චීනයේ ජල විදුළි බලය.

                                                නිරිතදිග චීනයේ ජින්ෂා ගඟේ පිහිටා ඇති බයිහෙතන් වේල්ල, එහි පළමු 1GW ජනන ඒකක දෙක ක්‍රියාත්මක කළේ චීනය පොසිල ඉන්ධන භාවිතය ඉහළ යෑම අඩු කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ය. 2022 ජුලි වන විට වේල්ල එකම ධාරිතාවයකින් යුත් ඒකක 16 ක ක්‍රියාත්මක විය යුතු අතර, එය සමස්ත විදුලි උත්පාදනය දෙවැනි වන්නේ චීනයේ යැංසි ගඟ දිගේ... Continue Reading →

බල ශක්ති දූපතක්.

                                                                    නිවාස මිලියන තුනකට ප්‍රමාණවත් ශක්තියක් සපයන යෝධ දූපතක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ඩෙන්මාර්කයේ දේශපාලනඥයන් විසින් අනුමැතිය ලබා දී තිබේ.එය ඩෙන්මාර්ක ජාතිකයන්ට පමණක් නොව අසල්වැසි රටවල විදුලිබල ජාලයන් සඳහා ද විදුලිය සපයනු ඇත. එම රටවල් තවමත් සවිස්තරව දක්වා නොමැති නමුත් ඩෙන්මාර්කයේ කාර්මික විශ්ව විද්‍යාලයේ, “මහාචාර්ය ජේකොබ් ඔස්ටර්ගාඩ්” BBC නාලිකාවට  පැවසුවේ එක්සත් රාජධානියට මෙන්ම ජර්මනියට හෝ නෙදර්ලන්තයට ද ඉන්... Continue Reading →

ස්කොච් කසිප්පු සහ පුනර්ජනන බල ශක්තිය.

                                                  ස්කොච් විස්කි වලට, “ස්කොච් කසිප්පු” යයි කීවේ ඇයි කියා කෙනෙක් අහන්න පුළුවන. ඊට හේතුව ලිපියේ අග ඇත. ඉන් පෙර ඔවුන් ඒ කසිප්පු හදන්නට, පුනර්ජනන බල ශක්තිය භාවිතා කළේ කෙසේද යයි බලමු. “නෝවා නවෝත්පාදනය” [Nova Innovation] සේ හඳුන්වන සමාගම, ස්කොට්ලන්තයේ බටහිර වෙරළට ඔබ්බෙන් දිය යට ටර්බයින මාලාවක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. එම ටර්බයින මගින් දේශීය ස්කොච්... Continue Reading →

සුන්දර අයිස්ලන්තය.

අයිස්ලන්තයේ සුප්‍රසිද්ධ නිල් කලපුවේ [Blue Lagoon], රයික්ජාවික් [Reykjavik] අගනුවරට නුදුරින් පිහිටි සංචාරකයින් සඳහා, එහි ඇති උණු වතුර උල්පත් විශාල ආකර්ෂණයකි.අයිස්ලන්තයේ සිත් ඇදගන්නාසුළු ලාවා සහිත තට්ටු නිවාස, හිමෙන් වැසුණු කඳු වැටි, ග්ලැසියර, ගිනි කඳු සහ උණුසුම් උල්පත් ඒවා ආකර්ණීය දර්ශන වේ. පෘථිවියේ අත්ලාන්තික් කඳු මුදුන යන්නේ පිහිටා ඇති මේ භූ දර්ශන දැකීමට සෑම වසරකම වැඩි වැඩියෙන්... Continue Reading →

වාහන විත්ති 430 – නොරොච්චෝලේ බලයෙන් විදුළි වාහන ආරෝපණය ?

                               මේක ටිකක් දිග කතාවක්. හැබැයි ඔබ මේවා කියවලා නැත්නම්, දන්නේ නැත්නම්, කට වාචාල කමට කියවන එවුන්ට දෙන්න ඔබට උත්තර නැති වෙනවා. විශේෂයෙන් මේ කාලයේ ටෙක්නිකල් , නන්-ටෙක්නිකල් කියා වෙනසක් නැහැ. හැමෝම මේවා දැන ගෙන ඉන්නා එකේ වරදක් නැහැ. මොකද, ජීවත් වෙන්න නම් පරිසරය ආරක්ෂා කරගත යුතු නිසා.පරිසරයත් ආරක්‍ෂා කරන ගමන් වාහනයක් ගන්න ඔබට හිතෙන්නේ නැද්ද... Continue Reading →

ජලාශ වල සූර්ය පැනල සවි කිරීම වැදගත් වන්නේ ඇයි ?

                            මුල් කාලයේ ජල විදුළි හා සූර්ය බලශක්ති බලාගාර වෙන වෙනම සංවර්ධනය කලද, මෑතකදී, ජල හා සූර්ය බලාගාර, සූර්ය සහ ජල විදුළි බලාගාර සමඟ ඒකාබද්ධ වීම ආරම්භ වී ඇත. එනම් ජලාශවල පාවෙන සූර්ය පැනල සවි කිරීමයි. ස්වාභාවික ඉඩම් අත්පත් කර නොගෙන නව සූර්ය පැනල ස්ථාපිත කිරීම මගින් වේලි වලට වැටෙන සූර්ය තාපය මගින් වේලි ආරක්ෂා කිරීම... Continue Reading →

වැසි දෙවියන් හිරු දෙවියන් සහ සුළං දෙවියෝ

ලංකාවේ දිනකට පුච්චා දමන ෆොසිල ඉන්ධන ප්‍රමාණය කොපමණක්ද යයි ඇසුවොත් බොහෝ දෙනෙක් එය නොදන්නා බවට සැක නැත. ඒ අයගේ හුදී ජන ප්‍රසාදය සඳහා මෙසේ සඳහන් කළහොත්...ඔව් ...එය බැරල් 65,000 කට සමීප ප්‍රමාණයකි . ..! ..!! ...දැන් මේ බැරල් එකක ඇති එකම එක තෙල් බින්දුවක් ලංකාවේ නිෂ්පාදනය වන්නේද යයි ඇසුවහොත්, … ඊට උත්තරය නම් ඔබ බොහෝවිට... Continue Reading →

තොරතුරෙන් යාවත්කාලීන නොවූ ලංකාවේ ඉහළ පෙළ නිළධාරීන් සහ, සුළං මෝල් වගතුග.

       කිසියම් දෙපාර්තමේන්තුවක සභාපති හෝ ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ද ඇමතිවරයා එම දෙපාර්තමේන්තුවේ කුඩා තොරතුරක් නොදැනීම එතරම් ගැටලුවක් නොවේ. උදාහරණයක් සේ දුම්රිය සාමාන්‍යධිකාරී තුමා, ‘කුඩා දුම්රිය එන්ජිමක, ‘අශ්ව බලය’ හෝ එහි ‘ව්‍යාවර්තය’ ගැන දැන ගෙන නොසිටීම එතරම් ගැටළුවක් නොවේ. එහෙත් ඒ කුඩා එන්ජිමෙන් කඳු සහිත බදුල්ල මාර්ගයේ බරැති බඩු පෙට්ටි රැසක් අදින්නට නොහැකිය යන සාමාන්‍ය දැනුම ඔහුට තිබිය... Continue Reading →

සාමාන්‍ය කෙනෙක්ට බල ශක්තිය පිළිබඳ තේරුම් ගැනීමෙන් වැඩක් තිබේද ?

මෙයට කෙටි උත්තරය ‘ඔව්’ යන්නය. අනාගත ලෝකයට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ආහාර, ජලය සහ බල ශක්තියයි. මෙහිදී ඒ ගැන දැන ගැන්ම වැඩක් නොවන්නේද ?   මිනිසා සමාජයීය සත්වයෙකි. තනිව පැවැත්මක් නැත. එවිට එක මිනිසෙක් හෝ මිනිස් සමාජයක් කරන කියන දෙය, තවත් මිනිසෙක්ට හෝ මිනිස් සමාජයකට බලපෑම් ඇති කරයි. අප මේ කියන්න යන විෂයද එසේමය. ඒ නිසා... Continue Reading →

ජල විදුළි බලාගාරයක් නවීකරණයෙන් ලැබූ ප්‍රතිලාභ

ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන වලින් දිවෙන බලාගාර හැර, අන් ශක්ති ප්‍රභවයන් ගේ වටිනාකම එන්න එන්නම වැඩි වේ යයි අපට සැක හැර මේ කාලයේ කිව හැක. ඉන් එක විශේෂ හේතුවක් වන්නේ, ගල් අඟුරු නැව්ගත කිරීමේදී ඇතිවන ඕනෑම දුෂ්කරතාවයක්, රටක විශාල විදුලි බිඳවැටීමකට තුඩු දිය හැකි හෙයිණි. අද දින ලෝකය කොරෝනා රෝගය හරහා තෙවන ලෝක සංග්‍රාමයක... Continue Reading →

පාවෙන සූර්ය පැනල

සූර්ය පැනල, බල ශක්තිය ලබා ගැනීම සඳහා අඩුම වියදමකින් යුතුව අද දින භාවිතා කල හැකි බව කුඩා දරුවෙක් වුවද දන්නා දෙයකි. මේ තත්වය තවත් ප්‍රායෝගික වීමට වෙනත් තාක්ෂණික ක්‍රමද ඊට සම්බන්ද වීම සතුටකි. එයින් එක ක්‍රමයක් වන්නේ, සූර්ය පැනල ජලයේ පාවීමට සැලැස්වීමයි. මෙහි ප්‍රයෝජන කීපයකි. ඒවා නම්, සූර්ය පැනල හිරු තාපය නිසා රත් වීම වැළකීමෙන්... Continue Reading →

ලංකාවේ පොම්ප හයිඩ්රො බලාගාර ඇතිකළ නොහැකිද ?

ලෝකයේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විදුළි වාහන දෙසට ගමන් කරන බව හෙට පායන හිරු මෙන් පැහැදිළිය. එහෙත් ඒ පායන හිරු මුවහ කරන්නට, බල ශක්ති විශේෂඥයෝ යයි කියන යම් යම් අය උත්සාහ කරති. සාමාන්‍ය ෆොසිල ඉන්ධන මෝටර් රථයක හෙලවෙන කැරකෙන කෑලි 2000 කට ආසන්න ප්‍රමාණයක් ඇත. එහෙත් ලෝකයේ මෙතෙක් නිර්මාණය කර ඇති සංකීර්ණම විදුළි වාහනය වන ටෙස්ලා X... Continue Reading →

බලය විත්ති 123 – බල ශක්තිය ගබඩා කරන ආකාරය.

    සූර්ය පැනල කොතරම් මිළ පහළ බැස්සද රාත්‍රී කාලයේ එයින් ඇති වැඩක් නැත. තවද හිරු වළාකුලෙන් වැසෙන විට ඒ පැනල වලින් ලැබෙන ශක්තිය අඩු වී යයි. සුළං බලය ඊළඟට මිළෙන් අඩුව යන බල ශක්ති ප්‍රභවයයි. එහෙත් සැමවිටම වෙනස් වන සුළං ප්‍රවාහයකින් ලැබෙන බල ශක්ති ප්‍රමාණය ගැන අනාවැකි කීම සහ ඒ බලය මිනිස් අවශ්‍යතාවලට යොදාගැනීමේ... Continue Reading →

ජාත්‍යන්තර මිහිකත දිනය සහ මිහිකත මාසය.

ඇත්තටම, ‘මිහිකත දිනය’ යනු කුමක්ද ?   මේ දිනය ලෝකයේ ස්වභාවික පරිසරය ගැන උනන්දු වන දිනයයි. එය වැටී ඇත්තේ අප්‍රියෙල් 22 දිනට අතර රටවල් 192 ක ජනතාව එය සමරන්නේ ජාති, ආගම් කුල ගෝත්‍ර භේදයක් නොමැතිව වේ. ලෝකයේ පවත්නා පුළුල් ජෛවී විවිධත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමටත් ඒ විවිධත්වය පවත්නා ශාඛ, සතුන් සහ පරිසරය ආරක්ෂා කිරීම මෙහි... Continue Reading →

බලය විත්ති 110 –  දකුණු කොරියාව 2020 වසරේදී 100% ක් පුනර්ජනනීය බල ශක්තිය ලබා ගන්නා ආකාරය.

පුනර්ජනනීය බලය ලොව ඕනෑම රටකට වැදගත් වන හේතු කීපයකි. බල ශක්තියේ සුරක්ෂිත භාවය, පරිසරයට හිතකාරී වීම, ජීව විවිධත්වය ආරක්ෂා කිරීම, හරිතාගාර වායු අවමයක් කිරීම , ආර්ථික වශයෙන් නව රැකියා උත්පාදනය වැනි දේ වේ. 1990-2004 වසර තුල දකුණු කොරියාවේ බල ශක්තිය ලබා ගැනීමේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනය දෙගුණයකින් වැඩි වූ බව සොයා ගෙන ඇත. 1946-1997 වසර කාලය... Continue Reading →

බලය විත්ති 027 : Taum Sauk පොම්ප බලාගාරය හෙවත් ලෝකයේ ඇති විශාලතම බැටරිය.

මිනිස් ඉතිහාසයේ විභව ශක්තිය, චාලක ශක්තිය බවට හරවා බලය ගැනීම සිදු වූයේ අද ඊයේ සිට නොවේ. සුළං මෝල් ඊට උදාහරණයකි. අද ඇති ජල විදුළි බලාගාර සඳහා ‘සුදු ගල් අඟුරු’ යන අන්වර්ථ නාමය දේ. එනම් එයින් ඇතිවන කාබන් විමෝචනයක්, හරිතාගාර වායු නැත. ජල විදුළි බලාගාරයක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඇත. විශාල ජළ පරිමාවක් රඳවා ගත හැකි... Continue Reading →

ජල විදුළිය නිෂ්පාදනය කරන්නේ කොහොමද?

ජල විදුළිය නිෂ්පාදනය කරන්නේ කොහොමද?  ... මේ දවස්වල ලොකුවට කතාකරන දෙයක් තමා විදුළි බල ශක්තිය. මේ මාතෘකාව මෙතන දමන්නේ ඇයි කියා, ඔබ සමහර දෙනෙක්ට ප්‍රෙහෙලිකාවක් වෙන්න පුළුවන්. හේතුව වූයේ, විදුළි බල අර්බුධයක් අනාගතයේ තව වසර දෙකකින් පමණ, ලංකාවේ අපට මුහුණ දෙන්න වෙනවා කියා විදුළි බල මණ්ඩලයේ සමහර මහතුන් අනාවැකි ප්‍රකාශ කරන නිසයි. ඒ අදහස් අපට... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑