තත්කාලය – 3 

තත්කාලය ගැන පුද්ගලික යමක් කියන්න කැමැත්තෙමි. මේවා ජීවිතයේ කරන කියා සෑම දෙයකටම ගාවා ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. වෙන විදියකින් කිවහොත් එහි වහලෙක් වීම නම් හොඳ නැත. එනම් ඔබ කිසියම් කාර්යයක් කරන විට එහි සාර්ථක අසාර්ථක බව මින් පෙනෙන හෙයිණි. එසේත් නැතිනම් එසේ පෙනෙනවා යයි කෙනෙක්ට සිතෙන හෙයිණි. එය මහත් මානසික වධයක් වෙන්නට පුළුවන.අවශ්‍යම වැදගත්ම... Continue Reading →

තත්කාලය – 2

හැකිනම් දෛවඥ කාමධේනු නම් පොත සොයාගෙන බලන්න. එහි විසිවැනි පරිච්ඡේදය මගින් මෙම ශාස්‌ත්‍ර ක්‍රමය විස්‌තර කරන්නේ “ප්‍රශ්ණ ශාස්‌ත්‍රය” වශයෙනි. එසේම තවත් මතයක් වන්නේ, උදේ 06 සිට දහවල් 10 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය සතුටුදායක බවත්, දහවල් 02 සිට සවස 06 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය මධ්‍යම බවත්, දහවල් 02 සිට සවස... Continue Reading →

  එළවළු තෙලෙන් ධාවනය වන දුම්රියක්. 

                                                        එළවළු තෙල් වලින් ලබාගත් අඩු කාබන් ඉන්ධන වලින් දුම්රියක් ධාවනය වේ. ඒ දුම්රියන් එක්සත් රාජධානියේ නිෂ්පාදනය කරන හයිබ්‍රිඩ් කාර් යුරෝපීය සංගමයේ අනෙක් රටවල්  වෙත ළඟදීම ප්‍රවාහනය කිරීමට නියමිතය. ඒ දුම්රියේ එන්ජිමෙන්, ඩීසල් සමඟ සැසඳීමේදී කාබන් විමෝචනය සියයට 90 දක්වා අඩු කළ හැකි යැයි කියති. ‘මම දේශගුණික වීරයෙක් වෙමි” [I am a climate hero’,] ලෙස... Continue Reading →

චර දශා – 1

සම්ප්‍රදායික ග්‍රහ දෘෂ්ටි හරහා කේන්ද්‍රය බලන කෙනෙක්ට මේ ක්‍රමය හුරු පුරුදු වන්නට කලක් ගතවනු ඇත. එනිසා යෝජනාවක් සේ කියන්නේ,  අධ්‍යනය කරන කේන්ද්‍රයේ කොපියක ඒ ඒ රාශි අනෙක් රාශි දෙස දෘෂ්ටි හෙලන ආකාරයද සටහන් කරගැනීම පහසු වේ යන්නය. මගේ හිතවතෙක් කීවේ .. “මෙය තිත්ත බෙහෙතක් සේ වේ”... යන්නය. නමුත් බෙහෙත බීමෙන් පසු බොහෝ ගුණ ලැබේ”... යන්නය. කලකට... Continue Reading →

චර දශා – 2

 මේෂ රාශිය චර රාශියකි. එනම් එහි රාශි දෘෂ්ටිය වන්නේ ඊට එහා පැත්තේ ඇති තිර රාශිය හැර අනෙක් තිර රාශීන් ය. එනම් මේෂ රාශියට අදාළ රාශි දෘෂ්ටි වන්නේ සිංහ සහ වෘශ්චික සහ කුම්භ වේ. දැන් මේ මේෂ රාශියේ රවී උච්චව සිටිනවා යයි සිතමු.  රවී ග්‍රහයා රජය පෙන්වයි. එනම් රවී ඒ පෙදෙසේ සිටින සිංහ, වෘශ්චික සහ කුම්භ... Continue Reading →

25 වන විශ්වය

                                                                                   "25 වන විශ්වය“ යන සමාජයීය අත්හදා බැලීම ගැන ඔබ අසා තිබේද ?එය විද්‍යා ඉතිහාසයේ බිහිසුණුම අත්හදා බැලීමක් යයි කියති. බිහිසුණු යයි කියන්නේ මීයන් ගේ හැසිරීම මිනිස් හැසිරීමට ඉතාමත් සමාන හෙයිණි. මීයන්ගේ ජනපදයක හැසිරීම තුළින් විද්‍යාඥයින් මානව සමාජයේ හැසිරීම පැහැදිළි කිරීමට ගත් උත්සාහයක් මෙසේ හැඳින්විණි. මේ අදහස පැමිණියේ මීයන් සිය ගණනක් ජීවත් වී ප්‍රජනනය කළ... Continue Reading →

සඳු ගේ බලපෑම – තිථි අධිපතියාගේ බලපෑම. – 4

      තිථි අධිපතියා ගැන කතාකරන විට ඉතා වැදගත් දෙයක් කියන්නට තිබේ. මෙය විවාහය ගැන පමණක්ම කියන දෙයක් නොවේ.  එය ගන්ඩාන්ත වලට සම්බන්ද වේ. ඊට පෙර ගන්ඩාන්තය යන්න, -නොදන්නා කෙනෙකුට- කියා දිය යුතුයයි සිතේ. මේෂ, සිංහ සහ ධනු වේ මුල ගන්ඩාන්ත ඇති වේ. මේවා ජ්‍යෝතිෂය අනුව භයානක ස්ථාන වේ.  කුමක් නිසා ඒවා භයානක වන්නේද ?උදාහරණයක් සේ රවි... Continue Reading →

සඳු ගේ බලපෑම – තිථි අධිපතියාගේ බලපෑම. – 2

කේතු ග්‍රහයාට තීර්ථයක් හිමි නොවන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. හේතුව පැහැදිළිය. එනම් කේතු මෝක්ෂ කාරකයා හෙයිනි. තව විදියකට කිවහොත් කේතු ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියා ප්‍රතික්ෂේප කරන හෙයිණි. අන් සෑම ග්‍රහයෙක්ම තීර්ථ අධිපතියා හරහා සඳේ “සෝම ගුණය” ලැබෙන විට ලිංගිකත්වය සහ ආදරය උද්දීපනය කලද, කේතු එය කිසි විටෙක නොකරයි. අනෙක් අතට බ්‍රහ්මචාරීත්වය ප්‍රතික්ෂේප නොකරන කෙනෙක්ට... Continue Reading →

2021 දේශගුණික වාර්ථාව

කාබන් විමෝචනයේ එක අංගයක් වන පශු සම්පත් හෙවත්, ගොවිපොළ සතුන් තව තවත් බෝ කිරීම සම්බන්දව ලියූ දේට සමහරෙක් සිනා මුහුණු පෙන්වූහ. එහෙත් ඔවුන් සිනා වෙන්නේ තමන්ටම යන්න කීයෙන් කී දෙනෙක් දනීද? බොහෝ අය ඊට විරුද්ධව අදහස් පල කළහ. ඉතා පහසුවෙන් තම තමාගේ පෞද්ගලික කාබන් පාදය අඩු කර ගන්නා ආකාරය පැහැදිළි කලෙමි. සමහරවිට ඒවා ගණන් නොගන්නට... Continue Reading →

මාතෘකාවක් නැත

අමුතුම මිනිසෙක් මට හමුවිය.තවමත් මීට අදාළ මාතෘකාවක් සිතා ගන්නට නොහැකි නිසා, මාතෘකාව යන සම්මතය මෙහි නැත. ලිපිය බලන ඔබට කැමති දෙයක් මාතෘකාව වෙනු ඇත.කවදාවත් අසා නැති පැත්තක් ඔහුගෙන් ඇසුණු නිසා, කොරන්ටින් වන්නට කාමරේ තනියෙන් ඉන්නවාට වඩා ඔහු සමඟ හෝටල් කාමරේ ෂෙයාර් කිරීමට යෝජනා කලෙමි. හැරත් එය කාමරේ කුලිය දෙකට බෙදීමක් ද වේ.ඔහු හෝටල් ක්‍ෂේත්‍රයේ සේවය... Continue Reading →

ලොවම දකින අපි නොදකින බල ශක්ති යතාර්ථය.

                                           ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ, ස්ටැම්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානියා වූ “මහාචාර්ය ටෝනි සෙබා” මහතා අනාගත බල ශක්තියේ ඇතිවන දැවැන්ත වෙනස මෙයට වසර කිහිපයකට පෙර පෙන්වා දුන්නේය. ඔහු ඉන් විශාල ආන්දෝලනයක් බල ශක්ති ක්ෂේත්‍රයේ ඇති කළේය. අද දින එය වඩාත් සත්‍ය වෙමින් පවතින බව ඉතා හොඳින් පෙනීයන කාරණයකි. ඒ ගමනේ මඟක් යන අතරතුරේ වඩාත්... Continue Reading →

එළ දෙනුන් එනතුරු …!

                                                       බුකියේ නොයෙක් කතා මේ කාලයේ කියැවේ. සමහරු රජයට බනිති. තවත් සමහරෙක් අලුත් අවුරුදු නිවාඩුවේ කොරෝනා අමතක කර නිදහසේ හැසිරුණු ජනතාවට බනිති. මේ එකකින්වත්, දැන් ඇති ප්‍රයෝජනයක් නැත. ඉංග්‍රීසි කියමනක් වූ, “Till the cows come home”... හෙවත් “එළ දෙන්නු නැවත නිවසට එනතුරු”...  මේ ගැන වාද විවාද කල හැක. එහෙත් එහි තේරුමක් නැත. වර්තමාන තත්වය පමණක් වැදගත්... Continue Reading →

මුර්ති කලාව 2 – පොසර්ෆිනා සහ ෆ්ලුටෝ ග්‍රීක වෘතාන්තය වෙනුවෙන් තැනූ එම මුර්තිය.

     මේ කව්ද යන්න නොදන්නා කෙනෙක්ට එම ග්‍රීක වෘතාන්තය සුන්දර කතාවක් විය හැක. ග්‍රීක දේව සාහිත්‍යයේ ෆොසොර්ෆිනා යනු සෞභාග්‍යය සඳහා අධිපති දෙවඟනයි. ෆ්ලූටෝ යනු පාතාලයේ අධිපතියා වේ. සෞභාග්‍යය සඳහා අධිපති දෙවඟන මලක් මෙන් සුන්දර පිවිතුරු කෙනෙක් වූ අතර, පාතාලයේ දෙවියා සැඩ සැර පරුෂ හැඩි දැඩි කෙනෙක් විය.ඔහු ලොව සැරි සරන දිනකදී ෆොසොර්ෆිනා දැක ඇය ගැන ආලයෙන්... Continue Reading →

මුර්ති කලාව 1 – ලොක් ඩවුන් චැලේන්ජ් සහ අවුරුද්දට වැඩ ඇල්ලීම.

                                         කොරෝනා සඳහා කොරන්ටීන් වීමේ හැබෑ සනීපය දැනෙන්නේ කරන්න වැඩක් නැති වූ විටය. එහෙත් මුහුණු පොතේ උඩ පහළ යනවිට අපූරු විස්තරයක් දකින්න ලැබිණි. එනම් මුර්ති කලාව කරන ආකාරය ගැන කියන වීඩියෝවකි. මේ කාලයේ මුර්ති ශිල්පීන්ගේද රැකියා නැතිවී ගොස් ඇති බවක් පෙනේ. ස්ටර්ලින් පවුන් 74 ට විකුණන ඒ ක්‍රමය, උපදේශ සහ වීඩියෝව පවුන් 11ක් වී තිබේ.... Continue Reading →

කොරෝනා, බ්‍රසීලය සහ ලංකාව

කලකට පෙර අහස් යානාවක් විනාශ වූ විට ඒ ගැන විස්තර වලින් මාධ්‍යය පිරී තිබිණ. බ්‍රසීලයේ කොරෝනා රෝගය නිසා මියයන ප්‍රමාණය ගැන ළඟදී ඔබ සොයා බැලුවේද ? ඒ අනුව නම්, පෙරෙයිදා එහි මිය ගිය ප්‍රමාණය එයාර් බස් යානා දහයක් විනාශ වී මිය ගිය මිනිසුන් ප්‍රමාණය විය. එනම් මාර්තු 27 වන දින පමණක් කොරෝනා නිසා බ්‍රසීලයේ මිය ගිය... Continue Reading →

කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් …

                                        ...“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්කස් බැලීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමට පෙළ ගැසී සිටියෙමු. අප හැර  ටිකට් කවුන්ටරය ඉදිරියේ සිටියේ තවත් එක් පවුලක් පමණි. මේ පවුල මා කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය. විශාල පවුලක් මෙන් පෙනෙන ඒ පව්ලේ ළමයින් අට දෙනෙක් සිටි අතර, ඔවුන් වයස අවුරුදු 12 ට අඩු වූ බවක් පෙනේ.... Continue Reading →

“මගේ නම රුහානි”

                                                         අද මා බිත්තර ගොවිපළකින් පිටතට ආ පළමු දිනයයි. මගේ නමේ තේරුම ‘දිව්‍යමය හා බිඳෙන සුළු’ බව නමුත් මට සැමවිටම නමක් නොතිබුණි. මගේ පැරණි නිවස දුක්මුසු ස්ථානයක් වූ අතර කැපකරු රැකවරණය ලබන නිවසට පැමිණෙන තෙක් මට අනන්‍යතාවයක් නොතිබුණි. එහෙත් මම වාසනාවන්ත කෙනෙක් වීමි.මා වැනි තවත් දහස් ගණනක් කූඩු කර ඇති බව ඔබට පෙනේ. අපට කම්බි මත... Continue Reading →

රෝගීන් මැස්සන් මෙන් මිය යති !

                                                   නොසැලකිළිමත් සේ නොහැසිරෙන ලෙස දැඩි සත්කාර ඒකකයේ හෙදියක් මහජනතාවගෙන් ඉල්ලා සිටී කැලිෆෝනියාවේ වෙස්ට් කොවිනා හි ලියාපදිංචි හෙදියක් 'නොසැලකිලිමත් වීම නවත්වන ලෙස' මහජනතාවගෙන් ඉල්ලා සිටී. නවතම COVID-19 වැඩි වීම අතරතුරදී ඇයගේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බව ඇය දුටුවාය. නිවාඩු දිනට පෙර පළ කරන ලද ටික්ටොක් වීඩියෝවක, “ගයානා චුක්ලාන්සෙව්” හෙදි සොහොයුරිය සිය රෝහල, 'යුද... Continue Reading →

ලස්සණට සිටීම කලොත් දවසක නිවන් යන්න පුළුවන්ද?

රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා.… “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!... ඒකයි නිවන….!!!කෙසේ වුනත් ඔහුට ප්‍රසිද්ධිය ලැබී තියෙන ආකාරය ප්‍රශ්ණාර්ථ ලකුණක් වෙනවා. ඔහු කියන විදියට ලස්සණට ඉන්න - ඒකයි නිවන…!... !!...  නමුත් බොහෝ විට බුදු දහම විකෘති කරන මේ භික්ෂුව, “ලස්සණට ඉන්න” කියන එක කෙලින්ම නිර්වචනය... Continue Reading →

කොරෝනා මරණීයයි. ප්‍රවේසම් වෙමු.

කොරෝනා වෛරසය සමඟ අපට ජීවත් වීමට සිදුවී තිබේ. එය වර්ධනය සහ පැතිරීම වන ආකාරය ගැන ලෝ පුරා විද්‍යාඥයන් පරීක්‍ෂණ කරති. සමහර විද්‍යාඥයන් සැක රහිතව කියා සිටියේ, ෆොසිල ඉන්ධන වාහන වලින්, ගල් අඟුරු බලාගාර වලින් නික්මෙන ක්ෂුද්‍ර අංශු පෙනහළු සහ ඒ ආශ්‍රිත ඉන්ද්‍රීන් වලට ඇතුලත් වීමෙන් කොරෝනා රෝගයෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි වන බවය.මෙය ඉතාලියේ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑