මිනිස් චාරිකා [3] – ඊජිප්තියානු සහ බැබිලෝනියානු ශිෂ්ටාචාර.

මෙහි පළමු සහ දෙවැනි ලිපි වල වැඩියෙන් තිබුනේ, ‘Prehitoric’ හෙවත් ‘ඉතිහාසයෙන් පෙර’ මිනිසා ගැනය. මෙහිදී historic හෙවත් අප දන්නා ලිඛිත ඉතිහාසයෙන් මඳක් විමසා බලමු. ලංකාවේ පාසැල් වලින් ඉතිහාසය ඉවත් කර ඇත. ඉතිහාසය ඉවත් කිරීමට දේශපාලනික හේතු ඇත. රටක් පාලනය කල හැකි ලෙහෙසිම ආකාරය ඒ රටේ පුරවැසියා අඳුරේ තැබීමෙනි. රටේ ඉතිහාසය නොදත් මිනිසා අඥාණ පුද්ගලයෙකි. ‘රටේ... Continue Reading →

පැරණි තෙස්තමේන්තුවේ කියන ස්වර්ගය කුමක්ද ?

නයිල් ගංගා ශිෂ්ටාචාරය දියුණුවත්ම ඊජිප්තුවේ පිරමීඩ තැනින. ඒවා තනන්නට බොහෝ කලකට ප්‍රථමයෙන්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා ආශ්‍රයෙන් ආසියාවේ තවත් ශිෂ්ටාචාරයක් බිහි විය. මේ ශිෂ්ටාචාරය ඇති වූ භූමියට බැබිලෝනියාව සේද, මෙසපොටේමියාව සේද කියනු ලැබේ. මෙය පරණ තෙස්තමේන්තුවේ කියවෙන ස්වර්ගය බව විද්වතුන්ගේ පිළිගැනීමකි.   මේ භුමියේ මුලින්ම ජීවත්වුනේ ගංගා ගලන කඳු උඩින් පැමිණි ‘සුමේරියන්’ යන ජන කොට්ටාශය... Continue Reading →

ඊජිප්තුව 18 – නයිල් ගංගාවෙන් ආරම්භ වූ ශිෂ්ටාචාරය

යුරෝපයේ මිනිසුන් වනචාරීව ජීවත් වන අවදියක, ශිෂ්ටාචාරය නැගෙනහිරෙන් ආරම්භ විය. මේ ශිෂ්ටාචාර වලට පාදක වූයේ ගංගාවන් ය. නයිල් ගංගාව, ටයිග්‍රීස් ගංගාව , යුප්‍රටීස් ගංගාව සහ යැන්ග්ට්සී ගංගාව මෙහි මුල් තැනක් ගනී. මේ ගැන පැරණි තෙස්තමේන්තුවේ Genesis xxi , 22-30 පවා ලියවී ඇත. නයිල්, ටයිග්‍රීස්, යුප්‍රටීස් ගංගා ආශ්‍රිත ගල් වැඩකරුවන් ගැන අවුරුදු 6000 ක කාලයේ පමණ... Continue Reading →

සහරා කතරේ ගහ කොළ තිබුණාද?

ඔබ සමහරවිට ඇලෙක්ස් හේලි විසින් ලියන ලද ‘Roots’ හෙවත් 'මුල්' යන නවකතාව හෝ දශක කීපයකට පෙර රූපවාහිනියේද ප්‍රචාරය වූ එම නාට්‍ය මාලාව බලන්නට ඇත. ඔහු ගැම්බියාවෙන් අල්ලාගෙන ගිය වහලෙක්ගේ හත්වන මී මුණුපුරා විය. ගැම්බියාව කුඩා රටක් වුවද ගහ කොළ ඇති සරුසාර ඉතා සුන්දර රටකි. එය සෙනෙගාලය මගින් වටව ඇත. සෙනෙගාලය යනු බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික සාගරය... Continue Reading →

ඊජිප්තුව 17 – සැඟවුණු වාර්ථා, ගීසා පිරමීඩ සහ වසන්ත විෂුවයට එල්ල වන ස්පින්ක්ස් ප්‍රතිමාව.

බින්නයක් වුවත්, එය ඇත්ත මෙන් කියන විට සත්‍යයක් වේ. මේ පහත කතාව සත්‍යද අසත්‍යද යයි අදහසක් නැත. මෙය ලියන එකම හේතුව නම්, මෙතරම් දියුණු ලෝකයේ මේ පිරමීඩයේ අභ්‍යන්තරය තවමත් ‘’මුලින් ක්‍රමයට රොබෝ කෙනෙක් දමා’ පරීක්ෂා කලේ නැත්තේ ඇයිද යන්න ගැටළුවක් ලෙස පෙනෙන හෙයින් සහ, එහි කරන ලද පරීක්ෂණය අතර මඟදී අතහැර දැමීම සත්‍ය වූ හෙයිණි.... Continue Reading →

ඊජිප්තුව 16 – පාරාවන් ගේ යුගයේ සතුන් හීලෑ කිරීම.

ගල් යුගයේ මිනිසා, ඔහු දඩයම් කල සතුන් මරා පුච්චා රාත්‍රී කාලයේ සිය පවුල සමඟ එම ආහාරය ගත්හ. එය ගින්දර සොයා ගත් මුල් කාලය විය. ඒ අතර, යාබද කැලෑවේ සිට දිළිසෙන දෙනෙතින් යුතුව ඔවුන් දෙස යකුන් මෙන් බලා සිටියේ කව්ද යන්න ප්‍රශ්ණයක් විය. වඩාත් සෝදිසි කිරීමේ දී ඒ කව්රුවත් නොව, වල් බළලුන් නරින් සහ වෘකයන් බව... Continue Reading →

ඊජිප්තුව 15 – පිරමීඩයක පිය සටහන් දියවී ඇති ආකාරය.

මේ පින්තුරයේ ඔබ දකින්නේ සකාරා හී ඇති පිරමීඩයක පහත මාලයකට බසින පිය ගැට පෙළකි. එය තද කළු ගල් වලින් තනා ඇත. එහෙත් එය මැද ඇති පිය ගැටවල්, තෙත මැටි වලින් තැනූ පියගැට මෙන් දියවී ගොසිණි. මෙසේ වන්නට නම් ඉතා ඉහළ උෂ්ණත්වයකට මේ පියගැට පෙළ පත්විය යුතු වේ. එවැනි ඉහළ උෂ්ණත්වයක් ලබාගත හැකි, මෙතෙක් අද දින... Continue Reading →

ඊජිප්තුව 14 – හේතුවක් නොදන්නා සේ නිර්මාණය කල තැටියක් සහ විදේශීය කෞතුකාගාර.

සමහරවිට මේ තැටිය කව්රුන් හෝ කළා කරුවෙක්ගේ සිතේ ඇතිවූ ප්‍රතිභාවක්, සෞන්දර්ය කල්පනාවක් අනුව තැනූ එකක් වන්නට ඇත. එය එසේ නම්, මේ පහත ඇති වචන ලියන්නට ගත් කාලයේද කිසිම ප්‍රයෝජනයක් නැත. නමුත් මේ නිර්මාණයේ යම් විද්‍යාත්මක බවක් ඇති මොහොතකට සිතා ඒ ගැන වෙනස් කෝණයකින් බලමු. ඊජිප්තියන් කෞතුකාගාරයේ පළවන ශාකාවේ විවිධ ආකාරයේ මමී තැන්පත් කර ඇත. ඉන්... Continue Reading →

ඊජිප්තුව 13 – ‘සෙරපියුම්’ හී කළු පෙට්ටි.-2 කොටස.

ඊජිප්තුව - ‘සෙරපියුම්’ හී කළු පෙට්ටි.- 1 කොටස හා බැඳේ. මේ පෙට්ටි තැනීමට වඩා පුදුමය නම්, ඒවා ගෙන ගොස් මේ කුඩා කාමරවල සවි කිරීමය. ගල් ගුහාවේ ඇති දෝනා වලට වඩා, එම පෙට්ටි තබා ඇති කාමර පහත් තලයක පවතී. එසේ නම් එම දෝනා හරහා ගෙන ආ පෙට්ටි එම කාමර වලට පහත් කිරීම කෙසේ කළාදැයි සිතා ගන්නට... Continue Reading →

ඊජිප්තුව 12 – ‘සෙරපියුම්’ හී කළු පෙට්ටි.-1 කොටස.

ප්‍රංශ පුරා විද්‍යාඥයෙක් වන ‘ඔගස්ටේ මැරියට්’ [Auguste Mariette] විසින්, ක්‍රිස්තු වර්ෂ 1851 ක්‍රිස්තු පූර්ව 1500 දී නිර්මාණය කරන ලද ගුහා සංකීර්ණයක් නිරාවරණය කරන ලදී. එතෙක් මේ ගුහා සංකීර්ණය සහ එහි ඇති දැවැන්ත ගල් පෙට්ටි, අවුරුදු 3351 ක කාලයක් සුරක්‍ෂිතව වැසී තිබිණ. ඒවා ලෝකයේ පවතින බව කිසි කෙනෙක් නොදත් නිසාම මෙසේ පැවතිණි.   ‘ඔගස්ටේ මැරියට්’ ඇත්ත... Continue Reading →

ඊජිප්තුව 11 – ගීසා හී පිරමීඩ විදුළි බලාගාරයන්ද ?

මිනිසා අවුරුදු දහස් ගණනක් පිරමීඩ දෙස කුතුහළයෙන් යුතුව බලන්නට ඇත. එහෙත් කීයෙන් කී දෙනෙක් මේ පිරමීඩ වල ගැබ්වී ඇති රහස් අඳුනන්නට ඇතිද ? එහි නිර්මාපකවරුන් මේ දැවැන්ත ව්‍යුහ වල රහස් අනෙකෙකුට නොදෙන්න ඇත. එහෙත් අවුරුදු හතළිහක් පිරමීඩ ගැන සෙවූ කවියෙක් මෙන්ම ආත්මීය විද්‍යා ගවේෂකයෙක් වූ [Spiritual researcher ]ජෙරාල්ඩ් මැසි [Gerald Massey (29 May 1828 –... Continue Reading →

ඊජිප්තුව 10 – යෝධ මිනිසුන්.

මේ එක් පින්තුරයක ඇති පාදයක ඇටය බලන්න. මෙය ඊජිප්තුවේ සොයාගන්නා ලදුව අද දින ටෙක්සාස් හී කෞතුකාගාරයක ඇති ඇටයකි. මෙය හමු වූයේ තුර්කියෙන් කියාද මතයක් තිබේ. [මෙහි සත්‍ය- අසත්‍ය බව නොදනිමි. එහෙත් මේ හා සමාන පුවත් ඔබ අන්තර් ජාළයේ දකිනු ඇත.] දෙවියන්ට මේ මුළු විශ්වයේම බලයක් නොතිබුනා වෙන්නට ඇත. එනම් දෙවියන් ඔහුගේ පුත්‍රයා ලොවට එවන ලද්දේ... Continue Reading →

ඊජිප්තුව 6 – මහා යුග, පිරමීඩ, සිංහ මිනිස්සු, සූර්ය සිද්ධාන්තය.

මෙය ඉතාමත් නීරස ගණනයන් සහ, උපකල්පන දෙකක් ඇති පෝස්ට් එකකි. කරුණාකර මේ පෝස්ට් එක මේ හා සබැඳුණු කරුණු ගැන ආශාවක් නැති අය බලා වෙහෙස නොවන මෙන් ඉල්ලා සිටිමි. විද්‍යාත්මක සංකල්පයක මුල් අවස්ථාවේ උපකල්පන තිබීමේ වරදක් නැත. එය නවීන විද්‍යාව සමඟ සමගාමී වේ. එහෙත් එම සංකල්පය තීරණය වන සිද්ධාන්ත හරියටම සොයා ගැනීමේදී, එක්කෝ ඒ උපකල්පන සාවද්‍ය... Continue Reading →

ඊජිප්තුව 25 – කුමක් නිසා මේ පිරමීඩ වැනි දැවැන්ත ගොඩනැගිළි තැනුවේද ?

ඔබ ඊජිප්තුවේ පිරමීඩ කියා ගූගලේ සොයා බැලුවහොත්, ඒ ගැන දහස් ගණන් ළිපි ලේඛන මෙන්ම වීඩියෝ දර්ශනද දකිනු ඇත. එසේ නැතහොත් විශාල පුස්තකාලයකට යන්න. එහි බොහෝ පොත පත මේ සඳහා ලියැවී ඇති බව ඔබ දකී. එහෙත් මේ සියළුම ආකාරයේ දේවල් වල එක දෙයක් නම් දකින්නට නැත. එසේ නැතහොත්, ඒ සඳහා උත්තරයක් තවම කිසි කෙනෙක් සොයා ගෙන... Continue Reading →

ඊජිප්තුව 5 – අද දිනය

පෙර පෝස්ට් කල ‘ඊජිප්තුව 1 - පිරමීඩ ජ්‍යාමිතික කරුණු’, ‘ඊජිප්තුව 2 -නයිල් නදිය’, ‘ඊජිප්තුව 3 -මාඕ බළල්ලු’, ‘ඊජිප්තුව 4  ස්පින්ක්ස් ප්‍රතිමාව’ යන ළිපි ඔබ දකින්නට ඇති සිතමි. මිනිස් ශිෂ්ටාචාරයේ තොටිල්ල වූ ඊජිප්තුව දැනුම් සාගරයක් බව ඔබ දනී. එසේම කලකට පෙර ලෝකයේ තියෙන්නට ඇතිවා වූ ඉතා ධනවත් සහ ස්ථාවර රටක් වූ ඊජිප්තුව අදත් එසේ පවතීද, අද... Continue Reading →

ඊජිප්තුව 8 – මේ කව්ද ?

පහළ ඇති සටහන නොබලා මේ කව්දැයි කියන්න ඔබට හැකිද? ගැහැණියකගේ උකුළක්, බකල වූ කකුල් සහ ඉදිරියට නෙරා ආ දත් ගැන, ඔබට කුමක් සිතෙන්නේද ? මෙතනින් එහාට බලන්න පෙර නැවත ඒ විකාර රුපය දෙස බලන්න. ඔව්, මේ ඊජිප්තියානු පාරාවෝ රජ කෙනෙක් වන තුතන්කාමන් ගේ, ඩී. එන්. ඒ. [DNA] පරීක්ෂණයෙන් පසු, ඒ අනුව පරිඝනක මාර්ගයෙන් තැනුණු රජු... Continue Reading →

ඊජිප්තුව 9 – ගීසා පිරමීඩ සහ ‘දඩයක්කාරයා’ තරු පන්තිය.

මේ පහත පින්තුරය ඊජිප්තුවේ ගීසා පිරමීඩ තුන සහ, එයට 'ඔරායන්' හෙවත් 'දඩයක්කාරයා' තරු පන්තියේ පින්තුරය සමපාත කල විට පෙනෙන ද්විත්ව රුපයක්. මේ පිරමීඩ තුන අතර ඇතිවන කෝණය සහ තරු පන්තියේ තරු තුන අතර ඇතිවන කෝණය අංශක කලා විකලා වලටම සමාන වෙනවා. ඔය පෙනෙන පොඩි පිරමීඩය එම තරු පන්තියේ කුඩා තරුව නිරුපනය කරනවා. ඒ කියන්නේ මෙලෙස... Continue Reading →

ඊජිප්තුව 27 – ස්පින්ක්ස් ප්‍රතිමාව

ඊජිප්තුව - ස්පින්ක්ස් ප්‍රතිමාව   සෑම උදෑසනකම රතු පැහැයෙන් හිරු නැගෙන අන්දම මේ ස්පින්ක්ස් ප්‍රතිමාව අවරුදු දහස් ගණනක් තිස්සේ දකින්නේය. ඉස්ලාමිකයන් විසින් අතීතයේ මේ ප්‍රතිමාව විනාශ කරන්නට හැදුවාක් මෙන් අනාගතයේ විනාශ නොකරන්නේ නම්, ලෝකාන්තය වන තුරු මේ ප්‍රතිමාව හිරු ගේ උදාව දකිනු ඇත. ඊජිප්තුවේ කයිරෝ අගනගරයට කිලෝ මීටර් 10ක් ඈතින් ඇති ගීසා ප්‍රදේශයේ නයිල් ගඟට... Continue Reading →

ඊජිප්තුව 7 – ඊජිප්තියන් මාවු බළල්ලු සහ එහි ආදී වාසීන්

  ඊජිප්තුව, ඊජිප්තියන් මාවු බළල්ලු සහ එහි ආදී වාසීන්  … ඊජිප්තුව කියන්නේ ඉතාම පුරාණ රටක්. ඒ රටට යන හැම සංචාරකයෙක්ම ස්ෆින්ක්ස් ප්‍රතිමාව, පිරමීඩ බලාවි. පිරමීඩ ගැන ඕනා තරම් තොරතුරු හොයා ගන්න පුළුවන් නිසා, වෙනත් කෝණයකින් බලා වෙන තොරතුරු ටිකක් ඊජිප්තුව ගැන ලියන්නම් … … ඊජිප්තුවේ මිනිසුන්ගෙන් පටන් ගනිමු. ඒ බොහෝ අය දුප්පත් අයයි. ඒ අය,... Continue Reading →

ඊජිප්තුව 4 – පිරමීඩ හා සම්බන්ද ජ්‍යාමිතික පරාමිති (දෙවන කොටස.)

  එය එසේ නම් ඒ පුරාණ කාලයේ ‘මීටරය’ යන ඒකකය ඇති වූයේ කෙසේද? එයද අභිරහසකි. නැවත රතු පිරමීඩය ගැන කිවහොත්, එහි පැති වල ඇති දිග දෙකේ අගය වන්නේ, 3.14 හෙවත් 22/7 අගයයි. මෙය සාමාන්‍ය ගණිතයේ ඇති ‘ෆයි’ අගයයි. එනම් ග්‍රීක් සිම්පල් ‘ෆයි’ යන අකුරෙන් පෙන්වන 22/7 වේ. වෘත්තයක පරිධිය වන්නේ 2 x (ෆයි) x (අරය)... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑