කිරි පිටි වලින් ඉවත් විය යුතු හේතුව.

                                                       මේ ලිපිය ආණ්ඩුවට කඩේ යාමක් යයි කෙනෙක් සිතන්නේ නම් එය වැරදිය. මක්නිසාදයත්, මේ කතාව වසර දශකයක සිට පමණ කියන හෙයිනි. විස්තර කරන්නට ඉඩ දෙන්න.… “දැන් ඉතින් කිරි බීලත් හමාරයි… ! … ගෘහ මූලිකයා කියුවාය. … “හොඳ වැඩේ උඹට !... මා කීවෙමි. … “තේ වේල් තුනෙන් එකක් වත් තේ විතරක් අරගෙන, ඉඟුරු දාලා බොනවා”... ! …... Continue Reading →

හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ? [දෙවන කොටස]

                          මෙහි මුල් කොටසට එල්ලවූ ගල් මුල් සහ විවේචන බොහෝ ය. මේ තරම් මිනිසුන් මස් මාළු වලට ගිජු බව දැන සිටියෙමි. එහෙත් මේ තරම් මස් වලට වහළුන් සිටින බව දැන ගැනීමට ඒ ලිපිය විශේෂ හේතුවක් විය. රසය නිසා මාළුවා මැරෙන බව අවබෝධ වන යුගයකි. මස් මාළු  නොමැතිව ජීවත් වන්නට හැකි බව නොදන්නේ මෝඩයෙක් නොවේ නම්,... Continue Reading →

හැකිතාක් නිර්මාංශ වී සිටිය යුත්තේ කුමක් නිසාද ?

                 1. මස් ඉරා කෑම සඳහා අපට ඇති දන්ත වින්‍යාසය ගැන සලකන විට  , කෘන්තක, රදනක, චාර්වක සහ පුරඃ චාර්වක යන දත් වලින්, තියුණු සේ නිර්මාණය වන්නේ "රදනක" දත් වේ. මිනිසාගේ  රදනක දත් කුඩා කාලයේ තරමක් උල්ව තිබී, පසුව ඒවා මොට්ට වේ. කුඩා දරුවෙක් ගේ සහ වැඩිහිටියෙක්ගේ දත් සංසන්දනය කිරීමෙන් මෙය වටහා ගත හැක. 2. ඉහත... Continue Reading →

පැරිස් පරිසර අරමුණු සඳහා වර්තමාන උත්සාහ ප්‍රමාණවත් නැත.

  ඊයේ කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු බවට ප්‍රවෘතියක් පළ වී තිබිණ. සමහරු නම් ඒ ගැන මෙසේ අසනු ඇත. … “ඔක්සිජන් කන්නද ? කෙසේ හෝ අනෙක් අයට කියන්න ඇත්තේ, … “ඔය පටන් ගත්තා පමණි. අනාගතය දුක් මුසුය. අඳුරුය. … යන්නය. කට කැඩෙන තුරු වසර ගණනාවක් තිස්සේ පරිසර වේදීන් මේවා කියා ඇත. අඩුම තරමේ... Continue Reading →

හැඳිමිටේ දිග – සුදුළුණු සහ සුදුළුණු මාළුව

                                                    අරාබියේ ඉන්නා කාලයේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් සහ බංගලාදේශයෙන් පැමිණි අය සමඟ හිතවත් වන්නට හැකි විය. දහවල් ආහාර ගන්නා වෙලාවේ ඔවුන්ගේ බත් පතට එබිකම් කර බැලීම සිරිතක් සේ කලෙමි. ඒ නිසාමදෝ අප එකිනෙකාගේ ආහාර බෙදා හදා ගෙන කෑමට පුරුදු වුනෙමු. දිනක් මා ගෙනගිය කෑම වල සුදු ළුණු මාළුව තිබිණි. මා සමඟ එදා සිටියේ ඉන්දියානු මිතුරා පමණි. ඔහු... Continue Reading →

රටින් රට – ගැම්බියාව

කලකට පෙර ලංකාවේද ප්‍රචාරය වූ, රූට්ස් [Roots] හෙවත් “මුල්” නම් වූ ටෙලි වෘතාන්තය ඔබට සමහර විටෙක සිහිපත් වනු ඇත. නවකතාවක් සේ එය ලියනු ලැබුවේ ඇමරිකාවේ, ‘ඇලෙක්ස් හේලී’ නම් කළු ජාතික ගත් කතුවරයා විසිණි. ඔහු බොහෝ වැර වෑයම් කර පැරණි නැව් වාර්ථා සොයමින්, ඔහුගේ Roots හෙවත්, ‘මුල්’ සොයා ගත්තේය.ඒ වාර්ථා සඳහා පැරණි වෙළඳ නැව් වල ගෙන... Continue Reading →

“මගේ නම රුහානි”

                                                         අද මා බිත්තර ගොවිපළකින් පිටතට ආ පළමු දිනයයි. මගේ නමේ තේරුම ‘දිව්‍යමය හා බිඳෙන සුළු’ බව නමුත් මට සැමවිටම නමක් නොතිබුණි. මගේ පැරණි නිවස දුක්මුසු ස්ථානයක් වූ අතර කැපකරු රැකවරණය ලබන නිවසට පැමිණෙන තෙක් මට අනන්‍යතාවයක් නොතිබුණි. එහෙත් මම වාසනාවන්ත කෙනෙක් වීමි.මා වැනි තවත් දහස් ගණනක් කූඩු කර ඇති බව ඔබට පෙනේ. අපට කම්බි මත... Continue Reading →

හැඳිමිටේ දිග – සෝයා මීට් මාළුව සහ නිර්මාංශ බව.

                                      ... බීෆ් හෙවත් හරක් මස් කන්න කැමති අයට, සෝයා මීට් රෙසිපියක් මේ පහත ඇත්තේ. ... හරක් මස් රස නැහැ,...! ...එයට දමන කුළු බඩු නිසා එය එසේ රස වෙන්නේ. ...හැකිනම් ජපන්නු වගේ ඒ හරක් මස් කෑල්ලක් අමුවෙන් කාලා බලන්න.... මළ ජරාවක් කියා ඔබ සිතාවි. ...!ඊට පෙර අපි වෙන දෙයක් ගැන සිතමු. එනම්, මිනිසා අද දින නිර්මාංශ... Continue Reading →

හැඳි මිටේ දිග – වම්බොටු මාළුව.

    උයන්න දන්නා වැඩ කාරයන්, වැඩ කාරියන් මේ ලිපිය බැලිය යුතු නැත. ඕනාවට වඩා ක්‍රම දැන ගැනීම නිසා ඒ අය ඔලුව උදුම්මවා ගන්නවා ඇත. එහෙයින් මේ ලිපිය, මා වැනි ජීවිත යාන්තම් පවත්වා ගන්නට අවශ්‍ය අය වෙනුවෙන් පමණි.  වම්බොටු මාළුව තැනීමේදී ඇතිවන තිත්ත නැවැත්වීම ලෙහෙසි නැති විය... කොතරම් මිරිස් දැම්මත් වම්බොටු ගෙඩිය ඇතුලට ඒ මිරිස් රසය යන්නේ නම්... Continue Reading →

අල

                                                                   කොහේ හෝ ගොස් බොහෝ වෙලාවක් ඉන්නවාට කියන්නේ, ‘අල බැහැලා’ කියාය. “අල බහින විට වැල මැරේ”... කියා කතාවක්ද ඇත. කුමක් හෝ වැඩක් අසාර්ථක වූ විට, ‘වැඩේ අල වෙලා’...යයි කියති. කුඩා කාලයේ මුලින්ම ලියන වචන වලින් එකක් වන්නේ ‘අල’ වේ. ‘රළ’ සහ ‘බින්දුමතී’ සමඟ ඒ කාලේ ‘අල’ කියා ලියන්නට සමහරවිට ඔබද ඉගෙන ගන්නට ඇත.අල මිළට ගන්නේ... Continue Reading →

  හැඳි මිටේ දිග 18 – අල බැදුම. 

                                                      සරළව හදන්න පුළුවන් අල බැදුමක් ගැන, මොනවා ලියන්න තියෙනවාද කියා කෙනෙක් හිතාවි. එහෙම හිතන වැඩ කාරයෝ, වැඩ කාරියෝ මේක බලන්න එපා…. මේක මේ මම වගේ ඉගෙන ගන්න කෑම හදන... Continue Reading →

ට්‍රෝජන් අසු සහ කොරෝනා වෛරසය

වසර නවයක් යුද්ධ කර ජය ගන්නට නොහැකි වූ යුද්ධයක් ග්‍රීකයන් ජය ගත්තේ, විශාල ලී අශ්වයෙක් භාවිතා කරමිනි. දිනෙක උදයේ ග්‍රීක් සතුරු හමුදාව පලා ගිය බව පෙනිණ. ඔවුන් පරාජය භාරගත් බවට සළකුණක් සේ තබන ලද විශාල ලී අශ්වයෙක් වෙරළේ තිබිණ. ජයග්‍රහණයෙන් උදම් වූ ට්‍රෝජන් වරු ඒ අශ්වයා නුවරට ඇද ගෙන පැමිණියෝය. කාලයකට පසු ඔවුන් යුද්ධයක් නොමැති... Continue Reading →

හැඳි මිටේ දිග 15 – ටියුනීසියන් වකුගඩු බෝංචි හොද්ද 

අද මේ කියන්න යන්නේ ටියුනීසියන් අය, ‘වකුගඩු බෝංචි’ හොද්ද හදන ආකාරයයි. ‘වකුගඩු බෝංචි’ කියා මා ලීවේ, ඊට වෙන සිංහළ වචනයක් දන්නේ නැති නිසා. මේවට කියන්නේ ‘කිඩ්නි බීන්ස්’ කියා. ඒ කියන්නේ බෝංචි ඇටේ හැඩේ හරියට, කජු ගෙඩියක් හෙවත් කිඩ්නි එකක් වගේ නිසා. මේකට තෙම්පරාදු ඕනා නැහැ හේතුව, සාමාන්‍යයෙන් අපි ලංකාවේ භාවිතා නොකරන දෙයක් වන ‘තල’ දාන... Continue Reading →

පාන් කතාවක් 

පාන් ලෝකයේ ඇති වූ බවට මුල්ම වාර්ථා පැමිණෙන්නේ ඊජිප්තුවෙනි. පාන් තැනීම සඳහා ‘යීස්ට්’ අවශ්‍ය වේ. ගල් මගින් තිරිඟු පිටි අඹරා ඒවා සඳහා යීස්ට් භාවිතා කරමින් පාන් තැනූ බව ඊජිප්තුවේ පිරමීඩ අතරින් ලබාගත් සාධක මගින් සොයාගෙන ඇත. සංඝටකයක් සේ ගත් විට පාන් වල වැඩියෙන්ම ඇත්තේ සෝඩියම් වේ. සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ‘කන ලුණු’ වැඩිපුර ප්‍රමාණවලින් දිගෙන් දිගටම... Continue Reading →

එංගලන්තය පරිසරය කෙරේ දක්වන ආකල්පය.

එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හරක් මස් තහනම් කරයි. පරිසරය රැකීමේ අරමුණට සහයෝගය දීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හරක් මස් තහනම් කරයි. බ්‍රිතාන්‍යයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය මෙය වේ. 2019 සැප්තැම්බර් මාසයේ සිට මේ තහනම ක්‍රියාත්මක වේ. වතුර බෝතල් වලට සහ, වතාවක් භාවිතා කර විසි කරන ප්ලාස්ටික් කෝප්ප වලට අමතර පැන්ස 10ක්ද එහි අය කෙරෙනු ඇත. රළු... Continue Reading →

මස් බද්ද! 

මස් සඳහා නව බදු ක්‍රමයක් ආරම්භ කිරීමට ඩෙන්මාර්කය, ජර්මනිය, එක්සත් අරාබි ජනරජය සහ ස්වීඩනය සළකා බලයි. මෙහි අරුමය වන්නේ මේ රටවල් බොහෝ මස් නිෂ්පාදනය සහ පරිභෝජනය කරන රටවල් හෙයිණි. මෙය කොතරම් සාර්ථක වේදැයි කීම අසීරු වන්නේ ප්‍රබල ගොවිපොළ සංවිධාන මීට විරුද්ධ වන ආකාරයෙනි.   මස් සඳහා සතුන් ඇති කිරීම ඉතා ඉහළ කාබන් විමෝචනයක් ඇති කරන බව... Continue Reading →

කාබන් විමෝචනය සහ එය අඩු කල හැකි ආකාරයන්.

මේ ප්‍රශ්නය සමඟ තවත් ප්‍රශ්ණ දෙකක් එකට යයි. එනම්; ‘කව්ද මේක මුලින් ආරම්භ කලේ සහ, වර්තමානයේ මේ සඳහා සක්‍රීයව දායක වී ඉන්නේ කව්ද ? යන්නය. හරිතාගාර වායු වායු ගෝලයට ඇතුලත් වීම නිසා උෂ්ණත්වය වැඩි වේය යන්න කුඩා දරුවෙක් වුවද දන්නා දෙයකි. නමුත් මෙහි ආරම්භය කුමක් වීද ? යටත් විජිත වාදය අනුව ලෝකයේ එක් රටක් තවත්... Continue Reading →

අනාගත ජනාධිපති තීරණය කිරීමට සැළකිය යුතු වැදගත් සාධකයක්.

… “කකුළුවා, ලිපේ ගින්දර වැඩිවී තැම්බී යන තෙක් හැළියේ නටයි”.. කියා කතාවක් තිබේ" … අපද, අපව පාලනය කරන දේශපාලනඥයන්ද, මෙන්න මේ කකුළුවන් වැනිය. නුදුරු අනාගතයේ ජනාධිපති චන්දයක් පැමිණේ. මේ චන්දයට ඉදිරිපත් වන්නන්, ‘පරිසරය’ අරභයා ගන්නා තීරණ, එම චන්දයේදී ජයග්‍රහණය වන ජනාධිපති වීම වන්නේ නම්, රටක් වශයෙන් අප වාසනාවන්තයෝ වෙමු. පරිසරය විෂයේ ඔහු කොතරම් සංවේදීද යන්න... Continue Reading →

බීෆ් වෙනුවට බෝංචි !

කලින් කලට භාෂාවන්ට වෙනස් ආකාරයේ වචන එකතු වේ. ගුවන් යානාවක් පැහැර  ගැනීමට භාවිතා කරන ‘ හයි ජැක්’ යන ඉංග්‍රීසි භාෂාවට එකතු වූ වචනය අළුත් වචනයකි.  2011 වසරෙන් පසු පැමිණි ‘Ecoanxiety’ යන්න ද එසේ පැමිණි වචනයකි. ඇමරිකානු මානසික විද්‍යා සංගමයෙන් [the American Psychological Association] ඒ සඳහා දී ඇති අර්ථ දැක්වීම මෙසේ වේ. එහි තේරුම වන්නේ දුක්මුසු... Continue Reading →

පොල් වතුර.

අපේ වැඩිහිටියන් කවදාවත් පොල්  වතුර අහක දැම්මේ නැත. පොල් ගෙඩියක් බිඳින  ලැබෙන පොල් වතුර බොහෝ විට පාවිච්චි කලේ කරෝල හෝ හාල් මැස්සන් හොද්ද සඳහාය. එහෙත් ඒ පොල් වතුර විශාල ප්‍රමාණයක් ලංකාවේ දිනපතා අහක යයි. පොල් ගා දෙන ස්ථාන වල ගෙඩිය බිඳ ගැනීමේදී ඒ පොල් වතුර අනිවාර්යයෙන්ම කුණු කාණුවට යන බව අත්දැකීමෙන් දනිමි. පිලිපීනයේ නම් මේවා... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑