් පසු කලෙක සාමාන්‍ය ජනතාව විසින් ඊට වඳින පුදන විට ක්‍රම ක්‍රමයෙන් දේවත්වයක්... Continue Reading →

ආච්චි අපායේ ගිය හේතුව

  පිං කල අපෙ ආච්චී - මිය ගිහින් පරලොවට යන විට  සැවොම යන මංසන්දියේ - නැවතුනා මහ දෙවි විධානෙට  එකක් ස්වර්ගයට යන්නේ  - අනෙක යන්නේ නම් අපායට  නමුත් අපෙ ආදර ආච්චි  - තේරුනා ස්වර්ගයට යන පාරට    එහෙත් පෝලිමෙ ඉන්න වෙනවා - සුදුසුකම් දෙව්ලොවට ඕනේ  විලාපයකී පෝලිමෙ මුල - සියල්ලන් වටපිට බලන්නේ  හිලක් හාරන බවක් ඔලුවක... Continue Reading →

විදුළි ගුවන් යානා ප්‍රගතිය

1957 වසරේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් පලවන “සිරස්ව ගුවන් ගත කල හැකි ගුවන් යානාව” හෙවත් VTOL aircraft [Vertical take off- Lift] යන්න නිර්මාණය කරන ලදී. එය SC. 1 සේ හැඳින්විණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ධාවන පථයක් නොමැතිව එය ගුවන් ගත කිරීමේ හැකියාව වේ. වෙන ආකාරයකට කිවහොත්, එය හෙලිකොප්ටරයක් මෙන් අහසට සිරස්ව ඉහළට නැගිය හැක.  ගුවන්... Continue Reading →

රෝග නිවාරණය සඳහා කල හැකි දේ

  උප පදය UL යනු දොළොස්වන නිවසේ ආරූඩය වන අතර, 12 අලාභයේ හෙවත්, ‘ව්‍යය’ නිවසයි. එය දුක හෝ සතුට දැනෙන දෙයාකාරයෙන්ම අත්විඳිය හැකිය. ඔබට නිරාමිස සතුට අවශ්‍ය වේ නම්, පෙරලා ලැබෙන දෙයක් බලාපොරොත්තු නොවී, තමාට දිය හැකි දේ දීම මැනවි. උදාහරණයක් සේ, මේ කෝවිඩ් වසංගතය නිසා කුසගින්නේ දුක් විඳින මිනිසුන් ඇතුළු අනේක සත්වයන්ට කෑමට යමක්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑