මෙන්න මෙහෙම ඉංග්‍රීසි කියමනක් තිබේ…. “There is no free lunch”... ! … “එහෙම වෙන්නෙ කොහොමද ලලිත් ?... කියා බොහෝ දෙනා මගෙන් අසනු ඇත. ඔබට දහවල් ආහාරයක් උයා දෙන ඔබේ අම්මා හැර, වෙන කිසි කෙනෙක් ඔබට එසේ කෑම වේලක් දෙන්නේ නැත. ඒ ආදරණීය අම්මා පවා වක්‍රව හෝ අනිච්චානුගතව ඒ සඳහා ඔබේ ආදරය සහ සෙනෙහස බලාපොරොත්තු වනු... Continue Reading →
ලීෆ් එකෙන් හුළු ගඟට
අහන්න ඇත්තේ , “දැන් සැපද කියාය. … මෙය අහන්නේ ලීෆ් වල පතෝල මැස්සක් ඇරීමට සුදුසුය කියූ අයගෙන් සහ අනාගතය පුරෝකථනය කරගන්නට නොහැකිව, ලංකාවේ ප්‍රවාහනය සහ විදුලි බලය අඩපණ කල, අද දින ලෝකයෙන්ම ඉන්ධන යදින, පඹ ගාලක පැටලුනු දූෂිත සහ අකාර්යක්ෂම දේශපාලුවන් ගෙනි. මේ ගමන ගියේ ගුණානාත්මක සේ [Qualititative] කරුණු කීමට නොව පැහැදිලිවම ප්‍රමාණාත්මකව කරුණු [Quantitative]... Continue Reading →
අරාජික රටක බල ශක්තිය අපම සපයා ගනිමු.
ගෑස් සිලින්ඩරයක් ගන්න,... භූමිතෙල් ටිකක් හොයාගන්න,... ළමුන් කරුවලේ නොතියා ඔවුන්ට ඉගෙන ගන්නට ආලෝකයක් සපයා දෙන්න,... නොනවතින ධාවන තරඟයකට අපි මේ කාලේ එකතු වී සිටිනවා. එහෙත් මේ සඳහා වෙන විකල්ප ක්‍රම ඇති බව බොහෝ අය දන්නේ නැහැ මේ ලිපිය ඉතාම සාමාන්‍ය අයට පමණි. හුදෙක් නිවසේ විදුලි අවශ්‍යතාවය පහන් දෙක තුනක් අවශ්‍ය අයට පමණි. මක්නිසාදයත් ඒ වැඩියෙන්ම... Continue Reading →
වාහන විත්ති 453 – විදුලි වාහනයක ඉන්වර්ටරය සහ එහි ධාරිත්‍රක
විද්‍යුත්කරණය වාහන ක්ෂේත්රයේ දකින්නට ලැබෙන ගැටළු, පැරණි අභ්‍යන්තර දහන එන්ජින් වල ඇති ගැටළු වලට වඩා බෙහෙවින් වෙනස් වේ. මෙහිදී විදුලි වාහනයක ඉන්වර්ටරයේ ස්වභාවය දැන ගැනීම වටී. සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රථයක් සෑදීම සඳහා, එන්ජිම විදුලි මෝටරයක් සහ එහි ගෑස් ටැංකිය බැටරියක් සමඟ ප්‍රතිස්ථාපනය කිරීම අප්රමාණවත් වේ. එවැනි හුරුපුරුදු උපාංග, විශාල පද්ධතියක කොටස් පමණක් වේ. ඕනෑම විදුලි... Continue Reading →
ලංකාවේ වර්තමාන ප්‍රවාහන සහ බල ශක්ති කඩා වැටීම.
වර්තමානයේ ඇති වී තිබෙන විදුලි හිඟය මෙන්ම බල ශක්තියේ කඩා වැටීම ගැන සමහර කෙනෙක් සිනා පහළ කෙරෙති. එහෙත් ඒ සඳහා හේතුව නම්, “ඒ සිනාවෙන් පෙන්වන්නේ නැත”. එක අතකට ඒ සිනා වෙන්නේ අපටම බව ඒ බොහෝ දෙනෙක්ට අවබෝධයක්ද නැත. මෙහි දේශපාලනයට අදාළ නැති පාර්ශවයක් හෙවත්, අපේම වැරදි ඇති බව බොහෝ දෙනා වටහා නොගනී. කෙසේ හෝ මේ... Continue Reading →
තෙල් වෙළෙන්දෝ ලොවට කල හදියක්.
අද සිට පැයක්, පසුව පැය දෙකක් සහ හතරක් … සේ විදුළිය කැපෙන්න යන බව ඔබ දනී. මේ සඳහා විවිධ හේතු ඇත. ඒවා දේශපාලන,පාරිසරික, කාලීන මෙන්ම සමාජයීය හේතුන්ද වේ. කාලීන සේ පෙනෙන එක උදාහරණයක් වන්නේ වික්ටෝරියා ජලාශයේ අද පවතින අවම ජල මට්ටම වේ. නමුත් මේ අවුලට අපද සාමූහිකව වග කිව යුතුය. ඊට පොදු හේතුව වන්නේ සාමාන්‍ය... Continue Reading →
කණ්නාඩි, සුරංගනා කතා සහ ආලෝකය
හිමකුමාරි හෙවත් ස්නෝ වයිට් සුරංගනා කතාවේ ඉන්නා සුන්දර මායාකාරී රැජින, උදේ පිබිදුණු විටම කණ්නාඩියකින් ප්‍රශ්නයක් අසන්නට පුරුදුව සිටියා. … “ලෝකයේ ලස්සණම තැනැත්තිය කව්ද?... සේ ඇය ඇසුවාය. සුරංගනා කතා ඇසුවා කියා අපට ඉන් ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන කෙනෙක් අසන්නට පුළුවන…. “ ඒවා හුදෙක් මනඃකල්පිත දේ නේදැයි”... කෙනෙක් අසන්නට පුළුවන්.නමුත් ඉන් අපගේ “පරිකල්පනය” දියුණු වනු ඇත.... Continue Reading →
අපි මේ කොහෙද ඉන්නේ?
ලොව රටවල් තුනකින් ඇසෙන කතා තුනක් ගැන සිතා බලමු. ඇමරිකාවෙන් කතාවක්:- එක්සත් ජනපදයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජෙනරල් මෝටර්ස් මෙසේ පවසා ඇත. එය කාබන් බලපෑම අඩු කිරීමේ සැලසුම් කඩිනම් කිරීම ගැන වේ. එනම් 2025 වන විට සියළුම කර්මාන්ත ශාලා පහසුකම් පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීමට සැලසුම් කර ඇති බවයි.මහා බ්‍රිතාන්‍යයෙන් කතාවක් :- ශුන්‍ය කාබන් ඉලක්ක... Continue Reading →
සූර්ය බලය පොසිල ඉන්ධන ඉතිහාසයට යවයි.
පසුගිය සියවසේ වැඩි කාලයක් බලශක්ති මිල උඩ පහළ ගියේය. තෙල් බැරලයක මිල ඩොලර් 10 ත් 150 ත් අතර ප්‍රමාණයක උඩ පහළ යන විට සමහර ජාතීන්ගේ ඉරණමද ඉහළ පහළ ගොස් අවසානයේ පහත වැටී ඇත. වසර 10 ක් වැනි කෙටි කාලයකදී ස්වාභාවික වායුව ඩොලර් 16 ක ඉහළ අගයක් වාර්තා කළ අතර එය ඩොලර් 1.75 දක්වා පහත... Continue Reading →
සූර්ය තාපය
කුඩා කාලයේ කාචයකින් හිරු එළිය නාභි ගත කර කොළ කැල්ලක් නොදැල්වූ කෙනෙක් නැති තරම්ය. ඒ කුඩා කාචයෙන් එතරම් තාපයක් එන්නේ නම්, එවැනි කාච සීයක් පමණ විශාල පරාවර්තකයක් මගින් කොතරම් තාප ශක්තියක් ලැබේද ? ඊළඟට, එවැනි විශාල පරාවර්තක දහස් ගණනක තාපය එක් රැස් කර ගතහොත් ඒ ශක්තිය කොපමණ වේද ?මේ ක්‍රමයට කියන්නේ CSP [Concentrated solar power]... Continue Reading →
ජල විදුළි බලාගාර වසන චීනය.
2060 වන විට කාබන් උදාසීන වීමේ ඉලක්කය සපුරාලීම සඳහා චීනය සිය දැවැන්ත ආර්ථිකය ගල් අඟුරු සහ පොසිල ඉන්ධන වලින් ඉවත් වීමට උත්සාහ කරයි. එසේ නම් ඔවුන් ජල විදුලි බලාගාර 40,000 ක් පමණ වසා දැමීමට උත්සාහ කරන්නේ ඇයි?මේ කතාව, “මුත්‍රා” කරනවා මෙන් කුඩා ජල පාරවල් හරහා ලංකාවේ මයික්‍රෝ බලාගාර තැනීමේ ප්රයත්න වලට හොඳ පාඩමකි. ජල විදුලි... Continue Reading →
100 % ක පුනර්ජනන බලය භාවිතය සහ බැටරි ගබඩා සහ විදුළි වාහන
මෙය කල නොහැක සේ බොහෝ බක පණ්ඩිතයන් විසින් අනාවැකි කියා තිබිණ. අතීතයේද මේ ආකාරයේ අනාවැකි හෙවත් “පට්ට බින්න” කියූ ආකාරය සොයා බැලීම වටී.එක්සත් රාජධානියේ නුදුරු අනාගතයේ වැඩිවන විදුළි වාහන සඳහා අවශ්‍ය බල ශක්තිය ගැනීමේදී, එහු විදුළි බල සැපයුම අස්ථාවර වනු ඇත, සේ ප්රව්රිඋත්තියක් සමහරවිට ඔබ දකින්නට ඇත. නිවැරදි පියවරවල් කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම්, ලංකාව වැනි... Continue Reading →
අපිට නැති උන්ගේ ප්‍රශ්ණ සහ උන්ට නැති අපගේ ප්‍රශ්ණ !
මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට සැමවිටම අසන්නට වන, හිතවතුන් හමු වූ විට අහන පොදු කතාව නම් කාලකන්නි දේශගුණය වේ. වසරේ වැඩි කාලයක් මුහුණු එල්ලාගෙන සිටින මිනිසුන්, වසන්ත කාලයේ වෙනස් වේ. මිනිසුන්ගේ සිනහ මුහුණු වැඩි වැඩියෙන්... Continue Reading →
පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ.
පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන ජාතීන්ට පුනර්ජනනීය බලශක්තිය ගෙන ඒම සඳහා ඔවුන් ඩොලර් බිලියන එකක අරමුදලක් දියත් කරයි. ස්කැන්ඩිනේවියානු හෝම්වෙයාර් වෙළඳසැලේ පුණ්‍යායතනය වන IKEA පදනම, රොක්ෆෙලර් පදනම සමඟ එක්ව දේශගුණික විපර්යාස සහ බලශක්ති දරිද්‍රතාවයට එරෙහිව ඩොලර් බිලියන එකක අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ. මේ රොකෆෙලර් පදනම යනු කුමක්ද කියා... Continue Reading →
වාහන නොමැතිව ජීවත් වීමට හැකිද ?
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥයන් කණ්ඩායමක් නගරයක් තුළ මෝටර් රථ භාවිතය සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහැ. එයින් පෙන්නුම් කර ඇත්තේ ජීවත්වීමට නම් අනාගත නගර සම්පූර්ණයෙන්ම කාර් රහිත විය යුතු බවයි. නගරවල පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම සඳහා සාමූහික හැසිරීම වෙනස් කළ යුතු බව පර්යේෂකයෝ කියති. ඔවුන් මෙසේ කියති. මෝටර් රථ රහිත නගර සඳහා... Continue Reading →
ලොවම දකින අපි නොදකින බල ශක්ති යතාර්ථය.
ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ, ස්ටැම්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානියා වූ “මහාචාර්ය ටෝනි සෙබා” මහතා අනාගත බල ශක්තියේ ඇතිවන දැවැන්ත වෙනස මෙයට වසර කිහිපයකට පෙර පෙන්වා දුන්නේය. ඔහු ඉන් විශාල ආන්දෝලනයක් බල ශක්ති ක්ෂේත්රයේ ඇති කළේය. අද දින එය වඩාත් සත්‍ය වෙමින් පවතින බව ඉතා හොඳින් පෙනීයන කාරණයකි. ඒ ගමනේ මඟක් යන අතරතුරේ වඩාත්... Continue Reading →
කොරෝනා සහ පරිසරය විෂයේ අප සිටින තැන.
කාර්මික විප්ලවය ආරම්භයෙන් පසු අද වනතුරුත් අප පරිසරය එක්ව විනාශ කළෙමු. මෙතෙක් නිහඬව සිටි පරිසරය දැන් දැන් ඒ කල කෙණෙහිලි වලට විරුද්ධව අපෙන් පළි ගන්නා බවක් පෙනේ. පරිසරය යන මහා කුලකයේ, “මිනිසා වන අප” අනු කුලකයක් වුවද, අප මෙතෙක් ඔළු උදුම්මාගෙන සිටියේ එය එහි අනෙක් පැත්ත ලෙසය. මෙය එසේ නොවන බවත් ඒ යතාර්ථය, සත්‍යය... Continue Reading →
වාහන විත්ති 452 – හොඳම දේ දරුවන්ට.
… “හොඳම දේ දරුවන්ට !... යයි මේ කාලයේ කතිකාවතක් ඇතිව තිබේ. නමුත් අධික පිරිවැය වැනි සාධක නිසා මෙය ලංකාවේ වන්නට නම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා කෙමෙන් කෙමෙන් හෝ සමාජයේ පරිසර හිතවාදී මත ඇතිවීම සුභ ලකුණකි. මේ කතාව නම්, ඇමරිකාවේ වන දෙයකි.එහෙත් අන් රටවල් වල ඇතිවන ප්‍රවාහනයේ ප්රවණතාවයන් ගැන දැන ගැනීමේ වටිනාකමක් අපටද ඇත.ඔබද... Continue Reading →
සූර්ය පැනලයේ පියවරුන්
සූර්ය කෝෂය සොයා ගන්නා ලද්දේ, 1940 දී බෙල් ලැබ්ස් හි පර්යේෂකයෙකු වන, “රසල් ෂූමාකර්” විසිණි. ඉරිතලා ඇති සිලිකන් සාම්පලයක් ආලෝකයට නිරාවරණය වන විට ධාරාවක් නිපදවන බව ඔහු දුටුවේය. කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සේවය කරන තරුණ ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන, “මාටින් ග්‍රීන්” ගේ දායකත්වය ලැබෙන තෙක් මේ සොයාගැනීමට එතරම් වැදගත්කමක් ලබා නොතිබුණි. බ්‍රිස්බේන්... Continue Reading →
සූර්ය ශක්තිය අවශෝෂණය කර ගබඩා කරන ද්‍රවයක්
පර්යේෂකයන් සූර්ය ශක්තිය අවශෝෂණය කර තබා ගත හැකි ද්‍රවයක් නිපදවයි.සූර්ය ශක්තිය අනාගතය වනු ඇති බව අපි දැනටමත් දනිමු. මේ ටික කට කැඩෙන තුරු කිව්වද බොහෝ දෙනෙක් විශ්වාස නොකළහ. ප්රත්යක්ෂ සත්‍යයක් දකින විට ඒ දිගේ ගොස් රටක බල ශක්තිය ඊට අනුරූප කරගන්නේ නැත්නම් එය ඉරට්ටේ මෝඩ කමකි. නැතිනම් එහි යට කුමන්ත්රණයක ලකුණකි.කලකට පෙර සිතා සිටියේ “ෆොසිල... Continue Reading →
Recent Comments