ට්‍රෝජන් අසු සහ කොරෝනා වෛරසය

වසර නවයක් යුද්ධ කර ජය ගන්නට නොහැකි වූ යුද්ධයක් ග්‍රීකයන් ජය ගත්තේ, විශාල ලී අශ්වයෙක් භාවිතා කරමිනි. දිනෙක උදයේ ග්‍රීක් සතුරු හමුදාව පලා ගිය බව පෙනිණ. ඔවුන් පරාජය භාරගත් බවට සළකුණක් සේ තබන ලද විශාල ලී අශ්වයෙක් වෙරළේ තිබිණ. ජයග්‍රහණයෙන් උදම් වූ ට්‍රෝජන් වරු ඒ අශ්වයා නුවරට ඇද ගෙන පැමිණියෝය. කාලයකට පසු ඔවුන් යුද්ධයක් නොමැති... Continue Reading →

කොරෝනා වසංගතය දරුණු සේ ඇති වූ ඉතාලියේ තත්වයෙන් අපට ගත හැකි පාඩම්.

              නිළ වශයෙන් එය ඉතාලියේ ආරම්භ වූයේ පෙබරවාරි 20 දින දා විය.  එදින අවුරුදු 38ක පුද්ගලයෙක් ඉතාලියේ උතුරු පළාතේ ඇති ලොම්බාඩි ප්‍රාන්තයේ, කොඩොන්ගෝ නගරයේ ප්‍රාදේශීය රෝහළට ඇතුල් විය. ඔහුගේ සිරුරේ වෛරසය ඇති බව සොයාගත් අතර, හේ ඉතාලියේ ප්‍රථම COVID -19 වෛරස රෝගියා විය. එහෙත් සමහර වෛද්‍ය සහ සෞඛ්‍ය නිළධාරීන්... Continue Reading →

වාහන විත්ති 393 – එංගලන්තයේ මෙන්ම යුරෝපයේද ඉන්ධන හල් වැසෙමින් පවතී. 

එංගලන්තයේ මෙන්ම යුරෝපයේ අන් රටවල් වලද ඉන්ධන හල් වැසෙමින් පවතී. එංගලන්තයේ මේ ප්‍රවනතාවය වැඩි වේ. නමුත් මේවා වැසීමට හේතුව වන්නේ,  පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම නොව ලාභය ගැන සිතීමෙනි. වාහනයක් ගැනීම එළවීමට අවශ්‍ය තවත් අංගයක් වන්නේ එයට ඉන්ධන පිරවීමය. එය බොහෝ රටවල් වල සමාජමය කාර්යයක් විය. ඒ රටවල් වල ඉන්ධන හලෙන් කෑම හෝ පත්තරයක් ගැනීම සිරිතකි.  ... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [10] – එමිළි සහ අල්පොන්සෝ.

එමිළි මගේ පෙනුමට සමාන කෙනෙක් විය. එකම වෙනස වූයේ, ඇයගේ කොණ්ඩය මට වඩා මරියා නංගිගේ කොණ්ඩය මෙන් මඳක් අඳුරු වීම පමණි. සමහරවිට එකම පවුල් වල ළේ ඥාතීන් වූ නිසා එසේ වෙන්නට ඇත. අල්පොන්සෝට සහෝදරයෙක් හෝ සහෝදරියෙක් සිටියේ නැත. ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් බැඳුණු යුවලක් විය. එමිළිට ඇයගේ මව නැති වීමේ ශෝකය අඩු කරන්නට ඔහු බොහෝ... Continue Reading →

ලෝරා ගේ දින පොතෙන් [9] – නේපල්ස් වලට ආයුබෝවන්.

කඳවුරට බෝම්බ දමා දින දෙකක් ගිය තැන, හමුදා නිලධාරීන් දෙදෙනෙක් සමාජ ශාලාවට පැමිණියහ. ඔවුන් ආවේ හර්බට් ගැන වැඩි විස්තර සෙවීමට විය. හර්බට් සහ, කඳුකරයේ පාතාල නායක සනී අතර ඇති ගණුදෙණු මොනවාද යයි ඔවුන්ට දැනගත යුතු විය. මේ අවස්ථාවේ ජිප්සියා නොහිටියේ නම්, එය මහත් අවුළක් වන්නට ඉඩ තිබිණ. සිදු වූ සියලු දේ ජිප්සියා නොසඟවා කීවේය. යම්... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [8] -හර්බට් සමඟ.

ඊයේ රාත්‍රියේ සමාජ ශාලාවේ සටනක් ඇති වූ හෙයින් ශාලාව පිස්සන් කොටුවක් මෙන් පෙනිණ. අම්මා ආදරයෙන් රැක බලා ගත් වීදුරු සැරසිළි සහ, පැරණි කොළ පැහැ වීදුරු බෝතලය කැඩී යාම මගේ සිතේ ඇති කලේ සන්තාපයකි. මා කැඩී බිඳ තිබුණු වීදුරු බෝතල් කෑලි ඉවත් කරමින් සිටියෙමි. රාත්‍රියේ සිදු වූ දේ මා කොලින් ගෙන් අසා ගතිමි. කොලින් අයියාටද තුවාල... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [7] – නැවතත් ඉටැලියන් ක්ලබ් වෙත.

දින සති මාස ගෙවී ගියේය. තාත්තා තනියම හැකි අයුරෙන් ක්ලබ් එක කර ගෙන යයි. ඒ පළාතට පැමිණෙන විදේශීය සොල්දාදුවන් බොහෝ වැඩි වී ඇත. ඒ හෙයින්ම දුෂණ සොර මැරකම් මෙන්ම අප කුඩා කාලයේ ඒ පළාතේ තිබුණු සභ්‍යත්වයද නැතිව ගොස් ඇත. ‘ගණිකා වෘතිය නීතිගත කලාක් මෙන් විය’ යනුවෙන් තාත්තා ගේ ලියුමේ ලියා තිබිණ. අනෙක් අතට, මේ සෙනඟ... Continue Reading →

ලෝරා ගේ දින පොතෙන් [6] – මගේ විවාහය.  

මේ පරිච්චේදය නොලියා බැරි හෙයින් ලියමි. මේ කාලය ජීවිතයට දුක යනු කුමක්දයි තේරුම් ගන්නට හැකි වූ කාලයක් විය. කුඩා කාලයේ සිට හඳුනන ජියෝවානි මහතා සහ තාත්තා අතර බොහෝ කිට්ටු සම්බන්දයක් තිබිණ. හැරී යනු ජියෝවානි මහතාගේ ලොකු පුතා විය. හැරී ගේ පව්ලට අයත් ඔලිව් වතු තිබිණ. ඒ හා සමඟම තාත්තාට අයත් ඔලිව් වත්තක්ද තිබිණ. මේවා ජියෝවානි... Continue Reading →

ලෝරාගේ දිනපොතෙන් [5] -ඉටැලියන් ක්ලබ් කෑම සහ බීම.

පාසැලට අමතරව අම්මාගෙන් ඉගෙන ගත් තවත් දෙයක් ඇත්නම්, ඒ අම්මාගේ ප්‍රධානත්වයෙන් වැඩ කෙරෙන අපේ සමාජ ශාලාවේ භෝජනාගාරය හෙවත් කුස්සියේ ඉගෙන ගත් දේවල් විය.   කුස්සියට ඇතුල් වෙන තැනම සුදු ළුණු ගෙඩි සහ වියළි මිරිස් එල්ලා ඇත. එළවලු සෝදන්න වෙනම බේසමක්ද, මාළු හෝ මස් සෝදන්න වෙනම බේසමක් මෙන්ම, ඒවා සකස් කරන්න වෙන වෙනම බේසම් වැනි කොටස්... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [4] -පාසැල් කාලය.

ශීත කාලයේ හිම මෙන්ම සහ අනෙක් කාලවල් වල මඩද පන්ති කාමරවල පොලවේ ගෑවේ. මේ නිසා පාසැලට ඇතුල් වෙන විටම, පන්ති කාමරවලට යන්නට පෙර සපත්තු ගැලවිය යුතු බවට අවවාද ලැබේ. පන්ති නායිකාව මා නිසා ළමයින්ට ඒ අවවාදය මගෙන් ලැබිණි. පන්තිවල කරන්න නොයෙක් දේ තිබිණ. මේ පළාතේ ජීවත් වෙන කුරුල්ලන්ගේ නම්, ගස් වල පින්තුර සහ නම් වැනි... Continue Reading →

ලෝරාගේ දින පොතෙන් [3] – විනෝද ගමන්

ඇන්ටෝනියෝ මාමා අපේ ගෙදර එන දිනය තාත්තාටද නිවාඩු දිනයකි. අසල්වැසි අනෙක් හැම ගෙදරකම සිටින්නන් ඔවුන්ගේ සති අන්තය නිවාඩුවෙන් ගත කලද අපට ඒ නිවාඩුව ලැබෙන්නේ මාසයකට වතාවකි. එනම්, සති අන්තයේ සමාජ ශාලාවට එන අමුත්තන් වැඩි හෙයින්, එයින් වැඩිම ආදායමක් ලැබෙන්නේ සති අන්තයේ හෙයින් නිවසේ සියළුම අය ඒ දිනවල මහන්සි විය යුතු හෙයිණි. එහෙත් තාත්තා සමහර දිනවල... Continue Reading →

යුධ භටයෙක්ගේ කතාවක් සහ ලෝරාගේ දිනපොත.-පෙරවදන

දෙවන මහා ලෝක සංග්‍රාමය අවසානයේ ඒ සඳහා භාවිතා කල යන්ත්‍රෝපකරණ වල අතිරික්තයක් තිබිණ. ඒවාට ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වේ ‘War surplus items’ ලෙසය. එම යන්ත්‍රෝපකරණ පසු කලක ලංකාවටද පැමිණි හෙයින් මෙන්ම, මගේ රැකියාව යන්ත්‍රෝපකරණ ආශ්‍රිත වූ හෙයින්ද, ඒ ගැන උනන්දු වුනෙමි. එහෙත් තරුණ වියේ සිටි මට ඒ අතීත යුද්ධය ගැන අවබෝධයක් නැති වූ නිසාම, කුමක් නිසා මේ... Continue Reading →

මිනිස් චාරිකා [9] – 2- හැනිබල්, රෝමය සහ කාර්තේජ් නගරය.

අනභිභවනීය යයි කියන ලද රෝමය, ‘හැනිබල්’ ගේ නායකත්වයෙන් යුතු වූ හමුදාවෙන් අන්ත පරාජයන්ට ලක් විය. මේ පසුපස සිටියේ අවුරුදු 29ක් වයසැති කාර්තේජියන් ජෙනරාල් කෙනෙක් වූ ‘හැනිබල් ’  විය.‘හැනිබල්’ එකළ නාවික බලයෙන් ඉහළ තැනක් තිබුණු ෆීනීශියන් ජාතිකයන්ගේ යුධ සෙනෙවියෙක් විය. ෆීනීශියන් වරුන්ට ‘කාර්තේජ්’ නම් යටත් විජිතයක් තිබිණ. මේ ස්ථානය අද දින ‘ටියුනීසියාව’ සේ නම් කල රට... Continue Reading →

ඉතාලිය – පොම්පේ නගරය.

අතීතයත් හරියට නොදන්නා රටක් වැනිය. කිසියම් රටක අතීතය නොදන්නවා නම්, ඒ රටට අප ගොස් නැත. නමුත් යම් ක්‍රමයකින් ඒ අතීත තොරතුරු සොයා ගත් විට අලුත් රටකට ගියාක් වැනි අදහසක් ඇති වේ. එසේත් නැත්නම් සිහිනයකින් දුටු තැනකට ඇත්තටම ගියාක් මෙනි. සිරිත් පරිදි ප්‍රමාද වූ ගුවන් යානාවක් එනතුරු, ගුවන් තොටුපළක කරන්න දෙයක් නැති තැන ලියූ, හෝ වෙහෙස කරවන... Continue Reading →

Blog at WordPress.com.

Up ↑