රටින් රට – දකුණු අප්‍රිකාව – කලිනන් දියමන්තිය.

ඔබට මෙවැනි දියමන්තියක් පැරණි සේප්පුවක, එසේ නැත්නම් වත්තේ වැඩ කරන විට පයේ හැපී හමුවුවහොත් ඔබ කුමක් කරන්නේද ? ඩොලර් බිලියන දෙකකින් කල දේ ගැන හිතා ගන්නවත් හැකි වේද ? ඒ මුදලින් ඔබ ගන්නා මුල්ම දේ කුමක්ද ? අඩු ගානේ මේ තොරතුර ඇසුන වට, එසේ මිලට ගන්නට මුලින්ම ඔබට සිතට ආ දේ කුමක් වේද ? …... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – සිරිත් විරිත් – පුද පූජා ඇදහිළි සහ විසිතුරු බඩු

ලංකාවේ වෙස් මුහුණු වල එක් එක් ගුරු කුලයන්ට අදාළ ලකුණු පෙනී යයි. නමුත් ඒ ගුරු කුළ අතර වුවද තනන වෙනස් මුහුණු වල පොදු සමානතා ඇත. මෙන්න මේ සමානතාවය අප්‍රිකාණු මුහුණු වල නැත. එසේ නැත්නම් එසේ සමානතාවයක් සොයා ගැනීමට මා අපොහොසත් වී ඇත. එසේ හෙයින්දෝ අප්‍රිකාණු ප්‍රාදේශීය වෙස් මුහුණක් ගැන දෙදෙනෙක් කියන දේ ඉඳුරා වෙනස් අදහසක්... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – මිනිසුන් සහ ඉතිහාසයෙන් බිඳක්

                                               මේ කතාව ඉතා පුළුල් මාතෘකාවක් නිසා, මා කියන දෙය තුල ඇත්තේ ඉතා කුඩා අන්තර්ගතයකි. එහෙත් ඉන් යම් අදහසක් හෝ ඔබට ඇති වන්නේනම් සතුටු වෙමි.කාර්මික විප්ලවය ආරම්භ වූ කාලයේ සිට බොහෝ යුරෝපීයයන් අප්‍රිකාවේ සම්පත් සඳහා තරඟ කිරීම තීව්ර කළහ. කාලයක් යන විට දකුණු දෙස ඇති අප්‍රිකාවේ කෙළවර වටා මුහුදෙන් ගොස්, ආසියාවටද ඔවුන් යාත්‍රා කළහ. සූවස් ඇළක්... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – ක්‍රවුන් රත්තරන් පතල් සංකීර්ණය.

1909 දී ආරම්භ කරන ලද, “ක්‍රවුන් පතල”, එවකට අතිවිශිෂ්ට පතලක් විය: එය රත්‍රන් ටොන් 80 ක් නිෂ්පාදනය කළ නමුත් 1950 දශකය වන විට එහි රත්තරන් සංචිත ක්ෂය වී ගියේය. “ක්‍රවුන් පතල් සංකීර්ණය” අවසානයේ 1976 දී වසා දමන ලදී. නමුත් නැවතත් විදේශීය සංචාරකයන් හට එය දැක බලා ගැනීම සඳහා නැවත විවෘත කිරීම කරන ලදී.එහි පහතට යන... Continue Reading →

රටෙන් රට – දකුණු අප්‍රිකාව – හොල්මන් බෝනික්කන්

                                                    මෙය කියැවිය යුත්තේ අද රාත්‍රී දහයෙන් පසුව යයි මා යෝජනා කරමි. ;)අප්‍රිකාවේ ඇති විශ්වාස සහ ඇදහිළි ගැන ලිවීමට මේ ආකාරයේ ලිපි දාහක් වත් අවශ්‍ය වනු ඇත. එය වෙනම ක්‍ෂේත්‍රයකි. හරි නම් පශ්චාත් උපාධියක් සඳහා නිරීක්‍ෂණ, පරීක්ෂණ සහ නිගමනයන්ගෙන් යුතු දැවැන්ත ක්‍ෂේත්‍රයකි. මේ විශ්වාස සහ ඇදහිළි අතරට බෝනික්කන්ද පැමිණ ඇත.බෝනික්කන් සහ ඒ සම්බන්ද ඇදහිළි විශ්වාස පැමිණෙන්නේ... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – ජොහැන්නස්බර්ග්

                                       නිවාඩු දිනයක දකුණු අප්‍රිකාවට ගියෙමි. සවස් වරුවේ කරන්න දෙයක් නොවුණු හෙයින්, හෝටලයේ සිට කිලෝ මීටර් 4 ක් පමණ ඈතින් ඇති නගරයට ඇවිද ගියෙමි. ඉතා ධනවත් ජනතාව සිටින ලකුණු පෙන්වන විශාල නිවාස පාර දෙපස තිබිණ. ඒ නිවාස වලටම අයත් යයි සිතිය හැකි නාන තටාක සහ හොඳින් සකස් කරන ලද උද්‍යාන දැකිය හැකි විය. පදික වේදිකා ඇති... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑