අපේ රසඥතාවය සහ කරෝලිස් පිස්සන්.

                                        මේ වචනය මා කොහේදෝ දුටුවෙමි. මා හිතන්නේ මෙහි තේරුම, ‘කෙනෙක්ට හෝ තමාට හානි නොවන සේ ජීවිතය රස විඳීම’... යන්න කියාය. එසේ සිතමින් ලිපිය ලියමි.  ලිපියේ ආරම්භය මගේ මතකයේ මා ගමේ සිටි කුඩාම අවදිය වෙත ගෙනයයි. තුනේ... Continue Reading →

‘කොරෝනා රෝගය දෙවන වරටත් පැමිණේද ?

                                      කොරෝනා රෝගය පාලනය කල පසු, නැවතත් ජන ජීවිතය යථා තත්වයට පැමිණිය පසු, ‘නැවතත් කොරෝනා රෝගය හිස ඔසවන්නේ නැත’ යන්නට ඇති සාධකය කුමක්ද ? පරිසර දූෂණය සහ වායු දූෂණය, කොරෝනා වසංගතයට ව්‍යාප්ත වීමට සහ රෝගීන්ගේ වැඩි වීමට... Continue Reading →

රෝහල් පිරිසිදු කරන්නන්, කොරොනා වෛරස් අර්බුදයේ අමතක වූ වීරයන්.

… “මගේ දුව මෑතකදී මගේ පළමු මුනුබුරා බිහි කළා. මට මගේ මුනුබුරා පවා හමු වී නැත. මම ඔහුව ස්කයිප් හරහා දැක ඇත්තෙමි. නමුත්, ඔහුව ස්පර්ශ කිරීමට, ඔහුව සිප ගැනීමට මට නොහැකි වීම ඇත්තෙන්ම දුකකි”... ‘මරියා’ ග්‍රීක වාර්තාකරුට පවසයි. මරියා යනු, ඇතන්ස්හී සොටිරියා රෝහලේ පිරිසිදු කරන්නියකි.   මෙය, ලෝකයේ රෝහල් පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කරන්නියන්ගේ පොදු... Continue Reading →

යුරෝපයේ මිනිසුන් මාසයක් දුම්පානය අත්හිට වූවොත් කුමක් වේද ?

                       ඇත්තටම අද යුරෝපයේ වී ඇත්තේ එයය. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා අගුලු දැමීමේ ක්‍රම හඳුන්වා දීමෙන් පසු යුරෝපය පුරා වායු දූෂණය මට්ටම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එහි ප්‍රතිඵල ලෙස මරණ 11,000 ක් වළක්වා ගත හැකි බව හෙල්සින්කි පදනම් කරගත් බලශක්ති හා පිරිසිදු... Continue Reading →

  අධිරාජ්‍යයන්ගේ හා විද්‍යාත්මක පරමාදර්ශයන්ගේ අස්ථාවරත්වය.

                              --- මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ ලිපියක සංක්ෂිප්ත අනුවාදයකි. ලිපිය අවසානයේ ඒ මුල් ලින්ක් එක ඇත.  අධිරාජ්‍යයන් දෙස බලන විට අපට පෙනෙන්නේ ඒවා දින නියමයක් නොමැතිව නොපවතින බවයි; ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක ව්‍යුහයන්ද එසේම වේ. අධිරාජ්‍යයන්ගේ නැගීම හා බිඳ වැටීම සම්බන්දව මානව... Continue Reading →

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ අනාවැකිය.

කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වූ මහාචාර්ය තුමා, කොරෝනා වසංගතය වෛරසයක් සේ ලොවට පැමිණෙන බව පැහැදිළිවම, සාක්ෂි ඇතිවම, වහෙන් ඔරෝ නැතිවම, විද්‍යාත්මක සාධක මත 2019 නොවැම්බර් 25 වන දින නිගමනය කර කී හෙයිනි. මෙය ජ්‍යෝතිෂ අනාවැකි ආකාරයේ වචන සිය ගණනක රචනාවක් අස්සේ, “රෝගී තත්ත්ව ඇතිවේ”... යන වචන කීපයක් කීමක් නොව, ඉතා කෙලින් 100% ක් නිරවද්‍ය සේ... Continue Reading →

  ලෝක සෞඛ්‍ය සේවා ලොක්කා කොරෝනා ගැන කියන දේ.

   “ටෙඩ්රෝස් අඩ්හනම් ගේබ්‍රියේසස්” [Tedros Adhanom Ghebreyesus] යන සෞඛ්‍ය සංවිධානයේ වර්තමානයේ අධ්‍යක්‍ෂක ජනරාල් කියන්නේ, … “කොරෝනා රෝගය නිසා, අනාගතයේ වඩාත් අශුභ දේ වන බවය”...එහෙත් ඔහු එය කියා සිටින්නේ, “ජාතික එකතුව සහ ලෝකයාගේ සාමුහික එකතුව නොමැතිව මේ ව්‍යසනයට විරුද්ධව ලෝකය එක්ව සටන් කලේ නැත්නම්” එය සිදු වන බවය. මේ තත්වය ඔහු සමාන කරන්නේ, 6.75,000 ක් ඇමරිකානු... Continue Reading →

  කොරෝනා මරණ වලට මරණීය දායකතත්වය – නයිට්‍රජන් ඩයොක්සයිඩ් 

නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) වලින් සිදුවන පරිසර දූෂණය ලෝකය පුරා විසිර සිටින පරිසරවේදීන් විසින් බොහෝ සේ හඬ නැගු දෙයකි. එය මෙතෙක් බීරි අලින්ට කල වීණා ගායනයක් විය. මෙතනින් එහාට එසේ හඬ නැගීමක් අනවශ්‍යය. පැහැදිළි මාරාන්තික ප්‍රතිඵල ඉන් ලබා දී තිබේ. ඒ ප්‍රතිඵල විද්‍යාත්මක සේ සාධනය කළ හෙයින්, ඒවාට තව දුරටත් සවන් නොදෙන්නේ ගොලුවෙක් හෝ බීරෙක් පමණි.... Continue Reading →

   කොරෝනා වෛරසය ගැන වැඩි විස්තර කීපයක් සහ ලංකාවේ තත්වය. 

                         ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය 2020 අප්‍රියෙල් 22 දින සිට නැවතත් අප්‍රියෙල් 27 තෙක් කල් ගියේය. රටක් සදහටම ලොක් ඩවුන් කර, එහි පැවැත්මක් නැත. එසේ හෙයින් ස්වභාවික වැඩ කිරීමේ ක්‍රියාවලිය සහ මේ ව්‍යසනකාරී තත්වය යන සාධක එකිනෙක දෝලනය වේ. මෙවිට ඇතිවන අර්බුධකාරී තත්වයන්... Continue Reading →

ටිබෙටයේ අයිස් ස්ථරවල, කිසිදා දැක නැති වෛරස් වර්ග සොයා ගැනීම සහ කොරෝනා වෛරසය.

විශාල කාලාන්තර ගැන සලකන විට, ලෝකයේ අයිස් යුග ඇතිවීම සහ නැති වී යාම සාමාන්‍ය දෙයකි. එහෙත් මෑත යුගයේ මෙම අයිස් ස්ථර වේගයෙන් දියවීමට හේතුව වූයේ ලෝකයේ උෂ්ණත්වය වැඩි වීමයි. මේවාට විශේෂයෙන්ම වැඩිවන ජනගහණය සඳහා අවශ්‍ය මස් සඳහා කෘතීම සතුන් බෝ කිරීම, ෆොසිල ඉන්ධන දහනය යන හේතු විශේෂයෙන් බලපා ඇත.   ග්ලැසියරයක් දියවී යාමේදී එයින් හුදෙක්... Continue Reading →

ආසියාවේ කොරෝනා වසංගතය දෙස විශ්ලේෂකයන්ගේ මතය.

                     ආසියාවේ ඇතිවී තිබෙන කොරෝනා වසංගතය දෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ලේෂකයෙක් ගේ මතය මෙසේ වේ. එය ගිනිකොණ ආසියාවේ පැතිරීම අනිවාර්යයෙන්ම වන බවත් හුදෙක් එයට කාලයක් යන බවත්ය. එය කෙමෙන් විශාල සමාජ ස්ථර වල පැතිර යනු ඇත. ‘ටකෙෂි කසායි’ යන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂක වරයෙක් මෙසේ කියයි.... Continue Reading →

බෝවෙන රෝගයක් පාලනය සඳහා කල යුතු හොඳම ක්‍රම සහ, ලංකාවේ මේ පාලනය ලිහිල් කිරීමට හදිසි නොවිය යුත්තේ ඇයි ? 

ළඟදී පැවැත්වෙනවා යයි කියන මැතිවරණයක් නිසා ලංකාවේ තත්වයේ වෙනසක් ඇති වේ යයි අනුමාන පවතී. මෙය වාදයට තුඩු දෙන දෙයකි. ලෝකයේ හතර කොනෙන් ඇසෙන ප්‍රවෘත්ති ගැන විමසිළිමත් විය යුත්තේ එහෙයිනි. මේ කාලයේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්ථා වන ඇමරිකාවේ තත්වය ගැන සිතා ලංකාවට එහි අදාළ තාවය ගැන බලමු. මුළු ඇමරිකාවම ගතහොත්, නිව්යෝක් නගරයේ කොරෝනා රෝගය පැතිරීම ඉතාමත්... Continue Reading →

ඉන්දියාවේ සහ අන් රටවල හිරැවී ඇති සිසු දරුවන් නැවත ලංකාවට පැමිණීම.

දින කීපයකට පෙර ඉන්දියාවේ සිසුන් දෙදෙනෙක්, ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්න යයි පවසන යූ ටියුබ් වීඩියෝව කෙනෙක් දකින්නට ඇත. එය අනුවේදනීය නොවන්නේය යයි කෙනෙක් සිතන්නේ නම් මෙන්ම, ඔවුන්ට ඒ ආපදා කාලයේ සියරට ඒමට ඉඩ නොදිය යුතු යයි සිතන කෙනෙක්ට, හදවතක් හෝ තමාගේ තරුණ කාලය පිළිබඳ මතකයක් නම් නැත.   එම සිසුන්ට මුහුණ දෙන්නට වී ඇති තත්වය... Continue Reading →

ට්‍රෝජන් අසු සහ කොරෝනා වෛරසය

වසර නවයක් යුද්ධ කර ජය ගන්නට නොහැකි වූ යුද්ධයක් ග්‍රීකයන් ජය ගත්තේ, විශාල ලී අශ්වයෙක් භාවිතා කරමිනි. දිනෙක උදයේ ග්‍රීක් සතුරු හමුදාව පලා ගිය බව පෙනිණ. ඔවුන් පරාජය භාරගත් බවට සළකුණක් සේ තබන ලද විශාල ලී අශ්වයෙක් වෙරළේ තිබිණ. ජයග්‍රහණයෙන් උදම් වූ ට්‍රෝජන් වරු ඒ අශ්වයා නුවරට ඇද ගෙන පැමිණියෝය. කාලයකට පසු ඔවුන් යුද්ධයක් නොමැති... Continue Reading →

සිහින් අංශු පදාර්ථ (PM2.5) සඳහා දිගු කාලීනව නිරාවරණය වීම සහ COVID-19 මරණ අවදානම

      මේ ඔබ දකින්නේ, ඊයේ මහනුවර නගරය ආශ්‍රිතව තිබුණු පරිසරයේ සුන්දරත්වය වේ. පින්තුරය ගත් පින්තූර  කරුවාට එහි ගෞරවය හිමි වේ. දින කීපයක් වාහන යෑම නවත්වා ඇති විටෙක, පරිසරයේ අපමණ සුන්දරත්වය සහ කෘතීම බවෙන් එහි පිබිදීමේ ප්‍රවණතාවය පැහැදිළිය. එහෙත් මේ සුන්දරත්වය තිබුනද, අපගේ ප්‍රධාන නගරද ‘සිහින් අංශු පදාර්ථ’ වලින් නිදහස් වී නැත. මේ සුන්දර... Continue Reading →

ස්වභාව ධර්මය අපට පැහැදිළි පණිවිඩයක් එවා ඇත. [ලිපි දෙකක අවසාන කොටස.]

              චීනයේ වුහාන් හී හුවානන් මාළු වෙළඳ පොළ, කොරෝනා ඇතිවූ මූලික ස්ථානය යයි කියනු ලැබේ. කොරෝනා වෛරසය මිනිස් අතකින් බිහි වූයේය යන්න ජාන තාක්ෂණය මගින් නිෂ්ප්‍රභා කර ඇත. අඩුම තරමේ මිනිස් අතකින් බිහි වූවා යයි කියන්නට වර්තමානයේ සාක්ෂි නැත. වෛරසයේ මුල් කාලය සම්බන්දව චීනය එම තොරතුරු වසන් කළා යයි... Continue Reading →

 ස්වභාව ධර්මය අපට පැහැදිළි පණිවිඩයක් එවා ඇත. [ලිපි දෙකක පළමු කොටස.]

                ‘ගාඩියන්’ පුවත් පතේ මෙසේ කියා ඇත. ස්වභාව ධර්මය අපට මේ කාලයේ පවතින පරිසර දූෂණයට සම්බන්දව පැහැදිළි පණිවිඩයක් ඒවා ඇත. මෙසේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරය සම්බන්ද අංශයේ ප්‍රධානියා වන ඉන්ගර් ඇන්ඩර්සන් ය. ඔහු කියන ආකාරයට මිනිසුන් ස්වභාවික ලෝකයට දැරිය නොහැකි බරක් එකතු කර එහි රටාව වෙනස් කර... Continue Reading →

කොරෝනා වෛරසය දරුවන්ට එතරම් බලපාන්නේ නැත්තේ ඇයි ?

මේ දක්වා ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන වයිරසයේ බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ටද රෝගය ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි සේ ව්‍යවසායක එලොන් මස්ක් විසින් මෑතකදී කරන ලද ට්විටර් පණිවිඩයක සත්‍යතාවය පිළිබඳව බොහෝ විවාද පවතී. යෞවනයන් වෛරසයට බරපතල ලෙස ගොදුරු වී ඇති බවට වාර්තා කිහිපයක් තිබේ. දැඩි සමාජ දුරස්ථ... Continue Reading →

බ්‍රිතාන්‍යයේ අද තත්වය දිට්ට ධර්ම වේදනීය කර්මයක්ද ?

බ්‍රිතාන්‍යට කාලයක් කිව්වේ ‘හිරු නොබසින රාජධානිය කියාය. මේ කතාවේ තවත් පැත්තක් ඇත. සමහරවිට දෙවියන් පවා එහි රාත්‍රී කාලයේ හෝ සිදු වෙන අපරාධ අඩු කිරීම සඳහා, හිරු නොබසින්නට එදින ඉඩ නොදුන්නේ යයි සිතීමට හැක.. සමාජයක් කඩා වැටෙන විට එයට සතුටු වීම මනුස්ස ගතියක් නම් නොවේ. එසේ හෙයින් එංගලන්තයේ මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය නිසා මියයන සාමාන්‍ය... Continue Reading →

විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ ආගමිකයන් ගැටෙන, කොරෝනා වෛරසය ජලයේ පැවැත්ම.

ප්‍රථමයෙන් කිව යුත්තේ මේ පුවත සඳහා විස්තර ලබා ගත්තේ, තුට්ටු දෙකේ වෙබ් අඩවියකින් නොවන බවය. ඒ වෙබ් අඩවිය ලිපියේ පහළ සඳහන් කර ඇත. නිවැරදි විද්‍යාත්මක පදනමක සිට තීරණ නොගන්නා දේශපාලනඥයන් රටකට අනවශ්‍යය.   COVID-19 වෛරසය ජළය ඔස්සේ ප්‍රචාරණය වැළැක්වීම සඳහා දැනට ඇති ආරක්‍ෂිත ක්‍රම ප්‍රමාණවත් වන්නේද යන්න විද්‍යාඥයන් විසින් සොයා බලති. COVID-19 ඇතුළු සියලුම කොරෝනා... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑