මොරොක්කෝව 4 – කෑම වර්ග සහ ‘උඩ්ඩා’ ගේ ආගන්තුක සත්කාරය.

මින් පෙර ලියු ළිපි වල, ‘මත්ස්‍ය සම්පත’ මොරොක්කෝවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බව සඳහන් කර ඇත. එයට හේතු වන්නේ රටේ සීමාවන් සාගර දෙකකින් වටවන හෙයිණි. එනම් මධ්‍යධරණී සහ අත්ලාන්තික සාගර මොරොක්කෝවේ සීමාවන් වේ. අප්‍රිකාවේ වැඩිම මත්ස්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ මොරොක්කෝවේය. මේ හේතුව නිසා රටේ ඇති නොයෙක් ආකාරයේ අවංහල් වල නොයෙක් ආකාරයෙන් පිසින ලද මාළු ඉතා අඩු මිළට... Continue Reading →

මොරොක්කෝව 10 – සුන්දර සහරාව

අනන්තයට විහිදී යන ඇස් අන්ධ කරන තරම් දීප්තිමත් හිරු රැස් වැටී කහ පැහැ වූ වැල්ලත්, වළාකුළු දකින්නට නැති නිල් අහසත් අතර සිටින ඔබට, දැන් ඇසෙන්නේ පූර්ණ නිහඬතාවයයි. සුළං නැති විටෙක කිසිම ශබ්දයක් නොඇසෙන විට, කණේ දෝංකාරයක් ඇසීම ස්වභාවික වේ. සුළං වලින් වැල්ලේ අඳින රටාව මුහුදේ ඇති අපමණ රැළි සිහිපත් කරවයි. එහෙත් ඒ ඒකාකාරී රැළි අතර... Continue Reading →

මොරොක්කෝව 7 – රස කැවිළි සහ මොරොක්කෝ බළල්ලු.

මේ මාතෘකාව, පළමු වතාවට පණ ලැබී බඩගිණි වූ ‘පිනෝකියෝ’, කඩයකට ගොස් ‘ඉඳි ආප්ප සහ සරුවත්’ ඉල්ලුවා වැනි යයි ඔබ සිතනු ඇත.... රස කැවිළි, කෙසේ නම් බළලුන්ට සම්බන්ද වෙන්නේදැයි ඔබ සිතනු ඇත. එහෙත් මෙය මොරොක්කෝවට නම් සාධාරණය. යන යන තැන බළල්ලු ඉන්නා රටක් නම් කරන්න ඔබට අවශ්‍ය නම්, බය නැතිව මොරොක්කෝව සඳහන් කරන්න. කළු, කහ, සුදු,... Continue Reading →

මොරොක්කෝව 8 – පරිසරය හා මල් වගාව 2.

පළවන ළිපියේ මෙහි දේශගුණය ගැන කියා ඇත. එහෙත් කෘතිමව ක්‍රියාත්මක කල වාරිමාර්ග ක්‍රම හේතුවෙන් සාමාන්‍ය දේශගුණ තත්වයක වැවෙන දෙයකට වඩා දෙයක් වවන්නට මොරොක්කෝ ජාතිකයන් සමත් වී ඇත. ඒවා තේ වගාව, උක්ගස්, සෝයා බෝංචි, කපු වගාව වැනි දේ වේ. හිතවතෙක්ගේ නිවසකට යන විටෙක මල් පොකුරක් ගෙන යාම මෙහි සිරිතකි. ලංකාවේ නම්, මල් පොකුරක් නිවසකට ගෙන යාමේ... Continue Reading →

මොරොක්කෝව 8 – පරිසරය සහ මල් වගාව 1.

මොරොක්කෝවේ කැසබ්ලන්කා නගරයට ගුවනෙන් ලඟා වන විට මුලින්ම පෙනෙන්නේ, සුන්දර නීල වර්ණ අහසේ පාවෙන සුදු වළාවන්ය. හොඳින් අහස දෙස බලන්නෙක්, සුදු වළාවන් කෙඳිති කැටිති හෝ රැළිති වශයෙන් අහසේ පාවී යන බව තේරුම් ගනී. එහෙත් මොරොක්කෝ අහසේ මේ දිනවල දැකිය හැක්කේ කැටිති ආකාරයේ වළාවන්ය. තවත් ටික දිනකින් ශීත සෘතුව ආරම්භ වූ විට, ඒ වළාකුළු කැටිති දියවී... Continue Reading →

මොරොක්කෝව 6 – රබාට් හී ගෘහ නිර්මාණ ශිල්ප සහ පැරණි ගොඩනැගිළි.

ඉස්ලාමික හිතවතුන්ට මේ විස්තර වඩා වැදගත් වේ යයි සිතමි. එංගලන්තයේ බකින්හැම් මාලිගය මෙන්, සම්පූර්ණ උත්සවාකාර නිල ඇඳුමෙන් යුතු රියන් හතරේ හෙවත් අඩි හයේ නිලධාරීන් විසින් ආරක්ෂා කරන, ලොව පුරා සිටින සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ, ස්ථාන දෙකක් රබාට් නගරයේ ඇත්තේය. මේවා නම් සුන්දර ‘බවු රෙග්රෙග්’ [Bou Regreg] ගංගාවට යාබදව ඇති, ‘හසාන් කුළුණ’ [Hassan tower හෙවත් Tour... Continue Reading →

මොරොක්කෝව 5 – සූර්ය බල ශක්තිය, දේශ ගුණය සහ තවත් අනං මනං.

මොරොක්කෝව යනු අප්‍රිකාවේ උතුරු කොටසේ ඇති සුන්දර රටක්. එමෙන්ම සාමකාමී රටක් වෙනවා. බහුතර ජනතාව මුස්ලිම් වුනත්, පකිස්ථානයේ වගේ අනෙක් ක්‍රිස්තියානි වගේ ආගම් අදහන අයට මේ අය කරදර කරන්නේ නැහැ. මේ සමඟ දමා ඇති කිතුණු පල්ලිය ක්‍රිස්තියානි ආගමේ ඇති පූජනීය දින වලදී මිනිසුන්ගෙන් පිරී ඉතිරී යනවා. ඉතින් මේ ළිපියේ මූලික අරමුණ බල ශක්තිය නිසා ඒ ගැන... Continue Reading →

මොරොක්කෝව 3 – දේශපාලන, ආර්ථික තත්වය සහ ඒ හා අදාළ දේ සහ ජන ජීවිතය කෙටියෙන්.

1909 වසරේ ප්‍රංශ යටත් විජිතයක් සේ සලකන ලද මොරොක්කෝව, 1956 වසරේ නිදහස ලබා ගන්නා ලදී. ඉන් පෙර ස්පාඥ්ඥයද මේ අතරේ රටේ උතුරේ සහ දකුණු පසට වන්නට බලය තහවුරු කර ගෙන සිටියහ. එහෙත් මේ තත්වය ලංකාව හා සසඳන විට සහ නිදහසෙන් පසුව, තත්වය වෙනස් ආකාරයක් ගන්නා ලදී.         එනම්, මොරොක්කෝවේ ආර්ථික තත්වය සහ රටට විනිමය ලැබෙන ආකාරය... Continue Reading →

මොරොක්කෝව 4 -කෑම වර්ග සහ ‘උඩ්ඩා’ ගේ ආගන්තුක සත්කාරය

මින් පෙර ලියු ළිපි වල, ‘මත්ස්‍ය සම්පත’ මොරොක්කෝවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බව සඳහන් කර ඇත. එයට හේතු වන්නේ රටේ සීමාවන් සාගර දෙකකින් වටවන හෙයිණි. එනම් මධ්‍යධරණී සහ අත්ලාන්තික සාගර මොරොක්කෝවේ සීමාවන් වේ. අප්‍රිකාවේ වැඩිම මත්ස්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ මොරෝක්කෝවේය  මේ හේතුව නිසා රටේ ඇති නොයෙක් ආකාරයේ අවංහල් වල,                 නොයෙක් ආකාරයෙන් පිසින ලද මාළු ඉතා අඩු මිළට ගත... Continue Reading →

මොරොක්කෝව 2 – රබාට්, මරකේෂ් නගර, එහි වසන්නෝ සහ තවත් අනං මනං.

රබාට් නගරයේ සිට ලියමි. මින් පෙර දිනයක කැසබ්ලන්කා නගරය ගැන ලියා ඇත. ඔබ කැමති නම් ඒ ළිපි, මගේ බ්ලොග් සටහනෙන් කියවිය හැක. කැසබ්ලන්කා නගරයේ පටිගත කරන ලද ‘කැසබ්ලන්කා’ නම් වූ චිත්‍රපටය බොහෝ ප්‍රසිද්ධ විය. එහි, එකල ඉතා ජනප්‍රිය සිනමා තරු වූ, ‘හම්ප්‍රි බොගාර්ට්’ සහ ‘ඉන්ග්‍රිඩ් බර්ග්මන්’ රඟ පෑහ. එය ඔබට අද දින යූ ටියුබ් එකේ... Continue Reading →

මොරොක්කෝව 9 – සාමාන්‍ය තතු.

නැගෙනහිර දෙසින් ඇල්ජීරියාවත්, බටහිරෙන් අත්ලාන්තික් සාගරයත්, උතුරෙන් මධ්‍යධරණී මුහුදත්, දකුණෙන් මොරිටානියාව සහ සහරාවත් ඇති ලෙස පිහිටා තියෙන මොරොක්කෝවේ, අරාබි සහ බර්බර් යන ජාතීන් දෙක ජීවත් වෙති. 1956 ප්‍රංශයෙන් නිදහස ලබා, ඔවුන්ගේම දේශපාලන ප්‍රවාහයකට ඇතුලත් වුවද, අදද දේශපාලන බලය වැඩියෙන් ඇත්තේ රටේ රජුටය. මුස්ලිම් ජාතීන් මෙහි වැඩියෙන් ජීවත් වුනද, බටහිර යුරෝපයට සහ ඇමරිකාවට මොරොක්කෝව වඩාත් පක්ෂග්‍රාහි... Continue Reading →

මොරොක්කෝව 1 – ආගන් තෙල්

ලෝකයේ ඇති ලස්සනම මිනිස්සු කොටසක් මොරොක්කෝවේ ජීවත් වෙනවා. ඒ අයගේ සුන්දර සමේ පැහැය ඇවිත් තියෙන්නේ මේ කියන ආගන් තෙල් හෙවත්, රන්වන් පැහැ කහ පැහැති ආගන් ඔයිල් ගැල්වීමෙන් කියා කිව්වත්, ඒක සම්පූර්ණ ඇත්තක් නම් නොවේ. මේ මධ්‍යධරණී ඉතා සුව පහසු දේශ ගුණය එයට ප්‍රධාන හේතුව වෙන්න ඇති. කෙසේ හෝ, මේ කියන්න යන විටමින් E වලින් පොහොසත්,... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑