වාහන විත්ති 223 – පැරණි වාහන වල ප්ලාස්ටික් අප ද්‍රව්‍ය පොල් තෙලෙන් ප්‍රතිචක්‍රීය කරණය කිරීම.

රූප ලාවන්‍ය ක්‍රම සඳහා භාවිතා වන ශරීරයට අහිතක් නොවන පොල්තෙල්, පළවන වතාවට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කිරීම සඳහා භාවිතා කෙරේ.

චෙකොස්ලෝවැකියානු සමාගමක් මගින් පොල් තෙල් සමඟ එකතු කල පරණ වාහන වල ප්ලාස්ටික් ද්‍රව්‍ය මයික්‍රෝවේව් උදුන් භාවිතා කර, නැවත ඒ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කිරීමට හැකි බව සොයාගෙන තියෙනවා. සෑම වසරකම මිලියන ගණනක පරණ වාහන ඉවත් වෙන මුත්, ඒවායේ ඇති ප්ලාස්ටික්, රබර් සහ ලෝහ පරිසරයට අපමණ බරක් වෙමින් එකතු වෙනවා.

ශීතකරණ, කුෂන්, කුසන්නායක සහ ද්‍රව්‍ය ඔතන්නට ගන්නා තර්මෝ කූල් හෙවත් රෙජිෆෝර්ම් වැනි දේ මෙසේ ප්‍රතිචක්‍රීයකරණ කර නැවත ප්ලාස්ටික් වලින් ලබා ගන්නට මේ පර්යේෂණ වලින් හැකිව තියෙනවා. වාහන වලින් ගන්නා ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒවා ‘පොලිකාබනේට්’ සහ ‘පොලියුරිතීන්’ සේ [polycarbonate (PC) and polyurethane (PUR)] කියනවා.

සාමාන්‍ය පැරණි ආකාරයට මේවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙන නමුත්, එසේ ලැබෙන ප්ලාස්ටික් වර්ග එතරම් ශක්තිමත් නැහැ. මේ ආකාරයේ ප්‍රතිචක්‍රීයකරණ ගවේෂණ අවුරුදු 30ක් පමණ ඈතට යන මුත්, ඒ සොයා ගත් ක්‍රම වලට වඩා මේ අසාමාන්‍ය ‘පොල්තෙල් ක්‍රමය’ වඩා සාර්ථක බවත් එසේ ලබා ගන්නා ප්ලාස්ටික් ශක්තිමත් බැවින් වැඩි බවත්  චෙකොස්ලෝවැකියාවේ ක්‍රැකොව් විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණ මගින් සොයා ගෙන තියෙනවා.

මේ වැඩේ ලංකාවේ නම් කරන්න බැරි වේවි, මොකද පොල් ගිණි ගණන් නිසා. එහෙත් ඉන්දියාවේ කේරළය වගේ තැනක නම් කරන්න හැකි වේවි. කේරළය, ලංකාව වැනි රටක්. හැබැයි එය ලංකාවට සමාන වන්නේ මෙයට අවුරුදු පණහකට පමණ තිබුණු කාලය අනුව. මොකද කේරළ මිනිස්සු ලංකාවේ ඉන්න අය වගේ ලෙහෙසියෙන් ගසක් කපන්නේ නැහැ. ඒ නිසා ඒ අයගේ පොල් වගාව තවම හොඳින් පවතිනවා.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑