ජපානය සහ කොරෝනා වසංගතය.

                                          ජපානය කියා කියන විටම හිතට එන්නේ, ඉතා විනයගරුක ජනතාවක් ඇති ධනවත් රටක් යන්නය. නමුත් ඕනෑම රටක පිස්සන් සිටින බවක් පෙනේ. මක්නිසාදයත්, මේ පින්තුරයේ ආකාරයට කොරෝනා වසංගතය නොතකා  ඔලිම්පික් ප්‍රථම ගිණි දල්ල බලන්නට පැමිණි මේ... Continue Reading →

ජපානයට බෝම්බ දැමීම සහ සහනාධාර.

මේ සමඟ දමා ඇති පින්තුර මුලින්ම බලන්න. එහි කළු සුදු ජයාරූප හිරෝෂිමා සහ නාගසාකි නගර වලට ඇමරිකානුවන් බෝම්බ දමා විනාශයට පත් වූ විට ගත් පින්තුර වේ. අතහැර දමා මෙන් පෙනෙන පින්තුර ඇමරිකාවේ ඩෙට්රොයිට් හී පින්තුර වේ. විදුළි බල්බ වලින් දිලෙන ජනාකීර්ණ නගර වල පින්තුර, පරමාණු බෝම්බය දමා අවරුදු 67 ක් ගිය කල, ජපානයේ එම හිරෝෂිමා... Continue Reading →

ජපානය – අයෝකිගාහාරා කැලෑව.

ෆූජි කඳු පාමුල ඇති මේ කැලෑ ප්‍රදේශය ලෝකයේ සිය දිවි නසා ගැනීම් වූ තෙවන ස්ථානය සේ සැලකේ. මෙසේ වන්නට හේතුව කුමක්ද?   ‘ජුකායි’ සේ කෙටියෙන් හඳුන්වන මේ සදාහරිත කැලෑව, මීට අවුරුදු දහසකට පෙර ෆූජි ගිනි කන්ද විදාරණය වීමෙන් ගලා ගිය ලාවා මත නිර්මාණය විය. ‘ජුකායි’ යන්නේ තේරුම, ‘ගස් වලින් තැනුණු මුහුද’ යන්නය. එනම් බොහෝ ගස්... Continue Reading →

ජපානයේ උද්‍යාන.

උද්‍යාන නම් කොහේ තිබුනත් එකම ආකාරය කියා ඔබ සිතන්නේ නම් එය එතරම් සාධාරණ නැත.   ආසියාවේ හෝ බටහිර ඇති උද්‍යාන වල බොහෝ විට දකින්නට ඇත්තේ, ‘මිනිස් සතා’ කේන්ද්‍ර කරගත් දර්ශන ඇති උද්‍යාන වේ. මිනිසාට සතුට පහසුව ගෙන එන ආකාරයේ දේ එවැනි උද්‍යාන වල බොහෝ සෙයින් දැකිය හැකිය. උදාහරණයක් සේ එවැනි උද්‍යානයක ‘බාබකියු’ සඳහා ස්ථානයක්, ක්‍රීඩා සඳහා... Continue Reading →

ජපානයේ ෂින්ටෝ ආගම.

ඉතා කෙටියෙන් ෂින්ටෝ ආගම යනු කුමක්දැයි කිවහොත්, ජපානයේ ඈත අතීතයේ සිටි නොයෙක් ගෝත්‍ර නායකයන් මිය ගිය පසු දේවත්වයට එසවීමෙන් පසු එම දෙවියන් වටා තැනුණු ප්‍රාදේශීය ආගම් වේ. නොයෙක් ආකාරයේ පුද සිරිත් ඇති ෂින්ටෝ ආගම බුදු දහමෙන්ද යම් යම් කරුණු කාරණා රැගෙන ඇත. මේ කියන ලද ප්‍රාදේශීය නායකයන් ආගමික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හී බලය දැරුහ. එම දෙවියන්... Continue Reading →

මිනිස් චාරිකා [40] – ජපානය සහ ආසියාව.

යුරෝපයේ ඇති වූ කාර්මික විප්ලවය නිසා වෙළඳ සහ අනෙකුත් සමාජ පරිවර්තනයන් වූයේ යුරෝපා රටවල් වල පමණක් නොවේ. එය ජපානය, චීනය, ඉන්දියාව, පර්සියාව වැනි රටවල් වලටද බල පෑවේය. මෙහිදී ජපානය අනෙක් ආසියාතික රටවල් වලට වඩා වෙනස් වූයේ ඉතා ඉක්මනින් අළුත් අදහස් ග්‍රහණය කර ගැනීමෙනි. ආසියා මහාද්වීපයෙන් මෙන්ම පැසිෆික් දූපත් වලින් පැමිණියා යයි අනුමාන කෙරෙන ජපන් ජාතිකයන්,... Continue Reading →

වාහන විත්ති 346 – වැගන් ආර් විදුළි වාහනය.

ලංකාවේද ඉතාමත් ජනප්‍රිය වුණු වැගන් වාහනය, අනාගතයේ විදුළියෙන් ක්‍රියාත්මක කෙරෙන වාහනයක් වීම සතුටට කාරණයකි. මේ වැගන් ආර් වැනි වාහන වැනි කුඩා වාහන මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව සහ මේවා මෙතරම් මිළ අධික වන්නට හේතුව කුමක්ද ? වැගන් ආර් වාහනය ජපානයේද ජනප්‍රිය වන්නට හේතුවක් ඇත. බොහෝ අය සිතා ගෙන සිටින්නේ දියුණු රටවල් වල පාරවල් ලොකුවට පළලට ඇත... Continue Reading →

වේගයෙන් නැතිවන රැකියා සහ රොබෝ වරු.

අප කරන රැකියා අවිධිමත් සහ විධිමත් සේ කොටස් දෙකකට බෙදිය හැක. අවිධිමත් සේ හඳුන්වන්නට හැකි එක රැකියාවකට උදාහරණයක් සේ රටකින් රටකට ගොස් කරන කිසියම් විශේෂ කාර්මික රැකියාවකි. එනම් සේ අහස් යානා නඩත්තු ඉංජිනේරුවෙක් ගත හැකිය. එනම් ඔහු කරන රැකියාවේ ඇති පරාමිතික වෙනස් වීම විවිධ වේ. එහෙත් කිසියම් නිශ්චිත ස්ථානයක සිට තවත් තැනකට බඩු ගෙනයන රියැදුරෙක්... Continue Reading →

පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීම සහ ජපානයේ නාගසාකි නගරය.

පළමු පරමාණු බෝම්බ පරීක්ෂණය ට භාවිතා කල නම හෙවත් කෝඩ් එක වූයේ ‘ට්‍රිනිටි’ යන්නය. පරමාණුක උපකරණය [Atomic device ] යන්නට කියන ලද්දේ ‘ගැජට්’ යන්නය. 1945 ජූලි මාසයේ 16 දින මේ පරමාණුක බෝම්බය පරීක්ෂා කර පුපුරවන ලද්දේ, නිව් මෙක්සිකෝ හී ‘ට්‍රිනිටි’ යන ස්ථානයේ විය. මෙයට ‘ට්‍රිනිටි’ සේ නම ලැබුණු ආකාරයත් අමුතුය. පරමාණු බෝම්බයේ පියා යයි හැඳින්වෙන... Continue Reading →

ජපානයේ වැසියෝ සහ ෆුජි කන්ද සහ ඒ අසල ඇති මිරිදිය විල්.

      ජපානය කියන නම ඔබට ඇහුණාම මොනවාද හිතට එන්නේ?... වාහන, ඉලෙක්ට්‍රොනික බඩු, වේගයෙන් යන කෝච්චි? ...? , කාර්ය ශුර මිනිසුන්? ...ලෝකයේ ඇති ධනවත්ම රටක් ..... එහෙම නේද? ඔව් ජපානය ලෝකයේ ඇති දියුණුම මෙන්ම ජපානය කියන්නේ ධනවත්ම රටක්. එහෙත් ඒ විතරක් නොවේ. මේ රටේ ජනතාව ඒ ධනයෙන් බලයෙන් උදම් වෙලා ඔවුන්ගේ ජාතිය නැති කරගෙන නැහැ. ජාතියක්... Continue Reading →

ජපානයේ බුදු දහම

   ඉන්දියාවේ අශෝක රජතුමාගේ කාලයට පෙර චීන බෞද්ධ භික්ෂුන් වහන්සේලා බුදු දහම ජපානයට ගෙන ගිය බවට සාධක සාක්ෂි ජපානයේ ඇත. එහෙත් නිළ වශයෙන් බුදු දහම ජපානයේ පිළි ගැනීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 552 දී විය. ඉන් පෙර බුදු දහම ජපානය ඇතුලත ප්‍රචාරය සිදු වුනේ සේද මාවතේ වෙළඳාමේ ගිය වෙළෙන්දන් සමඟ සංචාරය කල බෞද්ධ භික්ෂුන් වහන්සේලා... Continue Reading →

ජපනුන් සිතන අයුරු.

  ගුවන් යානයට නැගුනේ හැරමිටියක් අතින් ගත් අවුරුදු 70 ක පමන පෙනුම ඇති කාන්තාවකි. මගියන් යානයට නැගීමට පෙර ශාලාවේ සිටිය නොයෙකුත් මගීන් දෙස බැලූ මා දුටුවේ ඇය පමනක්ම නොවේ, යුරෝපීයයන්ද, බොහෝ ජපාන ජාතිකයන්ද නෙට්බෝල් කන්ඩායමක, එම කන්ඩායමේ නම මුද්‍රිත කල ඇඳුම් ඇඳි සුරූපී ලලනාවන් පිරිසක්ද ඒ අතර වූහ.. පැය 12 ක දීර්ඝ ගමනක් යන විටක... Continue Reading →

ජපානයේ වී ගොවිතැන

ජපානයේ වී ගොවිතැන        ජපානයේ වී ගොවිතැන අවුරුදු 6000 කට පමණ ඈත කාලයකදී පවා පැවතුණා යයි සාක්කි ඇත. තවත් වැදගත් කරුණක් නම්, ජපානය ලෝකයේ වී ගොවිතැන කරන රටවල් අතරින් නවවන ස්ථානය ගන්න බවය. මෙය වෙන රටකට නම් ලොකු ප්‍රවෘත්තියක් නොවන්නට ඉඩ තිබුනද, ලෝකයේ තුන්වන ආර්ථිකය උසුලන ජපානය, වී ගොවිතැන සම්බන්දව වද වෙන්නේ කුමක් නිසාදැයි ඔබට... Continue Reading →

ජපනා හපනා.

... කාලය මෙන්ම ඉඩකඩද මැනවින් ප්‍රයෝජනයට ගන්නා ජපනාගෙන් අපට ගත හැකි පාඩම් බොහෝය. මා දශක කීපයකට පෙර ජපන් බොස් කෙනෙක් යටතේ වැඩ කලෙමි. කාර්‍යාලයට මුලින්ම එන්නේ ඔහුය. ඔහු වැඩ ඇරී ගෙදර යන වෙලාව දන්නේ, දෙවියන් පමණි. එහෙත් සති අන්තයේ ඇති, වැටෙන්න බොන පාටියේ, අවසාන මී විත සමාප්ත කරන්නේද ඔහුමය. පහුවදා සියල්ලන් තරමක් ප්‍රමාද වී පැමිණියද,... Continue Reading →

ජපානයේ ගැට මාස්ටර්ලා, සමමිතික අසමමිතික භාවය මනින අයුරු, ගැට කපන්නෝ සහ තවත් අනං මනං…

ජපානයේ ගැට මාස්ටර්ලා, සමමිතික අසමමිතික භාවය මනින අයුරු, ගැට කපන්නෝ සහ තවත් අනං මනං...  ... ජපානය කියන්නේ, අරුම පුදුම මිනිස්සු ඉන්න රටක්. කිසිම විශේෂ දෙයක් හොයාගත්ත නැති ඔවුන්, අනෙක් අය කල දේවල් විශිෂ්ටත්වයට පත් කරලා දක්ෂයන් වුනා. වාහන තාක්ෂනය එක උදාහරණයක්… … තව උදාහරණයක් විදියට සටන් ක්‍රම. කරාටේ වල පටන් ගැන්ම ඉන්දියාව කියනවා. ඉන්දියාවේ සිටිය... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑