අලුතෙන් කොරෝනා වසංගතය වැළඳ ගන්නා රටවල්.

කයිරෝ - මාස ගණනාවක් තිස්සේ කිරීටක වෛරසයේ අබිරහසක් වූයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ සාපේක්ෂව ධනවත් සමාජයන් හරහා දැවෙන පිපිරීමක් වළක්වා ගැනීමට ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය පද්ධති අසමත් වූයේ මන්ද යන්නයි. ඒ අතර ජනාකීර්ණ මුඩුක්කු සහිත ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් සමහරක රෝගය එසේ පැතිරුණේ නැත්තේ මන්ද යන්නයි.   දැන් එම රටවල් සමහරක් වසංගතයට ගොදුරු වෙමින් සිටින... Continue Reading →

නයිල් ගඟ, ඉතියෝපියාවේ බැම්ම සහ ඊජිප්තුව

මුළු ලෝකයම අවුලෙන් අවුලට පත් කල සුද්දාගේ තවත් වික්‍රමයක් මේ අන්දරයේ සැඟව ඇත. අප්‍රිකාවේ ඇති ඉතියෝපියාවේ සහ උගන්ඩාවේ සිට පිළිවෙලින් නිල් නයිල් නදිය සහ සුදු නයිල් නදිය සේ සුඩානයේදී එක්වෙමින් ප්‍රධාන නදිය මධ්‍යධරණී මුහුදට ඊජිප්තුවේ කයිරෝ නගරයෙන් ගලා බසී. සුද්දා මේ ජලය බෙදා ගැන්මට ඉතියෝපියාව අමතක කර කලකට පෙර අප්‍රිකානුවන්ට දුන් දිරච්ච ලණුව දැන් කැඩී,... Continue Reading →

ඊජිප්තුව 30 – ඇඳුම් පැළඳුම්.

කිසියම් මිනිස් වර්ගයකගේ සභ්‍යත්වය සොයා යාමේදී, ඒ ඒ කාලවල ඔවුන්ගේ ක්‍රියා කාරකම් හැසිරීම් රටාවන් වැනි ස්වභාවයන් දැනීම වැදගත් වේ. ජන කතා හෝ පැරණි සටහන් විශ්ලේෂණය කලද ඒ පැරණි කාලයේ දියුණුව ගැන අදහසක් ගත හැකිය. උදාහරණයක් සේ; විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට, ‘කුවේණි කපු කටිමින් සිටියාය’ සේ, ලංකා ඉතිහාසයේ ලියා ඇත. මෙහි තේරුම එකළ අපටම අයත්... Continue Reading →

ඊජිප්තුව 29 – මහා පිරමීඩය දැවැන්ත සම්ප්‍රේශක යන්ත්‍රයක්ද?

ඊජිප්තුවේ ඇති පිරමීඩ තරම් කුතුහලයට පාත්‍ර වූ කිසිම දෙයක් ලෝකයේ නැති වන්නට ඇත. එනිසාම ඒ ගැන ලියැවී ඇති අදහස් සහ මති මතාන්තර බොහෝය. එහෙත් ලෝකයේ ඒ ගැන අනුමානය කරන ලද එකක්වත් පිරමීඩ මගින් නොපෙන්වන්නට ඉඩ ඇත. සමහරවිට මේ ලිපියේ ලියැවී ඇති කරුණුද, ඊජිප්තු නිර්මාපකයන් දුටුවහොත් සිනහ වෙන්නට බොහෝ සේ ඉඩ ඇත.   මහා පිරමීඩයේ ජ්‍යාමිතික දත්ත... Continue Reading →

ඊජිප්තුව 28 – මහා පිරමීඩය සහ ලෝකයේ ජ්‍යාමිතික දත්ත අතර ඇති සම්බන්දතා.

කුඩා කාලයේ භූගෝලය ඉගෙන ගන්නා විට අප ඉගෙන ගත්තේ ඊජිප්තුව නයිල් නදියෙන් පෝෂණය වූ රටක් බවත්, එහි ඇති පිරමීඩ තනා ඇත්තේ පුරාණ ඊජිප්තු රජවරුන්ගේ දේහයන් තැන්පත් කිරීමට බවත්ය. නමුත් පිරමීඩයක ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇතුලේ ඇති කාමරවල ප්‍රමාණය ඉතා කුඩා වේ. කෙනෙක් මියගිය විට අනිවාර්යයෙන්ම සිරුර දිරා යන බව පැරණි ඊජිප්තු ජාතකයන් දනී. මොන ආකාරයේ දියුණු... Continue Reading →

ඊජිප්තුව 26  – නයිල් නදිය අදාළ තවත් තොරතුරු.

මේ නදියේ පිහිටීම ඉතාමත් අමුතුය. ඔබ සමහරෙක් මේ නදියත් කාගේ හෝ නිර්මාණයක් යයි සිතන තරම් අද්භූත හේතු ඇත. පැහැදිළි ලෙසම නදිය ගලන්නේ උතුරු දෙසටය. ආරම්භ වන්නේ සමකයෙනි. සමාප්ත වන්නේ අක්ෂාංශ [Latitude] අංශක 30 ක් වන ඊජිප්තුවේ කයිරෝ නගරයෙනි. මේ අතර ‘Great bend’ යන වංගුව අසල අක්ෂාංශක උතුරට අංශක 19 ක් සහ කළා 5කි.  මේ අංශක... Continue Reading →

ඊජිප්තුව 8 – විකාර රූපයක් 

ගැහැණියකගේ උකුළක්, බකල වූ කකුල් සහ ඉදිරියට නෙරා ආ දත් ඇති එහෙත් පිරිමි ගති ඇති රූපයක් දුටුවොත් ඔබට කුමක් සිතෙන්නේද ? ඊජිප්තියානු පාරාවෝ රජ කෙනෙක් වන තුතන්කාමන් ගේ, ඩී. එන්. ඒ. [DNA] පරීක්ෂණයෙන් පසු, ඒ අනුව පරිඝනක මාර්ගයෙන් තැනුණු රජු ගේ රුව එසේ විය. බොහෝ ‘අමර්නා කාල පරිච්චේද’ වල ඇති මමී හෙවත්, කල් පවතින ආකාරයට... Continue Reading →

ඊජිප්තුව 23 – කෑම බීම සහ බේත් හේත්.

පැරණි ශිෂ්ටාචාර සංසන්දනය කළහොත් කෑම බීම සහ බෙහෙත් අතින් ඊජිප්තුවේ තිබි තත්වය ඉතා ඉහළ බව පෙනී යයි. මුලින්ම එහි කෑම බීම ගැන සඳහන් කළහොත්, ඊජිප්තු සිතුවම් වල ඇඳ ඇති කෑම බීම වර්ග මෙන්ම, සොහොන් ඇතුලත තිබි කෑම භාජනද මේ සඳහා විවිධ සාක්‍ෂි දරයි. සොහොන් වල බිත්ති හී ඇඳ ඇති විවිධ ආකාරයේ සමාජයීය ක්‍රියා කාරකම් අතර... Continue Reading →

ඊජිප්තුව 24 – පැපිරස් තෘණ පත්‍රිකා සහ එයින් හෙලිවූ පිරමීඩ රහස්.

පැරණි ඊජිප්තු ජාතිකයන් පැපිරස් වලින් සිතුවම් ඇඳීමට සහ අකුරු ලිවීමට අවශ්‍ය කොළ පමණක් තැනුවේ නැත. මලු, සෙරෙප්පු, පාපිස්නා, ලණු , ඇඳ ඇතිරිලි, පුටු මේස, මෙට්ට, ඖෂධ, කෑම ඇඳුම්, කුඩා බෝට්ටු සහ සුවඳ විළවුන් පවා පැපිරස් ශාඛයෙන් තනන ලදී. එහෙත් විශාළ බෝට්ටු පමණක් ඔවුන්ට පැපිරස් ශාඛයෙන් තැනීමට නොහැකි වූයේ ඒවා දියෙන් තෙත් වන හෙයිණි.   පැපිරස්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑