“වේගවත් දුම්රිය මාර්ග සහ දේශීය ගුවන් ගමන් මාර්ග” – E&T කතුවැකි කාර්ය මණ්ඩලය විසිනි.

                                                 පැය හතරහමාරකට අඩු දුම්රිය මාර්ග සහිත ගමන් සඳහා ගුවන් ගමන් තහනම් කළහොත් කුමක් වේද ? එවිට අභ්‍යන්තර ගුවන් සේවා වල විමෝචනය අඩකින් කපා හැරිය හැක. [Intergenerational Foundation (IF)] මෙය එක්සත් රාජධානියෙන් ආරංචි වන දෙයකි.  එවැනිම ප්‍රතිපත්තියක් අප්‍රේල් මාසයේදී... Continue Reading →

මෙතෙක් ලෝකයේ නිර්මාණය කල විශාලතම සුළං බල පද්ධතිය. 

                                    බ්‍රිතාන්‍යය වැනි රටවල්, හෙටක් නැතිවාක් මෙන් මේ තරම් වේගයෙන් සුළං ගොවිපොළවල් නිර්මාණය කරන්නේ ඇයිදැයි යන්නට හේතු තිබේ. එකෙක් වන්නේ, ලෝක උෂ්ණත්වය වේගයෙන් වැඩිවීමට විරුද්ධව පරිසර සංවිධාන සහ පරිසරවේදීන් ගේ ඇති විරෝධය වේ. අනෙක් හේතුව වන්නේ, යුරෝපයට ස්වභාවික වායු සපයන රුසියාවේ එම සැපයීම නවත්වා දමා හෝ, සීමා කර ඇති හෙයිනි. යුක්‍රේන - රුසියා යුද්ධය ඊට හේතුවයි.... Continue Reading →

රැජිනගේ අභාවය සහ ලංකාවට එහි ඇති වැදගත්කම

ලංකාව කාලයක් පාලනය කල ජාතියක නායිකාවකගේ අභාවය උදෙසා ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම කෙසේ වුවත්, ඒ නායිකාවගේ රටේම එවැනි නිවාඩුවක් අනිවාර්ය නොකිරීම යන්න ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය. බ්‍රිතාන්‍යයේ මෙන් නොව, දිනක නිවාඩුවක් නිසා රටකට නැතිවන ශ්‍රම දායකත්වය ගැන මෙලෝ හසරක් නැති ලංකාවේ පාලකයන් විසින් ඒ නිවාඩුව ලබා දී තිබේ.නැතිවන ශ්‍රමයට සාපේක්ෂව, මෙහි ඇති රාජ්‍ය... Continue Reading →

දෙවන ලෝක සංග්‍රාමයේ තිබී සැහැල්ලු මෝටර් සයිකල.

                                        “Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය.බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, රාත්තල් 130 ක් බර මේ සයිකලයේ නම Flying Flea වේ. මෙය ඔසවා ගෙන සිටින සොල්දාදුවා බොහෝ ශක්තිමත් කෙනෙක් විය යුතුය.... Continue Reading →

දෙවන ලෝක සංග්‍රාමයේ තිබුණු අමුතු යුධ උපකරණ

දුටු වනම මෙහි අමුතු දේවල් දෙකක් මේ වාහනයේ ඔබ දකින්නට ඇත. පෙට්‍රල් එන්ජිමක් තිබුනද මේ වාහනයට සාමාන්‍ය බයිසිකලයක් පද්වනවාක් මෙන් පාදයෙන්ද තල්ලුවක් දිය හැක. පාදයෙන් තල්ලු කරන විට තුවක්කුවේ ඉලක්කය හෙල්ලෙන්නේ නැතිව තියා ගැනීම අභියෝගයක් වන්නට ඇත.අනෙක් අමුතු දෙය වන්නේ, මේ සොල්දාදුවා ඉංග්‍රීසි සම්පූර්ණ ඇඳුමෙන් සැරසී සිටීමය. සමහරවිට මේ හුදෙක් මෙම යුධ වාහනය ක්‍රියාත්මක කරන... Continue Reading →

බයිසිකල් යුද්ධ ටැංකි

                                                        මේ වාහනය දුටු විට ඔබට මුලින්ම සිතුනේ කුමක්ද ? මට නම් සිතුනේ මෙහි හැන්ඩ්ල් එක කරකවන්නට විශාල ශක්තියක් අවශ්‍ය බවය. ඊට හේතුව,... ඉදිරියේ බක්කියක් ඇති කුඩා හොණ්ඩා... Continue Reading →

දෙවන ලෝක මහා සංග්‍රාමයේ භාවිතා කරන ලද කුඩාම යතුරුපැදිය

                                   යුද්ධයකට කෙසේ වෙතත් ළමක් සඳහා යෝග්‍ය විය හැක යයි සිතෙන, හාස්‍යජනක පෙනුමක් ඇති මේ මෝටර් සයිකලය පැරෂුට් භටයන් මෙන්ම අනෙක් භටයන් විසින්ද දෙවන ලෝක සංග්‍රාමයේදී භාවිතා කළහ.බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද මේ කුඩාම යතුරුපැදියට සරල මෝස්තරයක් භාවිතා විය. එය නිෂ්පාදනය කිරීමට සාපේක්ෂව, ක්‍රියාත්මක කිරීම සහ භාවිතය ඉක්මනින් කල හැකි විය. “එක්සෙල්සියර් වෙල්බයික්”... Continue Reading →

බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන 12 කගේ සෞඛ්‍යය.

                                            අහවල් දේකට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය අපට අදාළ වේද යයි කෙනෙක් අසන්නට පුළුවන. නමුත් ලෝකය පරිසරය විෂයේ ගත් විට එකම ඒකකයක් බව පැහැදිළිය. බ්‍රිතාන්‍යයේ මුහුදු ජල මට්ටම ඉහළ යන්නේ නම්, එය ලංකාවටද පොදු දෙයකි. ඒ අනුව ඉහළ යන උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන 12 කට අධික ජනතාවක සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි බව සොයාගෙන තිබේ.... Continue Reading →

පෙට්‍රල් සහ ඩීසල් තහනම ඉදිරියට ගෙන ඒමට එක්සත් රාජධානිය අපේක්ෂා කරයි.

                2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050 වන විට එක්සත් රාජධානියේ කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍යයට පහත හෙලීමේ උත්සාහයේ කොටසක් ලෙස, 2040 වන විට ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ විකුණුම් තහනම් කිරීමට මුලින් පියවර ගන්නා ලදී.පෙබරවාරි මාසයේදී මෙම... Continue Reading →

ෆීජි සුරංගනාවි.

19 වන සියවසේදී ප්‍රධාන ප්‍රදර්ශන ශිල්පියෙකු වූ පී.ටී. බාර්නම් විසින් සුරංගනාවියක් ප්‍රදර්ශනය කරන ලද්දේය. ෆීජි සුරංගනාවි සේ ප්‍රකට වූ ඇය තව තවත් ප්‍රසිද්ධ වූයේ එකළ ලෝකය පුරා ප්‍රචාරය වෙමින් පැවති සුරංගනා කතා හේතුවෙනි.  නිව්යෝර්ක්, බොස්ටන් සහ ලන්ඩන් හී ප්‍රදර්ශනය කරන ලද සුරංගනාවිය, 1859 න් පසු කොහේ ගියාදැයි යන්න අවිනිශ්චිතය. ජනප්‍රවාදයේ හා ජනප්‍රිය සංස්කෘතියේ සුරංගනා කතා... Continue Reading →

වාහන විත්ති 421 -රෝල්ස් රොයිස් විදුළියට හැරවූ වාහන

                           වාහන විත්ති 421 -රෝල්ස් රොයිස් විදුළියට හැරවූ වාහන  පහත හේතු ඔබට වැදගත් නැති නම් අපරාධේ ලිපිය කියවන්න කාලය නාස්ති කිරීමේ තේරුමක් නැත. 1. සල්ලි වලට කරන්නම දෙයක් නැති නම් මේ වාහනයක් ඔබට ගත හැකිය.  2. ප්‍රතිපත්තියක් සේ මේ ආකාරයේ වාහන නොගැනීම.3. අධි සුඛෝපභෝගී වාහන තනන සමාගමක් කුමක් නිසා ලාභ විදුළි තාක්‍ෂණයට යන්නේද ?   කලකට පෙර මට අපූරු... Continue Reading →

නොරොච්චෝලේ බලාගාරය යන මිණී පෙට්ටිය.

පෙනෙන ආකාරයට බොහෝ සතුටෙන් සිටින ආකර කම්කරුවන්ගේ රූපයකි.   නමුත් මේ බොහෝ දෙනාට සාමාන්‍ය බ්‍රිතාන්‍ය වැසියෙක්ගේ ආයු කාලය නොතිබී, ඉක්මනින් පරලෝකප්‍රාප්ත වන්නට සිදු විය. පෙනහළු ආසාදන වලින් ඔවුන් මිය ගියේ තනියම නොවේ. ‘හිරු නොබසින අධිරාජ්‍යය’ යන කිරුළ හිමි වූ එක්සත් රාජධානිය, මේ සංස්කෘතිය ලොවටම දායාද කිරීමේ විපාකයක් සේ ලොව පුරා ගල් අඟුරු කර්මාන්තයේ මෙන්ම බලාගාර... Continue Reading →

ජව රෝදයෙන් බලය 

රෝදයක් කරකවා අත හැරිය විට එය නවත්වන්නට බලයක් අවශ්‍ය වේ. එනම් පිටින් දෙන ශක්තියකින් ඒ රෝදය කරකැවෙනවා කියන්නේ, එම ශක්තිය රෝදයේ ගබඩා වීම යන්න බව පැහැදිළිය. මෙන්න මේ ක්‍රමයෙන් මේ වර්තමානයේත් ලොකු වැඩක් කරන්න යන ප්‍රවෘත්තියක් ස්කොට්ලන්තයෙන් ආරංචි වෙනවා. ඊට පෙර අතීතයේ ඒ ක්‍රමයෙන් වැඩක් ගත් ආකාරය සොයා බලමු. විද්‍යා ප්‍රබන්ධයක් කියා හිතෙන තරමට, ඇත්තක්ද... Continue Reading →

වාහන විත්ති 404 – එක්සත් රාජධානියේ වාහන ආරෝපිත ස්ථාන සහ ලංකාවට ඉන් ඇති වැදගත්කම.

බ්‍රිතාන්‍යයේ සිද්ධියක් ලංකාවට ආදේශ වන්නේ කෙසේදැයි කෙනෙක් සිතනු ඇත. ඇත්තටම ඊට හේතු ඇත. එනම් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම හෙයින් හෝ, මිනිසුන් සිතන විදිය තරමක් බ්‍රිතාන්‍යයන්ට සමාන වෙන නිසාදෝ [අනුමානයක් පමණි] , ලංකාවේ ජනතාවද ඒ ආකාරයට හැඩ ගැසෙන්නේද යයි සිතේ. බ්‍රිතාන්‍යයෙන් ලැබුණු අධ්‍යාපන ක්‍රම, නීති පද්ධතිය, දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රමයද තවත් කරුණක් වන්නට ඇත. ශත... Continue Reading →

    ද්‍රව වායු බලශක්ති ගබඩා 

... සූර්ය බල ශක්තියේ ඇති වාසි අවාසි අපි දන්නෙමු. වාසිය වන්නේ, භාවිතා කිරීම ඉතා සරළ වීමත්, කිසිම ආකාරයේ චලනය වන කොටස් නැති වීමත්ය. ... "ඕනෑම පද්ධතියක දුර්වලම කොටස වන්නේ චලනය වන කොටස් වේ"...තවත් වාසියක් වන්නේ සූර්ය පැනල වල මිළ දිනෙන් දින ඉතා පහළට වැටීමය... ... අවාසිය වන්නේ, පැනල වලට සූර්ය බලය වැටෙන විට ඒ බලය... Continue Reading →

ට්‍රෝජන් අසු සහ කොරෝනා වෛරසය

වසර නවයක් යුද්ධ කර ජය ගන්නට නොහැකි වූ යුද්ධයක් ග්‍රීකයන් ජය ගත්තේ, විශාල ලී අශ්වයෙක් භාවිතා කරමිනි. දිනෙක උදයේ ග්‍රීක් සතුරු හමුදාව පලා ගිය බව පෙනිණ. ඔවුන් පරාජය භාරගත් බවට සළකුණක් සේ තබන ලද විශාල ලී අශ්වයෙක් වෙරළේ තිබිණ. ජයග්‍රහණයෙන් උදම් වූ ට්‍රෝජන් වරු ඒ අශ්වයා නුවරට ඇද ගෙන පැමිණියෝය. කාලයකට පසු ඔවුන් යුද්ධයක් නොමැති... Continue Reading →

බ්‍රිතාන්‍යයේ අද තත්වය දිට්ට ධර්ම වේදනීය කර්මයක්ද ?

බ්‍රිතාන්‍යට කාලයක් කිව්වේ ‘හිරු නොබසින රාජධානිය කියාය. මේ කතාවේ තවත් පැත්තක් ඇත. සමහරවිට දෙවියන් පවා එහි රාත්‍රී කාලයේ හෝ සිදු වෙන අපරාධ අඩු කිරීම සඳහා, හිරු නොබසින්නට එදින ඉඩ නොදුන්නේ යයි සිතීමට හැක.. සමාජයක් කඩා වැටෙන විට එයට සතුටු වීම මනුස්ස ගතියක් නම් නොවේ. එසේ හෙයින් එංගලන්තයේ මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය නිසා මියයන සාමාන්‍ය... Continue Reading →

බ්‍රිතාන්‍යයේ වායු දූෂණය .

අහවල් දේකට බ්‍රිතාන්‍යයේ වායු දූෂණය අපට අදාල වන්නේ කෙසේද යයි කෙනෙක් සිතනු ඇත. එහෙත් මෙහිදී අපට සිතන්නට කාරණා දෙකක් ඇත. එකක් නම් වායු ගෝලය යන්න එක රටකට සීමා වී නැති බවය. අනෙක වන්නේ බ්‍රිතාන්‍යය වැනි සෞඛ්‍යය ගැන බොහෝ උනන්දු වන රටක මෙසේ වන්නේ නම් අපේ රටේ වායු දූෂණය නිසා මිනිසුන්ට එය කෙසේ බලපාන්නේද යන්නය.  ... Continue Reading →

වාහන විත්ති 381 – එංගලන්තයේ රියැදුරන් ‘ස්මාර්ට් පාරවල්’ වලට බිය වෙති.

මේ විස්තරය ලංකාවට කෙසේ නම් වැදගත් වේදැයි කෙනෙක් සිතනු ඇත. අද දින ලංකාවේ බොහෝ පාරවල් ජනාකීර්ණ වේ. මෙවිට ඇතිවන අකාර්යක්ෂමතාවය අඩු කිරීමට රියැදුරන් ‘ස්මාර්ට්’ විය යුතුය. එහෙත් ලංකාවේ නම් බොහෝ දුරට සිදු වන්නේ එක අවිනීත රියැදුරෙක් හෝ කිහිප දෙනෙක් ස්මාර්ට් වන්නට ගොස් පාරේ විශාල තදබදයක් ඇති වීමය. දියුණු හෝ දියුණු වෙමින් පවතින රටක අධි වේග... Continue Reading →

වාහන විත්ති 375 – 2030 වසරේ ජර්මනියේ වාහන ආරෝපිත මධ්‍යස්ථාන ප්‍රමාණය මිලියනයක් වනු ඇත.

ජර්මන් ආණ්ඩුවේ චාන්සලර්වරිය වන, ‘ඇන්ජෙලා මර්කර්’ මේ බව ප්‍රකාශ කරන්නේ අද දින කෙමෙන් වැඩිවන ආරෝපිත ස්ථාන මෙන්ම පාරට වේගයෙන් එකතුවන විදුළි වාහන ගැන අධ්‍යනය කිරීමෙනි. සමහරවිට මෙය ජර්මනිය වැනි බලවත් රටකට පමණක් කල හැකි යයි පෙනුනද, රටේ පාලකයන් සහ ජනතාවගේ උනන්දුව සහ දිරිය මේ ඉලක්කයට ප්‍රධානම හේතුව වේ. මේ අතර පරිසරය රැකීමේ අරමුණ සඳහා පාලක... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑