අපි මේ කොහෙද ඉන්නේ?

ලොව රටවල් තුනකින් ඇසෙන කතා තුනක් ගැන සිතා බලමු. ඇමරිකාවෙන් කතාවක්:- එක්සත් ජනපදයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජෙනරල් මෝටර්ස් මෙසේ පවසා ඇත. එය කාබන් බලපෑම අඩු කිරීමේ සැලසුම් කඩිනම් කිරීම ගැන වේ. එනම් 2025 වන විට සියළුම කර්මාන්ත ශාලා පහසුකම් පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීමට සැලසුම් කර ඇති බවයි.මහා බ්‍රිතාන්‍යයෙන් කතාවක් :- ශුන්‍ය කාබන් ඉලක්ක... Continue Reading →

              අප පරිසරය රකින්නට කොතරම් කැප වන්නෙමුද ?

                                                      දශක ගණනාවක් තිස්සේ, “පාරිභෝගිකවාදය” පවතින සමාජයක් ඇතිවීම යනු, ඉතා සාමාන්‍ය දෙයක් යයි සිතා ගෙන සිටියෙමු.  විසිවන සියවසේ මුල් භාගයේදී කාර්මික විප්ලවයේ මහා නිෂ්පාදනය නිසා අතිරික්ත නිෂ්පාදනය ඇති විය. පාරිභෝගිකයින්ට දරා ගැනීමට නොහැකි වීම හෝ සමහර භාණ්ඩ අවශ්‍ය නොවුවද ඉල්ලුමට වඩා සැපයුම වැඩි විය.... Continue Reading →

සූර්ය බලය පොසිල ඉන්ධන ඉතිහාසයට යවයි. 

                                                      පසුගිය සියවසේ වැඩි කාලයක් බලශක්ති මිල උඩ පහළ ගියේය. තෙල් බැරලයක මිල ඩොලර් 10 ත් 150 ත් අතර ප්‍රමාණයක උඩ පහළ යන විට සමහර ජාතීන්ගේ ඉරණමද ඉහළ පහළ ගොස් අවසානයේ පහත වැටී ඇත. වසර 10 ක් වැනි කෙටි කාලයකදී ස්වාභාවික වායුව ඩොලර් 16 ක ඉහළ අගයක් වාර්තා කළ අතර එය ඩොලර් 1.75 දක්වා පහත... Continue Reading →

රොබෝ ලා ගේ වැඩ

                                                      ඕනෑම සේවාදායකයෙක්ට ඇති වියදම් වන්නේ, සේවකයෙක්ට ගෙවිය යුතු වැටුප සහ අර්ථ සාධක මුදල්, නිවාඩු දිනවල ගෙවීම්, සහ ඇතිවිය හැකි වෘත්තීය සමිති ගැටළු වේ. ඒ අතර දිනයේ කිසියම් කාලයක් සේවය කල යුතු සේවකයා, දිනයේ පැය 8 ම කාර්යක්ෂම සේ සේවය කරන්නේ නැති විය හැක. කලාතුරකින් කෙනෙක් ඒ කරන සේවයට සාපේක්ෂව ආයතනයෙන්  හොරකම් සහ ඊට අලාබ හානි... Continue Reading →

ජල විදුළි බලාගාර වසන චීනය.

                                                          2060 වන විට කාබන් උදාසීන වීමේ ඉලක්කය සපුරාලීම සඳහා චීනය සිය දැවැන්ත ආර්ථිකය ගල් අඟුරු සහ පොසිල ඉන්ධන වලින් ඉවත් වීමට උත්සාහ කරයි. එසේ නම් ඔවුන් ජල විදුලි බලාගාර 40,000 ක් පමණ වසා දැමීමට උත්සාහ කරන්නේ ඇයි?මේ කතාව, “මුත්‍රා” කරනවා මෙන් කුඩා ජල පාරවල් හරහා ලංකාවේ මයික්‍රෝ බලාගාර තැනීමේ ප්‍රයත්න වලට හොඳ පාඩමකි. ජල විදුලි... Continue Reading →

100 % ක පුනර්ජනන බලය භාවිතය සහ බැටරි ගබඩා සහ විදුළි වාහන

මෙය කල නොහැක සේ බොහෝ බක පණ්ඩිතයන් විසින් අනාවැකි කියා තිබිණ.  අතීතයේද මේ ආකාරයේ අනාවැකි හෙවත් “පට්ට බින්න” කියූ ආකාරය සොයා බැලීම වටී.එක්සත් රාජධානියේ නුදුරු අනාගතයේ වැඩිවන විදුළි වාහන සඳහා අවශ්‍ය බල ශක්තිය ගැනීමේදී, එහු විදුළි බල සැපයුම අස්ථාවර වනු ඇත, සේ ප්‍රව්රිඋත්තියක් සමහරවිට ඔබ දකින්නට ඇත. නිවැරදි පියවරවල් කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම්, ලංකාව වැනි... Continue Reading →

අපිට නැති උන්ගේ ප්‍රශ්ණ සහ උන්ට නැති අපගේ ප්‍රශ්ණ !

මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට සැමවිටම අසන්නට වන, හිතවතුන් හමු වූ විට අහන පොදු කතාව නම් කාලකන්නි දේශගුණය වේ. වසරේ වැඩි කාලයක් මුහුණු එල්ලාගෙන සිටින මිනිසුන්, වසන්ත කාලයේ වෙනස් වේ. මිනිසුන්ගේ සිනහ මුහුණු වැඩි වැඩියෙන්... Continue Reading →

පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ.

පුනර්ජනනීය බලශක්තිය සඳහා IKEA සහ රොකෆෙලර් පදනම එක් වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන ජාතීන්ට පුනර්ජනනීය බලශක්තිය ගෙන ඒම සඳහා ඔවුන් ඩොලර් බිලියන එකක අරමුදලක් දියත් කරයි. ස්කැන්ඩිනේවියානු හෝම්වෙයාර් වෙළඳසැලේ පුණ්‍යායතනය වන IKEA පදනම, රොක්ෆෙලර් පදනම සමඟ එක්ව දේශගුණික විපර්යාස සහ බලශක්ති දරිද්‍රතාවයට එරෙහිව ඩොලර් බිලියන එකක අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ. මේ රොකෆෙලර් පදනම යනු කුමක්ද කියා... Continue Reading →

වාහන නොමැතිව ජීවත් වීමට හැකිද ?

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥයන් කණ්ඩායමක් නගරයක් තුළ මෝටර් රථ භාවිතය සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහැ. එයින් පෙන්නුම් කර ඇත්තේ ජීවත්වීමට නම් අනාගත නගර සම්පූර්ණයෙන්ම කාර් රහිත විය යුතු බවයි. නගරවල පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම සඳහා සාමූහික හැසිරීම වෙනස් කළ යුතු බව පර්යේෂකයෝ කියති. ඔවුන් මෙසේ කියති. මෝටර් රථ රහිත නගර සඳහා... Continue Reading →

ලොවම දකින අපි නොදකින බල ශක්ති යතාර්ථය.

                                           ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ, ස්ටැම්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානියා වූ “මහාචාර්ය ටෝනි සෙබා” මහතා අනාගත බල ශක්තියේ ඇතිවන දැවැන්ත වෙනස මෙයට වසර කිහිපයකට පෙර පෙන්වා දුන්නේය. ඔහු ඉන් විශාල ආන්දෝලනයක් බල ශක්ති ක්ෂේත්‍රයේ ඇති කළේය. අද දින එය වඩාත් සත්‍ය වෙමින් පවතින බව ඉතා හොඳින් පෙනීයන කාරණයකි. ඒ ගමනේ මඟක් යන අතරතුරේ වඩාත්... Continue Reading →

කම්කරු පක්ෂය 100% පුනර්ජනනීය බලය ලබා දීමට පොරොන්දු වේ- නවසීලන්තය.

    නුදුරු අනාගතයේ සියයට සියයක් පුනර්ජනනීය විදුලිය ඇති රටවල් කිහිපයෙන් එකක් නිව්සීලන්තය විය හැකි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු නායක “ජසින්ඩා ආර්ඩර්න්” පැවසුවේ, … “ජනතාවගේ රැකියා ආරක්ෂා කරන අතරම නවසීලන්තයට තිරසාර හා දැරිය හැකි ශක්තියක් මෙම ප්‍රතිපත්තිය මගින් සහතික කරනු ඇත”... බවයි. “කොවිඩ් -19 නිසා බිඳ වැටුණු ආර්ථික තත්වය නවසීලන්තයේ බලශක්ති පද්ධතිය වඩාත් පුනර්ජනනීය... Continue Reading →

කොරෝනා සහ පරිසරය විෂයේ අප සිටින තැන. 

      කාර්මික විප්ලවය ආරම්භයෙන් පසු අද වනතුරුත් අප පරිසරය එක්ව විනාශ කළෙමු. මෙතෙක් නිහඬව සිටි පරිසරය දැන් දැන් ඒ කල කෙණෙහිලි වලට විරුද්ධව අපෙන් පළි ගන්නා බවක් පෙනේ. පරිසරය යන මහා කුලකයේ, “මිනිසා වන අප” අනු කුලකයක් වුවද, අප මෙතෙක් ඔළු උදුම්මාගෙන සිටියේ එය එහි අනෙක් පැත්ත ලෙසය. මෙය එසේ නොවන බවත් ඒ යතාර්ථය, සත්‍යය... Continue Reading →

වාහන විත්ති 452 – හොඳම දේ දරුවන්ට.

… “හොඳම දේ දරුවන්ට !... යයි මේ කාලයේ කතිකාවතක් ඇතිව තිබේ. නමුත් අධික පිරිවැය වැනි සාධක නිසා මෙය ලංකාවේ වන්නට නම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා කෙමෙන් කෙමෙන් හෝ සමාජයේ පරිසර හිතවාදී මත ඇතිවීම සුභ ලකුණකි. මේ කතාව නම්, ඇමරිකාවේ වන දෙයකි.එහෙත් අන් රටවල් වල ඇතිවන ප්‍රවාහනයේ ප්‍රවණතාවයන් ගැන දැන ගැනීමේ වටිනාකමක් අපටද ඇත.ඔබද... Continue Reading →

සූර්ය පැනලයේ පියවරුන්

                                                                    සූර්ය කෝෂය සොයා ගන්නා ලද්දේ, 1940 දී බෙල් ලැබ්ස් හි පර්යේෂකයෙකු වන, “රසල් ෂූමාකර්” විසිණි. ඉරිතලා ඇති සිලිකන් සාම්පලයක් ආලෝකයට නිරාවරණය වන විට ධාරාවක් නිපදවන බව ඔහු දුටුවේය. කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සේවය කරන තරුණ ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන, “මාටින් ග්‍රීන්” ගේ දායකත්වය ලැබෙන තෙක් මේ සොයාගැනීමට එතරම් වැදගත්කමක් ලබා නොතිබුණි. බ්‍රිස්බේන්... Continue Reading →

සූර්ය ශක්තිය අවශෝෂණය කර ගබඩා කරන ද්‍රවයක්

                             පර්යේෂකයන් සූර්ය ශක්තිය අවශෝෂණය කර තබා ගත හැකි ද්‍රවයක් නිපදවයි.සූර්ය ශක්තිය අනාගතය වනු ඇති බව අපි දැනටමත් දනිමු. මේ ටික කට කැඩෙන තුරු කිව්වද බොහෝ දෙනෙක් විශ්වාස නොකළහ. ප්‍රත්‍යක්ෂ සත්‍යයක් දකින විට ඒ දිගේ ගොස් රටක බල ශක්තිය ඊට අනුරූප කරගන්නේ නැත්නම් එය ඉරට්ටේ මෝඩ කමකි. නැතිනම් එහි යට කුමන්ත්‍රණයක ලකුණකි.කලකට පෙර සිතා සිටියේ “ෆොසිල... Continue Reading →

නව සූර්ය + බැටරි මිළ, ෆොසිල ඉන්ධන විනාශ කල බවයි. පරමාණුක බලය සදහටම වළ දැමූ බවය.

ඇත්තෙන්ම මේවා මා ලියන්නේ කුමකටදැයි සමහර විට මටම හිතේ. මක්නිසාදයත්, මේවා මා සොයාගත් ඒවා නොවන හෙයිණි.  නමුත් පුදුමයකට මෙන් බොහෝ අය පුවත් නොබලති. වෙනත් රටවල් වල අයට වඩා අප තොරතුරු තාක්ෂණය අතින් කෙසේ වුවද, තොරතුරු කියවීම අතින් නම් ඉතා දුර්වල බව පෙනී යයි.සෙක්කුවේ බඳින අස්වයෙක් පාරට රැගෙන කරත්තයක බැන්ද විට ඌ එවිටද යන්නේ රවුමට බව... Continue Reading →

විදුළි වාහනයකට සසඳන විට අභ්‍යන්තර දහන එන්ජින් සිය ගුණයක අමු ද්‍රව්‍ය අපතේ යවයි.

             අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථ, විදුලි රථවලට වඩා සිය ගුණයක් අමුද්‍රව්‍ය නාස්ති කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බෙල්ජියමේ ප්‍රවාහන හා පරිසර (Transport & Environment (T&E) හි පර්යේෂණයන්ට අනුව පොසිල ඉන්ධන වලින් ධාවනය වන වාහන වලින් ඉවත් වීම වඩාත් ඵලදායි වේ. එමගින් සූර්ය කෝෂ වැනි පිරිසිදු බලශක්තියට මාරුවීමටත්... Continue Reading →

සූර්යාලෝකය අපව බේරා ගනීවිද ?

මීට වසර පහකට පෙර නවකතාකරුවෙකු හා තාක්‍ෂණවේදියෙකු වන, “රමෙස් නාම්” විසින් ලිපි මාලාවක් ලීවේය. එහෙත් උදේ පාන්දර ලංකාවේ තත්වය ගැන දැනගෙන, සිතේ අමාරුවෙන් වැලකීමට මේ සමඟ දමා ඇති දෙවන ලින්ක් එක නොබලන්න. එහි සුළං බලය, සූර්ය ඡායා වෝල්ටීයතා සෛල සහ බැටරි ගබඩා කිරීම සඳහා පිරිහෙන පිරිවැය වක්‍රයන් පිළිබඳ දත්ත ඔහු විසින් පෙන්වා දුන් අතර, ඒ අනුව,... Continue Reading →

ජලයේ වටිනාකම

මාර්තු 22 දින සාමාන්‍ය දිනයක් මෙන් ගෙවී ගියේය.එහෙත් එය ලෝක ජල දිනය බව කීයෙන් කී දෙනෙක් දැන සිටියේද? ලංකාවේ අදත් ඇති තරම් ජලය පවතින හෙයින් කෙනෙක්ට එහි වටිනාකමක් නොතේරෙනවා ඇත. එහෙත් ලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවට තවමත් විශ්වාසදායක ජල සැපයුමක් නොමැත. කාර්යක්ෂම සේ කළමනාකරණය කෙරෙන බලශක්ති ප්‍රභවයන් මේ ගැටළුව විසඳීමේ වැදගත් අංගයකි. ලෝක ජල දිනය, ජලය... Continue Reading →

ෆොසිල ඉන්ධන තහනම් කිරීමේ දේශපාලන හා ආර්ථික දිරියක් ලංකාවට නැත

                                පරිසරය ඇසුරේ ලංකාව වැනි රටවල් ප්‍රාථමික තත්වයේ තිබෙන්නට ප්‍රධානම හේතුවක් වන්නේ, මධ්‍යම රජයකින් පමණක් ප්‍රධාන සහ බොහෝ තීරණ ගැනීම වේ. පරිසර නීති පැහැදිළිව විමධ්‍යගත කර නොතිබීමත් ඊට තවත් හේතුවකි. එහෙත් බොහෝ රටවල් වල පරිසරය ගැන, ඒ ඒ ප්‍රාදේශීය රාජ්‍යයන්... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑