ථාර් කතරේ වගාවක්.

  අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ... Continue Reading →

පොහොර නැහැ, රසායනික බෙහෙත් නැහැ .. කෘෂිකර්මය සඳහා හුදෙක් සූර්ය ශක්තිය පමණයි.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගොවියෙක් වන, ‘කයිලාෂ් මුර්ති’ විසින් කරන ලද කෘෂි පරීක්ෂණය ගැන සිත් යොමු කිරීම වටී. පාරිසරික විද්‍යාව [Ecology] පැවතීමට ආර්ථික විද්‍යා [Economics] තත්වයන් අනවශ්‍ය වුවත්, ආර්ථික විද්‍යා තත්වයන් පැවතීමට පාරිසරික තත්වයන් අවශ්‍ය වේ. බැංකුවක නිළධාරියෙක් වී පසුව ගොවියෙක් වූ ‘කයිලාෂ් මුර්ති’, මේ යතාර්ථය අපහසුවෙන් අවබෝධ කර ගත් කෙනෙකි. කර්ණාටක ප්‍රාන්තයේ ඇති අර්ධ කාන්තාර... Continue Reading →

අපට නැතිවුණු දේශීය පළතුරු

දශක කීපයකට පෙර ගම්මානයක ඔබ්බේ ඇති ළඳු කැලෑවේ, බඩවැටියේ, පාර අයිනේ හෝ කුඹුරු අද්දර ඕනෑ තරම් පළතුරු තිබිණ. දම්, මාදම්, හිඹුටු, බෝවිටියා, උගුරැස්ස, නෙල්ලි, වීර, රට ලාවුළු, පලු, ලාවුළු, පේර, ඇඹුල් පේර, කෝන්, ඇඹිල්ල, කරඹ, කොම්පිඥ්ඥා, මොර, අත්තික්කා, වල් උගුරැස්ස, වෙරළු, පිනි ජම්බු සහ ජම්බු වැනි ගස් වැනි ගස් වලින් කිහිපයක් හෝ වැවී තිබිණ.  ... Continue Reading →

ඉන්දුනීසියාවේ කැලෑ එළි කිරීම සහ ඉන් ලංකාවට ගත හැකි පාඩම්. 

බ්‍රසීලය කැලෑ හෙළිකිරීම අතින් තිබුණු ස්ථානය ඉන්දුනීසියාව විසින් අයත් කරගත් බව Nature climate change යන සඟරාවේ 2012 අධ්‍යනයක දී ලියා තිබිණි. බ්‍රසීලයේ කැලෑව හෙක්ටෙයාර් 460,000 ක් එළි කරන විටදී, ඉන්දුනීසියාවේ කැලෑ හෙක්ටෙයාර් 840,000 ක් එළි කර තිබිණ. මේ නිසා භුමිය විනාශ වීම පෙන්වන පින්තුරය දැකීමට හැකිවීමද අවාසනාවකි.  මෙයට හේතුව වන්නේ ලී ලබා ගැනීමේ අරමුණෙන් කැලෑ... Continue Reading →

ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දිනය 

චන්දයෙන් පසු කිසියම් ජනාධිපති කෙනෙක් පත්ව එනූ ඇත. කව්රුන් පැමිණියත් ට්‍රිලියන එකොළහක ණය ගෙවන්නේ කෙසේද යන්න සඳහා ලැබෙන විසඳුම නම් ඒ තරම් වෙනස් නොවනු ඇත. මෙහිදී ඒ නව ජනාධිපති විසඳුම දෙන තෙක් නොසිට අපට කල හැක්කේ කුමක්දැයි රටට එන ආදායම් මාර්ග කුමක්දැයි විමසීම වටී. නිවසක වුවත් ආදායම් වියදම් සමබර කර ගැනීමේ අභියෝගය පවතී. එවිට දැනටමත්... Continue Reading →

මී මැස්සා

මී මැස්සන්, මිනිසා ගැන කුමක් හිතනවා ඇතිද? මේ ගැන කාටුන් චිත්‍රපටයක් වූ ‘Bee Movie’ යන්නේ, ‘බැරී බී. බෙන්සන්’ යන උපාධිධාරී මී මැස්සා කියා ඇත්තේ මෙසේය. … “වායු චාලක විද්‍යාවේ මෙතෙක් දන්නා සියළුම නීති සහ නියාම අනුව මී මැස්සාට පියාසර කල නොහැක. මී මැස්සා ගේ කුඩා පියාපත් වලින්, උගේ තරබාරු සිරුර පොළවෙන් ඉහළට එසවිය නොහැක. එහෙත්... Continue Reading →

සළාද කොළ නෙළන රොබෝ සහ ලංකාවේ තේ නෙළීම

      එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් එක්ව සළාද කොළ නෙළන රොබෝවෙක් නිර්මාණය කර ඇත. මෙය රොබෝ විද්‍යාවේ [Robotics] කඩ ඉමක් මෙන්ම කෘෂි කර්මයට පරිඝනක විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පැමිණෙන බවට පැහැදිළි ලකුණකි. මින් පෙර සාර්ථක ආකාරයෙන් ස්ට්‍රෝබෙරි නෙළීමට රොබෝ කෙනෙක් භාවිතා කරන ලද බව ඔබ සමහරවිට අසන්නට ඇත.  මේ මොහොතේ නම්, ‘Vegebot’... Continue Reading →

ආහාර නිෂ්පාදන ක්‍රම පුළුල් නොකළහොත් අනාගත ලෝකයට සිදු වන දේ.

ලෝකයේ ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම වන ආකාරය එක් ප්‍රදේශයක් තවත් ප්‍රදේශයකට සම්බන්ද නොවන සේ පැවතීම වැදගත් යයි විද්‍යාඥයෝ කියා සිටිති. උදාහරණයක් සේ ලංකාව බහුලව භාවිතා කරන මයිසුර් පරිප්පු ඉන්දියාවෙන් එවන තුරු නොසිට ලංකාවේද වගා කිරීම වැනිය. එම පරිප්පු ලංකාවේ වගා කල නොහැකි නම්, ඒ සඳහා ආදේශකයකට අනුගත වීම වඩා වටී. එසේ නැතිනම් වන්නේ සමාජයේ... Continue Reading →

සූර්ය පැනල සවි කිරීමට හොඳම ස්ථාන, ‘ගොවිපොළවල්’ බව සොයා ගනී.

සූර්ය පැනලත් මිනිසුන් මෙනි. ඒවා සතුටු වන්නේ සීතල, සුළං ඇති විට සහ වියළි දේශගුණයේ දීය. ගසක් වායු සමීකරණ යන්ත්‍රයක් සේ ක්‍රියා කරන බව අපි දනිමු. එසේ හෙයින් ස්ථානයක සිසිල් බව ගස් වැල් වලින් වැඩි වන හෙයින්, ඒ ස්ථාන වල ඇති සූර්ය පැනල සිසිල්වීම නිසා ඉහළ කාර්යක්ෂමතාවයක් පැනල වලින් ලබා ගත හැකිය.   ලෝකයේ සමහර පළාත්... Continue Reading →

පරිසරයට අවශ්‍ය කුඩා සතුන්ගේ පැවැත්ම.

ලෝකයේ දේශගුණය නූතන යුගය තරම් දූෂණය වූ කාලයක් මිනිස් ඉතිහාසයේ මෙතෙක් ඇති වී නැහැ. මේ ගැන ලෝකයේ විශාල කතිකාවතක් පැවතුනත්, ඉතා අඩු සීමිත කොටසක් පමනක් ඒ බව දැන ගැනීම නිසා දූෂණය වූ පරිසරය යථා තත්වයට පත් කිරීම සිහිනයක් වී තිබෙනවා. මෙන්න මේ හිඩැස පිරවීමට උත්සාහ දැරීම අපගේ වගකීමක් වෙනවා. එනම් මේ ආහාර දාමයේ පහත ඇති... Continue Reading →

කුඩා පොකුණක් තනමු. [1] 

මේ ආකාරයේ ව්‍යාපෘතියක විශාල පරාසයක් තියෙන බව ඔබ දන්නවා. ඒ විශාල පරාසය කෙනෙක් මේ වෙනුවෙන් යොදන මුදල හෝ මහන්සිය මත වෙනස් වෙන්නට පුළුවන්. මහල් නිවාසයක සිටින කෙනෙක්ට පොකුණක් හදන්නට නොහැකි බව පැහැදිළි කාරණයක්. එහෙත් ඒ මහල් නිවාසයේ එළි පත්තේ ඉඩක් තිබේ නම්, තරමක් විශාල පෝච්චියක වුනත් කුඩා පොකුණක් ආකාරයේ ජලජ පරිසරයක් නිර්මාණය කල හැක. චීනයේ... Continue Reading →

දූරියන්

ගෙඩි පළදාව ඇති දූරියන් ගසක් යටට අලියෙක්වත් යන්නට අකමැති බව ඔබ දන්නවාද ? දූරියන් ගෙඩියක් අලියෙක්ගේ ඇඟට වැටුණත්, එයින් අලියාට වුවද හානියක් විය හැක. මේ අතර තායිලන්තයේ, දූරියන් ගෙඩියකින් කෙනෙක්ට පහර දුන්නොත් ඒ ගැන වෙනම නීතියක් ක්‍රියාත්මක වන්නේ එයින් ඇති කල හැකි තුවාල මරණීය වන්නට හැකි හෙයින් වේ. දඬුවම තීරණය වන්නේ ඇනුණු කටු ප්‍රමාණය මතය.... Continue Reading →

බීෆ් වෙනුවට බෝංචි !

කලින් කලට භාෂාවන්ට වෙනස් ආකාරයේ වචන එකතු වේ. ගුවන් යානාවක් පැහැර  ගැනීමට භාවිතා කරන ‘ හයි ජැක්’ යන ඉංග්‍රීසි භාෂාවට එකතු වූ වචනය අළුත් වචනයකි.  2011 වසරෙන් පසු පැමිණි ‘Ecoanxiety’ යන්න ද එසේ පැමිණි වචනයකි. ඇමරිකානු මානසික විද්‍යා සංගමයෙන් [the American Psychological Association] ඒ සඳහා දී ඇති අර්ථ දැක්වීම මෙසේ වේ. එහි තේරුම වන්නේ දුක්මුසු... Continue Reading →

පොල් වතුර.

අපේ වැඩිහිටියන් කවදාවත් පොල්  වතුර අහක දැම්මේ නැත. පොල් ගෙඩියක් බිඳින  ලැබෙන පොල් වතුර බොහෝ විට පාවිච්චි කලේ කරෝල හෝ හාල් මැස්සන් හොද්ද සඳහාය. එහෙත් ඒ පොල් වතුර විශාල ප්‍රමාණයක් ලංකාවේ දිනපතා අහක යයි. පොල් ගා දෙන ස්ථාන වල ගෙඩිය බිඳ ගැනීමේදී ඒ පොල් වතුර අනිවාර්යයෙන්ම කුණු කාණුවට යන බව අත්දැකීමෙන් දනිමි. පිලිපීනයේ නම් මේවා... Continue Reading →

ඊශ්‍රායලයේ ගොවිතැන

කලකට පෙර යුදෙව්වෙක් සමඟ ගුවන් යානයක් එකට වාඩි වී දකුණු අප්‍රිකාවට යාමට සිදු විය. එහිදී කෑම ලැබෙන වෙලාවට පෙර ඔහුට, මුලින් කෑම ලැබිණි. කෙනෙක් ශාඛ භක්ෂිකයෙක් නම් සාමාන්‍යයෙන් අහස් යානයක ලබා දෙන ආහාර මුලින් ලැබේ. එහෙත් මේ යුදෙව්වා එසේ ශාඛ භාක්ෂිකයෙක් නොවීය.   ඒ ගැන ඔහුගෙන් විපරම් කල විට ඔහු කීවේ, ඒ කෑම යුදෙව් ආකාරයට... Continue Reading →

හැඳි මිටේ දිග 13 – කෝවක්කා – දියවැඩියාව මඩින දිව්‍ය ඖෂදය

රතු සහ කොළ පැහැයෙන් යුතු බල්බ මෙන් පහළට එල්ලුණු කෝවක්කා ගෙඩි එකල නිවසක මිදුලේ සුලභ දර්ශනයක් විය. අද  දින කෝවක්කා වැල් දැකිය හැකි වුවද, ගෙඩි දැකීමට ලෙහෙසි නැත්තේ ඒවා වැවෙන විටම වල් පැළෑටි සේ ගලවා දමන නිසාදැයි සැක සිතේ.                                ... Continue Reading →

බීෆ් වෙනුවට බෝංචි !

මේ ලිපිය ඇමරිකාව කේන්ද්‍ර ගත කරගෙන ලිව්වද, එහි සමහර කරුණු ලංකාවට අදාළ වන බවක් පෙනේ. මේ ලිපිය සඳහා තොරතුරු ගත් පලමු ලිපිය අවසානයේ ලින්ක් එකක් සේ දමා ඇත. කලින් කලට භාෂාවන්ට වෙනස් ආකාරයේ වචන එකතු වේ. ගුවන් යානාවක් පැහැර  ගැනීමට භාවිතා කරන ‘හයි ජැක්’ යන ඉංග්‍රීසි භාෂාවට එකතු වූ වචනය අළුත් වචනයකි.  2011 වසරෙන් පසු... Continue Reading →

ශාඛ ආහාර සහ කාබන් විමෝචනය.

වැඩියෙන් කාබන් විමෝචනය ඇති වන්නේ මෝටර් වාහන වලින්ද, නැතිනම් ගොවිපොළ වල ඇති කරන සතුන්ගෙන්ද ? මෙයට ඇති පිළිතුර ඇසීමෙන් කෙනෙක් පුදුමයට පත් වන්නට ඉඩ ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ප්‍රකාශ කරන ආකාරයට, ගොවිපොළවල් වල මසට ඇති කරන සතුන් නිසා වන කාබන් විමෝචනය 18%කි. මෙය මෝටර් රථ ප්‍රවාහනය නිසා වන කාබන් විමෝචනයට වඩා වැඩි... Continue Reading →

පෝෂ්‍ය ගුණයෙන් පිරි හතු

මගේ ඥාති මල්ලි කෙනෙක් කලකට පෙර හතු තැනීම සඳහා, ඔහුගේ නිවස අසබඩ කුඩා මඩුවක් තනා එය ඇතුලත පොල්ලෙලි වලින් පිරවීය. ඒ මඩුව තෙතමනයෙන් යුතු බව පමණක් මතකය. කෙසේ හෝ තවත් සති කීපයක් ගිය තැන මඩුව ඇතුළත, ඒ පොල් ලෙලි පුරා හතු වැවී තිබිණ. ඒ කාලයේ ඒ හතු මඩුවෙන් සැලකිය යුතු මුදලක්ද සෙවූ ඔහු, කුඩා කාලයේ... Continue Reading →

ආලෝකයේ වෙනස නිසා කෘෂි කර්මයට ඇතිවන බලපෑම්.

හරිත වර්ණයෙන් යුතු සුන්දර කැලෑවක්, වන බූටෑවක් දකින්නට අප සියල්ලන් කැමති වන්නෙමු. එහෙත් ඒ පරිසරයේ ඇති ගස් වැල්, ඒ හරිත හෙවත් කොළ පැහැයට අකමැති බව ඔබ දන්නේද ?   යම් කිසි දෙයක වර්ණයක් අපට පෙනෙන්නේ, එයින් එම වර්ණය පමණක් එළියට පරාවර්ථනය කරන හෙයිණි. එය එසේ නම් ගහ කොළ තුරු ලතා කොළ පැහැයෙන් පෙනෙනවා කියන්නේ, ඒවා... Continue Reading →

Blog at WordPress.com.

Up ↑