රටින් රට – ජෝර්දානය – පෙට්‍රා

                                                    මිය ගියද මිනිසුන් නැවත උපදින්නට ඇති අසීමිත ආශාව හෙවත් භව තණ්හාව ගැන දැනගන්නට නම්, ඊජිප්තුවේ අද්විතීය නිර්මාණ වල පසු කලෙක තැන්පත් කල මමී ගැන දැන ගත යුතුය. නැතහොත් ජෝර්දානයේ පෙට්‍රාහී ඇති නටබුන් නගරය ගැන දැන ගත යුතුය. ජෝර්දානයේ පෙට්‍රා යන ප්‍රදේශය, මළ මිණී තබා ගැනීමට ගලේ කෙටු ගොඩනැගිළි ඇති ස්ථානයක් බව ගවේෂණ වලින් සොයාගෙන ඇත. ... Continue Reading →

රටින් රට – බැප්ටිසම් සයිට්ස්, මළ මුහුද, මළ මුහුදු පත්‍රිකා සහ ජෝර්දානයේ හැඩරුව

ජෝර්දාන් ගඟට නැඟෙනහිරින්, මළ මුහුදට කිලෝමීටර් 9 ක් පමණ උතුරින් ඇනස්ටේෂස් අධිරාජ්‍යයා විසින් (ක්‍රි.ව. 491-518) ඉදිකරන ලද බයිසැන්තියානු පල්ලියකට සම්බන්ධ වැලි ගල් කුළුණු විශාල සංඛ්‍යාවක නටබුන් සහ අත්තිවාරම් නවීන ගවේෂකයෝ සොයා ගත්හ.මෙම පල්ලිය ජෝර්දාන් ගඟේ නැගෙනහිර ඉවුරේ පිහිටි ශාන්ත ජෝන් බැප්ටිස්ට්ගේ වඩාත් කැපී පෙනෙන අනුස්මරණ දේවස්ථානය ලෙස සැලකේ. තියඩෝසියස් (ක්‍රි.ව. 530) මෙසේ ලිවීය:... “ස්වාමින් වහන්සේ... Continue Reading →

පැරණි තෙස්තමේන්තුවේ කියන ස්වර්ගය කුමක්ද ?

නයිල් ගංගා ශිෂ්ටාචාරය දියුණුවත්ම ඊජිප්තුවේ පිරමීඩ තැනින. ඒවා තනන්නට බොහෝ කලකට ප්‍රථමයෙන්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා ආශ්‍රයෙන් ආසියාවේ තවත් ශිෂ්ටාචාරයක් බිහි විය. මේ ශිෂ්ටාචාරය ඇති වූ භූමියට බැබිලෝනියාව සේද, මෙසපොටේමියාව සේද කියනු ලැබේ. මෙය පරණ තෙස්තමේන්තුවේ කියවෙන ස්වර්ගය බව විද්වතුන්ගේ පිළිගැනීමකි.   මේ භුමියේ මුලින්ම ජීවත්වුනේ ගංගා ගලන කඳු උඩින් පැමිණි ‘සුමේරියන්’ යන ජන කොට්ටාශය... Continue Reading →

ජෝර්දානය – පෙට්‍රා සහ මළ මුහුද.

ජෝර්දානය ලොව ප්‍රසිද්ධ වන ප්‍රධාන හේතු දෙකක් ඇත. ඒවා නම් පෙට්‍රා සහ මළ මුහුදයි. පෙට්‍රා යනු කුමක්දැයි මුලින්ම බලමු. මෙතෙන්ට යන කෙනෙක්ට සමහරවිට, තමා සිඳී ගිය ගංගා පත්ලක සිටිනවා මෙන් පෙනෙනු ඇත. එනම් ඔබ ඇවිදින්නේ ගංගා පතළේය. උසැති ඉවුරු ගානට කපා ඔප මට්ටම් කර, නොයෙක් ආකාරයේ ඉතා සුන්දර මන්දිර නිර්මාණය කර ඇත. පෙට්‍රා යන නම... Continue Reading →

ජෝර්දානය – ‘අම්මාන්’ නගරය, එහි පරිසරය සහ එහෙන් මෙහෙන් විස්තර.

මේ රටට මුලින් ලංකාවේ සිට පැමිණෙන කෙනෙක්ට, රට ගැන කියන්න තරම් දෙයක් නැති යයි හැඟෙන්නේ, මෙහි ඇති අර්ධ කාන්තාර තත්වය නිසා මුලින්ම හිතේ ඇතිවන කාලකන්ණි හැඟීම නිසා වේ. කෙසේ වුවද තරමක් සොයා බැලූ විට යම් යම් වැදගත් තොරතුරු සමූහයක් සොයා ගත හැක. නගරයේ අතරින් පතර ඇති ගස් කේතුධර ආකාරයේ හැඩයක් ගනී. කුඩා කාලයේ භූගෝල පාඩමේ... Continue Reading →

ජෝර්දානය – මළ මුහුද සහ ඒ අසළ අතීත තොරතුරු

ජෙරුසලමට හැතැප්ම 15ක් නැගෙනහිරෙන් ඇති මළ මුහුද ලෝකයේ පහත්ම ස්ථානය වන්නේය. එය මුහුදු මට්ටමෙන් අඩි 1300 ක් පහළය. මළ මුහුද ගැන කියනවා නම්, එහි ඔබ පිහිණුවොත් ඔබව ගිලෙන්නේ නැති බව ඔබ මේ වනවිටත් දන්නවා ඇත. එහි ගිළී මැරෙන කෙනෙක් නැති වුවද, එහි වෙන ගැටළුවක් ඇත. ඔබ ඒ මුහුදට පැන්නොත්, ඒ වතුර යම් හෙයකින් ඇසේ ගෑවුනොත්... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑