“චිලී” සිට කිලෝ මීටර් 2300ක් සහ “තායිවානයේ” සිට කිලෝ මීටර් 2500 ක් ඈතින් ඇති, “ඊස්ටර් දූපත” හුදෙක් පැසිෆික් සාගරයේ ඇති තවත් පාලු දූපතක් මෙන් පෙනේ. එය කුඩාය. වැඩිම පළල ඇති ස්ථානය කිලෝ මීටර් 18 ක් පමණි. වල් අශ්වයන් සිටින එහි මියගිය ගිණි කඳු කීපයක විවරයන් තිබේ. ඉන් නිකුත්වූ ලාවා ඝනවී ගිය පසුව තනන ලද මිනිස්... Continue Reading →
අත්ලාංතිසය 12
රස්තියාදුවේත් සමහරවිට ප්‍රයෝජන ඇත. ගැම්බියාවේ රාජකාරී කටයුත්තකට ගිය අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය ආම්පන්න මෙන්ම පිරිස් බලය සංවිධානය නොකර තිබූ හෙයින් සතියක් එහි රැඳෙන්නට සිදු විය. එකළ කෙලින්ම ගැම්බියාවට ගුවන් ගමන් නොතිබිණි. සෙනෙගාලය හරහා යන්න වූ දවස් භාගයක ගමන විඩාබර බව මැකෙන්නට සතියක් පමණ කිසි දෙයක් නොකර, ස්වභාව සෞන්ධර්යයෙන් අනුන සුන්දර ගැම්බියාවේ රැඳෙන්නට ලැබීම හදිසියේ කඩා... Continue Reading →
අත්ලාංතිසය 11
විවාහයක් සදහා රූමත්කම පමණක් එකම හේතුව වන්නේ නම්, ලෝකයේ සියළුම මිනිසුන් සහ ගැහැණුන් බාස්ක් සහ බර්බර් වර්ගයේ ජන කොටස් හා විවාහ වනු ඇත. කිසිම ඉන්දු යුරෝපීය භාෂාවකට හෝ ලෝකයේ කිසිම භාෂාවකට සම්බන්දයක් නැති භාෂාවක් කතා කරන, ‘බාස්ක්’ [Basques] සේ නම් කෙරෙන බොහෝ රූමත් ජාතියක් උතුරු ස්පාඥඥයේ පිරනීස් කඳුකර පෙදෙසේ සහ දකුණු ප්‍රංශයේ ජීවත් වේ. ඒ... Continue Reading →
අත්ලාංතිසය – 10
ඔබ මේ සමඟ දමා ඇති සියලුම පින්තුර සහ පුවත් පත් දැන්වීම් මුලින් බලා පහත ලිපිය බලන්නේ නම් මැනවි. ඒ කාලේ මුවන්පැලැස්ස නාට්‍යයේ කිව්වා මෙන්, "කළුවර අඳුන" අනුව අන් අයට නොපෙනී යන්නට හැකි බව කීවොත්, ඔබ එය විශ්වාස කරන්නේද? නැතහොත් දුටුගැමුණු - එළාර යුද්ධයේ කියවෙන නන්දිමිත්ර යෝධයා කඩොලැත් ඇතා ගේ දළ දෙකෙන් අල්ලා දණ ගැස්වූ බව කිවහොත්... Continue Reading →
අත්ලාංතිසය – 9
එඩ්ගාර් කේසි විසින්, ක්‍රිස්තු පූර්ව 50,000 වසරේ අත්ලාංතිසය කොටස් පහකට කැඩී ගිය බවත්, ක්‍රිස්තු පූර්ව 28,000 දී තවත් ව්‍යසනයක් වූ බවත්, ප්ලේටෝ විස්තර කල ව්‍යසනය ක්‍රිස්තු පූර්ව 10,000 වූ බවත් කියන ලදී. මේ අත්ලාංතිසය කියා පොදුවේ කිව්වද, ලෝකයේ පැතිර ගිය මේ භූමින් වලට වෙනත් නම් තිබී ඇත. මෙසේ අත්ලාංතිස මිනිසුන් යයි දියුණු ජාතියක් නැති වුවද,... Continue Reading →
අත්ලාංතිසය – 8
ඇත්ත වශයෙන් මේ ලිපිය, ‘අට වන කොටස’ නොව, ‘පළමුවන කොටස’ සේ ලිව්වා නම් වඩාත් හොඳ බව තේරෙන්නේ, මුහුණු පොතේ හිතවතුන් කිහිප දෙනෙක් මේ අත්ලාංතිසය යන්නේ අගක් මුලක් තෝරා ගන්නට නොහැකි බව කියමින් මට මැසේජ් කල හෙයිණි. එතරම්ම මේ විස්තර සංකීර්ණ වේ. බොහෝ සටහන් අතිශයෝක්තියෙන් යුතුය. එනිසා හැකිතාක් තර්කානුකූලව ලියන්නට උත්සාහ කල මේ ලිපිය සමහරවිට, ඉහත... Continue Reading →
අත්ලාංතිසය – 7
එඩ්ගාර් කේසි විසින් කරන ලද කියවීම් වලින් 700ක් පමණ ඇත්තේ අත්ලාංතිසය ගැන කියැවුණු දේවල් වේ. ඒ අනුව මේ මිනිස් ජාතීන් 5ක් සහ ඔවුන්ගේ විනාශය ගැන ඔහු සඳහන් කර ඇත. 1. පළවන ඊතරීය මිනිස් ජාතිය [ ක්‍රිස්තු පූර්ව මිලියන 12කට පෙර] සහ විනාශය. 2. දෙවන ලෙමුරියා මිනිස් ජාතිය [ ක්‍රිස්තු පූර්ව මිලියන 10කට පෙර] සහ විනාශය.... Continue Reading →
අත්ලාංතිසය – 6
“කොපමණ දක්ෂ, කායිකව ශක්තිමත් හෝ, දියුණු ජාතියක් ස්වභාව ධර්මයේ තර්ජනයක් හමුවේ නොසැළී සිටිය නොහැක” යන්න, පසුගිය කාලයේ ආසියාවට පැමිණි සුනාමිය මගින් අවබෝධ විය. කාලයක් යනතුරුම බොහෝ විද්‍යාඥයන් හාස්‍යජනක අදහසක් යයි සිතන ලද, ඒ ආකාරයේ දක්ෂ සහ දියුණු ජාතියක් සිටි රටක් වූ අත්ලාංතිසය පැවතුණු බවට සාක්ෂි ලැබෙමින් පැවතේ. ඔවුන්ගේ සාමාන්‍ය උස අඩි නවයක් විය. මේ ආකාරයේ... Continue Reading →
අත්ලාංතිසය – 5
එක පවුලකින් මිනිස් සංහතිය ඇතිවීමේ ප්‍රායෝගික නොමැති බව, සාමාන්‍ය විද්‍යාවෙන් පවා සාධක සොයාගත හැක. එක් උදාහරණයක් සේ ‘තුතන්කාමන්’ රජු ගත හැක. ඔහු සදාකල් ලෙඩෙක් වෙන්නට හේතුව වූයේ, පවුල් අභ්‍යන්තරයේ ඇති වූ විවාහයන් හේතුවෙනි. මේ එකම රජ පවුල අතර ඇති වූ විවාහ නිසා පාරාවෝ රජ පවුලේ බොහෝ ලෙඩුන් සිටියහ. එනම්, ‘ඒව’ හෙවත් Eve නම් එකම අම්මා... Continue Reading →
අත්ලාංතිසය – 4
ස්පින්ක්ස් ප්‍රතිමාව ජළයෙන් යටවීම මෙන්ම, ගීසා පිරමීඩ වලින් තැනෙන ‘ඔරායන්’ හෙවත් ‘දඩයක්කාරයා තරු පන්තියේ’, දඩයක්කාරයාගේ පටියට හේතුව සමහර දෙනෙක් විග්රහ කරන්නේ මෙසේය. ලෝකයේ අයිස් යුග තිබේ. ඒ හිම වැඩි වන විට ධ්රැව වල බර වැඩිවේ. එවිට ක්ෂණිකව ලෝකය කරකැවෙන අක්ෂයේ ආනතිය වෙනස් වේ. මෙහිදී ලෝකයේ භ්‍රමණය වෙනස් වේ. එනිසා සාගර නැති තැන සාගර ඇති වේ.... Continue Reading →
අත්ලාංතිසය – 3
ක්‍රිස්තු පූර්ව 10,000 දී අවසාන හිම යුගය සමාප්ත වන අවස්ථාවේ, උතුරු ඇමරිකානු ග්ලැසියර දියවී විශාල ප්‍රමාණයෙන් මිසිසිපි ගංගාව හරහා මෙක්සිකෝ බොක්කට ගලා එන ලදී. ඒ ජළයෙන් අත්ලාංතිසය බේරා ගන්නට ඔවුන් බිත්ති තැනූහ. [Cyclopean walls] අදත් සැතපුම් ගාණක් දුරට දිවෙන ඒ බිත්තිවල නටබුන් මෙක්සිකෝවේ, උතුරු කියුබාවේ සහ ෆ්ලොරීඩාවේ සහ, වෙනිසියුලාවේ දැකිය හැක. මුහුදු ජළ මට්ටම ඉහළ... Continue Reading →
අත්ලාංතිසය – 2
ක්‍රිස්ටල් හෙවත් පළිඟු, භාවනාව සහ මනස සූසර කර ගැනීමට මෙන්ම අනාවැකි කීමටද සමහර රටවල් වල භාවිතා වේ. මේ ගැන බොහෝ පරීක්ෂණ කල ‘සයික්ස් නම් විද්‍යාඥයා’ කියන ආකාරයට මේ බිමිනි දූපත් අසල මේ ආකාරයේ පළිඟු ඇතුළු බොහෝ වටිනා වස්තූන් සැඟව පවතී. එහෙත් ඒවා අද දින ඇත්තේ කලක් නගරයක් වූ, එහෙත් අද දින මුහුදෙන් යට තිබෙන ගල්... Continue Reading →
අත්ලාංතිසය – 1
අත්ලාංතිසය යයි කියන, සැඟවුනා යයි කියන මහාද්වීපය හෝ ප්‍රදේශය ගැන බොහෝ ඉතිහාසඥයන් වියතුන් අදහස් දක්වා ඇත. මෙහිදී උතුරු ඇමරිකාවේ සිටි එඩ්ගාර් කේසි, මෑත ඉතිහාසයේ ඒ ගැන බොහෝ විස්තර කියා මේ මාතෘකාවට නව පණක් ගෙන ඒමට හේතුවක් වූ කෙනෙකි. කේසි ගැන ලියනවා නම්, මෙවැනි පිටු සීයක දෙසීයක පමණ විස්තර ලියන්නට සිදු වනු ඇත. ඔබ එඩ්ගාර්... Continue Reading →
Recent Comments