ලෝකයේ වේගවත්ම දුම්රීන් සහ ඉන් අපට ගතහැකි පාඩම්

            1802 දී බ්‍රිතාන්‍යයේදී ජේම්ස් වොට් විසින් වාෂ්ප දුම්රිය ප්‍රායෝගිකව භාවිතා කල හැකි බව පෙන්වූයේය. මේ එන්ජිම ධාවනයට යොදාගත් දින සිටම දුම්රිය යන්න සමාජීය බලවේගයක් විය. කාර්මික විප්ලවයේ උච්චතම අවස්ථාව වන විට දුම්රිය සේවය භාවිතයට ගැනීම, එම විප්ලවයේ පෙර ගමන වේගවත් කිරීමට විශේෂ හේතුවක් විය. දුම්රියෙන් භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අසමසම වාසියක් ලැබුණි. වැඩි කල්... Continue Reading →

මෙන්න මේවායින් පරෙස්සම් වීම වටී.

විදහාල ධනවතෙක් ඔහුගේ මුදල් ඔබට පරිත්‍යාග කරන්නට හදන්නේ නම්, ඔබට කුමක් සිතෙන්නේද? ඒ ධනවතා රුපියල් බිලියනපතියෙක් නොව, ඩොලර් බිලියනපතියෙක් හෝ, මයික්‍රෝසොෆ්ට් වැනි සංවිධානයක් විසින් ඔබව හඳුනා ගත්තේ නම්, ඔබට කුමක් සිතෙන්න ඉඩ ඇත්ද ? කෙනෙක්ට ආඩම්බර වීමට තවත් දෙයක් වන්නේ ඒ බිලියනපතියා ලොවම හඳුනන කෙනෙක් නම්ය. මට ඒ ආකාරයේ කෙනෙක් ලිපියක් ඒවා තිබිණි. එසේ මෙසේ... Continue Reading →

               ඇන්ටාක්ටිකාව සහ එහි ඇති ජනාවාස

                                                 ලෝකයේ ඇති වියළිම, සුළං වැඩියෙන්ද ඇති, උසම සහ සීතලම මහාද්වීපය එය වේ. එමෙන්ම ලොව ඇති විශාලතම අයිස් ප්‍රමාණය එහි ඇත්තේ ලොව වැඩිම මිරිදිය ප්‍රමාණය එහි රඳවමිනි.  වසර මිලියන 50 කට පමණ පෙර එහි ඩයිනොසිරස් සතුන් ජීවත් වුන අතර, එහි උෂ්ණත්වය ඝර්ම කලාපීය වූ බව සොයාගෙන ඇත. එක් දිනක් බ්‍රිතාන්‍ය නැවියෙක් හමුවිය. ඔහු ඇන්ටාක්ටිකාවට ගිය කෙනෙකි. මේ... Continue Reading →

             නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය 8 

                       බූවල්ලා පර සක්වල ජීවියෙක්ද ? සිත්ගන්නා කරුණ නම්, බූවල්ලාට සැබෑ සාමාන්‍ය සත්වයෙක්ට මෙන් ජෛව රසායනික වෙනස්කම් ලැබී ඇති බවය. අනුමාන වශයෙන් බූවල්ලා, හිටපු මුතුන් මිත්තන්ගේ සමීපතම ඥාතියෙකි.  විශේෂයෙන්, මුතුන් මිත්තන්ට සාපේක්ෂව ආර්.එන්.ඒ හි [RNA කියා ගූගල් කරන්න.]  පුළුල් වෙනස්කම් ඇති බවට සාක්ෂි ඇති අතර, ඒ අනුව ප්‍රෝටීන, ‘සෙෆලෝපොඩ්’ වල ස්නායුක ව්‍යුහයන් ඒ තුළ දක්නට ලැබේ.මෙම... Continue Reading →

      නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය 7

                         වල්ගා තරුවක් පෑයීම ලොවට අශුභ වන්නේය යන්න එක්තරා විශ්වාසයකි. එහෙත් වල්ගා තාරකාවක් පායන විට ඒ ගැන බොහෝ සතුටට පත්වන්නන් පිරිසක්ද ලෝකයේ සිටිති. ඒ නම් , ඒ ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන්ය. මක්නිසාදයත්, එමගින් ලෝකයේ සම්භවය සහ, ජීවය පිලිබඳ හෝඩුවාවල් ලබාගත හැකි හෙයිණි. “67P / Churyumov-Gerasimenko” සේ නම් කල වල්ගා තරුවක් ලොවට පායා ඇති විට ඒ ගැන විද්‍යාඥයන්... Continue Reading →

නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය 6 

                                   ජීවය ඇතිවුනේ කවදාද, කොහේද යන්න සෙවීමට විද්‍යාගාර පරීක්ෂණයක් සමත් වේද ?ස්ටීල්, වික්‍රමසිංහ සහ සගයන් තර්ක කරන්නේ මෙහි. “අජීවී උත්පාදනය” පෘථිවියේ ගැඹුරින් සිදුවිය නොහැකි බවයි. විශ්වයේ කොතැනක හෝ අජීවී උත්පාදනයක් තිබිය යුතුදැයි ඇසූ පැනයට ස්ටීල් පිළිතුරු දෙමින්, ...“ඇත්ත වශයෙන්ම නැත. විශ්වය අනන්ත ස්ථායී තත්වයක් නම්, විධිමත් අජීවී උත්පාදනයක් වී නොමැත!... !!අනෙක් අතට ඔහු කියන්නේ, විශ්වය අස්ථායි... Continue Reading →

  නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය  5 

                               සෛල බොහෝ ගණනකින් අප සැදී ඇත්තෙමු. ඒ අතර බාහිරින් පැමිණෙන විෂබීජ නිසා අපට ලෙඩ රෝග වැළඳෙන බව දනිමු. අප තැනී ඇති කුඩාම ඒකකයක් වන සෛල වලට වෛරස ඇතුල්වීම නිසා ලෙඩ රෝග වැළඳීමේදී, වෛරස් එම සෛල වලට ඇතුළු වීමෙන් පසු කුමක් වන්නේද ?  වෛරසයක් ඇතුල්වන සෛලයට කියන්නේ “ධාරකයා” කියා වේ. මෙහිදී තවත් වචනයක් මේ කතාවට එකතු... Continue Reading →

        නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය 4

1.  කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ, “කර්ටිස් සූට්ල්” සහ ඔහුගේ සගයන්, පසුගිය වසරේදී වායුගෝලයේ තැන්පත් වන වෛරස් සංඛ්‍යාව පිළිබඳ පළමු පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලදී. ‘පෘථිවියේ සෑම වර්ග මීටරයක් ​​සඳහාම දිනකට බිලියන ගණනක් වෛරස පතිත විය හැකිය. වෛරස් ව්‍යාකූල වනවාක් මෙන් ඒවා  ක්‍රියාකාරිත්වයෙන්ද සර්වසම්පූර්ණ වේ.2. එසේම 2017 දී එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව... Continue Reading →

     නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය 3

                        විවිධ වසංගතයන් අභ්‍යවකාශයේ සිට වෛරස් පැමිණීම නිසා ඇති වන බවත්, ප්‍රති-වයිරස [Retrovirus] කේම්බ්‍රියානු පිපිරීමට හේතු වූ බවත් ආකෘතිය පෙන්වා දේ. මේ සඳහා ඉදිරිපත් කිරීමට සාක්ෂි නොතිබුනේ නම් මේ සංකල්පය සිනාසීමට හොඳ මාතෘකාවකි. උදාහරණයක් ලෙස මහාද්වීපයන් මුලින් තිබි ස්ථාන වලින් ඈතට ඇදී යන බව කලකට පෙර කීවේ නම්, එය සිනාවට කාරණයක් වන්නට තිබිණ.  ඇත්තෙන්ම එපමණ දුරක් යෑමද... Continue Reading →

             නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය  2 

                       ලංකාවට ඉමහත් කීරිතියක් ගෙන ආ “වික්‍රමසිංහ” යනු කීර්තිමත් තාරකා විද්‍යාඥයෙක් හා තාරකා ජීව විද්‍යාඥයෙකි. ඔහු එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල මහාචාර්ය තනතුරු රාශියක් පවත්වා ඇත. ඔහු විසින් ආචාර්ය නිබන්ධන 70 කට අධික සංඛ්‍යාවක් එළි දක්වා ඇත.ඔහුගේ වඩාත් කැපී පෙනෙන දායකත්වයන්ගෙන් එකක් නම්, ඔහුගේ දිගුකාලීන පරීක්‍ෂණ සහකරු වූ දිවංගත ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් සමඟ අන්තර් තාරකා... Continue Reading →

   නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ න්‍යායය. – 1

                               වර්තමාන කොරෝනා තත්වය සමඟ බොහෝ ආගම් වල විශ්වාස සහ ඇදහීම් වලට මරු පහරවල් එල්ල වී තිබේ. විශේෂයෙන්ම නිර්මාණ වාදය පිළිගන්නා ආගම් වලට එය බලවත් තර්ජනයකි. නිර්මාණවාදී ආගම් හරහා එන යාඥා කිරීම මගින් සියල්ල කල හැකිය යන මතය නිෂ්ප්‍රභා වී තිබේ. මේ ගැන සොයන විට, අපට හොඳම මූලාශ්‍ර ලබා ගත හැක්කේ විද්‍යාවේ මෙතෙක් ඒ ගැන සොයාගෙන... Continue Reading →

බැංකු ඉතිශාසයේ විශාලතම වංචාවක්.

මං තීරු කීපයක් ඇති පාරේ බස් රථ ඇතුළු අනෙක් වාහන වේගයෙන් යන අතරේ, හරක් රැළක් හෝ බඩ දරු අම්මා කෙනෙක් පාර මාරු වීම දකිනවා ඔබට දකින්න ඕනාද? එසේත් නැත්නම් ලෝකයේ කොහෙවත් දකින්න නැති “මෝටර් සයිකල් ස්ටෑන්ඩ්” හෙවත් නැවතුම්පොළවල් දකින්න ඕනාද? බයිසිකල් සීයක් පමණ පණ ගන්වා එක් ස්ථානයක තිබේ. ගමනාත්නයට යන්නට අවශ්‍ය මගියාට ඉන් එකක් තෝරා... Continue Reading →

ගුරු ජීවිතය – විශාරද නීලා වික්‍රමසිංහ සහ මුද්‍රා නාට්‍යය

                                                නව ඉතාලි කොන්සල් ජෙනරල් වරිය ලෙස පත්වූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට සුබ පැතුම් එකතු කරන්නට මේ අවස්ථාව භාවිතා කරමි. යම් විෂයක දක්ෂයන් සිටිති. ඒ අතර පරිපාලනයේ දක්ෂයන්ද සිටිති. එහෙත් මේ දෙක එක්ව ඇති අය අඩුය. නීලා වික්‍රමසිංහ මහත්මියට ඒ දෙකම තිබේ.  ඇය මේ ලිපිය දකී යයි සිතමි.  ඇය සාර්ථක සේ ඒ කාර්යයේ යෙදෙන බවට කිසිම... Continue Reading →

බෝනික්කා සහ ආදරය

                                                               යුදෙව් පව්ලක උපන්, “ෆ්‍රෑන්ස් කෆ්කා”, 20 වන ශත වර්ෂයේ ජීවත් වූ නවකතා කරුවෙක් විය.  ඔහු දිනක් බර්ලිනයේ උද්‍යානයක් හරහා ඇවිද ගියේය. එහිදී ඔහු දුටුවේ කුඩා දැරියක් ඇගේ ප්‍රියතම බෝනික්කා අහිමි වූ නිසා හඬමින් සිටීමය. ඇයත්, කෆ්කාත් බෝනික්කාව සොයා උද්‍යානයේ සැම තැනම ගොස් බැලුවද බෝනික්කා හමු නොවිණි. ඊළඟ දවසේදී ඔහුව හමුවන ලෙස කෆ්කා ඇයට පැවසූවේ,... “හෙටත්... Continue Reading →

නූතන අංගුලිමාල හෙවත් “ලුයිස් ගරවිටෝ”

ටිකක් දිග කතාවක්. එහෙත් අප අතරේ නිදැල්ලේ හැසිරෙන අපරාධ කාරයන් මෙන්ම, ඔවුන් නීතියේ රැහැනට හසු කරගන්නට සිදු කරන රහස් පරීක්‍ෂණ ගැන දැන ගන්නට හොඳ කතාවක් ... බස් රථ වල දුම්රියේ,...ගැහැණු අයට පමණක් නොව පිරිමි අයට පවා සමීප වෙමින් කරන ලිංගික අතවර ගැන කියැවේ. ඒ ආකාරයේ පුද්ගලයන්ගේ ඇතුලාන්තයේ ප්‍රවණතාවය මීට සමාන විය හැක. “ලුයිස් ගරවිටෝ” උපත ලැබුවේ... Continue Reading →

ටෙඩ් බන්ඩි

                                                                 20 වන සියවසේ ජීවත් වූ දරුණුතම මිනී මරුවෙක් වන, “තියඩෝර් රුස්වෙල්ට් බන්ඩි” හෙවත් "ටෙඩ් බන්ඩි" ගැන සෝදිසි කිරීම වටී. කෙටියෙන් ඔහු ගැන කිවහොත්, ඔහු සිරේදී පාපොච්චාරණය කල අයුරෙන්, ඝාතන 36 ක් කර ඇත. එහෙත් බොහෝ අය සිතන්නේ, ඔහු විසින් සීයක් පමණ ඝාතන කරන්නට ඇතැයි යන්නය.අවශ්‍ය කෙනෙක්ට ඔහුගේ ස්වභාවය ගැන ලියවුනු ලිපිලේඛන අන්තර්ජාලයේ කියවිය හැක.  ඔහුගේ... Continue Reading →

ගුරු ජීවිතය – පාසැල් ක්‍රීඩා උළෙල

   කොයි කොහේ ගියත් කුමක් හෝ අවුලක් ඔළුවට කඩා වැටීම දෛවයේ කොටසක් වුනා දෝ යයි සිතේ. පාසැලේ ද ඒ තත්වයට මා මුහුණ දුන්නේ ගුරුවරුන් දෙපිළකට බෙදී සිටි හෙයිනි. ඒ දෙපිළ වූයේ තරුණ ගුරුවරුන් සහ පළපුරුදු විශ්‍රාම යන්නට සමීප ගුරුවරු අතරේ විය. මේ අතර මධ්‍යස්ථ අයද සිටිය මුත්, දේශපාලන පත්වීමක් අනුව පැමිණ සිටි මුල්ගුරුවරයා මධ්‍යස්ථ නොවීම... Continue Reading →

ගුරු ජීවිතය – ජීවිතයේ සතුටෙන්ම සිටි කාලය.

                                                                … “මුන්ට උගන්වනවාට වඩා හොඳයි, ගෙදරට වෙලා නිදා ගත්තානම්… ! , මා සිතුවෙමි. උගන්වන අතරේ, ඒ දෙස ඕනෑකමින් බලා සිටිනවා මෙන් පෙන්වූ එකෙක් දෙන්නෙක්, මා ඔවුන්ට පසු පස හරවා කළු ලෑල්ලේ ලියන විටදී, වෙන වෙන දේ කිරීම දුටුවෙමි.  ඔවුන්ව නිශ්ශබ්ද කිරීමට වේවැල හැර වෙන දෙයක් ගැන මා එකළ නොදැන සිටියෙමි.    මා උගන්වන ආකාරය... Continue Reading →

එකැස් යෝධයන්

                                                         පැරණි තෙස්තමේන්තුවේ කොහේ හෝ තැනක මෙසේ ලියා තිබුණා යයි මතකයකි.  … “දෙවියන් වහන්සේගේ අණ පරිදි සලමොන් රජුගේ දේවාලය ඉදිකරන ලද ගල් කැටවල ප්‍රමාණය ද දැවැන්ත වන අතර ඒ එක ගලක බර ටොන් 10 කට වඩා වැඩිය”...පැරණි තෙස්තමේන්තුව ලියන්නට ඇත්තේ මේ පැරණි නිර්මාණ දැක ඊට අදාළ සේ නම්, ඉහත කතාවේ තේරුමක් නැත. නමුත් අපේ යුගයට පෙර... Continue Reading →

වාහන විත්ති 452 – හොඳම දේ දරුවන්ට.

… “හොඳම දේ දරුවන්ට !... යයි මේ කාලයේ කතිකාවතක් ඇතිව තිබේ. නමුත් අධික පිරිවැය වැනි සාධක නිසා මෙය ලංකාවේ වන්නට නම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා කෙමෙන් කෙමෙන් හෝ සමාජයේ පරිසර හිතවාදී මත ඇතිවීම සුභ ලකුණකි. මේ කතාව නම්, ඇමරිකාවේ වන දෙයකි.එහෙත් අන් රටවල් වල ඇතිවන ප්‍රවාහනයේ ප්‍රවණතාවයන් ගැන දැන ගැනීමේ වටිනාකමක් අපටද ඇත.ඔබද... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑