ආතාගේ භාෂාව

පැරණි පොත පත ඔප්පු තිරප්පු ඇති පරණ අල්මාරියක් අදින විට, පොතක් අස්සේ තිබී බාගෙට කාවන්ට ආහාර වූ පින්තුරයක් මගේ සිත ඈත අතීතයට ගෙන ගියේය. ඒ අතීතය ජීවිත රෝදය වට භාගයකට වඩා කැරකී අද දින වෙත පැමිණ ඇත. ඒ පින්තුරයේ මගේ ආතා ද සිටී.   ආතා ගැන මට ඇති ඈතම මතකය වන්නේ, ‘සෙක්කුව’ සේ එකළ හැඳින්වූ... Continue Reading →

බිත්තිවල තාප්ප වල පින්තුර ඇඳීම සහ ග්‍රැෆිටි .

අන් සතුන් මෙන්ම මිනිසා යන සත්වයාද තම අදහස් ප්‍රකාශ කිරීමට එක් එක් ක්‍රම භාවිතා කරයි. බල්ලෙක් තමා ගේ සීමාව ලකුණු කිරීමට මුත්‍රා කරයි. එහෙත් බළලෙක්, විශේෂයෙන්ම බැළලියක් මුත්‍රා සහ අශුචි වසා දමන්නේ ඒ සීමාව සැඟවීමටය. මිනිසා ඊට වඩා ඈතට සිතා චිත්‍ර ඇඳීම කරයි. අනාදිමත් කාලයක සිට මිනිසා විසින් චිත්‍ර සහ සටහන් ඇඳි බවට ගල් ගුහා... Continue Reading →

ඉපියන් සහ නගුල් මුන්නා

මට සිහියට නැගෙන ඈතම කාලය වන්නේ ආච්චි මා බලාගත් කාලයයි. අම්මා සහ තාත්තා සතියේ දින වල වැඩට යන හෙයින්, සතියේ මැද මා සිටියේ ආච්චි සමඟය. ඒ මා පාසැල් යන්නට පෙරදීය. ලෝකය යනු කුමක්දැයි කට අයා බලන කාලය එය විය.   ආච්චි හැමදාම මට අලුත් කතාවක් කියා දෙන්නේ නිදා ගන්නට පෙරදීය. ඇය කියූ කතා කීපයක් වන්නේ,... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය 10 – බලු කපුටු දානය. (පොත ප්‍රින්ට් කළා)…

  වෙසක් කාලයට ගමේම දන්සැල් තුනක් පැවැත්වේ. වෙසක් බලන්න හොරණට යන විට දකින්න ලැබෙන දන්සැල් දහ පහළොවකි. මේ එකම තැනකින් වත් දෙන දාන වලින් ගමේ ඉන්නා බල්ලන්ට නම් පලක් නැත. මේ බල්ලන් කාට බිරුවද, අප කීප දෙනෙක් සමඟ හිතවත් වී ඇත්තේ අප යන යන තැන ඔවුන් පස්සෙන් එන නිසා මෙන්ම, කන බොන දෙයක් වුවද අප... Continue Reading →

දහම් පාසැල් අධ්‍යාපනය ලංකාවට අවශ්‍යද ?

දින කීපයකට පෙර, දහම් පාසැල දරුවන්ට අවශ්‍ය නැතැයි කියමින් බුකියේ පෝස්ටර තිබිණ. දහම් පාසැල් අවශ්‍යද නැද්ද යන්න තීරණය කල යුත්තේ එම දහම් පාසැල් මොනවාද, ඒවායින් උගන්වන්නේ මොනවාද, යන්න සොයා බැලීමෙනි. ඒ අනුව දහම් පාසැල් වල කෙරෙන ක්‍රියාවලි තුනක පින්තුර මෙහි දමා ඇත. කැමති කෙනෙක්ට ඒ ඒ දහම් පාසැල් වල, ඒ ඒ ක්‍රියා කාරකම් වල යෙදිය... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය 24 – සිංහළ පන්තිය හා රබර් ඇට

සිංහළ පාඩම උගන්වන්න එන ගුරුවරිය වූ හේරත් ටීචර්, සිංහළ අකුරු වල නිවැරදි හැඩය බොහෝ උනන්දු වූවාය. අප රචනාවක් ලියූ විට එහි ඇති සියළු දේ දෙස තිතක් හැර තිතක් බලන ආකාරයේ විය. මා ලියු රචනාවලට ඇය සැමදා කල චෝදනාව වූයේ ‘බලන්නට වත් බැරි තරම් මගේ අකුරු කැත’ බවය. හේරත් ටීචර් වැඩියෙන්ම බැණ වැදුනේ පන්තියේ පිරිමි ළමයින්ට... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – බිතු සිතුවම් රූ සේ [2]

බර්ගර් ජාතිකයන් මල්කාමී අය යයි අසා තිබුණු හෙයින්, සිකුරාදා දින ගෙදර ගොස් නංගිගේ ඕර්කිඩ් වගාවෙන් ඔර්කිඩ් මල් පොකුරක් ඉල්ලා ගෙන, අයියාගෙන් බයිසිකලයද ඉල්ලා ගෙන එය රේෂල් ගේ නිවස වෙත පැද ගෙන ගියෙමි. නවත්වා ඇති කාර් ගොඩක් අස්සේ බයිසිකලය තැබූ විට එතෙන්ට මා නොගැලපෙනවා සේ යම් චකිතයක් ඇති වුවද, නිවස ඇතුලට ගියෙමි. සාලයේ ඇතුල් වන තැනම... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – බිතු සිතුවම් රූ සේ [1]  

 හොස්ටල් මාස්ටර් අපව දොර අසලදී අල්ලා ගෙන, අප දෙදෙනාටම හොඳවැයින් කම්මුල් පහර දෙක බැගින් ගසා, “මේ රෑ කොහේ ගියාද ? සේ මහ හඬින් ඇසුවේය. එයට පිළිතුරු සේ,.. “අඳුරු රාත්‍රියක් නිසා, තරු බලන්නට ගියෙමු”... කීවෙමු. පිළිතුර එතරම් සාර්ථක නොවුවද, එය ඒ වෙලාවට ප්‍රමාණවත් විය. තවත් වතාවක් දොරවල් වල යතුරු පන්නා එළියට ගිය හොත් නේවාසිකාගාරයෙන් ඉවත් කරන... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – නේවාසිකාගාර ජීවිතය සහ හොල්මන් -3 කොටස.

අප සමඟ සොහොනට ගිය අනෙක් අයට,... ‘රොසලින් පීරිස් ගේ හොල්මන, පුවක් අත්තක් වීමේ සිදුවීම’... නොකී හෙයින්, පසුවදා ඔවුන් ගොස් අපේ කෙඩටින් මාස්ටර්ගෙන්, … “හොල්මන් කියන්නේ ඇත්තක්ද ? යයි අසා ඇත. … “තව අවුරුදු සීයකින් පමණ බොලාත් ඔක්කොම හොල්මන් තමා! . …!! ... ඔහුගේ පිළිතුර විය. කෙසේ හෝ ඒ සිදුවීමෙන් පසු, මා සහ අගුල් මිත්‍රයා හැර... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – නේවාසිකාගාර ජීවිතය සහ හොල්මන් -2 කොටස.

පිරිමි නේවාසිකාගාරයේ ළමයි එක් එක් කල්ලි වලට බෙදී සිටියහ. එක කල්ලියක් වුනේ, හැම විටම පොතක් අල්ලාගෙන එය පාඩම් කරන ළමයි පිරිසකි. ඔවුන් විභාග වලට හොඳ ලකුණු ගත්හ. එහෙත් ඔවුන් බාහිර වැඩ කලේ නැති තරම් විය. ඉන් එක ළමයෙක් දීප ව්‍යාප්ත සේ පසු කලක සමාර්ථය ලැබුවේය. එහෙත් ඔහු යම් මානසික රෝගයකින් පෙලුණි. තවත් ඉතා ඉහළ ලකුණු... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – නේවාසිකාගාර ජීවිතය සහ හොල්මන් -1 කොටස.

අලුත් පාසැලට යන්නට තිබුණු ලොකුම කරදරය වූයේ මිනිසුන් පිරී, තද වූ බසයේ ගමන විය. ඒ ලංගම බසයට නැඟ ගන්නට නොහැකි වුවහොත්, ඊට වඩා බොහෝ කුඩා, හුණ්ඩු වැනි කෙලින් සිටගන්න වත් නොහැකි වෑන් රථ වල පාසැල් යන්නට සිදුවිය. මේ වෑන් රථ නවත්වා තිබෙන විට පවා කෙනෙක් ඒ ඇතුළේ සිගරැට් හෝ බීඩි බීම, අන් අයට මහා කරදරයක්,... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – ආදරය.

පාසැල් ගොස් ගෙදර එන අතරේ, මා දිලීපාගේ අත අල්ලාගෙන ආවා යයි අම්මාට ආරංචි වී ඇත. අම්මා මට බැන වැදුනාය. … “ගමේ ඉන්න නැති කරන්නද හදන්නේ? …”ලොකු මිනිහෙක් නම් තව කමක් නැහැ”... “යන්තන් රැවුල එන්න පටන් ගත්ත විතරයි, හැදෙන්න යන්නේ වරිගෙටම එකෙක් !...!! … “කව්ද අම්මේ ඔය බොරු කිව්වේ ? මා ඇසුවෙමි. … “බොට මොකටද ඒකෙ... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය –  විද්‍යාව පන්තිය සහ වර්ගයාගේ බෝවීම.

අවුරුදු කාලය කෙමෙන් සමාප්ත වන බව, මැකී යන කොහෝ හඬින් අප දැන සිටියෙමු. කොහා බිත්තර දමන්නේ කපුටා ගේ කූඩුවේ විය. සංචාරකයෙක් වූ කොහාට කූඩු හදන්නට වෙලාවක් නැත. ඉන් පසු එන්නේ මලින් බරවූ වෙසක් මාසයයි. මිදුලේ පැත්තක වන වදුලේ ඇති, දිය සෙවෙල සහ මීවණ වැවී ඇති ඇති ලී කොටයේ වැවී ඇති වෙසක් මල් පඳුර සිනා සෙන්නේ,... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය –  විද්‍යාව පන්තිය සහ පරිසරය.

අටේ පන්තිය, ලෝකයේ මෙතෙක් නොදුටු රහස් එලි කල ස්ථානයක් වුනේය. කරුණාදාස සර් විද්‍යාව පාඩම කියා දුන්නේ හැකිතාක් පරිසරයෙන්ම කරුණු ගනිමිනි. මයික්‍රස්කෝපයෙන් බලන විට පෙනෙන ඇමීබා, පැරමීසියම් සහ වෙනත්  ආකාරයේ ක්ෂුද්‍ර ජීවින් අප කිසි දිනක දැක තිබුනේ නැත. එය වෙනත් ලෝකයකි. … “බත් කන්නට පෙර අත සෝදන්න ඕනා” … කියා අම්මා කිව්වේ ඇයි කියා දැන් අප... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – පළමුවෙනියා වූ හැටි.

හයේ පන්තියේ සිට හතේ පන්තියට යන විට සිතෙන්නේ, ලොකු මිනිහෙක් වූවාක් මෙනි. ගෙදරට එන හැම නෑදෑයාටම ... “දැන් මම උසයි - ලොකුයි” … කියා කියන්නට ප්‍රිය කලෙමි.  හයෙන් හතට පාස් වූ විට අම්මා මා පිළියන්දලට එක්කරගෙන ගොස් අවශ්‍ය පැන්සල් පෑන් පොත් අරන් දුන්නාය. මෙතෙක් ලාභ ‘සියල්’ වර්ගයේ පැන් වෙනුවට වයිරන් වැටුණු තීන්ත පෑනක් ලැබීම මහත්... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – බලු කපුටු දානය.

වෙසක් කාලයට ගමේම දන්සැල් තුනක් පැවැත්වේ. වෙසක් බලන්න හොරණට යන විට දකින්න ලැබෙන දන්සැල් දහ පහළොවකි. මේ එකම තැනකවත් දෙන දානයක් නිසා ගමේ ඉන්නා බල්ලන්ට නම් පලක් නැත. මේ බල්ලන් කාට බිරුවද අප කීප දෙනෙක් සමඟ හිතවත් වී ඇත්තේ අප යන යන තැන ඔවුන් පස්සෙන් එන නිසා මෙන්ම, කන බොන දෙයක් වුවද අප ඔවුන් සමඟ... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – සිල් ගැනීම.

මෙවර පොසොන් උත්සවයට ගිය වසරට වඩා දායකත්වයක් පාසැලෙන් ලැබිය යුතුය යන්න අළුත් මුල් ගුරුතුමාගේ මතය විය. එදින සිල් ගැනීමට පන්තිවලින් සහභාගී වන ළමයින්ගේ නම් මාලාව ලියා ගන්නා ලදී. සිල් ගැනීමට පන්සලට යාම වෙසක් දිනයේ නම් කීයටවත් කල නොහැක්කේ, වෙසක් සැරසිළි සහ කූඩු තැනීම වැනි එදින කල යුතු වැඩ බොහොමයක් ඇති හෙයිණි. එහෙත්, පොසොන් දිනයේ වෙසක්... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – මගේ ප්‍රථම ප්‍රේමය.

එදා ගුරුවරුන්, ඔවුන්ගේ කුඩා දරුවන්ද පාසැල් රැගෙන ගියෝය. මගේ අම්මා ගමේ තිබුණු ගැහැණු පාසලේ ගුරුවරියක් වූ හෙයින්, ඇය මාවද පාසැලට රැගෙන ගියාය. මට මෙන්ම, මා වැනි අනෙක් ගුරුවරියන්ගේ ළමයින්ට පාසලේ ලොකු ගැහැණු ළමයින්ගෙන් වැඩි අවධානයක් ලැබිණි. ඒ කාලේ හෝඩිය කියා පන්තියක් තිබිණ. එය එදා දරුවන් යා යුතු කුඩාම පන්තිය විය. හෝඩිය පන්තියේ සිටි කෙල්ලන්ටගේ වයසටත්... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – වෙසක් කාලය.

බක් මාසයේ දී වළාකුල් රහිතව තිබු නිල් අහසේ තැනින් තැන සුදු වළාකුළු සමඟ වැහි වලාකුළුද කීපයක් ඇති වුවද, අකුණු ගහනවා මිසෙක ලොකු වර්ෂාවක් වැටෙන්නේ නැත. ගමේ අය ඒ ගැන කියන්නේ ‘බක්මහ අකුණු’ වැනිය කියාය. ඒ බක් මස තරමක ග්‍රීෂ්ම කාලය අවසානයේ වෙසක් මස එළඹෙන විට සිරි පොද වැටී පොළව තෙත් වන්නේ, පොළවේ නව තණකොළ ඇති... Continue Reading →

පොඩ්ඩාගේ ලෝකය – ගැහැණු ළමයි.

කුඩා කාලයෙන් යොවුන් වියට කෙමෙන් පැමිණෙන පිරිමි ළමයෙක්, ගැහැණු ළමයෙක් ගැන දරණ ආකල්ප දිනෙන් දින වෙනස් වේ. මේ කාලයේ කෙල්ලන් තරම් සතුරන් කොටසක් ඔබට තවත් නැත. කෙල්ලන්ටද අපව දිරවන්නේ නැත. ගමේ සිටින කෙල්ලන් සියළුම දෙනාට නම් දමා තිබිණ. අපේ ගෙදරට යාර සීයකට පමණ එහා සිටි ශාන්තගේ නංගි වන ජයන්තිට දමා තිබුණු නම ‘වල්ග තාරකාව’ විය.... Continue Reading →

Blog at WordPress.com.

Up ↑