අභිමානවත් දුම් රැල්ලක් සේ පාවී යමු.

මේ තරම් අර්ථාන්විත වෙසක් දිනයක් අපට කිසිදිනෙක නොලැබෙනු ඇත.මුලින්ම අපි, බුකියේ මේ කාලයේ ලියවෙන දේවල් කීපයක් බලමු.   ##  තනියම යන්න නම් දුකක් නෑ .. ඉතිරිවෙන අය ගැන ලොකු ලෝබකමක් තියෙනවා… පොඩ්ඩො, වයිෆ් නැතිව යන්න උනොත් යමු අයියේ මොනව කරන්න ද?## හරිම දුකයි. ඉතාම තරුණ සොඳුරු මිනිස්සු එක පාරම යන්න ගිහින්… !## වැඩියෙන්ම තියෙන්නේ කවුරු හරි කෙනෙක්ගේ... Continue Reading →

දේව ඇදහිළි සහ බෞද්ධ සංකල්ප

දරුවන් නැති අයට දරුවන් ලබාදීමටය, නඩුහබ වලින් දිනීමටය, විභාග වලින් උසස් සාමාර්ථ ලබා ගැනීමටය, ලෙඩ රෝග සුව කරගැනීමටය වැනි අවශ්‍යතා සඳහා බුදු පිළිමයකට යාඥා, සත්කාර කිරීමෙන් වැඩක් නැත. ඒවා බුදු දහමෙන් නම් වන්නේ නැත. නමුත් යතාර්ථය අවබෝධ කර ගැන්මට සහ ඔය කියන සියළුම දෙයින් මිදීමේ වෙනත් ක්‍රමයක් අවබෝධ කර ගැන්මට එයින් වන පිටුවහල අපමණය.  බුදු... Continue Reading →

බුදුන් වහන්සේ, බුදු දහම, යශෝධරා දේවිය, කොණ්ඩඥ බමුණා සහ ජ්‍යෝතිෂය

                     එකතරා තැනක, වෙස්සන්තර ජාතකයේ කියවෙන දරුවන් දන් දීම යන්න කිසිසේත් සාධාරණීයකරණය කල නොහැක යයි කියා තිබිණ. ඒ ජාතක කත්යාව දරුවන්ට කියා දෙන්නේ කෙසේද යයි අසා තිබිණ. සිදුහත් සහ යශෝධරා යුවළ සාමාන්‍ය මිනිසුන් වූවා නම් එහි සත්‍යයක් ඇත. එහෙත් එහි අතීත කතාව දන්නා කෙනෙක් ඒ ගැන වෙනත් ආකාරයකට දකිනු ඇත. අතීත කතාව මෙසේ වේ.කල්ප ගණනාවකට ප්‍රථමයෙන්... Continue Reading →

ඔළුව නැති මිනිස්සු.

                                                             ඔලුව සේ කියන විට මෙහි අදහස් වන්නේ මොළයයි. “ඔලුව නැහැ” සේ ග්‍රාම්‍ය භාෂාවෙන් කියන්නේ, මොලේ නැති විදියට වැඩ කිරීම බව අප දනිමු.එහෙත් ඇත්තටම ජීවත්වීමට කෙනෙක්ට මොලේ අවශ්‍ය වේද ? පසුගිය වසර 70 තුල අපව පාලනය කල බහුතරයක් දේශපාලනඥයන් ට රට පාලනය කරන්න මොලේ නොතිබීම මේ සියළු කරදර වලට හේතු විය. නමුත් අප ජීවත් වුනෙමු. එහෙත්... Continue Reading →

බුදු දහම – විපාක සහ සම්පත්ති ඇති වීම.

                                                      මේ ලිපියට පාදක වූයේ අති පූජනීය නාඋයනේ ගෞරවණීය අරියධම්ම ස්වාමින් වහන්සේ ගේ දේශනයකින් ගත් විස්තරයක් වුවද, මා ගුරුවරයෙක් සේ සේවය කල කාලයේ ලැබූ අත්දැකීමක් කියන්නට කැමැත්තෙමි. ගුරුවරයෙක් හෝ ගුරුවරියක් සේවය සඳහා නොපැමිණි දින වල පහළ පන්ති වල දරුවන් බලා ගැනීමට අපව අනුයුක්ත කරන ලදී. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රසායන සහ භෞතික විද්‍යාවන් උගන්වා, පහත පන්ති... Continue Reading →

අමතක නොවන මිනිසුන් – අජාන් චා තෙරුන් වහන්සේ

                                     කිසිම තැනක තමා රහත් යයි තමා විසින් නොකියූ, අජාන්බ්‍රහම් තෙරුන් වහන්සේ මහා ප්‍රඥාවන්ත මිනිසෙකු ලෙස තම රටේ ගෞරවයට පාත්‍ර වූ උතුමෙක් විය. ඔහු බටහිර රටවල ථේරවාද බුද්ධාගම ස්ථාපිත කිරීමට ද දායක විය. අජාන් චා වනාන්තර සම්ප්‍රදායේ භාවනා භික්ෂූන්ගෙන් ඉගෙන ගනිමින් ගුහා සහ වනාන්තරවල ජීවත් විය. එක්සත් රාජධානියේ “චිතර්ස්ට් බෞද්ධ ආරාමය” ආරම්භ කිරීමත් සමඟ 1979 සිට... Continue Reading →

ඉලෙක්ට්රොනික්ස්, අභිධර්මය සහ මොළේ නැති මිනිස්සු.

                                    එක භවයක සිත් පරම්පරාව ප්‍රතිසන්ධි සිතකින් ආරම්භ වී, චුති සිතකින් අවසාන වේ. මේ අතර ඇතිවන සිත් පරම්පරා කොතෙක්දැයි කියා ගණන් කර කිව නොහැක. එම ප්‍රතිසන්ධි චිත්තය විසින් ගත් අරමුණේ එල්බ පවතින චිත්ත පරම්පරාව නොබිඳ පැවතීමට ඉවහල් වන කෙළෙස් වලින් කිළුටු නොවූ ප්‍රභාෂ්වර සිත, “භවාංග සිත්” සේ හඳුන්වනු ලැබේ.දැන් ඔබට ඉහත කතාව අවබෝධ වුනේද?කටුක ඝෝරතර... Continue Reading →

“ලංකාවේ වැඩියෙන්ම ඉඩම් ඇත්තේ කාටද ?

මේ අකාරයේ මානසික ව්‍යාධියකින් පෙලෙන රෝගියෙක් කියන දෙයක් ෂෙයාර් කළහොත්, බොහෝ මානසික රෝගීන් ඔහු කියන දේ පිළිගෙන ඒ වලටම වැටෙනු ඇත. එහෙත් මෙය කියවන, වීඩියෝව බලන ස්වල්ප දෙනෙක් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගනු ඇත. එය ඇත.බුදුන් වහන්සේ පැහැදිළිව මෙසේ වදාළහ. … “මාගේ ධර්මය ඥාණවන්තයන්ට පමණක් ග්‍රහණය කල හැක ! සරදියෙල් තියෙන අයගෙන් නැති අයට අරන් දුන්නේය.... Continue Reading →

ලස්සණට සිටීම කලොත් දවසක නිවන් යන්න පුළුවන්ද?

රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා.… “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!... ඒකයි නිවන….!!!කෙසේ වුනත් ඔහුට ප්‍රසිද්ධිය ලැබී තියෙන ආකාරය ප්‍රශ්ණාර්ථ ලකුණක් වෙනවා. ඔහු කියන විදියට ලස්සණට ඉන්න - ඒකයි නිවන…!... !!...  නමුත් බොහෝ විට බුදු දහම විකෘති කරන මේ භික්ෂුව, “ලස්සණට ඉන්න” කියන එක කෙලින්ම නිර්වචනය... Continue Reading →

ඩුප්ලිකේට් කොකා කෝලා සහ රහත් මාර්කටින්

                                 එකම වර්ගයේ බඩුවක් වෙළෙන්දෝ දෙදෙනෙක් විකුණනවා. ඒ බඩු දෙකම, “හොඳ ටොප් බඩු” කියා පාරිභෝගිකයෝ ඉදිරියේ, වෙළෙන්දෝ දෙදෙනාම කියනවා. ඒත් ඒ බඩු හරියට "කොකා කෝලා වගේ. මොකද, කොකා කෝලා හදන කොම්පැණියෙන් ඒ බීමේ අන්තර්ගතය කුමක්ද කියා කියන්නේ නැහැ වගේම, ඒවා විකුණන ලොකු අවුට්ලට් කොම්පැනි වලටත්, එහි අන්තර්ගතය ගැන කියන්න තහනම්.... ! ... දැන් මෙතන වෙලා තියෙන්නේ... Continue Reading →

භික්‍ෂුන්ගේ අවවාද, සාසන කඳ පණුවන් සහ බුදුන් වහන්සේගේ අවවාද.

  කිසියම් භික්ෂුවක් කියන දේ එසේම විශ්වාස කිරීම නිවැරදිද, එසේ නැතහොත් ඒ කියනා දෙය ධර්මයට අනුකූලව පිළිගැනීම කල යුතුද යන්න අතරේ සමහරුන් මංමුලාවී සිටිති. ඒ නිසා, කලින් කලට, නොයෙක් පුද්ගලයන් ඒ ඒ භික්ෂූන් වහන්සේලාව අනුගමනය කරනවා මිසෙක, බුදුන්වහන්සේගේ ධර්මය නිවැරදිව අනුගමනය නොකරති.භික්ෂුන් වහන්සේලා යනු බුදුන් වහන්සේගේ ඖරස පුත්‍රයන් බව සැළකීම මැනවි. සමහර අය බුදුන් වහන්සේ... Continue Reading →

බුදු දහම – භාවනාව.

- අධිකරණ සංඝ නායක, “කෑගල්ලේ පඥාරාම තෙරුන් වහන්සේ ගේ” දේශනාවකි. ගරු පඥාරාම තෙරුන් වහන්සේ, ගාල්ල කනන්පිටිය පුරාන අම්පිටිය භාවනා මධ්‍යස්ථාන අධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ නිකායේ ප්‍රධාන කම්මාට්ටානචාර්ය වහන්සේ වේ.  ගුවන් විදුළි සංස්ථාවේ මාසිකව කරන ලද දේශනා සංග්‍රහයේ 29 වන දේශනයේ සංක්‍ෂිප්ත සටහනකි. චරථ භික්කවේ චාරිකං - බහුජන හිතාය - බහුජන සුඛාය - බහුනෝජනස්ස -... Continue Reading →

රහත් බව සහ පිරිතෙන් ඇති ප්‍රයෝජන.

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට, රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ. කණ පැලෙන්නට හන්දියක් ගානේ, පන්සලක් ගානේ පිරිත් දැම්මා කියා, ඉන් ඇතිවන... Continue Reading →

තන්ත්‍රයානය ලිංගිකත්වය සහ බුදු දහම.

                                                   මේ පින්තූරයේ පෙන්වන යෝගියා ඉදිරියේ සත්‍ය වශයෙන්ම කාන්තාවක් නැත. එය භාවනාවෙන් සූසර වූ ඔහුගේ මනසේ ඇඳෙන මනඃකල්පිත රුවක් පමණි. ඔහු එම භාවනාවෙන් ලබා ගන්නට උත්සාහ කරන්නේ ලිංගික සන්තර්පනයයි.බුදු දහමේ කොතැනක නම් ලිංගිකත්වය සූසර කර ගැනීමක් ගැන කියා තිබේද ?එසේ හෙයින් පිළිමයෙන් පෙන්වන භෞතික ස්වරූපය, එය තන්ත්‍රයාන පූජකයෙක්ද එසේ නැත්නම් බුදුන් වහන්සේගේ පිළිරුවක්ද යන්න ගැන විතර්කයෙන්... Continue Reading →

විදර්ශනාව සහ සමථය සහ ධ්‍යාන ලාභී වීම.

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි.බුදු දහමේ සමහරවිට, ඔබටද සිතේ පැන නැගුණු ගැටළුවක් ගැන සාකච්චා කිරීම මැනවි යයි සිතේ. අප පාසැල් වල බුදු දහම ඉගෙන ගන්නා විට, “සිදුහත් තවුසා”, “ආරාලකාලාම” සහ “උද්දකාරාම” තවුසන්ගෙන් ඉගෙන ගත් “ආකිඤචඤයතනය”, සහ “නෙවසඤඤානාසඤඤායතනයට” යන ධ්‍යාන වලට සම වැදීමෙන් තෘප්ත නොවුනේ ඇයිද යන්න ගැන සිතෙන්නට ඇත. “එය නිවන නොවේ”, යයි සිදුහත්... Continue Reading →

           නිවැරදි  මනසිකාරය 

   [- පූජ්‍ය, ‘කොත්මලේ කුමාර කස්සප තෙරුන් වහන්සේගේ’ දේශනයක් ඇසුරෙනි . ] මේ දේශනය දමන්නට හේතුවක් වූයේ මා ලැබූ අත් දැකීමක් හෙයිණි. ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ දේශනය ලිපිය අවසානයේ ‘යූ ටියුබ් ලිපිනයේ’ ඇත. කලකට පසුව හමු වූ හිතවතෙක් මට කියා සිටියේ ඔහු, ‘අහවල් ස්වාමින් වහන්සේගේ’ , ශ්‍රාවකයෙක් බවය. ඔහු කියා සිටියේ ඒ ස්වාමින් වහන්සේගේ බණ දේශනා... Continue Reading →

 ඔබ කල ලොකුම පින කුමක්දැයි කෙනෙක් ඇසුවොත්, ඔබේ පිළිතුර කුමක්ද ?

           මට නම් කියන්න උත්තරයක් ඇත. එහෙත් එය මා කල ලොකුම පිනද යන්න තේරුමක් නැත. එය පැහැදිළි කරන්නට උත්සාහ කරමි.  එක්තරා ආයතනයක ඉගෙන ගන්නා කාලයේ කොල්ලෝ කෙල්ලෝ සහ ගුරුවරු සමඟ රට වටේ ගිය ගමනකදී මහනුවර දළදා මාළිගය බලන්නටත් ගියෙමු. එහෙත් මේ වෙලාවේ අප සියලු දෙනා සිටියේ බීමතිනි. අද මෙන් නොව, එදා... Continue Reading →

ඉන්දියාවෙන් බුදු දහම නැතිවීමට හේතු සහ ලංකාවට එහි බලපෑම [2 කොටස]

ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක් තිබිණ. ඉන්දියාවේ අද දින බුදු දහම පවතින්නේ උතුරු සහ බටහිර ඇති කුඩා ප්‍රදේශ කිහිපයක සහ ඉන් ඔබ්බේ ඇති හිමාල කඳු වැටියට යාබදව ඇති ටිබෙට් දේශයේ පමණි. එයට ආචාර්ය අම්බෙඩ්කාර් මහතා... Continue Reading →

පල්ලියක් වසා දැමීම 

                                                     පල්ලියක් වැසීම ගමකට බලපාන්නේ කෙසේද? මෙම ගම්මානවල කතෝලික ජීවිතය, පල්ලි සමඟ අතුරුදහන් වේද? ගමේ සම්ප්‍රදායන් සඳහා පල්ලියක් වැසීම, ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වය සහ ගම්වැසියන් අතර සහයෝගීතාවයේ ප්‍රතිවිපාක මොනවාද? මේවා ගම්මානයකට... Continue Reading →

මේ ව්‍යසන අවස්ථාවේ නොසැලී සිටින්නට බුදු දහමෙන් අපට ලැබෙන සංයමය.

දින කීපයකට පෙර සධ්භාවයෙන් යුතුව රෝගියෙක් ගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූ ස්වාමින් වහන්සේ කෙනෙක්ටද රෝගය බෝ වූයේය යයි ආරංචි විය. එතන ඇත්තේ ආගමකි. දර්ශනය අවමය. සමහරවිට ඒ ස්වාමින් වහන්සේ රෝගියාට මීටර් දෙකක් ඈතින් සිට රතන සූත්‍රයේ අරුත කියා දුන්නා නම්, ඒ රෝගියා ප්‍රායෝගික මිනිසෙක් වුනා නම්, රෝගයෙන් මිදෙන්නට වඩා වැඩි මානසික ශක්තියක් ලබන්නට ඉඩ... Continue Reading →

Blog at WordPress.com.

Up ↑