නයිජීරියාවේ සහ කෙන්යාවේ වෙසෙන වීථි දරුවෝ. 

                              ඇත්තටම මා නයිජීරියාව සහ කෙන්යාව ගැන පමණක් කීවද, පාරට වැටුණු දරුවන් [Street children] අප්‍රිකා මහාද්වීපයේ වෙනත් රටවලද බොහෝ විට දැකිය හැක. ටැන්සානියාවේ ජීවත් වන එවන් අසරණ දරුවන්හට විශාල පිහිටක් වන අප්‍රිකාවේ ප්‍රධාන සංඝ නායක, ‘ගරුතර පූජ්‍ය පඥාසේකර නාහිමියන්’ මෙහිදී සිහිපත්... Continue Reading →

අපේ ආදී මුතුන් මිත්තෝ

අපේ අතීතය කොතරම් දුරකට නම් සොයා යා හැකිද යන ප්‍රශ්නයේදී පරම්පරා හත අටකට පමණ එහා ඈතට යන විට ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපැහැදිළි වේ. ඒ ආකාරයේ කෙටි අතීතයක් සෙවීමට පරම්පරා දත්ත, ඉඩම් නඩු සහ තෝම්බු ප්‍රයෝජනවත් වේ. නමුත් යටත් විජිත කාලයට පෙර සිටි මී මුත්තන් ගැන සෙවීමට මේ තොරතුරු අප්‍රමාණවත් වේ. හුදෙක් කුතුහලය නිසා මේ... Continue Reading →

අපි පැමිණියේ කොහෙන්ද ?

ලෝකයේ කොයි කොනක බැලුවත්, අද ජීවත් වන මිනිසා එකිනෙකාට එතරම් වෙනස් නොවේ. සංස්කෘතීන්, ආගම් ජාතීන් යන සීමා පැත්තකට දැමූ විට අදලොව විසිර සිටින ‘හෝමෝ සේපියන්’ යන මිනිසාගේ වෙනස්කමක් ඇත්තේම නැති තරම් වේ. මානවයාගේ ඇරඹුම සඳහා වූ ගවේෂණ, ඉතියෝපියාවේ දී සොයාගත් ඉතා වැදගත් සාධකයක් වන ‘ලුසී’ සොයා ගැනීමට පෙර සිටම ආරම්භ විය. මෙහිදී එක මානව විශේෂයක්... Continue Reading →

බලය විත්ති 119 – කෙන්යාවේ සූර්ය බලයේ වගතුග.

මින් වසර කිහිපයකට පෙර, කෙන්යාවේ බොහෝ වේගයෙන් ජනප්‍රිය වන සූර්ය බල ශක්ති සැපයුම් ගැන ලිවීමේදී, බල ශක්ති විශේෂඥයන් යයි හඳුන්වන්නා ගන්නා ලද සම ‘හරක්’ , ඊට අවඥාවෙන් සිනහ වුනේ, කෙන්යාවේ පෙට්ටි කඩයක් හෝ හරක් පට්ටියක් සඳහා අවශ්‍ය බල්බය සූර්ය බලයෙන් දල්වා ගත හැකි වුවද, ලංකාව වැනි රටකට සූර්ය බලය නොගැලපේ යයි කියමිනි. එහෙත් කෙන්යාවේ මේ... Continue Reading →

කෙන්යාව -ජිරාෆ් සතුන්.

වන සතුන් ගැන කුඩා කාලයේදී අසන විට, ජිරාෆ් සතුන් ගැන එක් ප්‍රසිද්ධ දෙයක් අප දැන සිටියෙමු. ජිරාෆ් ට කිසිම ශබ්දයක් කල නොහැක. මෙය සත්‍යයක් නොවේ. මේ සතුන්ට කුඩා විසිල් හඬක් මෙන් ශබ්දයක් ඇති කල හැක. මේ සතුන් ගේ පින්තුර ගත්තේ කෙන්යාවේ මසයිමාරා ප්‍රදේශයේ දී විය. ජිරාෆ් ගේ ජීවිත කාලය වසර විසි පහක් පමණ වේ. ලෝකයේ... Continue Reading →

කෙන්යාව – මසායි වරුන්ගේ ඇදහීම්, චාරිත්‍ර වාරිත්‍ර, නෑ යකුන් සහ භූතාත්ම.

බිම හිඳ ගෙන සිටින මහළු මසායි වරයා දෙස බලන්න. ඔහු දුටු විට, ‘රයිඩර් හැගාඩ්’ ගේ ‘King Solomon’s mines’, යන,  ‘රත්නාගාරය’ සේ සිංහළට හැරවුණු පොතේ හැඩි දැඩි ‘උම්බෝප’ සිහිවිණි. ඔහු මේ සමාජයේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ කෙනෙක් වන්නේ, තරුණ කාළයේ සිංහයෙක් සියතින් අල්ලා ගත් හෙයිණි. සිංහයන් අල්ලන්නට ගිය බොහෝ දෙනෙක් සිංහයන්ගෙන්ම මැරුම් කන ලදී. එහෙත් මේ... Continue Reading →

කෙන්යාව – සීබ්‍රා සතුන් ගේ විස්තර.

 මේ ලිපිය සමඟ ඇති, මසයි මාරා හී සැවනා තෘණ භුමින්හී සිටින  සීබ්‍රා සතුන් ගේ පින්තුර බලන්න. මේ තණකොළ බුදින සතුන් අශ්වයන් සහ බූරුවන් අයිති පවුලටම අයත් වේ. කිසිම සීබ්‍රා සතෙක් ගේ ඇති කළු සහ සුදු ඉරි මෝස්තරය තවත් සීබ්‍රා සතෙක්ට සමාන වන්නේ නැත. මේ හේතුව නිසා එම සතුන් එකිනෙකා හඳුනා ගන්නා බව මසායිවරු කියති. එසේම, ඔවුන්ව මරා ගන්නට... Continue Reading →

කෙන්යාව – මසායි වරු.

කෙන්යාවේ මධ්‍ය පෙදෙස සහ, ටැන්සානියාවේ උතුරු පැත්තට වන්නට වෙන්න ජීවත් වන මසායි වරුන්, 'මා', 'ඩින්කා' සහ 'නුර්' යන භාශා කතා කරන, ඉතා වර්ණවත් රෙදි සහ පබළු අඳින, භීතිය නොහඳුනන ගෝත්‍රික පිරිසකි. කෙන්යාවේ නිළ භාශාවන් වන 'ස්වාහිලී' සහ 'ඉංග්‍රීසි' බසද බොහෝ මසායි වරු කතා කරති. කැලෑ වල සිටින සත්ව සන්නතිය සමඟ සමීප සම්බන්දතාවයක් ඇතිව ජීවත් වන... Continue Reading →

කෙන්යාව – ‘නයිරෝබි’ සිට  ‘මසයි මාරා’ තෙක් ගුවනෙන්.

ගුවන් ගමනක කියන්න ඇත්තේ මොනවාදැයි ඔබ මගෙන් අසනු ඇත. එහෙත් මෙය තරමක් අමුතු ආකාරයේ ගමනක් හෙයින් යමක් ලිවීම වැදගත් යයි සිතුවෙමි. හත් අට දෙදෙනෙක් පමණකට ගුවන් ගත විය හැකි මේ යානාවේ එක් ගුවන් නියමුවෙක් පමණක් සිටින බව ඔබ දකිනු ඇත.  අළුත් මෙන් පෙනුණද මෙය පැරණි පන්නයේ පංකා සහිත යානාවකි. අහසට නැගුණු විට ලංකාවේ තොවිල් ගෙදරක... Continue Reading →

කෙන්යාව – වන ජීවිතය – හිපපොටේමස්.

මේ බැරල් එකක් වැනි සතෙක් දුටු විගස ඔබට මතක් වන්නේ දැවැන්ත ඌරෙකි. මුල් කාලයෙ සතුන් ඌරන් වර්ගයක් යයි සිතන ලද්දේ, දත් වල ඇති යම් සමානකම් හේතුවෙනි. එහෙත් මේ හිපපොටේමස් සතුන්ට, ඌරන්ට අති නෑදැ කමකට වඩා ඇත්තේ අදින් වසර මිලියන පනස් පහකට පෙර ඩොල්පින් සහ තල් මසුන්ට ඇති නෑදෑ කමකි. සහරා කතර යාබදව ඇති රටවල් වල... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑