ථාර් කතරේ වගාවක්.

  අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ... Continue Reading →

පොහොර නැහැ, රසායනික බෙහෙත් නැහැ .. කෘෂිකර්මය සඳහා හුදෙක් සූර්ය ශක්තිය පමණයි.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගොවියෙක් වන, ‘කයිලාෂ් මුර්ති’ විසින් කරන ලද කෘෂි පරීක්ෂණය ගැන සිත් යොමු කිරීම වටී. පාරිසරික විද්‍යාව [Ecology] පැවතීමට ආර්ථික විද්‍යා [Economics] තත්වයන් අනවශ්‍ය වුවත්, ආර්ථික විද්‍යා තත්වයන් පැවතීමට පාරිසරික තත්වයන් අවශ්‍ය වේ. බැංකුවක නිළධාරියෙක් වී පසුව ගොවියෙක් වූ ‘කයිලාෂ් මුර්ති’, මේ යතාර්ථය අපහසුවෙන් අවබෝධ කර ගත් කෙනෙකි. කර්ණාටක ප්‍රාන්තයේ ඇති අර්ධ කාන්තාර... Continue Reading →

අපට නැතිවුණු දේශීය පළතුරු

දශක කීපයකට පෙර ගම්මානයක ඔබ්බේ ඇති ළඳු කැලෑවේ, බඩවැටියේ, පාර අයිනේ හෝ කුඹුරු අද්දර ඕනෑ තරම් පළතුරු තිබිණ. දම්, මාදම්, හිඹුටු, බෝවිටියා, උගුරැස්ස, නෙල්ලි, වීර, රට ලාවුළු, පලු, ලාවුළු, පේර, ඇඹුල් පේර, කෝන්, ඇඹිල්ල, කරඹ, කොම්පිඥ්ඥා, මොර, අත්තික්කා, වල් උගුරැස්ස, වෙරළු, පිනි ජම්බු සහ ජම්බු වැනි ගස් වැනි ගස් වලින් කිහිපයක් හෝ වැවී තිබිණ.  ... Continue Reading →

මී මැස්සන් මිලියන 37ක් මිය ගිය ආකාරය …

මාස කීපයකට පෙර හිතවතෙක්ගේ හෝටලයකට ගියෙමි. අඳුරු වැටෙන විටදීත් ඒ හෝටලය වටා විදුළි බුබුළු දල්වා නොතිබීම තරමක කුතුහලයක් දනවන දෙයක් වූයෙන්, කුමක් නිසා එසේ කරන්නේදැයි ඇසුවෙමි. … “මී මැස්සන් මැරෙන හෙයින් යයි”...ඔහුගේ පිළිතුර විය. ඔහු එය සනාථ කරවන්නට එක විදුළි බුබුලක් දල්වා පසුදින එය බලන්න යයි කීවේය. ඒ අවට මී මැස්සන් බොහෝ ගණනක් පණ අදිමින්... Continue Reading →

මී මැස්සා

මී මැස්සන්, මිනිසා ගැන කුමක් හිතනවා ඇතිද? මේ ගැන කාටුන් චිත්‍රපටයක් වූ ‘Bee Movie’ යන්නේ, ‘බැරී බී. බෙන්සන්’ යන උපාධිධාරී මී මැස්සා කියා ඇත්තේ මෙසේය. … “වායු චාලක විද්‍යාවේ මෙතෙක් දන්නා සියළුම නීති සහ නියාම අනුව මී මැස්සාට පියාසර කල නොහැක. මී මැස්සා ගේ කුඩා පියාපත් වලින්, උගේ තරබාරු සිරුර පොළවෙන් ඉහළට එසවිය නොහැක. එහෙත්... Continue Reading →

සළාද කොළ නෙළන රොබෝ සහ ලංකාවේ තේ නෙළීම

      එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් එක්ව සළාද කොළ නෙළන රොබෝවෙක් නිර්මාණය කර ඇත. මෙය රොබෝ විද්‍යාවේ [Robotics] කඩ ඉමක් මෙන්ම කෘෂි කර්මයට පරිඝනක විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පැමිණෙන බවට පැහැදිළි ලකුණකි. මින් පෙර සාර්ථක ආකාරයෙන් ස්ට්‍රෝබෙරි නෙළීමට රොබෝ කෙනෙක් භාවිතා කරන ලද බව ඔබ සමහරවිට අසන්නට ඇත.  මේ මොහොතේ නම්, ‘Vegebot’... Continue Reading →

ආහාර නිෂ්පාදන ක්‍රම පුළුල් නොකළහොත් අනාගත ලෝකයට සිදු වන දේ.

ලෝකයේ ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම වන ආකාරය එක් ප්‍රදේශයක් තවත් ප්‍රදේශයකට සම්බන්ද නොවන සේ පැවතීම වැදගත් යයි විද්‍යාඥයෝ කියා සිටිති. උදාහරණයක් සේ ලංකාව බහුලව භාවිතා කරන මයිසුර් පරිප්පු ඉන්දියාවෙන් එවන තුරු නොසිට ලංකාවේද වගා කිරීම වැනිය. එම පරිප්පු ලංකාවේ වගා කල නොහැකි නම්, ඒ සඳහා ආදේශකයකට අනුගත වීම වඩා වටී. එසේ නැතිනම් වන්නේ සමාජයේ... Continue Reading →

පරිසරයට අවශ්‍ය කුඩා සතුන්ගේ පැවැත්ම.

ලෝකයේ දේශගුණය නූතන යුගය තරම් දූෂණය වූ කාලයක් මිනිස් ඉතිහාසයේ මෙතෙක් ඇති වී නැහැ. මේ ගැන ලෝකයේ විශාල කතිකාවතක් පැවතුනත්, ඉතා අඩු සීමිත කොටසක් පමනක් ඒ බව දැන ගැනීම නිසා දූෂණය වූ පරිසරය යථා තත්වයට පත් කිරීම සිහිනයක් වී තිබෙනවා. මෙන්න මේ හිඩැස පිරවීමට උත්සාහ දැරීම අපගේ වගකීමක් වෙනවා. එනම් මේ ආහාර දාමයේ පහත ඇති... Continue Reading →

කුඩා පොකුණක් තනමු. [1] 

මේ ආකාරයේ ව්‍යාපෘතියක විශාල පරාසයක් තියෙන බව ඔබ දන්නවා. ඒ විශාල පරාසය කෙනෙක් මේ වෙනුවෙන් යොදන මුදල හෝ මහන්සිය මත වෙනස් වෙන්නට පුළුවන්. මහල් නිවාසයක සිටින කෙනෙක්ට පොකුණක් හදන්නට නොහැකි බව පැහැදිළි කාරණයක්. එහෙත් ඒ මහල් නිවාසයේ එළි පත්තේ ඉඩක් තිබේ නම්, තරමක් විශාල පෝච්චියක වුනත් කුඩා පොකුණක් ආකාරයේ ජලජ පරිසරයක් නිර්මාණය කල හැක. චීනයේ... Continue Reading →

නූතන නළ පාන ජාතකය. 

ඔබ නළ පාන ජාතකය අසා ඇති සිතමි.  නැත්නම් එය කෙටියෙන් කිවහොත්, බෝධිසත්වයන් වඳුරු නායකයෙක්ව සිටි කල, නියඟයකදී තම රැළ සමඟ ජළය සොයා ගෙන ගියේය. එක්තරා පොකුණක බීමට සුදුසු ජළය තිබුණු බව දුටු අනෙක් වඳුරෝ පොකුණ වෙත එකෙනෙහිම පැන දිය පානයට තැත් කලද, නායක වඳුරා වූ බෝධිසත්වයන් නිරීක්ෂණය කලේ, පොකුණට ගියවුන් ගේ පාද සලකුණු මිසෙක, පොකුණෙන්... Continue Reading →

දූරියන්

ගෙඩි පළදාව ඇති දූරියන් ගසක් යටට අලියෙක්වත් යන්නට අකමැති බව ඔබ දන්නවාද ? දූරියන් ගෙඩියක් අලියෙක්ගේ ඇඟට වැටුණත්, එයින් අලියාට වුවද හානියක් විය හැක. මේ අතර තායිලන්තයේ, දූරියන් ගෙඩියකින් කෙනෙක්ට පහර දුන්නොත් ඒ ගැන වෙනම නීතියක් ක්‍රියාත්මක වන්නේ එයින් ඇති කල හැකි තුවාල මරණීය වන්නට හැකි හෙයින් වේ. දඬුවම තීරණය වන්නේ ඇනුණු කටු ප්‍රමාණය මතය.... Continue Reading →

ලංකාවට වැසි නොලැබීම පුදුමයක් නොවේ.

… ලංකාවේ අද ඇති දැවෙන ප්‍රශ්නය ... ! මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂගේ, නාගානන්ද ගේ, සජිත් ප්‍රේමදාසගේ නැතහොත් මෛත්‍රිපාල සිරිසේන, චම්පික ගේ හෝ පල්ලෙවත්තගේ නැතහොත් බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ක්‍රියාකාරකම් හෝ දේශපාලන දැක්මද ? එසේත් නැතහොත් ලංකාවේ පෙරහැරවල් වල අලි ගෙන යෑම හෝ පන්සල් පල්ලි වල කෙරෙන ආගමික සිරිත් විරිත්ද ? එසේත් නැතහොත් නොයෙක් නිකායයන් වල... Continue Reading →

පොල් වතුර.

අපේ වැඩිහිටියන් කවදාවත් පොල්  වතුර අහක දැම්මේ නැත. පොල් ගෙඩියක් බිඳින  ලැබෙන පොල් වතුර බොහෝ විට පාවිච්චි කලේ කරෝල හෝ හාල් මැස්සන් හොද්ද සඳහාය. එහෙත් ඒ පොල් වතුර විශාල ප්‍රමාණයක් ලංකාවේ දිනපතා අහක යයි. පොල් ගා දෙන ස්ථාන වල ගෙඩිය බිඳ ගැනීමේදී ඒ පොල් වතුර අනිවාර්යයෙන්ම කුණු කාණුවට යන බව අත්දැකීමෙන් දනිමි. පිලිපීනයේ නම් මේවා... Continue Reading →

ගස් සිටවමු. 

ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා -පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං- තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති -ධම්මට්ඨං සීලසම්පන්නා- තෙ ජනා සග්ගගාමිනො. - සංයුත්තනිකාය. යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස... Continue Reading →

ඊශ්‍රායලයේ ගොවිතැන

කලකට පෙර යුදෙව්වෙක් සමඟ ගුවන් යානයක් එකට වාඩි වී දකුණු අප්‍රිකාවට යාමට සිදු විය. එහිදී කෑම ලැබෙන වෙලාවට පෙර ඔහුට, මුලින් කෑම ලැබිණි. කෙනෙක් ශාඛ භක්ෂිකයෙක් නම් සාමාන්‍යයෙන් අහස් යානයක ලබා දෙන ආහාර මුලින් ලැබේ. එහෙත් මේ යුදෙව්වා එසේ ශාඛ භාක්ෂිකයෙක් නොවීය.   ඒ ගැන ඔහුගෙන් විපරම් කල විට ඔහු කීවේ, ඒ කෑම යුදෙව් ආකාරයට... Continue Reading →

හැඳි මිටේ දිග 13 – කෝවක්කා – දියවැඩියාව මඩින දිව්‍ය ඖෂදය

රතු සහ කොළ පැහැයෙන් යුතු බල්බ මෙන් පහළට එල්ලුණු කෝවක්කා ගෙඩි එකල නිවසක මිදුලේ සුලභ දර්ශනයක් විය. අද  දින කෝවක්කා වැල් දැකිය හැකි වුවද, ගෙඩි දැකීමට ලෙහෙසි නැත්තේ ඒවා වැවෙන විටම වල් පැළෑටි සේ ගලවා දමන නිසාදැයි සැක සිතේ.                                ... Continue Reading →

පෝෂ්‍ය ගුණයෙන් පිරි හතු

මගේ ඥාති මල්ලි කෙනෙක් කලකට පෙර හතු තැනීම සඳහා, ඔහුගේ නිවස අසබඩ කුඩා මඩුවක් තනා එය ඇතුලත පොල්ලෙලි වලින් පිරවීය. ඒ මඩුව තෙතමනයෙන් යුතු බව පමණක් මතකය. කෙසේ හෝ තවත් සති කීපයක් ගිය තැන මඩුව ඇතුළත, ඒ පොල් ලෙලි පුරා හතු වැවී තිබිණ. ඒ කාලයේ ඒ හතු මඩුවෙන් සැලකිය යුතු මුදලක්ද සෙවූ ඔහු, කුඩා කාලයේ... Continue Reading →

රසායනික පොහොර සහ කෘමි නාශක නැති රටක්.

ඉන්දියාවට අයත් ඉතා කුඩා ප්‍රාන්තයක් වන ‘සිකීම්’ ජනපදය මේ වාර්ථාව තබා ඇත. පසුගිය වසර පහළොව තුලම මේ වාර්ථාව තබා ගැනීමට ඔවුන් සමත් වූහ. මේ හේතුව නිසා ජනපදයේ වන සතුන් මෙන්ම, මී මැසි ජනගහනයේද වර්ධනයක් වී ඇත. සිකීම් ජනපදයේ සිටින ජනගහනය 660,000 ක් පමණි. රසායනික පොහොර සහ කෘමි නාශක නැතිවීම හේතුවෙන් බොහෝ විදේශ සංචාරකයන් අතර මේ... Continue Reading →

‘කොල්ලන්ගේ මල’ ගැන විස්තරයක්’

‘කොල්ලන්ගේ මල’ ගැන විස්තරයක්. සියළුම කොල්ලෝ, මේ මල ගැන දත යුතුය. එහෙත් මේ ගැන වැඩියෙන්ම දන්නේ කෙල්ලෝමය. ඝර්ම කලාපීය රටවල් වල සාර්ථකව වැවෙන ‘කොල්ලන්ගේ මල’ [Boy’s flower] හෙවත් ඇන්තුරියම් ශාඛය, ‘ටනල්’ හෙවත් ආරක්‍ෂිත ගෘහයක් ඇතුලේ මෙන්ම, එළියේද පැල කරන්න පුළුවන්. මේ මලට ‘කොල්ලන්ගේ මල’ කියා කියන්නේ ඇයි කියා මල දෙස බැලූ විට කොල්ලන්ට තේරෙනවා. එහෙම... Continue Reading →

Blog at WordPress.com.

Up ↑