ඉන්දියාවේ දියුණුව

                                              ඕනෑම කතාවක් වචන සීයකින් කියනවාට වඩා එක පින්තුරයකින් කියන්නට පහසු යයි කියමනකි. මේ පින්තුරය එකක් නොව පින්තුර දොළහකි. එසේ හෙයින් වචන 12,00 කින් කිව යුතු කතාවක් ඔබට අවබෝධ කරගන්නට ඉඩ දී වැඩි යමක් නොලීයමි. නමුත් මෙහි ඇත්තේ කතා 12ක් පමණි. මීට අමතරව ඉන්දියාව ගැන නම් කතා ඕනා තරම් කිව හැක. ඔවුන්ගේ වාසනාවට ඒ කතා බොහොමයක්... Continue Reading →

කම්බා හොරු 3 – ටජ්මහල් විකුණු ඉන්දියාවේ නට්වර්ලාල්

                                                       අප බොහෝ දෙනෙක් ජීවිත දියුණු කේර ගැනීමට සැලසුම් කරගැනීමට උත්සාහ කරන අතරේ ඒ ඉලක්කය සපුරා ගැනීමට සමත් වන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ධනවත් වීමට ක්‍රම දෙකක් තිබේ, එකක්, ඇත්ත වශයෙන්ම, දිගු කාලීනව වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ මාවතයි. ඒ ක්‍රමය කෙනෙක් තෝරා ගන්නා අතර, තවත් කෙනෙක් අනුගමනය කරන්නේ ඉක්මන් මුදලක් උපයා ගැනීමටය. බොහෝ විට ඔවුන්ගේ... Continue Reading →

2030 වසරේදී ඉන්දියානු දුම්රිය සේවය ශුන්‍ය විමෝචන තත්වය ලබා ගන්නා බවයි.  

            දින කීපයකට පෙර කෙනෙක් ලියා තිබුනේ සූර්ය පැනල ඇතිරීමට ලංකාවේ ඉඩක් නැති බවත් ඒ නිසා කැලෑවල් වැනි තැන් හෙළි කලයුතු බවත්ය. සමහර පුද්ගලයන් උපන් ගෙයි මෝඩයන් හෙයින්, ඔවුන් සමඟ විවාද කිරීමෙන් ඇති පලක් නැත. මේ ගැන කියන්නට ඇති එක උදාහරණයක් පමණක් පෙන්වීම ප්‍රමාණවත්ය. දක්ෂිණ අධිවේගී මාර්ගය කිලෝ මීටර් 222... Continue Reading →

වාහන විත්ති 407 – ලෝකයේ ප්‍රථම වතාවට, ‘ඩීසල් -ඉලෙක්ට්‍රික් දුම්රියක්’, සම්පූර්ණ විදුළියට හැරවූ වගයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, 2019 වසරේ මුලදී වරනාසි හි, ‘ඩීසල් ලොකොමෝටිව් වර්ක්ස්’ (DLWD) හිදී ලොව ප්‍රථම ඩීසල් සිට විදුළියට පරිවර්තනය කළ දුම්රිය එන්ජිම උත්සවාකාරයෙන් ධාවනයට යෙදවීම විවෘත කළේය. ඒ දුම්රි, WDG3A වර්ගයේ ඩීසල් දුම්රිය දෙකක් විය. විදුළියට හැරවීමට පෙර, ඒ දුම්රියක් මගින් අශ්ව බල 10,000 ක බලයක් ලැබිණ.  ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජින්, ඩීසල් සිට... Continue Reading →

ඉන්දියාවේ දැවැන්ත කුස්සිය.

පස් දෙනෙක් සිටින ලංකාවේ පවුලකට දිනකට කෑම වෙල් 15ක් අවශ්‍ය වේ යයි සිතමු. එවිට ඒ සඳහා කෑම ද්‍රව්‍ය සහ ඒවා පිසින්නට දර හෝ ගෑස් කොපමණ යන්නේද ? ඉන්දියාවේ දුගී ජනතාව බොහෝය. ලෝකයේ මන්ද පෝෂණය වැඩිම ස්ථාන වලින් ඉන්දියාව එක තැනකි. ඒ මිනිසුන් සියල්ලන්ටම ආහාර දීම කල නොහැකි වුවද, සත්‍ය ශ්‍රී සායි බාබා තුමන්ගේ අදහසකට අනුව,... Continue Reading →

ඉන්දියාවෙන් බුදු දහම නැතිවීමට හේතු සහ ලංකාවට එහි බලපෑම [2 කොටස]

ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක් තිබිණ. ඉන්දියාවේ අද දින බුදු දහම පවතින්නේ උතුරු සහ බටහිර ඇති කුඩා ප්‍රදේශ කිහිපයක සහ ඉන් ඔබ්බේ ඇති හිමාල කඳු වැටියට යාබදව ඇති ටිබෙට් දේශයේ පමණි. එයට ආචාර්ය අම්බෙඩ්කාර් මහතා... Continue Reading →

 ලෝකයේ දෙවන විශාලතම ගල් අඟුරු භාවිතා කරන රට වන ඉන්දියාවේ අද තත්වය.

        කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඉන්දියාවේ අගුල් දැමීම නිසා සිදු වූ එක හොඳක් නම්, ගල් අඟුරු සිට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම වේගවත් වීමය. ලෝකයේ දෙවන විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා වූ ඉන්දියාවේ මාර්තු 25 වන දින සිට ආරම්භ වූ අගුලු දැමීමේදී එහි බලශක්ති ඉල්ලුම 30% කින් පමණ පහත වැටී ඇත. මේ කාලයේ... Continue Reading →

අපේ කාලයේ වීරයෙක්.

පෙරවදන :- මේ කතාව දිගය. එහෙත් වෙලා රැගෙන බලන්න යයි මා ඔබට යෝජනා කරමි. විශේෂයෙන් පදින බයිසිකලයක දුර ගමනක් ගිය කෙනෙක් සිටී නම්, ඔහු හෝ ඇය මේ කතාව අගය කරනු ඇත. බොහෝ කලක සිට හඳුනන, හිත මිත්‍ර ‘සුජීව ප්‍රේමරත්න’ [Sujeeva Premarathne] මිතුරා මේ කතාව ඔහුගේ මුහුණු පොත් බිත්තියේ දමා තිබිණ. ඔහු මට මේ කතාව මෙසේ... Continue Reading →

මැග්නෝලියා මල් හතක්

කලකට පෙර රජ කෙනෙක් සිටියේය. රැජිණියන් තිදෙනෙක් සිටියද, ඔටුන්න හිමිකම් කීමට දරුවෙක් නොමැති වූ හෙයින් ඔහු පසුතැවිල්ලෙන් වනයකට හුදෙකළාව පියමං කළේය. ඔහුගේ දුක හඳුනාගත් තාපසයෙක් කිසියම් අඹ කීපයක් දී, ඒවා රැජිණියන්ට අනුභව කරන්නට උපදෙස් දිනි. එවිට දරුවන් ලැබේ යන්න අවවාදය විය.   තාපසයා කී පරිදි ඒ අඹ රැජිණියන්ට දුන්නද, වැඩිමහල් රැජිණියන් ඒ ගැන සැක සිතු... Continue Reading →

ගැහැණු ළමයින් හැට දෙනෙක්ගේ යට ඇඳුම් ගලවා බලන්නට නියම කල ස්වාමිතුමා. 

            පිරිමින්ට ගොනුන් වීමට සහ ගැහැණුන්ට බැල්ලියන් වීමට සිදු වේ.  මෙය විහිළුවක් හෝ බොරුවක් යයි සිතිය යුතු නැත්තේ, මේ උගත් ස්වාමිතුමා එතුමා අදහන හින්දු ආගමේ මේ සඳහා නීති තිබෙන බව පවසන හෙයිණි. මෙය අපේ ගැහැණුන්ට තේ හදා දී, උන්ව අපායට දැක්කීම මෙන්ම බරපතල ප්‍රශ්ණයකි.  උන්වහන්සේ කියන්නේ, කිසියම් යුවතියක් හෝ ගැහැණියක්... Continue Reading →

සමන්පිච්ච මල්, මණිපුරි සාරි සහ සූර්ය පැනල

සෑහෙන කලකට පෙර ඉන්දියාවට ගියෙමි. කෝවිල් හැර බලන්නට එතරම් දෙයක් නැති බවද, වියළී ගිය කාන්තාර ස්වභාවය ඇති උණුසුම් ටැමිල් නාඩුවේ මොනවා බලන්නද යන්න බොහෝ අය කියූ දේ විය. කොහොමත්, ‘පොෂ්’ යයි කියන රටවල් වල කෘතීම බවට වැඩි දෙයක්, දුප්පත් රටවල දැකිය හැකිය.  නත්තල් මාසයේ ගිය හෙයින් උණුසුමක් නැතැයි සිතුවෙමි. එහෙත් ඒ වේලුනු ස්වභාවය නම් ශරීරයට... Continue Reading →

ඉන්දියාව – ලක්ෂමන කෝවිල.

ආගමික ස්ථාන වලට ස්ත්‍රී ලාලිත්වය දැක්වෙන ප්‍රතිමා කුමක් නිසා නම් අවශ්‍ය වන්නේද? කුමක් නිසා කිසියම් පූජනීය හෝ වන්දනාමාන කිරීමක් නොමැති ඉරියව් ඇති ප්‍රතිමා කෝවිලක නිර්මාණය කර ඇත්තේද?  කෘෂිකාර්මික දිවිපෙවෙතක් තිබුණු පුරාණ ඉන්දියාවට ශ්‍රමය ගෙන දෙන ජනතාව වැඩි වැඩියෙන් සිටින තරමට වැදගත් විය. එනම් දරු උපත වැදගත් විය. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ සහවාසය අවශ්‍ය විය. කෝවිල... Continue Reading →

ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජළය සීඝ්‍රව හිඟ වන ලකුණු.

අනාගතයේ ලෝකයට ඇතිවන විශාලතම ප්‍රශ්ණ, ආගම් සහ දේශපාලන ප්‍රශ්ණ වන්නේ යයි කෙනෙක් සිතන්නේ නම් එය සාවද්‍ය වේ. එනම් විශාලතම ගැටළුව වන්නේ පරිසරයේ ඇතිවන විෂමතාවයන් වනු ඇත. එහි අනියම් ප්‍රතිඵලය සේ අන් ප්‍රශ්ණ ඇතිවනු ඇත. මෝසම් වර්ෂාව අඩුවීම හේතුවෙන් ඉන්දියාවට ජළ හිඟය තදින් බලපාන බව අනාවරණය වී ඇත. ඉන්දියාවේ අගනුවර වන නිව් දිල්ලිය, චෙන්නායි හයිද්‍රබාද් ඇතුළු... Continue Reading →

මිනිස් චාරිකා [40] – ජපානය සහ ආසියාව.

යුරෝපයේ ඇති වූ කාර්මික විප්ලවය නිසා වෙළඳ සහ අනෙකුත් සමාජ පරිවර්තනයන් වූයේ යුරෝපා රටවල් වල පමණක් නොවේ. එය ජපානය, චීනය, ඉන්දියාව, පර්සියාව වැනි රටවල් වලටද බල පෑවේය. මෙහිදී ජපානය අනෙක් ආසියාතික රටවල් වලට වඩා වෙනස් වූයේ ඉතා ඉක්මනින් අළුත් අදහස් ග්‍රහණය කර ගැනීමෙනි. ආසියා මහාද්වීපයෙන් මෙන්ම පැසිෆික් දූපත් වලින් පැමිණියා යයි අනුමාන කෙරෙන ජපන් ජාතිකයන්,... Continue Reading →

මිනිස් චාරිකා [33] – ඉංග්‍රීසි ජාතිකයන් ගේ චාරිකා සහ ඉන්දියාව යටත් කර ගැනීම.

ඉංග්‍රීසින් අප්‍රිකාවේ රටවල් අල්ලාගෙන ඒවා කොල්ල කෑමට උත්සාහ කරනවාට වඩා, නීග්‍රෝ    වහළුන් අල්ලා විකිණීම ලාභ සහිත බව තේරුම් ගත්හ. ගීනියා වෙරළට සහ නිගර් දේශය වහළුන් අල්ලා ගැනීමට වඩාත් යෝග්‍ය බව ඔවුන් සොයා ගත්තෝය. ඉංග්‍රීසින් බටහිර අප්‍රිකාවට චාරිකා කල එක් හේතුවක් වූයේ කුළු බඩු සොයා ගැනීම සඳහා වුවද වහල් වෙළඳාම පැහැදිළිවම ඊට වඩා ලාභ සහිත වූයේය.... Continue Reading →

මිනිස් චාරිකා [22] –  ඉන්දියාව – මෝගල් පාලනය සහ ඉංග්‍රීසින්ට යටත් වීම.

අරාබි අනාගත වක්තෘ යයි කියන, ‘මොහොමඩ් නබි’ විසින් සොයා ගන්නා ලද ආගම සටන් වලින් පිරී පැවතුනු බව දනිමු. ඔහුගේ අනුගාමිකයන් ඉන්දියාවේ උතුරු පෙදෙස කීප වතාවක් ආක්‍රමණය කලද, මෝගල් වරුන්ගේ ආක්‍රමණය වන තුරු ඉන්දියාව යටත් කර ගැනීමට නොහැකි විය. මේ මෝගල් වරුන්, ‘මොන්ගෝලීයයන්ගෙන්’ පැවතේ. ඉන්දියාව ආක්‍රමණය කල ‘ටිමුර් [Timur] හෙවත් ‘’ටේමර්ලේන්’ [Tamerlane] යන මෝගල් වරයා මුරණ්ඩු,... Continue Reading →

මිනිස් චාරිකා (13) -ඉන්දු නිම්නයේ සභ්‍යත්වය.

ඊජිප්තුවේ පිරමීඩ තැනෙන කාලයේම පැරණි ඉන්දියාවේ, ‘ඉන්දු නිම්නය’ යන ප්‍රදේශයේ ශිෂ්ටාචාරයක් බිහිවිය. එහි තිබුණු නටබුන් අතරේ ‘මොහෙන්ජෝ ඩාරෝ’ සහ, ‘හරප්පා’ යන ප්‍රදේශ වල බොහෝ නටබුන් සොයා ගන්නට හැකි විය. නමුත් මේ කාලයේ එම ප්‍රදේශයේ මිනිසුන් භාවිතා කල අක්ෂර මොනවාදැයි සොයා ගන්නට 1920 වසරේ පමණ සිට කල උත්සාහයන් එතරම් සාර්ථක වූයේ නැත. පැරණි ශිෂ්ටාචාර තිබුණු ප්‍රදේශ... Continue Reading →

‘රාම සේතුව’ හෙවත් ආදම්ගේ පාළම.

මේ වසර මිලියන 1.7ක් පැරණි යයි කියන පාළමෙන් නිහඬව කියන කරුණු වලින්, මිනිස් සම්භවය සිතනවාට වඩා ඈතට යන බව අනුමාන කල හැකිය. මෙසේ කියන්නේ භූගත මිනුම් කටයුතු පිළිබඳ විශේෂඥයෙක් වූ ආචාර්ය එස්. බද්රිනාරායන් මහතාය. ඒ අනුව එකළ මානවයා ප්‍රාථමික මානවයෙක් නොවුවේ වත්ද ? සම්ප්‍රදායික විශේෂඥයන්ගේ මතය වන්නේ නම්, ලෝකයේ මිනිසා සිටි කාලය අවරුදු 200,000 ක්... Continue Reading →

මා කුමක් නිසා හින්දුවෙක් නොවීම්ද 12 – මහාචාර්ය කාන්චා ඉලයියා ගේ කතාවක්.

පෙර වදන :- මා ඉතා කුඩා කල අනුරාධපුරයේ විදුළි බල මණ්ඩලයේ සිටි මගේ නාදෑයෙක්ගේ නිවස වෙත දෙමාපියන් සමඟ ගියෙමි. එය නිවසක් ම නොව, එකළ ඔවුන්ට ලැබී තිබුණු නිළ නිවාස පද්ධතියේ එකට තිබුණු බොහෝ නිවාසවලි එකක් විය.එහි සිටි ළමයි සමඟ මා සෙල්ලම් කලෙමි. මේ නිවාස වලට යාබදව වැසිකිළි නොතිබුණු අතර, ඔවුන් භාවිතා කල වැසිකිළි යට පෝච්චි... Continue Reading →

රවින්ද්‍රනාත් තාගෝර් බුදුන් දුටු ආකාරය.

වෙසක් පුණු පොහෝදා මෙලොව පහළවූ අත්‍යුත්කෘෂ්ට පුද්ගලයා වශයෙන්  සළකන බුදු සමිඳුන්ට මගේ හද පත්ලෙන් නැග එන ගෞරවය ශීර්ෂ ප්‍රණාමයෙන් පුද කරමි. මේ වූකලී දවසේ අවශ්‍යතාවයට කරන පූජාවක් නොව, නිරන්තරයෙන් මගේ හදවත යන ගඳ කිළියේ කෙරෙන පූජාවකි. මා වරක් බුද්ධ ගයාවට ගියෙමි. ස්වකීය පාද ස්පර්ශයෙන්, ‘මේ මහ පොළව සුපරිශුද්ධ කල බුදුරදුන් මෙතෙන්ට වැඩි සේක’... යන අදහසින්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑