රටින් රටට වෙනස් වන කිතුණු සම්ප්‍රදායයන්.

                                මේ කාලයේ ජේසු තුමා හදිසියේම, “ භාග්‍යවත්  වූ බව” මේ දිනවල සමාජයේ පැතිර යන ආශිංශනයක් හරහා මෙසේ සඳහන් වේ. … “ ශ්‍රීමත් භාග්‍යවත් ක්‍රිස්තු ස්වාමි දරුවාණන්ගේ උත්පත්ති මංගල්‍යය සිදුවූ බවයි”.... එහෙත් බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණයෙන් බිඳක් කොපිකර,  තවත් “භාග්‍යවත් සාස්තෘන් වහන්සේ කෙනෙක්” ලොවට පහළ වීම සතුටකි.ඒ සඳහා ඇඳ තිබෙන චිත්‍රය ඇඳ ඇත්තේ, ලංකාවේ නුවර... Continue Reading →

ඉතියෝපියාවේ ඇදහිළි සහ ආගම්

                                                      මහන්සි වී වැඩ කල දිනයක ඉක්මනින් නිදා ගතිමි. නිවාඩු ඉරිදා දිනයේ උදේ හයට පමණ මුස්ලිම් යාඥාවක් ඇසී, උඩගොස් බිම වැටී නැගිට්ටෙමි. ඒ “මැකලේ” ප්‍රාන්තය විය. ජනේලය හැර බැලූ විට පෙනී ගියේ, හිස සුදු වස්ත්‍ර වලින් පොරවා ගත් බොහෝ ස්ත්‍රීන් නගරයේ පිහිටා ඇති පල්ලියක් කරා පිය නගන අයුරු විය. එහෙත් ඒ පල්ලිය ගැන මා මුලින් දැන... Continue Reading →

කාලයේ වැලිතලාවෙන් යටවන ඉතිහාසය.

ඊජිප්තුව ආක්‍රමණය කල කාලිඩ් රජතුමා, ඇලෙක්සන්ඩ්රියාවේ පුස්තකාලයේ විශාලත්වය දැක මවිතයට පත් විය. එය එකල ලෝකයේ තිබුණු විශාලතම පුස්තකාලය විය. සමහරවිට ඒ පුස්තකාලය මෙතෙක් ලොව පැවති විශාලතම පුස්තකාලය වන්නටද ඇත. කුරාණය සහ ඉස්ලාමික හදීත් පොත් කීපයක් පමණක් සංසරණය වූ සමාජයක ජීවත් වූ රජතුමා ඇතුළු පිරිස, මෙම පුස්තකාලයේ ගැබ්ව ඇති අප්‍රමාණ දැනුම් සම්භාරයෙන් ශේෂයක් හෝ අවශෝෂණය කර... Continue Reading →

ජේසු තුමාගේ තරුණ කාලය

                                           19 වන ශත වර්ෂයේදී, රුසියානු ජාතික “නිකොලායි නොටෝවිච්” ටිබෙටයේ සංචාරය කරන අතරතුරේ, මේ ආකාරයේ තොරතුරක් එහිදී ලැබීමට සිහිනයකින් වත් සිතන්න නැත. අනතුරකදී පාදය කැඩී ගිය ඔහුට මාස කීපයක් ටිබෙටයේ ජීවත් වන්නට සිදු වූයේ, නැවත සියරට යෑමට පෙර පාදය සුව කර ගැන්ම අවශ්‍ය වූ හෙයිණි. මේ කාලය ඔහු අපතේ යැව්වේ නැත. ඔහු ටිබෙටයේ විස්තර සොයා බැලුවේය.එහිදී... Continue Reading →

පල්ලියක් වසා දැමීම 

                                                     පල්ලියක් වැසීම ගමකට බලපාන්නේ කෙසේද? මෙම ගම්මානවල කතෝලික ජීවිතය, පල්ලි සමඟ අතුරුදහන් වේද? ගමේ සම්ප්‍රදායන් සඳහා පල්ලියක් වැසීම, ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වය සහ ගම්වැසියන් අතර සහයෝගීතාවයේ ප්‍රතිවිපාක මොනවාද? මේවා ගම්මානයකට... Continue Reading →

 සෙබාරංචි කෝලම සහ කොරෝනා වෛරසය.

කොරෝනා වෛරසය ගැන බුකියේ සහ ජංජාලයේ ඇති තරම් තිබෙන නිසා ඒ ගැන වැඩි යමක් කීම අනවශ්‍යය. හුදෙක් එයට මේ සෙබාරංචි කෝලමේ ඇති සම්බන්දය පමණක් පසුව සටහන් කරමි. මුලින්ම කිව යුත්තේ, ‘සෙබාරංචි කෝලම’ කුමක්ද යන්නයි. සුද්දා රට පාලනය කරන සමයේ ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා විසින් ලංකාවේ එක් එක් පළාතට සුදු නිළධාරීන් යවන ලද්දේ, ඒ ඒ පළාත වෙන වෙනම... Continue Reading →

නත්තල් තෑග්ග 

නත්තල කාලයට නිතැතින්ම මට එක්තරා සිදුවීමක් සිහිපත් වේ. ඒ කෙසඟ බැළලියෙක් කල දෙයක් ගැනය. මා සත්ව වෛද්‍යවරයෙක් වීමි. හේමන්තයේ එක දිනයක මට, ‘අයින්ස්වර්ත් නෝනා’ යන කාන්තාවකගෙන් ඇමතුමක් ලැබිණි. අයින්ස්වර්ත් නෝනාට බැසට් හවුන්ඩ් වර්ගයේ බල්ලන් තුන් දෙනෙක් සිටියාය. මා ඇයගේ නිවසට යන විට දුටුවේ ගිණි උදුන ඉදිරියේ ඇති පළස මත සිටගෙන, ගින්දර දෙස තම කහ පැහැ... Continue Reading →

කැලෑවක සටන් විරාමය

[... නත්තල ළඟ ළඟම එන බව ගතේ දැවටෙන සීතල සුළං වලින් දැනේ. උඳුවප් මාසය ආරම්භයේම ඇති වූ සුළං ලංකාවේ මධ්‍යම පෙදෙසට වඩාත් දැනෙන සේය. සාමය ලොවට ගෙනා ඒ ජේසුස් නම් සාන්තුවරයාගේ උදාර පණිවිඩය, වසර ගණනාවකට පෙර කියැවූ Reader’s Digest පොතක තිබුණු නත්තල් කතාවක ගැබ් වී තිබිණ. මතකයේ හැටියට එය මෙසේ වේ. මේ කාළයට එය වඩාත්... Continue Reading →

විද්‍යා සංකල්ප, ආගම සහ නිරාගම. 

බලු නළාවක් හැඬ වූ විට එය බල්ලාට ඇසෙන නමුදු මිනිසාට නොඇසේ. ශබ්ද සංඛ්‍යාත සංකල්පයක් විස්තර නොකර එය කෙනෙක්ට පැහැදිළි කල නොහැක. එක්තරා අප්‍රිකානුවෙක් ගෙන් වඩා වටින්නේ සඳද ඉරද යයි ඇසූ විට, “සඳ ඉරට වඩා වටින්නේය” යයි කියන ලදී. කොහොමත් දහවල් එළිය ඇති හෙයින්, දහවලට පායන හිරුට වඩා රාත්‍රියේ පායන සඳු වටී යන්න ඔහුගේ තර්කය විය.... Continue Reading →

ක්‍රිස්තුස් වහන්සේගේ කේන්ද්‍රය.

ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ප්‍රසිද්ධම පුද්ගලයන් ගෙන් මුල් තැනක සිටී. උන් වහන්සේගේ කේන්ද්‍රය විශ්ලේෂණය කිරීම වැදගත් වන්නේ, එම ග්‍රහ පිහිටීම් තුලින් එම චරිතය තවත් දුරට තේරුම් ගත හැකිද යන කුතුහලයෙනි. මේ කේන්ද්‍රය බුදුන් වහන්සේගේ කේන්ද්‍රය මෙන් ඉතා නිවැරදිව ග්‍රන්තාරූඩ වී නොමැති නිසා, දළ කේන්ද්‍රය පමණක් විශ්ලේෂණයට ගැනීමට සිදු වී ඇත.   කටක දළ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා... Continue Reading →

මනෝ විද්‍යාව සහ ආගම්.

සිංහළෙන් ‘මනෝ විද්‍යාව’ යයි කියන්නේ ඉංග්‍රීසියෙන් Psychology කියා ව්‍යවහාර වන වචනයේ පරිවර්තනයයි. එහෙත් පද දෙකේ වචන ගැනත් එහි ඇති ඉතිහාසයත් ගත් විට, ඒ වචන දෙකෙන් පෙන්වන්නේ වෙනස් හේතුන්ය. ග්‍රීක් භාෂාවේ Psyche ලෙස කියන්නේ ආත්මය හෙවත් Soul යන ඉංග්‍රීසි වචනය මගින් පෙන්වන අර්ථය වේ. බුදු දහමේ හැර මේ ‘ආත්මය’ හෙවත් Soul යන්නට අනෙක් ආගම් වල විශේෂ... Continue Reading →

මිනිස් චාරිකා (18) – මධ්‍යතන යුගයේ පල්ලිය සහ මිනිසුන්ට ඉන් ඇති වූ බලපෑම.

ඔබ ඉංග්‍රීසියෙන් කාට හෝ බනිනවා නම්, ඒ සඳහා අවශ්‍යම වචනයක් ඇත. ඒ අකුරු හතරේ වචනය ඉංග්‍රීසි F අකුරෙන් ආරම්භ වී, K අකුරෙන් සමාප්ත වේ. මේ වචනය කෙසේ නිර්මාණය වී යයි ඔබ සිතන්නේද ? එම වචනය නිර්මාණය වූ දිග හෑල්ල මෙසේ වේ. Fornication Under the Consent of the King. එහි තේරුම, ...“රජුගේ අනුදැන්මෙන් කරන ලිංගික එක්වීම”...වේ.... Continue Reading →

මිනිස් චාරිකා [17-2] – මධ්‍යතන යුගයේ යුරෝපයේ දඬුවම්.

ලිපිය ලියන්නට මුලින් සිත් දුන්නේ නැත්තේ, ඒ සඳහා පාදක වූ කරුණු කියවීම පවා දවසම කාලකන්ණි වීමක් හෙයිණි. විශේෂයෙන් මේ කරුණු පරිවර්ථනය කිරීමට සිත් දෙන්නේම නැත. එසේ හෙයින් ඔබේ දවසද කාලකන්ණි නොවීමට, මේ ලිපිය මෙතනින් එහාට නොබලා ඉන්න යයි කියන්නට කැමැත්තෙමි. අවශ්‍යම නම් මේ සඳහා විස්තර ඇති පොත් වල නම් සොයා ගැන්ම සඳහා පසුව ඇති ජර්මන්... Continue Reading →

මිනිස් චාරිකා [11] – පලස්තීනයේ උපන් නව ආගම සහ ලෝකයට ඉන් ඇති වූ බලපෑම.

  ================================================================== පළවන මතය :-   රෝමන් අධිරාජයෙක් වන, ‘ඔගස්ටස්’ රෝමය පාලනය කරන අවස්ථාවේ, ඒක දේව සංකල්පය අනුගමනය කරන හීබ්රු ගුරුවරයෙක් පලස්තීනයේ කන්‍යාවකගේ කුසයෙන් උපන්නේය. ඔහුගේ පියා දෙවියන් වහන්සේ විය. ‘නාසරත්හී ජේසුස්’ සේ හේ නම් විය. පැරණි හීබ්රු අනාගත වක්තෘන් ගේ අනාවැකි අනුව ඔහු තමා අනාගත වක්තෘ කෙනෙක් බව හඳුන්වා දුන්නේය.   රෝමන් ආණ්ඩුවෙන් ජේසු... Continue Reading →

ළඟ එන නත්තලෙන් ප්ලාස්ටික් ඉවත් කරමු.

රස්නය දැනෙන දහදිය දමන කොළබ නගරයටද මේ කාලයේ සීතල උඳුවප් සුළං සීතල තරමක් දැනේ. … “ … කලකට පෙර ඒ බෙත්ලෙහෙම් - ශුද්ධ වූ නගරේ”...… “ජේසු මෙළොවට බිහි වුයේ - පුංචි ගව මඩුවේ”...// සිංහලෙන් මේ අපූරු ගීතය වාදනය වන විට, ‘බොනී එම්’ ගායක කණ්ඩායමෙන් එය මෙකළ මෙසේ වාදනය වේ. … “Mary's boy child Jesus Christ... Continue Reading →

බූරු කුට්ටම සහ බණ කතාවක්.

බණ කතාව කියන්න පෙර එක ප්‍රශ්නයක් ඔබෙන් අසමි. බූරු කුට්ටමේ සිටින ජෝකර් ගෙන් හඳුන්වන්නේ කුමක්දැයි ඔබ දන්නවාද ?  කානිවල් වල සිටින ජෝකර් ලා එසේ ඇඳ ගෙන සිටින්නේ මන්ද ? දන්නේ නැති අය මේ කොනට එන්න. කුරුස යුද්ධ වලදී මරණයට නියම කල තැනැත්තා මරන්නට පෙර මෙන්න මේ ආකාරයට සරසවන ලදී. බොහෝ විට උළ තබා මරන්නට ගෙන... Continue Reading →

ජෝර්දානය – මළ මුහුදේ ලියැවිලි හෙවත් Dead sea scrolls 3.

මළ මුහුදු පත්‍රිකා වල මූලික අර්ථය ඉහත 1,2 ළිපි වල ලියා ඇත. එය කෙටියෙන් කිවහොත්; එමඟින් ක්‍රිස්තියානි ආගමේ ඇති මූලික විශ්වාසයන් දෙකක් බිඳ වැටේ. එකක් නම්, ජේසු තුමාගේ අනන්‍යතාවය වේ. අනෙක් දෙය වන්නේ ‘ජේසුතුමා විසින් ප්‍රකාශිතයයි’ යන බයිබල් වාක්‍යයන්ය. ක්‍රිස්තියානියේ සත්‍ය ආරම්භකයා, පසුව ශාන්ත පෝල් සේ හැඳින්වූ, රෝමයේ “Saul of Tarus” යන තැනැත්තා බව ප්‍රසිද්ධ... Continue Reading →

ජෝර්දානය – මළ මුහුදේ ලියැවිලි හෙවත් Dead sea scrolls 2

1991 සැප්තැම්බර 22 දින කැලිෆෝර්නියාවේ ‘හන්ටින්ටන් පුස්තකාලයේ’ අධිපතීන් සංකේතාත්මක වැදගත්කමක් ඇති විශේෂ දෙයක්, උගතුන් සමූහයක් මැද ඉටු කළහ. එය නම් මෙතෙක් කාලයක් සඟවා තබා ගත් ‘මළ මුහුදේ ලියැවිලි’ පොදු ජනයාටද කියවීමට ඉඩ සැලැස්වීමය. එය පල්ලියේ ආධිපත්‍යය ගිලිහී ගිය බවට සංකේතයක් විය. මේ දිනය විශ්වාසය බිඳ වැටෙන සත්‍යයට ඉඩ දෙන කාල සීමාවක් උදාවීයැයි සමහරුන් පවසති. මේ... Continue Reading →

ජෝර්දානය – මළ මුහුදේ සොයා ගත් සම් පත්‍ර [Dead sea scrolls] [1]

අවුරුදු 70කට පමණ පෙර බෙඩුයින් එඬේරෙක් ඔහුගේ ගව රැළ දක්කාගෙන ‘කුම්රාන්’ නම් ප්‍රදේශයේ මළ මුහුදේ කඳු බෑවුමක් අසළ ගමන් කරන විට, ගුහාවක තිබි විශාල මැටි කල්දේරමක් ඇස ගැසිණි. එය ඇතුලේ තිබුනේ පැරණි හම් කැබලි සහ පැපිරස් පත්‍රිකා කීපයකි. ඔහු ඒ සොයාගත්තේ, සමහරවිට විසි වන ශතවර්ෂයේ සොයාගත් වැදගත්ම දෙයක් බව මේ නූගත් එඬේරා කිසිසේත් නොසිතන්න ඇත.... Continue Reading →

කුරුස යුද්ධ සමයේ දුන් දඬුවම් සහ සිරිත් විරිත්

කුරුස යුද්ධ සමයේ දුන් දඬුවම් සහ සිරිත් විරිත්  ... මුලින්ම සිරිතක් ගැන කතා කරමු. ඒ කෙනෙක්, අමනාපයකදී සිහිපත් කර කියන ලෝකය පුරා පැතිර ගිය වචනයක් ගැනයි. ඒ වචනයේ සිංහළ තේරුම ‘සංසර්ගය’ යන්නයි. ආදරයට සමීප වචනයක් වන ‘සංසර්ගය’ , අමනාප වූ වෙලාවට ‘අවලම් වචනයක්’ වී, ඒ කියන්නේ මල පනින විට හාවිතා කරන්න ආරම්භ වුනේ කොහොමද ?... Continue Reading →

Blog at WordPress.com.

Up ↑