කුඩා කාලයේ භූගෝලය ඉගෙන ගන්නා විට අප ඉගෙන ගත්තේ ඊජිප්තුව නයිල් නදියෙන් පෝෂණය වූ රටක් බවත්, එහි ඇති පිරමීඩ තනා ඇත්තේ පුරාණ ඊජිප්තු රජවරුන්ගේ දේහයන් තැන්පත් කිරීමට බවත්ය. නමුත් පිරමීඩයක ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇතුලේ ඇති කාමරවල ප්‍රමාණය ඉතා කුඩා වේ. කෙනෙක් මියගිය විට අනිවාර්යයෙන්ම සිරුර දිරා යන බව පැරණි ඊජිප්තු ජාතකයන් දනී. මොන ආකාරයේ දියුණු ක්‍රම යොදා මමිකරණය කලද කාලයකදී සිරුර දිරා යයි.
ඔවුන් එය නොදන්නා මෝඩයන් නොවේ.
එය එසේ නම් පිරමීඩ තැනීමට ප්‍රාථමික හේතුවක් තිබිය යුතු වේ. මහා පිරමීඩය ගතහොත්, එහි ඇති තාරකා සිද්ධාන්ත සහ දත්ත නිරීක්ෂණය කල විට එය තාරකා විද්‍යාවේ දත්ත, න්‍යායයන් මෙන්ම අනෙකුත් ආකාශ වස්තු පෙන්වීම සඳහා ඇතිකළ මොඩලයක් බව සැක කල හැක. විශේෂයෙන් එය ලෝකයේ උත්තර ගෝලය පෙන්වන මොඩලයකි. එනම් එය පවතින අක්ෂාංශක සහ දේශාංශක මගින් අපූරු දෙයක් පෙන්වයි.
එනම් මහා පිරමීඩයේ සිට උත්තර ධ්‍රැවය තෙක් දුර සහ පිරමීඩයේ සිට ලොව මධ්‍යයට ඇති දුර ප්‍රමාණ එකම වේ. මේ පිරමීඩයෙන් යමක් ලබා ගත්තේද එසේ නැත්නම් අනාගත මිනිසාට කිසියම් පණිවිඩයක් දෙන්නට එය නිර්මාණය කලාද යන්න ගැන අදටත් කිසිම විද්වතෙක්ට අදහසක් පැවසිය නොහැක. කල හැකි එකම දෙය නම් ලෝකය සහ අජටාකාශ වස්තුන්ට ඇති මේ පිරමීඩයේ මාන සංගත කිරීම පමණි.
එහෙත් එය කළා කියා පිරමීඩ නිර්මාපකයන් ගේ අදහස සොයා ගැනීමට හැකි වේදැයි යන්න ප්‍රශ්ණාර්ථයකි.
එකළ ආගම පාරාවෝ වරුන්ගේ ආගම නොව ජ්‍යාමිතිය දෝ යයි සැක සිතෙන තරමට මේ පිරමීඩ තුල ජ්‍යාමිතික දත්තයන් ගැබ්ව ඇත.
පිරමීඩය ස්ථාපිත කල ස්ථානයම අභිරහසකි. එනම් එය මගින් ලෝකයේ අක්ෂයේ කරකැවීම [Wobble] පෙන්වා දේ. ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී එහි කෝණ නිරවද්‍යතාවය ගතහොත්, නූතනයේ නිර්මාණය කල පැරිස් නිරීක්ෂනාගාරය ස්ථාපිත කල ආකාරය ඉතා නිවැරදි යයි සලකනු ලැබේ. එය කළා 6ක් ඇතුලත තිබේ. එහෙත් මහා පිරමීඩයේ ඒ නිරවද්‍යතාවය කළා 3ක් ඇතුලත තිබේ. මේ ආකාරයේ නිවැරදි බවක් ඒ පැරණි ඊජිප්තු ජාතිකයා ලබා ගත්තේ කෙසේද?
මේ තරම් නිවැරදි බවක් ගන්නට කරදර වූයේ කුමක් නිසාද?
පිරමීඩය දැවැන්ත හිරු තැටියක්ද? පොළවේ සිරස්ව සිටුවන ලද දණ්ඩක සෙවණැල්ලෙන් කාලය සහ පොළවට හිරුගේ ඇති කෝණ වෙනස සොයන ක්‍රමය මෙන් පිරමීඩයත් ඔවුන් ස්ථාපිත කලේද? නමුත් එයින් ඊටත් වඩා ඈතට කරුණු පෙන්වන්නේ, ‘වසන්ත විෂුවය’ සහ ‘සරත් විෂුවය’ වන දිනද එයින් පෙන්වන හෙයිණි. එදින ගුවනේ සිට බලන විට, පිරමීඩයට පැති හතරක් නොව අටක් පෙනේ.
පොලවේ අක්ෂය, පොළව ගමන් කරන ඉලිප්සීය තලයට ඇති අංශක 23.5 ආනතිය නිසා ලෝකයේ දේශගුණය වසර තුල සෘතු සේ වෙනස්වන බව අප දනිමු. ඇත්තටම මේ ආනතිය පහසුව සඳහා අංශක 23. 5 යයි කිව්වද, වර්තමානයේ සත්‍ය අගය, අංශක 23.44 ක් හෙවත් අංශක 23ක් සහ කළා 26ක් සහ විකළා 24 ක් වේ. සමකයට දෙපසින් තවත් මනඃකල්පිත රේඛා දෙකක් යන බව අපි දනිමු. ඒවා කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය සේ නම් වේ. මේ රේඛා දෙක සමකයේ සිට ගත කල ඇතිවන කෝණමය අගයද අංශක 23 ක් සහ කළා 26 ක් සේ ගෙන ඇත.
එයට හේතුව පැහැදිළිය.
මේ නිවර්තන රේඛා දෙක මතට හිරු එළිය ලම්භකව වැටෙන දින දෙක වන්නේ වසන්ත විෂුවය සහ සරත් විෂුවය යන අවස්ථා [Summer and Winter Solstice]දෙකේදීය. උදාහරණයක් සේ, උත්‍රරාර්ධ ගෝලයේ ශීත සෘතුවේ ආරම්භයේ, එනම් උත්‍රරාර්ධ ගෝලයට හිරු එලිය අඩුවෙන් වැටෙන අවස්ථාවේ, හිරු එළිය මකර නිවර්තනයට ලම්භකව වැටේ.
මහා පිරමීඩයේ ජ්‍යාමිතික අක්ෂාංශ ඛණ්ඩාංකය බොහෝ දුරට අංශක 30ට උතුරෙන් සමීප වේ. එය දේශාංශක ඛණ්ඩාංකයන්ගෙන් ගත් විට ජාත්‍යන්තර දින රේඛාව දක්වන එංගලන්තයේ ග්‍රීනිච් නගරයේ සිට නැගෙනහිරට අංශක 31 කින් ඈත පිහිටයි. එහි ඉතාම නිරවද්‍ය අක්ෂාංශ අගය වන්නේ අංශක 29 -> කළා 58 -> විකළා 51 යන්නය. මෙය හරියටම අංශක 30ක් වන්නට, මහා පිරමීඩය උතුරට මීටර් 2125 ක් ඈතට ගෙන ගිය යුතුය.
ලෝකයේ විශාලත්වය සමඟ සාපේක්ෂව මේ කුඩා වෙනස තීරණය කරන්න ඇත්තේ කුමක් නිසාදැයි පැහැදිළි නැත. එහෙත් මහා පිරමීඩය තැනූ ස්ථානය, ඉන් පෙර පුරාණ පූජනීය ස්ථානයක් වීම එක හේතුවක් වන්නට ඇත. මෙය හුදෙක් අනුමානයක් බව සළකන්න යයි, ‘විශේෂයෙන්’ ඉල්ලමි. කළා 3ක් ඇතුලත නිවැරදිව තැනූ පිරමීඩයක් මීටර් 2125ක් ඈතින් නිර්මාණය කරන්නට හේතුවක් නැත.
පෘතුවිය දිනපතා කරකැවෙන්නේ, සූර්යයා වටේ යන ඉලිප්සීය පථයට අංශක 23 ½ කින් [නිවැරදිවම අංශක 23 කළා 26 විකලා 24] බව දනිමු. මෙහිදී පිරමීඩය කෙසේ චලනය වේද? එක පැත්තකින් ගත් විට සමකයේ සිට අංශක 30ක් [නිවැරදිවම අංශක 29 කළා 58 විකලා 51] උතුරට පිරමීඩය ස්ථාපිත කර ඇත. නමුත් ලෝකය හිරු වටා ගමන් කරන ඉලිප්සීය පථයේ සිට උතුරට අංශක 6.5කින් [නිවැරදිවම අංශක 6 කළා 32 විකලා 27 ]ද පිරමීඩය ස්ථාපිතය. පින්තුරයක් බැලූ විට මේ අදහස තේරුම් ගැනීම පහසුය.
මෙය 1919 වසරේ මුලින්ම ගණනය කර සොයා ගත්තේ, ‘ෆ්‍රෑන්ක් .සී. හිගින්ස්’ [Frank C. Higgins] විසිනි.
දැන් මේ නීරස ගණනයේ තේරුමක් තිබිය යුතුය. පහළට බලන්න.
මහා පිරමීඩය ඇතුලේ රජ කොටස [King’s chamber] සහ රැජින කොටස [Queen’s chamber] යයි කොටස් දෙකක් තිබේ. ඒ කොටස් වල සිට එලියට විහිදෙන දෝනා [Shafts] ඇත. මේ දෝනා සඳහා රැගෙන ඇති අනුපාතයන් ඉහත කියන ලද කෝණමය අගයයන් වන 6.5, 23.5 රැගෙන ඇත. වචන වලින් මෙය කීම අපහසුය. මේ ලිපිය ලිවීමට මූලාශ්‍රය වූ පහත අලවා ඇති වෙබ් පිටුවේ ඇති පින්තුර බැලුවහොත් එය වටහා ගත හැකිය. එහි ඇති සියලු දේ නිවැරදි නොවිය හැක.
මේ දෝනා ගැන මුලින් තිබුණු අදහස වූයේ ඒවා පිරමීඩය ඇතුලට වාතාශ්‍රය ගෙනෙන වායු මාර්ග ලෙසිණි. එහෙත් ඒවා ඊට වඩා වෙනස් හේතුවක් නිසා නිර්මාණය කල බවක් පෙනී යයි.
එපමණක් නොවේ.
ලෝකයේ ස්වරූපය ගැන පැරණි ඊජිප්තු ජාතිකයා [හෝ ඔහුව මෙහෙයවන ලද පිටසක්වළ වැසියා.] හොඳින් දැන සිටි බවට තවත් සාධකයක් වන්නේ, පිරමීඩය ස්ථාපිත කල ආකාරයෙන්මය. ලෝකය එහි අක්ෂය වටා කරකැවෙන හෙයින්, ස්කන්ධය සමකය දෙසට ඇදී ගිය හෙයින් එය සර්ව සම්පූර්ණ ගෝලයක් නොවන බව ඔහු දැන සිටියේය. ධ්‍රැව අතර දුර ලෝකයේ සමකය වටා දුරට වඩා අඩු බව ඔහු දැන සිටියේය. එනම් මහා පිරමීඩයේ සිට උත්‍රධ්‍රැවයට ගොඩබිමෙන් බැලූ විට ඇත්තේ වෘතාකාර මතුපිටක් නොව ඉලිප්සීය මතුපිටක් බවය.
තවත් විදියකින් කිවහොත්, ලෝකයේ ධ්‍රැව අසළ භුමිය වඩාත් පැතලිය.
මේ හේතුවද සළකා මහා පිරමීඩය මේ ආකාරයට තැබීමට ඔවුන් කටයුතු කලේ ඒ ආකාර තවත් මනඃකල්පිත පිරමීඩ 7ක් ලොව වටා ඇති පරිද්දෙනි. තවත් ආකාරයකට කිවහොත් අපගේ ලෝකය ඇතුලේ ඇති මනඃකල්පිත පෙට්ටියක අට කොනේ පිරමීඩ අටක් ඇති පරිද්දෙනි. එනම් මේ පිරමීඩ 8ම ලොව වටා ඇඳිය හැකි වක්‍ර වලින් සම්බන්ද කර ඇත.
මහා පිරමීඩයට සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තේ ලෝකයේ ඇති ස්ථානය ඉතා කුඩා දූපතකි. එය ප්‍රංශ පොලිනීසියාව කියන දූපතේ Moerai, Iles Australes, යන ස්ථානය වේ. [Continent: Oceania, Coordinates: (-30.008, -148.789)]
මේ ලිපිය ලියන්නට ප්‍රධාන හේතුවක් වූයේ ඉලිප්සීය ත්‍රිමාන ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණමිතිය අදටත් හොඳින් මතක කෙනෙක්ට මේ ගැන කුතුහලයක් ඇති කරවීමටය. පැරණි මතකයන් අලුත් කරමින් මේ ගැන සොයනවාට වඩා තරුණ කෙනෙක් මේ ගැන පහසුවෙන් සොයා ගනු ඇතැයි සිතමි. ඉහත කී මනඃකල්පිත පෙට්ට්යේ සියළු පාදයන් එක හා සමාන බව යන්න ජනප්‍රිය මතය වේ.
අන්තර් ජාලයේ සෑහෙන තරමක් බොරු ඇත.
කුඩා ඉලිප්සීය වෙනස් වීම සළකා එය සංකීර්ණව ගණනය කිරීම එවන් කෙනෙක් කරතැයි සිතමි. කුඩා ගණනයක් කර බැලුවෙමි. පෙට්ටියේ පාද එකම දිගක නැත.
කෙසේ හෝ එක දෙයක් නම් හෙට පායන හිරු මෙන් ස්ථිරය. එනම් ගණිතයට වරදින්නේ නැත.
ලෝකය තැටියක් යයි කියන ලද ඉගැන්වීම් වලට බොහෝ කාලයකට පෙර, ඒ ඉගැන්වීම් දෙස සමච්චලයෙන්, බලා සිටින මහා පිරමීඩය, ඊජිප්තුවේ කයිරෝ නගරයට යන කෙනෙක්ට නිහඬ කතාවක් කියනු ඇත.
Leave a Reply