අළුත් අවුරුදු නැකතෙන් අපේ ජීවිත අර්ථවත් කර ගන්නා අයුරු.

ජ්‍යෝතිෂය ගැන සැලකීමක් නැති, එය විහිළුවක් යයි සිතන අය, කරුණාකර මේ ලිපිය නොබලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමගින් අප දෙපාර්ශයේම කාලය නාස්ති වනවා පමණි. අද වැනි ව්‍යසනකාරී තත්වයක් ඇති කලෙක මොන අවුරුදු නැකත්ද, මොන නව වසරක්ද සේ කෙනෙක් අහන්නට පුළුවන. කෙසේ වුවද සියළු දේ අනිත්‍ය වන්නේය. රෝගයෙන් සාගින්නෙන් පීඩිත වූ මේ යුගයද කවදා හෝ අවසන්... Continue Reading →

  කොරෝනා ව්‍යසන තත්වය ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කල හැකිද ?

සාමාන්‍යයෙන් මා ලිපියක් ලියන්නේ ඉතාම කැමැත්තෙනි. සතුටෙනි. මක්නිසාදයත්, යමෙක් ඉන් ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබනවා නම් එය මටද සතුටකි. නමුත් මේ ලිපිය ලියන්නේ නම් කැමැත්තකින් නොවේ. කීප වතාවක් ලිවීම ආරම්භ කර අතහැර දැම්මෙමි. එයට හේතු දෙකක් ඇත. පළ වැන්න නම් දෙයක් සිදු වූ විට එයට ගැලපීමට කරුණු ගොනු කරනවා යන අපවාදයෙන් මිදීමය. කෙනෙක් එසේ මට චෝදනා... Continue Reading →

ජ්‍යෝතිෂය සහ එය ලොව පැතිර ඇති ආකාරය.

ජ්‍යෝතිෂය ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් බහුලව භාවිතා වන්නේය යයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් ඇමරිකාවේ හොලිවුඩ් නගරයේද එංගලන්තයේ ලන්ඩනයේද , ජර්මනියේ මියුනිච් නගරයේද, ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේද වැනි බොහෝ නගර වල එය භාවිතා වේ. එහි තේරුම ජ්‍යෝතිෂය වැරදි හෝ නිවැරදි යන්න නොවේ.   කලකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායක, ‘ඌතාන්ට්’ හට, එම සැසි වාරයන් පැවැත්වීමට ශුභ වේලාවන්... Continue Reading →

සම නිවුන්නුන්ගේ [Identical twins] ජීවිත එකට බැඳෙන ගුප්ත ආකාරයන්.

ප්‍රසිද්ධ ලේඛයෙක් වූ 'ඇලෙක්සැන්ඩර් ඩුමා' විසින් රචිත The Corsican brothers යන නවකතාවේ එන නිවුන්නු දෙදෙනෙක් ගැන ඔහු මෙසේ ලියයි. … “ලුවිස් ද්වන්ධ සටනකදී මරණීය තුවාල ලැබී අසු පිටින් වැටිණි. ඔහුගේ සම නිවුන් සහෝදරයා වන මේ වෙලාවේ කෝසිකාවේ කඳුකරයක අසු පිටින් යමින් සිටියේය. ලුසියන්ට ඒ වෙලාවේ, වෙඩි උණ්ඩයක් වැදුනාක් මෙන් පපුවේ විශාල වේදනාවක් ඇති විය. මෙය... Continue Reading →

ඒරාෂ්ටක නිසා, ග්‍රහ සංයෝග වල බලය අඩුවීම.    

වෘෂභ ලග්නයැති ජන්මියාගේ මේ ගත වන්නේ රාහු මහ දශාවේ, සිකුරු අතුරු දශාවේ බුදගේ විදශාවයි. ඔහුගේ බුද උපතේදී වක්‍රව අස්ථව ඇත. එනම් පොදුවේ ගත් විට එය ‘බහිර් සංයෝගය’ යන හොඳ යෙදුමක් වේ. නමුත් බුද නවාංශකයේ නීච විය. මේ බහිර් සංයෝගය ගෝචර වශයෙන් යෙදෙන විට ඇතිවන ප්‍රතිඵල කුමක්දැයි ස්වීම මේ සටහනේ අරමුණ වේ.  ජූලි 20 සහ අගෝස්තු... Continue Reading →

මානසික රෝග සහ ආබාධිත කෙනෙක්ගේ කේන්ද්‍රයක්. 

බුදු දහමේ කර්ම සහ ජ්‍යෝතිෂයේ එයට ඇති සම්බන්දය ගැන ලියූ පළමු ළිපියටද මෙය සම්බන්දය. මේ ළිපිය අවසානයේ දමා ඇති හඳහනේ ඇති ග්‍රහ පිහිටීම් මගින්, බුදු දහමේ කියැවෙන කර්මානුරූප ලැබීම් සහ නොගැලපීම් සාකච්චා කරමු. පස්වැන්න – කටත්තා කර්මය පෙන්වයි. යම් පිනක් හෝ පවක් කිසි අදහසක් නැතිව කල ස්ථානයයි. දුර දිග නොබලා කරන දෙයයි. සැක සහිත කටයුතු... Continue Reading →

ඊජිප්තුව 28 – මහා පිරමීඩය සහ ලෝකයේ ජ්‍යාමිතික දත්ත අතර ඇති සම්බන්දතා.

කුඩා කාලයේ භූගෝලය ඉගෙන ගන්නා විට අප ඉගෙන ගත්තේ ඊජිප්තුව නයිල් නදියෙන් පෝෂණය වූ රටක් බවත්, එහි ඇති පිරමීඩ තනා ඇත්තේ පුරාණ ඊජිප්තු රජවරුන්ගේ දේහයන් තැන්පත් කිරීමට බවත්ය. නමුත් පිරමීඩයක ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇතුලේ ඇති කාමරවල ප්‍රමාණය ඉතා කුඩා වේ. කෙනෙක් මියගිය විට අනිවාර්යයෙන්ම සිරුර දිරා යන බව පැරණි ඊජිප්තු ජාතකයන් දනී. මොන ආකාරයේ දියුණු... Continue Reading →

හඳහන් මගින් කිව හැකි මානසික රෝග

මානසික රෝගයක් ඇතිවීමට විශේෂයෙන්ම සඳුගේ තත්වය නිරීක්‍ෂණය කල යුතුය. සඳු නීචව, එසේ නැත්නම් සඳු ලග්නයට අශුභ ග්‍රහයෙක් ව සිටීම, සඳු නීච ග්‍රහයෙක්ගේ නැකතක සිටීම, ලග්නාධිපති රාහු සමඟ සිටීම මානසික රෝග ඇති වීමට හෝඩුවාවකි. මානසික රෝග ඇතිවන කාලයද වැදගත් වේ. සඳු ශනි සමඟ සිටි කල ඇතිවන ඒරාෂ්ටක කාල තුල මානසික රෝග ඇති විය හැක. මේ සියළු... Continue Reading →

ජ්‍යෝතිෂය ඇසුරෙන් පෙනෙන ලිංගික ගැටළු.

7 වන රාශියෙන් විවාහය, විවාහ සහකරු මෙන්ම ලිංගේන්ද්‍රිය වැනි දෑ නියෝජනය වන බව අප දනිමු. මනුෂ්‍යයා දළ වශයෙන් දෙකොටසකට බෙදෙන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලෙසිණි. එහෙත් මේ ස්ත්‍රී- පුරුෂ ආකාරයට වෙනස් අයුරෙන් පුද්ගලයන් බිහිවන බව අපි දනිමු. ස්ත්‍රියක් වුවද පුරුශාකාර මෙන්ම, පුරුෂයෙක් වුවද ස්ත්‍රීආකාර මෙන්ම පුද්ගලයන් බිහි වෙති. එනම් ස්ත්‍රියකගේ සිරුරක සිටින පුරුෂ මනසක් මෙන්ම පුරුෂ... Continue Reading →

22 වන දෙර්කානාධිපතියා, 64 වන නවාංශක අධිපතියා සහ මරණය.- දෙවන කොටස.

2006 මාර්තු 30 දින උදේ 07:40 ට ගම්පහ උපන් දැරියගේ මේ කේන්ද්‍රය වෙනත් පෝස්ට් එකක් හරහා, ඇයට ඇති විය හැකි ලෙඩ රෝග ගැන ඔබගේ මතය විමසුවෙමි. කීප දෙනෙක් ඒ ගැන තම මත ප්‍රකාශ කර තිබුණි. ඒ ගැන මා ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙමි. එසේ මත විමසුවේ කිසි කෙනෙක් අපහසුතාවයකට පත් කරවන්නට නොව, යථෝක්ත විෂයය අන්‍යයන් දකින්නේ... Continue Reading →

22 වන දෙර්කානාධිපතියා, 64 වන නවාංශක අධිපතියා සහ මරණය.

මරණය වන ආකාරය සඳහා ජ්‍යෝතිෂ නියමයන් බොහෝ ප්‍රමාණයක් නොයෙක් පොත් පත් වල ලියා ඇත. 8 අධිපති සහ 2, 7 ස්ථාන වල අධිපතියන්ගේ හැසිරීම් රටා මේ නියාමයන්ට පාදක වන්නේය. ඒ කෙසේ වුවත් කෙනෙක්ගේ මරණය වීම සිදුවීමට අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවයන් වන්නේ, ලග්නය, සඳු සහ රවී ගෝචර සේ භේධ වීමය. සඳු ජීවය වේ. රවි ආත්මය වේ. මෙහි... Continue Reading →

මිනිස් චාරිකා [4] – ඇසිරියානු, චැල්ඩියානු ශිෂ්ටාචාර.  

‘සුර අසුර යුද්ධය’ කියා යුද්ධයක් ගැන අප අසා ඇත්තෙමු. මේ සුර අසුර යුද්ධය සිදු වූයේ බැබිලෝනියානුවන් සහ ඇසිරියානුවන් අතර බව සමහර ඉතිහාසඥයන් පවසන දෙයකි. එහෙත් ඒ මතය සනාථ කරන්නට ඇති තරම් සාධක නොපෙනේ.  ඇසිරියානුවන් දරුණු මිනිසුන් වූහ. යුධ උපක්‍රමයේ අති දක්ෂයන් විය. මුලින්ම යුද්ධ සඳහා යකඩ ආයුධ භාවිතා කලේ ඔවුන් විසිනි. යකඩ ආයුධ ඉන් පෙර... Continue Reading →

මිනිස් ආකල්ප වෙනස් කරන චන්ද්‍ර චක්‍රය.

ආදරවන්තයන් අතර ඇති ආදරය, රාගය, ගෘන්ගාරාත්මක අදහස් සඳ මෝරන කාලයට වැඩි වන බව කියති. එසේම ලී සඳහා ගස් කපන ගැමියන්, සඳ මෝරා ඇති දිනවල ගස් කැපීමෙන් වැළකීමට උනන්ඳු වේ. ඒ කාලයට ගස් කැපුවහොත් එම ලී වලට ගුල්ලන් විදින බව ගැමියන් දැන සිටියහ. කතාවට වුවද,... “සඳ මෝරන විට පිස්සන්ගේ පිස්සුව වැඩි වෙනවා යයි ද කියමනකි. සඳ... Continue Reading →

ධූම කේතු හෙවත් වල්ගා තරු.

හේලිගේ වල්ගා තරුව ගැන අප කුඩා කාලයේදී අසා ඇත්තෙමු. මේ ධුම කේතුව පායන කාලයේ විවිධ ආකාරයේ අතුරු අන්තරා ඇතිවන බව ජ්‍යෝතිෂ වේදීන් කියා තිබිණ. තාරකා විද්‍යාඥයන් නම් මේ ධුම කේතු පෑව්වාට එයින් ඇතිවන අපල උපද්‍රවයක් ගැන කියන්නේ නැත.   ධූම කේතුද අනෙකුත් ග්‍රහ වස්තූන් සේ හිරු වටා ඉලිප්සීය ගමන් මාර්ගයක ගමන් කරයි. එහි ආලෝකය වැඩියෙන්ම... Continue Reading →

දෙදෙනෙක්ගේ ගැලපීම හෝ නොගැලපීම ජ්‍යෝතිෂය මගින් කිව හැකිද ?

මේ කාලයේ ජ්‍යෝතිෂය ගැන කියන, ලිපි දෙකක් බුකියේ පලව තිබිණ. එකක අසා තිබුනේ පොරොන්දම් බලා විවාහ වීමේ පලක් තිබේද වැනි දෙයකි. අනෙක් ලිපියේ හඳහන විශ්වාස කරනවාද සහ, දෙතැනකින් කියන අනාවැකි වෙනස් වන්නේ ඇයිද යන්නය. තවත් ප්‍රශ්ණයක් සේ; සුනාමි වැනි ව්‍යසන පුරෝකථනය කල නොහැකි වුනේ මන්ද කියා අසා තිබිණි. දෙවනුව අහන ප්‍රශ්නයට නම් තර්කානුකූල පිළිතුරක් ඇත.... Continue Reading →

අතෙන් කියවෙන මිනිස් ගති.

මෙහි පින්තුර දෙකක් දමා ඇත. ඩොලර් නෝට්ටුව මත තබා ඇති මහපටැඟිල්ල සහිත රූපයේ ගැන කිවහොත්; එම නෝට්ටුවෙන් කියන කතාව අමතක කර, ඒ මත තබා ගෙන සිටින මහපටැඟිල්ල දෙස බලන්න. එය අමුතු ය. හස්ත රේඛා ශ්‍රාස්ත්‍රයේ නීති අනුව ඒ ආකාරයේ ඇඟිලි වලට කියන්නේ, ‘ඉඟටි ඇඟිල්ලක්’ කියාය. එනම් එහි හැඩය, ගැහැණියකගේ  ‘ඉඟටියක්‌’ආකාරයේ’ වැනි හෙයින් මෙන්ම, ඇඟිල්ල අවසානය... Continue Reading →

ජ්‍යෝතිෂය සත්‍යයක් වේද ?

ඇත්තටම මේ ලිපිය ලියන්න හේතු වුනේ, ‘කෙනෙක් කුජ හෝ ශනි 7 සිටියහොත් ඔහුට ආදර සම්බන්දතා අයට ආදර සම්බන්දතා ඇති වෙන්නේ නැහැ නේද යන කෙනෙක් ඇසූ ප්‍රශ්ණයකට උත්තරයක් ලෙසිණි. ප්‍රවීනයෙක් නොවුණද, ඉහත සේ ප්‍රශ්ණ අහන අයට වඩා දෙයක් දනිමි. පහතට කතාව කියවන්න. යම් යම් විෂයයන් සඳහා ජීවිතයේ අප ගන්නා තීරණ නිවැරදිද තාර්කිකද යන්න එසේ නැත්නම්, කිසියම්... Continue Reading →

ජ්‍යෝතිෂය – කාල සර්ප යෝග උපත්. [1 කොටස.].

සති කිහිපයකට පෙර ‘චාමර වන්නිආරච්චි’ මහතා විසින් කාල සර්ප යෝගය කුමක්ද එහි ප්‍රතිඵල මොනවාද යයි සේ අසා ලිපියක් දමා තිබිණ. කාල සර්ප යෝගය අවාසනාවන්ත යෝගයක් යයි බොහෝ දෙනා අදහස් පළ කර තිබිණි. ඒ යෝගය ඇති අමුතුම හඳහන් හතරක් සොයා ගත්තෙමි. මේ සඳහා ‘ජගන්නාත හෝරා’ මෘධුකාංගය භාවිතා කලෙමි. එය ඔබට අන්තර්ජාලයෙන් නොමිළේ ලබා ගත හැක. මේ... Continue Reading →

ජ්‍යෝතිෂය – කාල සර්ප යෝග උපත්. [2 කොටස].

මෙහි [1] කොටස ඔබ බලන්නට ඇතැයි සිතුවෙමි. දරුවන් තවම කුඩා නිසා, මව ඔවුන් පෙන්වන්නට එතරම් කැමැත්තක් නොදක්වයි. එසේ හෙයින්, ඒ මවගේ සුන්දර ලොකු දියණියගේ පින්තුරයක් මේ සමඟ දමා ඇත. මේ සුන්දර දරුවන් රුසියන් සම්භවයකින් යුතුය. ඔව්,... මේ පූසන් හතර දෙනෙක්ගේ වෙලාවල් හතරකි. 1 ලිපියේ දමා ඇත්තේ මුලින්ම ලැබුණු පූසාගේ උපන් වෙලාව අනුව තැනූ කේන්ද්‍රය වේ.... Continue Reading →

පින්තුරයක් සහ සිතුවමක්

  මේ තිත් ඇති ඉහත පින්තුරය සහ සිතුවම් මොනවාද ? පහත සටහන බලන්න පෙර, මඳක් ඒ දෙස බලන්න. හැකිනම් අනුමාන කරන්න. අනෙක් සිතුවම ගැන විස්තර, ඒ සිතුවමේම ඇත. ඒ රූපය රැගෙන ඇත්තේ 1969 දිනමිණ වෙසක් කළාප පොතකිනි. ඔව් මේ අහසයි. මෙහි ගැලැක්සි 48,741 ක් තිබේ. එක් ගැලක්සියක තරු කොපමණ නම් ඇතිද යන්නට හරියටම උත්තරයක් නැත.... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑