ලෝරාගේ දින පොතෙන් [11] – බෝම්බ වැටීමෙන් පසු.

දරුවා නිසාත්, යම් කලක හර්බට් සමඟ එක්ව ජීවිතය ගෙවිය යුතුය යන බලාපොරොත්තුව නිසාත්, මා ජීවිත් විය යුතුය යන බලාපොරොත්තුවක් මේ කාලයේ තිබිණ. එසේ නොවුනා නම්, මා එමිළිගේ මරණය වූ විගස දිවි තොර කර ගන්නෙමි. එමිළි ඒ තරම්ම මට සමීප කෙනෙක් වූවාය. අප අතර රහස් කිසිවක් නොතිබිණි. දුකේදීත් සැපේදීත් අප දෙදෙනා එකට සිටියෙමු. කුඩා කාලයේ සිටම... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [10] – එමිළි සහ අල්පොන්සෝ.

එමිළි මගේ පෙනුමට සමාන කෙනෙක් විය. එකම වෙනස වූයේ, ඇයගේ කොණ්ඩය මට වඩා මරියා නංගිගේ කොණ්ඩය මෙන් මඳක් අඳුරු වීම පමණි. සමහරවිට එකම පවුල් වල ළේ ඥාතීන් වූ නිසා එසේ වෙන්නට ඇත. අල්පොන්සෝට සහෝදරයෙක් හෝ සහෝදරියෙක් සිටියේ නැත. ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් බැඳුණු යුවලක් විය. එමිළිට ඇයගේ මව නැති වීමේ ශෝකය අඩු කරන්නට ඔහු බොහෝ... Continue Reading →

ලෝරා ගේ දින පොතෙන් [9] – නේපල්ස් වලට ආයුබෝවන්.

කඳවුරට බෝම්බ දමා දින දෙකක් ගිය තැන, හමුදා නිලධාරීන් දෙදෙනෙක් සමාජ ශාලාවට පැමිණියහ. ඔවුන් ආවේ හර්බට් ගැන වැඩි විස්තර සෙවීමට විය. හර්බට් සහ, කඳුකරයේ පාතාල නායක සනී අතර ඇති ගණුදෙණු මොනවාද යයි ඔවුන්ට දැනගත යුතු විය. මේ අවස්ථාවේ ජිප්සියා නොහිටියේ නම්, එය මහත් අවුළක් වන්නට ඉඩ තිබිණ. සිදු වූ සියලු දේ ජිප්සියා නොසඟවා කීවේය. යම්... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [8] -හර්බට් සමඟ.

ඊයේ රාත්‍රියේ සමාජ ශාලාවේ සටනක් ඇති වූ හෙයින් ශාලාව පිස්සන් කොටුවක් මෙන් පෙනිණ. අම්මා ආදරයෙන් රැක බලා ගත් වීදුරු සැරසිළි සහ, පැරණි කොළ පැහැ වීදුරු බෝතලය කැඩී යාම මගේ සිතේ ඇති කලේ සන්තාපයකි. මා කැඩී බිඳ තිබුණු වීදුරු බෝතල් කෑලි ඉවත් කරමින් සිටියෙමි. රාත්‍රියේ සිදු වූ දේ මා කොලින් ගෙන් අසා ගතිමි. කොලින් අයියාටද තුවාල... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [7] – නැවතත් ඉටැලියන් ක්ලබ් වෙත.

දින සති මාස ගෙවී ගියේය. තාත්තා තනියම හැකි අයුරෙන් ක්ලබ් එක කර ගෙන යයි. ඒ පළාතට පැමිණෙන විදේශීය සොල්දාදුවන් බොහෝ වැඩි වී ඇත. ඒ හෙයින්ම දුෂණ සොර මැරකම් මෙන්ම අප කුඩා කාලයේ ඒ පළාතේ තිබුණු සභ්‍යත්වයද නැතිව ගොස් ඇත. ‘ගණිකා වෘතිය නීතිගත කලාක් මෙන් විය’ යනුවෙන් තාත්තා ගේ ලියුමේ ලියා තිබිණ. අනෙක් අතට, මේ සෙනඟ... Continue Reading →

ලෝරා ගේ දින පොතෙන් [6] – මගේ විවාහය.  

මේ පරිච්චේදය නොලියා බැරි හෙයින් ලියමි. මේ කාලය ජීවිතයට දුක යනු කුමක්දයි තේරුම් ගන්නට හැකි වූ කාලයක් විය. කුඩා කාලයේ සිට හඳුනන ජියෝවානි මහතා සහ තාත්තා අතර බොහෝ කිට්ටු සම්බන්දයක් තිබිණ. හැරී යනු ජියෝවානි මහතාගේ ලොකු පුතා විය. හැරී ගේ පව්ලට අයත් ඔලිව් වතු තිබිණ. ඒ හා සමඟම තාත්තාට අයත් ඔලිව් වත්තක්ද තිබිණ. මේවා ජියෝවානි... Continue Reading →

ලෝරාගේ දිනපොතෙන් [5] -ඉටැලියන් ක්ලබ් කෑම සහ බීම.

පාසැලට අමතරව අම්මාගෙන් ඉගෙන ගත් තවත් දෙයක් ඇත්නම්, ඒ අම්මාගේ ප්‍රධානත්වයෙන් වැඩ කෙරෙන අපේ සමාජ ශාලාවේ භෝජනාගාරය හෙවත් කුස්සියේ ඉගෙන ගත් දේවල් විය.   කුස්සියට ඇතුල් වෙන තැනම සුදු ළුණු ගෙඩි සහ වියළි මිරිස් එල්ලා ඇත. එළවලු සෝදන්න වෙනම බේසමක්ද, මාළු හෝ මස් සෝදන්න වෙනම බේසමක් මෙන්ම, ඒවා සකස් කරන්න වෙන වෙනම බේසම් වැනි කොටස්... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [4] -පාසැල් කාලය.

ශීත කාලයේ හිම මෙන්ම සහ අනෙක් කාලවල් වල මඩද පන්ති කාමරවල පොලවේ ගෑවේ. මේ නිසා පාසැලට ඇතුල් වෙන විටම, පන්ති කාමරවලට යන්නට පෙර සපත්තු ගැලවිය යුතු බවට අවවාද ලැබේ. පන්ති නායිකාව මා නිසා ළමයින්ට ඒ අවවාදය මගෙන් ලැබිණි. පන්තිවල කරන්න නොයෙක් දේ තිබිණ. මේ පළාතේ ජීවත් වෙන කුරුල්ලන්ගේ නම්, ගස් වල පින්තුර සහ නම් වැනි... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [3] – විනෝද ගමන්

ඇන්ටෝනියෝ මාමා අපේ ගෙදර එන දිනය තාත්තාටද නිවාඩු දිනයකි. අසල්වැසි අනෙක් හැම ගෙදරකම සිටින්නන් ඔවුන්ගේ සති අන්තය නිවාඩුවෙන් ගත කලද අපට ඒ නිවාඩුව ලැබෙන්නේ මාසයකට වතාවකි. එනම්, සති අන්තයේ සමාජ ශාලාවට එන අමුත්තන් වැඩි හෙයින්, එයින් වැඩිම ආදායමක් ලැබෙන්නේ සති අන්තයේ හෙයින් නිවසේ සියළුම අය ඒ දිනවල මහන්සි විය යුතු හෙයිණි. එහෙත් තාත්තා සමහර දිනවල... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [2] – මගේ කුඩා කාලය.

ශීත කාලය නම්, කුඩා කාලයේ කොලින් අයියා සහ මා අම්මා සමඟ එකට නිදා ගත්තේ සීතල අඩු වීමටය. එහෙත් ඔහු සැමවිටම මා පොරවා ගන්නා කම්බිලිය ඇද ඔහුගේ පැත්තට ගනී. මෙවිට ඇතිවන රණ්ඩු නවත්වන්නට තාත්තාද පැමිණේ. කෙසේ වුවද අප උදේ වන විට නැවත යාළුවෝ වෙන්නෙමු. උදේට ජනේලයේ බැඳී ඇති හුමාළය උඩ චිත්‍ර ඇඳීම අප දෙදෙනාගේ විනෝදාංශයක් විය.... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [1] – මගේ කුඩා කාලය.

මට ඇති ඈතම මතකය වන්නේ, අම්මා සමඟ නේපල්ස් නගරයේ වරායට ගිය දිනයකි. එය 1925 හෝ 1926 වැනි වසරක විය යුතුය. අපි වරායට ගියේ, අම්මාගේ නෑදෑයෙක් ගේ පුතෙක් එදින නැව් නගින හේතුවෙනි. ඔහු දුඹුරු පැහැ යුධ නිළ ඇඳුමක් හැඳ, යකඩ තොප්පියක් දමා ගෙන සිටියා මට මතකය. නැව් නගින නෑදෑයන්ට ආයුබෝවන් කියන්නට, පව්ල්වල අය වරායේ ජැටියට පැමිණ... Continue Reading →

යුධ භටයෙක්ගේ කතාවක් සහ ලෝරාගේ දිනපොත.-පෙරවදන

දෙවන මහා ලෝක සංග්‍රාමය අවසානයේ ඒ සඳහා භාවිතා කල යන්ත්‍රෝපකරණ වල අතිරික්තයක් තිබිණ. ඒවාට ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වේ ‘War surplus items’ ලෙසය. එම යන්ත්‍රෝපකරණ පසු කලක ලංකාවටද පැමිණි හෙයින් මෙන්ම, මගේ රැකියාව යන්ත්‍රෝපකරණ ආශ්‍රිත වූ හෙයින්ද, ඒ ගැන උනන්දු වුනෙමි. එහෙත් තරුණ වියේ සිටි මට ඒ අතීත යුද්ධය ගැන අවබෝධයක් නැති වූ නිසාම, කුමක් නිසා මේ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑