ශබ්දය. 

ඔබ ගමක සිටින්නේ නම්, කුකුළන් හඬලන ආකාරය, එළ දෙනෙක් කෑ ගැසීම, කෙනෙක් දර පලන ශබ්දයක්, එසේ නැත්නම් ඔබම ඔබේ පුටුව මේසයට ඇද ගන්නා ආකාරය හෝ කෙනෙක්ගේ කට හඬක් වැනි දෙයක් අසනු ඇත නගරයේ ඔබේ නිවස තිබේ නම්, වාහන ශබ්ද ඇසෙනු ඇත. සෑම දොරකම ජනේලයකම ඊට ආවේනික ශබ්දයක් ඇත.  දැන් මෙහි අරුමය කුමක්ද ? අරුමය වන්නේ,... Continue Reading →

වාහන විත්ති 352 – වාහන වල ඇති ඉලෙක්ට්‍රොනික උපාංග

මෝටර් රථ ක්ෂේත්‍රය ඉලෙක්ට්‍රොනික්ස් මෙන් දියුණු වූවා නම්, සාමාන්‍ය මෝටර් රථයක් ඩොලර් 10 කට මිළදී ගන්නට තිබිණ කියා කිසියම් විද්‍යාඥයෙක් කියා සිටියේය. මෙහි සත්‍යයක් ඇති බව පසුගිය කාලය තුල ඉලෙක්ට්‍රොනික්ස් යන්ත්‍රවල මිළ දෙස කල්පනාවෙන් බැලූ විට පෙනේ. ඔබට උදාහරණයක් කියමි. 60 දශකයේ මුල් භාගයේ මගේ පියා, Philips යන ට්‍රාන්සිස්ටර් රේඩියෝව මිළදී ගනු ලැබුවේ රුපියල් 450... Continue Reading →

ස්වභාව ධර්මයෙන් මිනිස් සිරුරේ ඇතිකරන විකෘතිතා.

‘ලියු චුආන්’ යන චීන අධිරාජයා ගේ ඇසක කළු ඉංගිරියා දෙකක් තිබිණ.  මේ විකෘතියට බටහිර වෛද්‍ය විද්‍යාවේ, ලතින් භාෂාවෙන් කියන්නේ ‘Pupula duplex’ හෙවත් ‘Double pupil’ කියාය. දැන් මෙයත් ‘කන්ස්පිරසි තියරි’ කියා කෙනක් කියන්නට පුළුවන. එවැනි අයට මෙහි කියන්න දෙයක් නැත්තේ, අධිරාජ්‍යයෙක් වන ඔහු ගැන ඇතිතරම් චීන සාහිත්‍යයේ සත්‍ය වූ විස්තර ඇති හෙයිණි. ඔහුට එක ඇසක ‘අයිරිස්’... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (13)

කැමරා සම්බන්දව මෙතෙක් ලියන ලද ළිපි මාලාවේ අවසාන ළිපිය මෙය වේ. හොඳ කැමරාවක් මිළ අධික බව ඔබ දනී. එහෙත් එවැනි කැමරාවක් සහ උපාංග ඔබට මිළදී ගැනීමට නොහැකි යයි දුක් නොවන්න. මා මෙතෙක් මේ ළිපි ලිව්වේ ප්‍රධාන කරුණක් සිතේ තබාගෙනය. එනම්, සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයකින් සෑහෙන යමක් කල හැකි බව කීමටය. මේ සඳහා කරුණු දෙකක් කීමට ඇත.... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (12)

ජයාරූප ශිල්පයට එතරම් කැමැත්තක් නැති, එහෙත් එහි ඉතිහාසය ගැන දැන ගන්නට කැමති හිතවතෙක් ඒ ඉතිහාසය ගැන ඇසූ නිසා, මේ ළිපිය ඒ වෙනුවෙන් ලියා ඇත. තොරතුරු අන්තර් ජාළයෙන් සහ පොත පත ඇසුරෙණි. ඇත්ත වශයෙන්ම මේ ළිපිය ලියන්නට තිබුනේ, පළවන ළිපිය ලෙසිණි. මේ දමා ඇති පින්තුරය බොරුවක් කියා ඔබ සිතන්නේද ? එසේ නම් මේ පහත විස්තර බලන්න.... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (11)

            සාමාන්‍ය කාර්මික දැනුම ඇති කෙනෙකුට, කල්පනාවෙන් ලෙන්සයක් ගලවා නැවත සවි කල හැක. එහෙත් එවැනි ආකාරයක ලෙන්ස ගැලවීමකදී, මුහුණ පාන්නට වන තත්ව කීපයකි. එකක් නම් අතේ ඇති ඇඟිලි සලකුණු, එහි ඇති කාච වල නොගෑවෙන ආකාරයෙන් එය කිරීම එකකි. මේ අවුල නම් එපමණ කරදරයක් නොවන්නේ, ඔබ දොස්තර වරු හෝ හෙදියන් භාවිතා... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (10)

එදා පැරණි සිනමා කැමරා කරුවන් සහ ප්‍රවීණ අධ්‍යක්ෂක වරු භාවිතා කල එම සම්ප්‍රදානුකූල ක්‍රම, අදද සාර්ථකව භාවිතා කලහැක. ‘ෆොටෝෂොප්’ එකෙන් හැම දෙයක්ම කල හැකිය යන්න අද දින තරුණ අය සිතති.  එය වැරදි අදහසකි. උදාහරණයක් සේ ‘පෝලරයිසින්’ ෆිල්ටරයක් මගින් ගත හැකි ආචරණය, ‘ෆොටෝෂොප්’ මගින් ගන්නට එතරම් ලෙහෙසි නැත. මේ ආකාරයේ ෆිල්ටරයකින් අනවශ්‍ය පරාවර්තන සෑහෙන්න අඩු කරමින්,... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (9)

මේ කාලයේ සාමාන්‍ය පින්තුර ගන්නා කැමරාවකින්, වීඩියෝ පවා පටිගත කිරීම කල හැක. සමහර කැමරාවල් පමණක් නොව ස්මාර්ට් දුරකථන වලින් පවා, 4K වැනි ඉහළ තලයේ පටිගත කිරීම්ද කල හැක. එසේ හෙයින් කැමරාව අද දින ජීවිතයට තවත් සමීප දෙයක් වෙමින් පවතී. කිසියම් කැමරාවකින් තත්පරයකට ගත හැකි පින්තුර හෙවත් රාමු [Frames] වැඩි නම්, එය යම් විශේෂ අවස්ථාවල් වල... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (8)

මේ අතර තවත් වැදගත් සංකල්පයක් ගැන දැන ගැනීම වැදගත් වේ. එය නම් කිසියම් ජායා රූපයක ඇති විස්තර අවමයක් කිරීමේ අවශ්‍යතාවය වේ. කෙනෙක් මේ ගැන මවිතය පළ කරන්නට ඉඩ ඇත්තේ, පින්තූරයක විස්තර හෙවත් Detail උපරිමයක් කරනවා විනා, කුමකට අවමයක් කරනවාද යන්නය. උදාහරණයක් සේ, කිසියම් ඉහළ තළයේ රාජ්‍ය නායකයෙක් වැනි කෙනෙක් ජායාරූප කරණයට ලක් කිරීමට අවශ්‍ය වේ... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (7)

මේ ළිපි පෙළ ඕනෑම කෙනෙක්ට තේරෙන පරිදි ඉතාම සරළ සේ ලියා ඇත. එහෙත් මෙතෙන්ට එන විට එම තොරතුරු සංකීර්ණ වන හෙයින්, එම පළමු ළිපි නොබලා මේ ළිපිය බැලීම එතරම් ගුණ නැත. ඔබ වැඩි වැඩියෙන් කාර්මික කරුණු ඉගෙන ගන්නා තරමට, වඩා හොඳ පින්තුර මෙන්ම වීඩියෝ නිර්මාණ කරන්නටද පිටුවහළක් වෙනු ඇත. ඉතා ඉහළ තත්වයේ රූප නිර්මාණයට ඉතා... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (6 )

කැමරා තාක්ෂණයේ බොහෝ දේ ඇතද, ඉතා කෙටියෙන් සහ හැකිතාක් සරළව විස්තර මේ ළිපි වලින් මෙතෙක් විස්තර කලේ, කැමරා තාක්ෂණය ඉගෙන ගන්නට කැමති කෙනෙක්ට හෝ නවක කැමරා කරුවෙක් එම තාක්ෂණය රැකියාවක් කරගන්නට අදහස් කරන්නේ නම්, ඒ සඳහා පිටුවහළක් ලෙසය. මේ ළිපි ආරම්භයක් සේ භාවිතා කරමින් කැමති කෙනෙක්ට අන්තර් ජාළයෙන් තවත් විස්තර සොයා ගත හැක. මේ ළිපි... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (5 )

මේ ළිපි පෙළ සරළව ලිවීමට උත්සාහ කිරීමේදී හැකිතාක් අඩුවෙන් තාක්ෂණික කරුණු ඇත. එහෙත් ළිපියේ ඇති යම් දෙයක් නොතේරුන හොත්, හෝ වඩා තාක්ෂණික කරුණු තේරුම් ගැන්මට කෙනෙක්ට අවශ්‍ය නම්, දමා ඇති ඉංග්‍රීසි වචන ගූගල් කර තේරුම් හරහා ඒවා. සොයා ගැනීමට හැක. [මේ ළිපිය කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් 1, 2, 3, 4 යන ළිපි සමඟ... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (4 )

කළා කෘතියක් කිරීමේදී ඉතාම වැදගත් දෙය නම්, ඒ කෘතියට පාදක වන්නාවූ ඔබේ නිර්මාණ ශක්තියම වේ. ඉහත කී කාර්මික කරුණු එයට දෙවන වන බව ඔබ දනී. මා ලියූ කාර්මික කරුණු සාමාන්‍ය ඥානයක් ඇති කෙනෙක්ට ඉගෙන ගත හැක. එහෙත් කලාව එසේම නොවේ. එයට ඒකක දිය නොහැක. මයිකල් ඈන්ජෙලෝ හෝ ඩාවින්චිලා ලොවට බිහි වන්නේ වෙන අයුරෙනි. කීප දෙනෙක්... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (3 )

  නවීන විද්‍යාවේ එක් ඉලක්කයක් වන්නේ, යම් කිසි දෙයක ප්‍රමාණය නියමාකාරයෙන් මැනීමය. එය එසේ නම්, මේ ‘වර්ණය’ යන්නද මැනිය යුතුය. වර්ණය මනින්නේ කෙල්වින් වලින් බව දනිමු. [මේ ළිපිය කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (1) සහ (2) යන මුල් ළිපි හා බැඳේ.] ඉන් පෙර මා ඔබෙන් ප්‍රශ්ණයක් ඇසුවෙමි. එනම්, සුදු පැහැ වළාකුලක් සහ සුදු කඩදාසියක... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (2 )

  මිනිසාගේ භාවිතයට කැමරා නිර්මාණයේදී , එම කැමරා ‘මිනිස් ආලෝක පරාස සාධක’ මත පදනම් විය යුතු වේ. උදාහරණයක් සේ වර්ණයට වඩා, දීප්තිය සඳහා වැඩි ඉඩකඩක් වීඩියෝ තාක්ෂණයේ සංඛ්‍යාත පරාසය, [Bandwidth] තුල අවශ්‍ය වේ. මේ අනුව කැමරාවේ සිද්ධාන්ත සොයා බලමු. [කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (1 ) ළිපිය හා බැඳේ.] [මා භාවිතා කරන සිංහළ වචන... Continue Reading →

කැමරා සහ වීඩියෝ තාක්ෂණය ගැන සැකෙවින් (1)

ආලෝකය කියා දෙයක් නොතිබුනා නම් හෝ ඇස යන ඉන්ද්‍රිය අපට නොතිබුනා නම් අප සියල්ලන්ම අඳුරේ ජීවත් වන්නට ඉඩ තිබිණ. ‘ලස්සණ’ සහ ‘කැත’ යන වචනවලට තේරුමක් නොතියෙන්න ඉඩ තිබිණ. සමහරවිට එවිට ලෝකය වඩාත් ලස්සණ වන්නටද ඉඩ තිබිය හැක්කේ, ඇහැට දකින දේ පමණක් මත රැඳී  බොහෝ මිනිසුන් ජීවිතය ගැන තීරණය ගන්නා හෙයිනි. එසේ හෙයින්, කැමරා සහ වීඩියෝ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑