ප්‍රවාහන ක්‍රම කෙටියෙන් 3

චාලක ශක්තිය අන් ශක්තියකට හැරවීම, තවත් ශක්තිය ඉතිරි කිරීමේ ක්‍රමයකි. දශක දෙකකට පෙර පළමු ටොයොටා ප්‍රියස් වෙළඳපොළට පැමිණි දා සිට, ‘පුනර්ජනනීය තිරිංග’ යන අදහස ජන මනසට එක් විය. එය ධාවන පරාසය වැඩි කිරීම සඳහා භාවිතා වේ. වාහනයක තිරිංග හී, “පෑඩ්” ස්පර්ශ කරන්නේ නම්, ඒවා කෙතරම් උණුසුම් වේදැයි කෙනෙක් පුදුමයට පත් විය හැකිය. “ෆෝමියුලා වන්” මෝටර්... Continue Reading →

 ප්‍රවාහන ක්‍රම කෙටියෙන් 2       

                                                             සම්පීඩිත වාතය වාහන සඳහා භාවිතා කිරීමද සොයා බැලිය යුත්තකි.සම්පීඩිත වාහන 19 වන සියවසේ සිට පතල් කර්මාන්තයේ සහ පැරිස් ට්‍රෑම් රථවල (මෙන්ම ටෝර්පිඩෝ ප්‍රචාලනයේදී) භාවිතා කරන ලදී. පොසිල ඉන්ධන සඳහා විකල්පයක් ලෙස මෙම අදහස ජනප්‍රිය වේ.  2007 තරම් මෑතදී, “ටාටා මෝටර්ස්” විසින් මොඩල දෙකක් සකස් කරන ලදී. සම්පීඩිත වාතය පමණක් සහ “සම්පීඩිත වාතය + දෙමුහුන්” සේ... Continue Reading →

 ප්‍රවාහන ක්‍රම කෙටියෙන් – 1

                                                              මේ කාලයේ අපි, “ප්‍රාග් එතිහාසික මිය ගිය ජීවීන්ගෙන්” වාහනවල ඉන්ධන ටැංකිය පුරවා ගනිමු. එහෙත් ඊට අමතරව විකල්ප රාශියක් තිබෙන බව දන්නේ කීයෙන් කී දෙනාද ? එතනිනුත් ඒවා භාවිතා කරන්නේ කී දෙනාද ?ටිකක් දිග කතාවක් වුනත්, දැන ගැනීම නම් වටී.හයිඩ්‍රජන් ඉන්ධන අනාගතයක් කරා යෑමට ටොයෝටා ආයතනය මුල් තැනක් ගත්තේය. ඒ අනුව ඔවුන් “ටොයෝටා මිරායි” යන වාහනය... Continue Reading →

විදුළි ගුවන් යාන ප්‍රගතිය

දශක දෙකකට පමණ පෙර එකට සේවය කල ඉරාක මිතුරෙක් මට සිටියේය. ඔහු ගුවන් යානා පිස්සෙක් කියා කීවොත්, එය වඩාත් නිවැරදිය. පුද්ගලික ගුවන් යානා බලපත්‍රය ගැනීම ඔහුගේ එකම අභිලාශය විය. ඇත්තෙන්ම පසු කලෙක ඔහු ඒ සඳහා නිම කල යුතු පීඩාකාරී විභාග සමත්ව, එය ලබා ගත්තේය. දිනක් ඔහුගේ ඇවටිල්ල නිසා, එක්සත් අරාබි ජනරජයේ “උමල් කුවේන්” හී ඇති... Continue Reading →

අපි මේ කොහෙද ඉන්නේ?

ලොව රටවල් තුනකින් ඇසෙන කතා තුනක් ගැන සිතා බලමු. ඇමරිකාවෙන් කතාවක්:- එක්සත් ජනපදයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජෙනරල් මෝටර්ස් මෙසේ පවසා ඇත. එය කාබන් බලපෑම අඩු කිරීමේ සැලසුම් කඩිනම් කිරීම ගැන වේ. එනම් 2025 වන විට සියළුම කර්මාන්ත ශාලා පහසුකම් පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීමට සැලසුම් කර ඇති බවයි.මහා බ්‍රිතාන්‍යයෙන් කතාවක් :- ශුන්‍ය කාබන් ඉලක්ක... Continue Reading →

               ලෝකයේ වේගවත්ම දුම්රීන් සහ ඉන් අපට ගතහැකි පාඩම්

            1802 දී බ්‍රිතාන්‍යයේදී ජේම්ස් වොට් විසින් වාෂ්ප දුම්රිය ප්‍රායෝගිකව භාවිතා කල හැකි බව පෙන්වූයේය. මේ එන්ජිම ධාවනයට යොදාගත් දින සිටම දුම්රිය යන්න සමාජීය බලවේගයක් විය. කාර්මික විප්ලවයේ උච්චතම අවස්ථාව වන විට දුම්රිය සේවය භාවිතයට ගැනීම, එම විප්ලවයේ පෙර ගමන වේගවත් කිරීමට විශේෂ හේතුවක් විය. දුම්රියෙන් භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අසමසම වාසියක් ලැබුණි. වැඩි කල්... Continue Reading →

බැටරි හුවමාරු කරන විදුළි වාහන

විදුළි වාහනයක් සඳහා ඇති විශාලතම ගැටලුව වන්නේ, පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක් මෙන් එකවර ඉන්ධන හෙවත් විදුළි ශක්තිය බැටරි වලට පුරවා ගත හැකි නොවීමය. ටෙස්ලා, වොක්ස්වැගන් වැනි නිෂ්පාදකයන් නම්, වේගවත් ආරෝපණ ජාල ඇති කර තිබේ. එහෙත් ආර්ථික හේතු නිසා ඒ ආකාරයේ ජාලයක් සෑම රටකටම අනුගත කරගැනීම වර්තමානයේ එතරම්ම පහසු නැත. පෙනුමට බොහෝ සරළ විසඳුමක් වන්නේ, බැටරිය... Continue Reading →

අපිට නැති උන්ගේ ප්‍රශ්ණ සහ උන්ට නැති අපගේ ප්‍රශ්ණ !

මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට සැමවිටම අසන්නට වන, හිතවතුන් හමු වූ විට අහන පොදු කතාව නම් කාලකන්නි දේශගුණය වේ. වසරේ වැඩි කාලයක් මුහුණු එල්ලාගෙන සිටින මිනිසුන්, වසන්ත කාලයේ වෙනස් වේ. මිනිසුන්ගේ සිනහ මුහුණු වැඩි වැඩියෙන්... Continue Reading →

වාහන නොමැතිව ජීවත් වීමට හැකිද ?

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥයන් කණ්ඩායමක් නගරයක් තුළ මෝටර් රථ භාවිතය සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහැ. එයින් පෙන්නුම් කර ඇත්තේ ජීවත්වීමට නම් අනාගත නගර සම්පූර්ණයෙන්ම කාර් රහිත විය යුතු බවයි. නගරවල පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම සඳහා සාමූහික හැසිරීම වෙනස් කළ යුතු බව පර්යේෂකයෝ කියති. ඔවුන් මෙසේ කියති. මෝටර් රථ රහිත නගර සඳහා... Continue Reading →

රටක ආර්ථික පිරිහීම සහ එය අවමයක් කරගත හැකි ආකාරයන්

   රටක පිරිහීමට හොඳම උදාහරණය ගත හැක්කේ සාමාන්‍ය පවුලක ජීවන රටාව දෙස බැලීමෙනි. මෙයට කුඩා උදාහරණයක් කියමි. අනතුරක් නිසා මගේ පියාට ආරෝග්‍යශාලා ගත වන්නට සිදු විය. එකළ හා හාපුරා කියා කවකටු පෙට්ටියක් ගන්නට අම්මාගෙන් සල්ලි ඉල්ලු විට අම්මා කීවේ, තාත්තාට ආදායමක් නැති හෙයින්, සල්ලි ඒ සඳහා වියදම් කලොත් වෙනත් දේ සඳහා යන මුදල් අඩු කරන්නට... Continue Reading →

වාහන විත්ති 453 – විදුළි වාහන වල වැයවී ගිය ගිය බැටරි වලට කුමක් සිදුවේද?

  භාවිතා කල බැටරි පරිසරයට හොඳ නැත. එසේ නම් විදුළි වාහන රටක ප්‍රචලිත කරන්නේ ඇයි යන්න ගැන කෙනෙක් අසනු ඇත. එයට හේතුව සරළය. ආර්ථික හේතුව මුල් තැනක් ගනී.ප්‍රවාහනය සඳහා ආනයනය කරන ලද පොසිල ඉන්ධන සඳහා විදේශ විනිමය බොහෝ වැය වේ. 2010 වසරේදී ශ්‍රී ලංකාව තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 7.5 ක් පමණ වියදම් කළේය. අනුමාන... Continue Reading →

වාහන විත්ති 452 – හොඳම දේ දරුවන්ට.

… “හොඳම දේ දරුවන්ට !... යයි මේ කාලයේ කතිකාවතක් ඇතිව තිබේ. නමුත් අධික පිරිවැය වැනි සාධක නිසා මෙය ලංකාවේ වන්නට නම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා කෙමෙන් කෙමෙන් හෝ සමාජයේ පරිසර හිතවාදී මත ඇතිවීම සුභ ලකුණකි. මේ කතාව නම්, ඇමරිකාවේ වන දෙයකි.එහෙත් අන් රටවල් වල ඇතිවන ප්‍රවාහනයේ ප්‍රවණතාවයන් ගැන දැන ගැනීමේ වටිනාකමක් අපටද ඇත.ඔබද... Continue Reading →

වාහන විත්ති 451 – වොක්ස්වැගන් නව විදුළි රථය වැඩියෙන්ම මිළදී ගෙන ඇත්තේ කාර්මිකයන් වෙති.

වොල්ක්ස්වැගන් ID- 3 විදුළි රථය 2020 මැද භාගයේ ජර්මනියේ වැඩියෙන්ම අලෙවි වූ සිල්ලර මෝටර් රථය බවට පත්විය. මේ රථය මිලදී ගන්නේ කවුරුන්ද යන්න සමාගම අනාවරණය කළේය: බොහෝ විට මීට පෙර වොක්ස්වැගන් මිලදී නොගත් තරුණ “තාක්‍ෂණ ශිල්පීන්” මේ රථය ගැනීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. සාමාන්‍යයෙන් බලන විට තාක්ෂණ ශිල්පියෙක් කිසියම් කාර්මික නිෂ්පාදනයක් මිළට ගන්නට පෙර ඒ... Continue Reading →

විදුළි වාහනයකට සසඳන විට අභ්‍යන්තර දහන එන්ජින් සිය ගුණයක අමු ද්‍රව්‍ය අපතේ යවයි.

             අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථ, විදුලි රථවලට වඩා සිය ගුණයක් අමුද්‍රව්‍ය නාස්ති කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බෙල්ජියමේ ප්‍රවාහන හා පරිසර (Transport & Environment (T&E) හි පර්යේෂණයන්ට අනුව පොසිල ඉන්ධන වලින් ධාවනය වන වාහන වලින් ඉවත් වීම වඩාත් ඵලදායි වේ. එමගින් සූර්ය කෝෂ වැනි පිරිසිදු බලශක්තියට මාරුවීමටත්... Continue Reading →

වාහන විත්ති 448 – හයිඩ්‍රජන් ඉන්ධන වාහන

                                                        අවශ්‍ය දේ රටට නොගෙනීම සහ අනවශ්‍ය දේ රටට නොගෙනීම සඳහා ලංකාව තරම් මුග්ධ රටක්, අදත් ඊයෙත් මේ ලෝකයේ නොතිබිණ.උදාහරණයක් සේ වසංගතයක් මෙන් පැතිර ඇති ත්‍රී වීලය රට පුරා පැතිර යෑම මෙන්ම ඒ සඳහා කුමක් හෝ වීල් හතරේ ආදේශකයක් ඇති කිරීමට අප මෙතෙක් අපොහොසත් වී ඇත්තෙමු. ත්‍රී වීල පදවන්නාගේ හැකියාවටත් වඩා එය අනාරක්‍ෂිත බව දැකිය හැක.... Continue Reading →

වාහන විත්ති 447 – විදුළි වාහන බැටරි සිසිලණය සහ පෙල්ටියර් – සීබෙක් ආචරණ

 ප්ලග්-ඉන් දෙමුහුන් (PHEV) භාවිතා කරන බැටරිය වසර 15 කට වැඩි කාලයක් සහ ආරෝපණ චක්‍ර 300,000 ක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද උසස් බැටරි සම්මේලනය (USBC) පවසයි. කෙසේ වෙතත්, එහි ජීවිත කාලය පිරිහීමේ අනුපාතයට දැඩි ලෙස බලපාන විවිධ ආතති සාධක මත රැඳී ඇති අතර උෂ්ණත්වය විශාල සාධකයකි.තවද, විද්‍යුත් වාහනයක වඩාත්ම මිල අධිකම අංගය බැටරිය... Continue Reading →

වාහන විත්ති 446 – ෆොසිල – විදුළි වාහන සමබර ලක්‍ෂය. 

ඔබ ඔරුවක් පැදගෙන යන විට එහි සිදුරු කීපයක් ඇතිවුයේ යයි සිතන්න. එන්න එන්නම ඒ සිදුරු ලොකු වෙමින් ඔරුවට ජලය ගලා එයි. එගොඩහ ඉවුරට යන්නට පෙර ඒ ජළය ඉවත් කල යුතුය. ඒ අතරේ ඔරුව පැදීමද කල යුතුය. පිරෙන ජලය ඉවත් කල හැක්කේ යම් කාල ඒකකයකට, ඒකාකාර ප්‍රමාණයක් පමණි. පිරෙන ජලය සහ ඉවත් කරන ජලය එක හා... Continue Reading →

                      වාහන විත්ති 245- අතීතයට ඇදෙන ඩීසල් වාහන සහ ලංකාවේ වාහන කාර්මිකයන්ගේ අනාගතයයුරෝපයේ විකුණන ලද කාර් වලින් අඩක් මීට වසර කිහිපයකට පෙර ඩීසල් විය, නමුත් එය අතීතයට ගොස් ඇත.ප්‍රධාන නිෂ්පාදන පහසුකම් විදුළි වාහන වෙත යොමුවීම නිසා ඩීසල් වාහන මිය යාම වඩාත් නිශ්චිත වේ. නැගෙනහිර ප්‍රංශයේ, “ට්‍රෙමරි නගරයේ” ලොව විශාලතම ඩීසල් එන්ජින් කම්හල දැවැන්ත සේ වෙනස් වෙමින්... Continue Reading →

වාහන විත්ති 444 – පැරණි වාහන විදුලිකරණය කිරීම.

                                          මෙක්සිකෝවේ, බ්‍රසීලයේ මෙන්ම පිලිපීනයේද පැරණි වාහන විදුළි කරණය කෙරේ. ඒවාට හේතුන් වන්නේ එවැනි වාහනයක එන්ජිම ගියර් පෙට්ටිය සහ අනෙකුත් අදාළ නැති ආම්පන්න ගලවා දමා, විදුළි වාහනයක් කිරීමේ ලාභදායි  හැකියාව වේ.  විශේෂයෙන්ම බැටරි මිළ කෙමෙන් පහතට වැටීම ඒ ආකාරයේ පැරණි වාහන විදුළිකරණය ලාභයට කිරීමට තවත් හේතුවක් වේ. කිලෝ වොට් පැය එකක් සඳහා බැටරි වලට අද... Continue Reading →

වාහන විත්ති 443 – වේගයෙන් ආරෝපණය වන බැටරි

අවසානයේ, කතරගම යන්නට විදුළි වාහනයක් ලැබෙන වගය.කතරගම පමණක් නොව, මඩු පල්ලි හෝ යාපනයට වුවද යන්නට ඉන් හැකි වනු ඇත. ගොස් නැවත එන්නටද පුළුවන් වනු ඇත.  විදුළි වාහනයක් හා සම්බන්ද විශාලතම ගැටලුව එසේ විසඳෙන අතරේ,  තවත් බාධකයක්ව තිබි වැදගත් කරුණක් මෙහි ඇත. එනම් වාහනය ආරෝපණය කරන්නට යන කාලය අවම වීමයි. එනම් විනාඩි දහයකින් මේ වාහනය ආරෝපණය... Continue Reading →

Blog at WordPress.com.

Up ↑