පුනර්ජනනීය බලයෙන් මුදල් සෙවීම

                                                              මේ කාලයේ ගල් අඟුරු බලාගාර මුහුණ දෙන ආර්ථික අර්බුදය ලොවට රහසක් නොවේ. ඊට එරෙහිව පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය සිදු වනු ඇතැයි ආර්ථික විද්‍යා ගුරු මහාචාර්ය... Continue Reading →

සුළං බලය ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධනය බවට හැරවීම.

ඔබ මුහුදු වෙරළෙන් එහා ඈත දියඹ මහ මුහුදට ගොස් ඇත්ද?   මෙයට වසර බොහෝ ගණනකට පෙර මුහුද මැදට මාළු අල්ලන විශාල ට්‍රෝලර් යාත්‍රාවක ගොස් ඇත්තෙමි. අප එසේ විනෝද ගමනක් ගියෙමු. කුඩා රැළි පෙරළී යන වෙරළට කිට්ටු නිල් පැහැයෙන් පෙනුණු මුහුද, ශාන්ත ස්වභාවයක් දැරුවේය. මැදට යන විට එය කළු පැහැයට පෙරළිණි. ඉහත කී රැළි තව දුරටත්... Continue Reading →

හුළං මෝල් ගැන තොරතුරු කීපයක්.

හුළං මෝල් යනු අද ඊයේ ඇතිවූ දෙයක් නොව, ඈත අතීතයේ පවා හුළං මෝල් තිබී බවට සාධක ඇත. ඒ එක පැරණි හුළං මෝලක් අදත් හොඳ තත්වයෙන් ක්‍රියාත්මක වේ. ‘ඇස්බඩ්ස්’ සේ හැඳින්වෙන ඉරානයේ ‘නිෂ්ටූෆාන්’ යන ප්‍රදේශයේ ඇත. ඒ සුළං මෝලේ අතීතය ක්‍රිස්තු වර්ෂ 500-900 කාලයට දුව යයි. මේ ආකාරයේ පැරණි මෙන්ම මධ්‍යතන යුගයේ නිර්මාණය වූ හුළං මෝල්... Continue Reading →

කෝපන්හේගන්, කාබන් සෘණ නගරයක් වීමට යයි.

‘ඩෙන්මාර්කය’ යයි කියූ විට ඔබට සිහි වන්නේ කුමක්ද ? එහි රජ පවුල,... එය සීතල රටක් බව,... ස්කැන්ඩියානු රටක් බව,... රට පුරා ඇති පැරණි සහ නවතම සුළං මෝල්,... විවිධ චීස් වර්ග,... එහි සිටින බොහෝ ගවයන් සහ,... සතුටෙන් සිටින ජනතාව ... වැනි දෑ සිහි කරනු ඇත.   ඔවුන් අද දින තවත් ප්‍රසිද්ධියක් ලබා ගන්නේ, අන් රටවල් වලට... Continue Reading →

සුළං බලය 2

සුළං බලය 2 පළමු ළිපිය ලිව්වේ කාටත් තේරෙන භාෂාවකින් වුවද, මේ දෙවන ළිපියේ යම් යම් කාර්මික කරුණු ඇත්තේය. ඒවා මඟහැර නම් මේ ළිපිය ලියන්නට නොහැක. එසේ හෙයින් නොතේරෙන තැනක් ඔබටම තේරුම් කර ගැන්මට, ඉංග්‍රීසි වචනද ලිපියට පුද්ගල නාම මෙන්ම යම් යම් විද්‍යාත්මක එකතු කරන්නට සිදුව ඇත. එවිට ඔබට වැඩි විස්තර අවශ්‍ය නම්, අන්තර් ජාලයේ සැරිසරා... Continue Reading →

සුළං බලය 1

ඛනිජ තෙල් මිණී පෙට්ටියට ගසන ලද අවසාන ඇණය, පසුගිය 2015 දෙසැම්බර මාසයේ පැරීසියේ පැවැත්වුණු දේශගුණය වෙනස් වීමේ සමුළුවේදී බොහෝ රටවල් එක්ව සාමුහික වශයෙන් ගසන ලදී. රටවල් 200ක ආණ්ඩු එම ගිවිසුමට අත්සන් කරන ලදී. වාසනාව නම්, මේ ගිවිසුමය. අවාසනාව නම්, මේ ගිවිසුම ගහන්නට ඔවුන් දශක දෙකක් ගැනීමය. එය අරාබි තෙල් කාටල් වරුන් විසින්ම පසුවට දැමීමට කටයුතු... Continue Reading →

Blog at WordPress.com.

Up ↑