ඊජිප්තුව 30 – ඇඳුම් පැළඳුම්.

61334531fc196292a2f310cbbf9bd536කිසියම් මිනිස් වර්ගයකගේ සභ්‍යත්වය සොයා යාමේදී, ඒ ඒ කාලවල ඔවුන්ගේ ක්‍රියා කාරකම් හැසිරීම් රටාවන් වැනි ස්වභාවයන් දැනීම වැදගත් වේ. ජන කතා හෝ පැරණි සටහන් විශ්ලේෂණය කලද ඒ පැරණි කාලයේ දියුණුව ගැන අදහසක් ගත හැකිය. උදාහරණයක් සේ; විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට, ‘කුවේණි කපු කටිමින් සිටියාය’ සේ, ලංකා ඉතිහාසයේ ලියා ඇත.

මෙහි තේරුම එකළ අපටම අයත් රෙදි පිළි කර්මාන්තයක් තිබුණු බවය.

ඊජිප්තුවේ නම් මීටත් වඩා සාක්ෂි සාධක සොයා ගැනීමට හැකි බව පෙනෙන්නේ, පැරණි පිරමීඩ වලින් සොයාගන්නා ලද රෙදි පිළි මෙන්ම විවිධ මෝස්තරයේ ඇඳුම් පවා සොයාගැනීමට හැකි වූ හෙයිණි. මෙහිදී ඇඳුම් වලටත් වඩා වැඩියෙන් කැපී පෙනෙන්නේ ඒ ඇඳුම් සඳහා යොදාගත් පාට, ඩයි වර්ග වේ. ‘රාජකීය දම් පැහැය’ හෙවත්, ‘Royal purple’ සොයා ගත්තේ ක්‍රිස්තු පූර්ව 1600 දී යයි කියති.

පැරණිම ශිෂ්ටාචාරයක් වූ ඊජිප්තුව සහ එහි සිටි මිනිසුන් විසින් කරන ලදැයි සැළකෙන විශිෂ්ට නිර්මාණ ගැන සොයා යාමේදී ඒ ශිෂ්ටාචාරයේ සියලුම අංගෝපාංගයන් විශේෂඥයන් විසින් විශ්ලේෂණය කරන්නේ, ඒ දියුණු ශිෂ්ටාචාරයේ හැඩ තල සොයා ගැනීමටය. එසේ හෙයින් එකළ ඊජිප්තු වාසීන් අඳින ලද රෙදි පිළිවල විස්තරද වැදගත් වේ.

ක්‍රිස්තු පූර්ව 2650 තෙක් ඈතට යන්නාවූ ‘Perneb’ පාරාවෝ රජුගේ පිරමීඩයෙන් සොයා ගත් මේ රෙදිපිළි වල ඇති පාට වර්ග විශ්ලේෂණය කල මැක්සිමිලියන් [Maximilian Toch] නම් ඇමරිකානු විද්‍යාඥයාගේ සොයා ගැනීම් මෙසේ වේ. රතු – අයන් ඔක්සයිඩ්, හෙමටයිට්, …කහ – yellow ochre, … නිල් – කුඩු කරන ලද වීදුරු, ….ලා නිල් – කොපර් කාබනේට් , …කොළ – malachite, …කළු – අඟුරු ,…අළු – හුණු ගල් මිශ්‍ර කල අඟුරු,

a0d6fa67759de138049e247702f7af48පුරාණ ඊජිප්තුවේ එම රෙදි මෝස්‌තර ධනවත් හෝ දුගී ඕනෑම කෙනෙක්ට පොදු වන එක හේතුවක් වූයේ, ඊජිප්තුවේ උණුසුම් දේශගුණයයි. ඒ නිසා ඔවුන් පොදුවේ, සැහැල්ලු, ‘ලිනන් රෙදි’ ඇඳීම කළහ. සරුවාලයක් මෙන් පහතට එල්ලෙන ඇඳුම සාමාන්‍ය ජීවිතයේ දැකිය හැකි මිනිසුන්ගේ, කම්කරුවන්ගේ සහ වැඩ කරුවන් විසින් භාවිතා කරන ලදී.

ස්ත්‍රීන් පාදය තෙක් වැටෙන ඇඳුම් හඳින ලදී. ඒවා උරහිසේ හෝ බෙල්ලේ සිට පහළට රූරා වැටෙන සේ නිමවා තිබිණ. පසු කලෙක ඒ මෝස්‌තර වලට රැළිද එකතු වූ බව පෙනේ. පොහොසතුන් සම වලින් තැනූ පාවැසුම් භාවිතා කළහ. මේ මෝස්‌තර සහ ඇඳුම් ඊජිප්තුවේ වියළි මෙන්ම ග්‍රීෂ්ම සෘතුවේ උණුසුමට ගැලපී ගියේය. කපු ලිනන් සහ ශාඛ වලින් ගන්නා ලද කෙඳි ඇඳුම් තැනීම සඳහා ගත් බව පැහැදිළිය.

සමහර මමී වලට ගත් ඇඳුම් වලට චීනයෙන් ගෙන්වන්නට ඇතැයි සැළකෙන සිල්ක්ද භාවිතා කර තිබිණ.

දෙවියන්ගේ සේවකයන් වූ පූජකයන් සහ පාරාවෝ වරු විසින් සමහර විටෙක ව්‍යාඝ්‍ර සම් වලින් තනන ලද ඇඳුම් භාවිතා කරන ලදී. මේවා තුතන්කාමන් රජුගේ දේහය නිදන් කර තිබුණු පිරමීඩයෙන් සොයා ගැනීමට හැකි විය. එසේම ඒ ආකාරයෙන් ඇඳුම් ඇඳි පාරාවෝ වරු සහ පූජකයන්ගේ පින්තුර ද සොයා ගැනීමට හැකි විය. උත්සව අවස්ථාවලදී අඳින්න ඇතැයි සිතිය හැකි, පිහාටු සම්බන්ද කල උසස් ලෙස නිමවූ ඇඳුම් රජුන් සහ රැජිනියන් විසින් අඳින ලදී.

මැසීම් කර ඇත්තේ ඉතා අඩුවෙනි. බොහෝ විට රෙදි ශරීරය වටා ඔතා, පටියකින් තද කලාක් මෙන් පෙනේ. දිනපතා ඇඳි ඇඳුම් වලට මෝස්‌තර එකතු කර නැත. ඉහළ සමාජයේ ඊජිප්තියානුවන් ගේ ඇඳුම් රැළි තනා මැස්මවල් දමා තිබිණ.

මුල් කාලයේ සමාජ වල සිටියවුන්ගේ ඇඳුම් වල තිබී මේ රැළි හරස් අතටද, පසු සමාජ වලදී සිටියවුන්ගේ ඇඳුම් වල තිබි මේ රැළි කෙලින් අතටද තනා තිබිණ. මේ අතර දෙපාර්ශවයටම මේ රැළි මසා තිබුණු ඇඳුම් ධනවත් අයගේ යයි සිතිය හැක්කේ, ඒ ආකාරයට ඇඳුම් තැනීමට සඳහා බොහෝ කාලයක් වෙහෙසිය යුතුවාක් මෙන් පෙනෙන හෙයිණි.

ඇඳුම් වල දිගද පැරණි රාජධානියේ සිට අලුත් රාජධානි කාලය වන විට දික් වූවාක් මෙන් පෙනේ. ගැහැණු පිරිමි දෙපාර්ශවයම සිවුරක් මෙන් ශරීරයේ දවටා තිබෙන ඇඳුම් ඇඳ ඇත. නමුත් මේ සියළුම ඇඳුම් ලිනන් වලින්ම තනා තිබීම විශේෂයකි. ගැහැණුන් එක් උරහිසක් හෝ උරහිස දෙකම වැසෙන සේ ඇඳුම් ඇඳ ඇති අතර පිරිමින් ඒ ඒ අවශ්‍යතාවය අනුව ඇඳුම තෝරාගෙ ඇත. හිස දැමීමට අවශ්‍ය සිදුරකින් යුතු ඇඳුමද ජනප්‍රිය විය. අද අප හඳින බැනියමක් වැනි වූ මේ ඇඳුමේ හිස දැමීමට සිදුරක් තිබිණ.

මේ ගැන විස්තර ඉතිහාසඥයෙක් වූ ‘හෙරඩෝටස්’ ගේ ළිපි වල ඇතැයි කියනු ලැබේ.

සබන් භාවිතයක් තිබුණු බවක් සොයා ගන්නට නැත. එහෙත් අදත් ලංකාවේ පිටිසර ගම්මානයක අළු වලින් භාජන සෝදනවාක් මෙන් ඊජිප්තුවේද සේදීම් කටයුතු කරන්නට ඇත. අළු වල ඇත්තේද සබන් වල ඇති සංඝටකයක් වන ‘සෝඩියම් ස්ටියරේට්’ වේ. ඉන් කුණු පැල්ලම් ඉවත් වී යයි. ක්‍රිස්තු පූර්ව 1200 දී ගින්නට ඔරොත්තු දෙන බොයිලේරු මෙන්ම රෙදි සෝදන ස්ථාන වල නටබුන් සොයාගැනීමට හැකි විය.

ගැහැණුන් ඇඳුම් සමඟ පබළු පැළඳුහ. බොහෝ විට ලැම ආවරණය කලහ. මෝස්‌තර සඳහා ලැම ආවරණය නොකළ ඇඳුම්ද ඇඳි බවක් පෙනේ. අලුත් රාජධානියේ මේ ඇඳුම් වලට අමතරව සාළුවක් උරහිසේ දමා පැළඳීමද කළහ. හිස් වැසුම් සහ ඔටුනු රාජකීයයන් භාවිතා කළහ. අත් පළඳනා ඇඟිලි සිට මැණික් කටුව මෙන්ම අතේ ඉහළට වන්නට භාවිතා කල අතර මෙන්ම ගෙළ පළඳනා සහ කනේ දමන රන් තෝඩුද සුලභ විය. රත්තරන් ආභරණ භාවිතය තිබිණ.

ඇත් දළ වලින් කපන ලද කූරු මෙන්ම ලෝහමය කූරුද හිසකේ බැඳීම සඳහා භාවිතා කළහ. මේවා පැරණි නුබියාවෙන් ගෙන එන්නට ඇත.
කළාතුරකින් දැකිය හැකි දෙයක් වන උල්කාපාත වලින් වැටුණු ලෝහමය ද්‍රව්‍ය වලින් තැනි පබළු අවුරුදු 5000 ක් පමණ පැරණි පිරමීඩ වලින් සොයාගෙන ඇත. මේවා මිනිසුන් විසින් භාවිතා කල ලෝකයේ පැරණිම මෙවලම් වේ. නමුත් පුදුමයකට මෙන් මේවායේ කාලය ඊජිප්තුවේ ‘යකඩ යුගය’ සේ කියවෙන අවුරුදු 2000 ට වඩා ඈතට යන්නේය.

හිසේ කෙස් ඉවත්කර බොරු කොන්ඩ පැළඳීම මිනිසුන් අතර පැවති සිරිතක්ව තිබුණු බවක් පෙනේ. පිරිමි මෙන්ම ගැහැණුද ශරීරයේ තෙල් සහ සුවඳ ද්‍රව්‍ය ආලේපය කළහ. අද දිනද අරාබියේ භාවිතා කෙරෙන, ‘හෙනා ආලේපය’ එදිනද භාවිතා විය. අද දින මොරොක්කෝවේ නිෂ්පාදනය කරන ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ‘ආගන් තෙල්’ ඊජිප්තු ජාතිකයා විසින්ද සිරුරේ ගලවන්නට ඇතැයි සැක කල හැක්කේ, එකළ මේ ප්‍රදේශද ඊජිප්තුව සමඟ සම්බන්දකම් තිබෙන රටවල් වන්නට ඇති හෙයිණි.

මෝස්‌තර නිරූපණයේදී මෙන්ම, සිරුර හැඩ කරවීම බලාගන්නට තනන කණ්නාඩි පිත්තල වලින් නිමවා තිබිණ. ඒවා මනාව ඔප දමා තිබිණ.

සාමාන්‍යයෙන් ඔවුන් සපත්තු, සෙරෙප්පු පැළඳීමක් කලේ නැත. එහෙත් විශේෂ අවස්ථා වල පැළඳු බව පෙනී යන කාරණයකි. සම වලින් තැනූ පා පළඳනා සාමාන්‍ය පටි දෙකේ සෙරෙප්පු මෙන් වුවද, ඒවායේ ඉදිරිය ඉහළට එසවෙන්නට තනා තිබිණ. සමහරවිට ඒවා යේ පටි විළුබ වටා එතෙන ආකාරයෙන්ද තනා තිබිණ.

ඇඳුම් සහ අනෙකුත් පලඳනා ගැන බොහෝ විස්තර පොත පතෙහි ඇත. එහෙත් ඒ පැරණි ඊජිප්තු ජාතිකයන් ඇඳුම් ඇඳ සිටින ආකාරය පිරමීඩ වල සිතුවම් කිරීම ගුරු කරගත් පින්තූර නිරීක්‍ෂණයෙන් ඒ සමාජයේ ඇඳුම් ගැන වඩාත් හොඳ අදහසක් ගත හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: