නව සූර්ය + බැටරි මිළ, ෆොසිල ඉන්ධන විනාශ කල බවයි. පරමාණුක බලය සදහටම වළ දැමූ බවය.

ඇත්තෙන්ම මේවා මා ලියන්නේ කුමකටදැයි සමහර විට මටම හිතේ. මක්නිසාදයත්, මේවා මා සොයාගත් ඒවා නොවන හෙයිණි.  නමුත් පුදුමයකට මෙන් බොහෝ අය පුවත් නොබලති. වෙනත් රටවල් වල අයට වඩා අප තොරතුරු තාක්ෂණය අතින් කෙසේ වුවද, තොරතුරු කියවීම අතින් නම් ඉතා දුර්වල බව පෙනී යයි.සෙක්කුවේ බඳින අස්වයෙක් පාරට රැගෙන කරත්තයක බැන්ද විට ඌ එවිටද යන්නේ රවුමට බව... Continue Reading →

කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් …

                                        ...“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්කස් බැලීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමට පෙළ ගැසී සිටියෙමු. අප හැර  ටිකට් කවුන්ටරය ඉදිරියේ සිටියේ තවත් එක් පවුලක් පමණි. මේ පවුල මා කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය. විශාල පවුලක් මෙන් පෙනෙන ඒ පව්ලේ ළමයින් අට දෙනෙක් සිටි අතර, ඔවුන් වයස අවුරුදු 12 ට අඩු වූ බවක් පෙනේ.... Continue Reading →

ෆොසිල ඉන්ධන තහනම් කිරීමේ දේශපාලන හා ආර්ථික දිරියක් ලංකාවට නැත

                                පරිසරය ඇසුරේ ලංකාව වැනි රටවල් ප්‍රාථමික තත්වයේ තිබෙන්නට ප්‍රධානම හේතුවක් වන්නේ, මධ්‍යම රජයකින් පමණක් ප්‍රධාන සහ බොහෝ තීරණ ගැනීම වේ. පරිසර නීති පැහැදිළිව විමධ්‍යගත කර නොතිබීමත් ඊට තවත් හේතුවකි. එහෙත් බොහෝ රටවල් වල පරිසරය ගැන, ඒ ඒ ප්‍රාදේශීය රාජ්‍යයන්... Continue Reading →

රෝගීන් මැස්සන් මෙන් මිය යති !

                                                   නොසැලකිළිමත් සේ නොහැසිරෙන ලෙස දැඩි සත්කාර ඒකකයේ හෙදියක් මහජනතාවගෙන් ඉල්ලා සිටී කැලිෆෝනියාවේ වෙස්ට් කොවිනා හි ලියාපදිංචි හෙදියක් 'නොසැලකිලිමත් වීම නවත්වන ලෙස' මහජනතාවගෙන් ඉල්ලා සිටී. නවතම COVID-19 වැඩි වීම අතරතුරදී ඇයගේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බව ඇය දුටුවාය. නිවාඩු දිනට පෙර පළ කරන ලද ටික්ටොක් වීඩියෝවක, “ගයානා චුක්ලාන්සෙව්” හෙදි සොහොයුරිය සිය රෝහල, 'යුද... Continue Reading →

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් – ඔබ කොයි පැත්තේද ?

                                      විශාල පරාසයක් අල්ලා ගෙන සාකච්චා කිරීමේ ප්‍රායෝගිකත්වයක් නැත. එසේ හෙයින් පරිසරය, පුනර්ජනනීය බලය සහ කාබන් විමෝචනය යන ක්ෂේත්‍ර අනුව ඔවුන්ගේ වෙනස්කම් බලමු. මේ සඳහා, “National Geographic” වෙබ් පිටුවෙන් මූලාශ්‍ර ගෙන ඇත.     බයිඩන්ගේ බලාපොරොත්තුව වන්නේ 2035 වන විට එක්සත් ජනපද බලශක්ති අංශය කාබන් රහිත කර වීමටයි ෆොසිල ඉන්ධන සමාගම් සඳහා බදු ගෙවන්නන්ගේ සහනාධාර ඉවත් කරන බව... Continue Reading →

කොරෝනා සහ පුනර්ජනන බලය නිසා ඇමරිකාව වෙනස් වූ අයුරු

                          ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ, “ගල් අඟුරු වලට එරෙහි යුද්ධය” අවසන් කළ බවයි. බරක් ඔබාමාගේ ජනාධිපති ධුරයේ අවසන් සිව් වසර තුළ සිදු වූ ගල් අඟුරු බලාගාර විශ්‍රාම ගැන්වීම් හේතුවෙන් ඔහුගේ කැලඹිලි සහිත නායකත්වය යටතේ කර්මාන්ත හානි වේගවත් විය. 2019 දී ගල් අඟුරු වලින් විදුළිය නිපදවීම වසර 42 ක අවම මට්ටමකට ඇද වැටුණු අතර කොරෝනා වයිරස් වසංගතය රට... Continue Reading →

ජෙට් එන්ජිම සහ ගෑස් ටර්බයින එන්ජිම- 3

  දැඩි අවවාදයයි:- වැඩිහිටියන්ට සහ අතිශයින්ම අසනීප තත්වයේ සිටින එන්ජින් පිස්සන්ට පමණක්මයි.ජෙට් එන්ජින් හෝ ගෑස් ටර්බයින භාවිතා වන්නේ ගුවන් යානා සඳහා පමණක් නොවේ. ඒවා යුද්ධ ටැංකි, දුම්රිය සහ නැව් සඳහාද භාවිතා වේ. ඇමරිකාවේ ඇති එක්තරා ජනප්‍රිය දුම්රිය සේවයක් වන “යූනියන් පැසිෆික්’ හී විශාල දුම්රිය සඳහා ගෑස් ටර්බයින භාවිතා විය. ඩීසල් එන්ජිමක් මෙන් නොව මේ බරැති එන්ජින්... Continue Reading →

යුද්ධ ටැංකි – ඒබ්‍රම්ස් M යුධ ටැංකිය.

                                                     යුද්ධයකදී ජයග්‍රාහී පක්‍ෂය තීරණය කිරීමේ එක ප්‍රධාන හේතුවක් වන්නේ යම් පිළකට අයත් යුධ ආයුධ වේ. විශාල පරිමානයේ යුද්ධයක් සඳහා නම් යුධ ටැංකි වල හැකියාව ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් සාධකයක් බව ඉරාක යුද්ධයේදී සාධනය විය. එහිදී ඇමරිකානු හමුදාවට අයත් ඒබ්‍රම්ස් යුද්ධ ටැංකිය ඉතා සාර්ථක නිර්මාණයක් විය.37 වන සේනාංකයේ අණ දුන්, ඉතා දක්ෂ ජෙනරල් කෙනෙක් වූ, “ක්‍රෙග්ටන්... Continue Reading →

ෆීජි සුරංගනාවි.

19 වන සියවසේදී ප්‍රධාන ප්‍රදර්ශන ශිල්පියෙකු වූ පී.ටී. බාර්නම් විසින් සුරංගනාවියක් ප්‍රදර්ශනය කරන ලද්දේය. ෆීජි සුරංගනාවි සේ ප්‍රකට වූ ඇය තව තවත් ප්‍රසිද්ධ වූයේ එකළ ලෝකය පුරා ප්‍රචාරය වෙමින් පැවති සුරංගනා කතා හේතුවෙනි.  නිව්යෝර්ක්, බොස්ටන් සහ ලන්ඩන් හී ප්‍රදර්ශනය කරන ලද සුරංගනාවිය, 1859 න් පසු කොහේ ගියාදැයි යන්න අවිනිශ්චිතය. ජනප්‍රවාදයේ හා ජනප්‍රිය සංස්කෘතියේ සුරංගනා කතා... Continue Reading →

බයිබලයේ කියවෙන අද්භූත යෝධයන්.

වෙළඳාමෙන් සුරුට්ටු සාදන්නෙකු වූ, ‘ජෝර්ජ් හල්’ දැඩි අදේවවාදියෙකු වූ අතර, අයෝවා හි ව්‍යාපාරික සංචාරයකදී ඔහු දැඩි මතධාරී පුනර්ජීවන දේශකයෙකු සමඟ දේවධර්මවාදී විවාදයක පැටලිණි. හල් පසුව කියා සිටියේ දේශනාකරුවාගේ වචනානුසාරයෙන්ම බයිබලය කියවීමෙන් තමා නොසන්සුන් වූ බවයි. ඔහු කීවේ දේව ධර්මය දෙසට ඔහු ඇදී ගිය බවය. විශේෂයෙන් ඔහු උත්පත්ති පොතේ ඡේදයක [උත්පත්ති 6-4, (Genesis 6-4) ] සඳහන්... Continue Reading →

වාහන විත්ති 414 – රෝල්ස් රොයිස් වාහනයක් ටෙස්ලා කෑලි වලින් විදුළි වාහනයක් කල පුවතක්… !

...“දවසකට වත් මිනිස්සු !... !!..කියා කියන්නට ඕනා වන්නේ, මෙන්න මේ වගේ දේවල් කරන අයට විය යුතුය. පොඩ්ඩක් අපේ රට පැත්ත ගැන කීවොත්, නිසාන් ලීෆ් වලට එන්ජිමක් තියන්නට කීප දෙනෙක් කාර්මික පිටුවල අහනවා ඔබ දකින්නට ඇත. ඒ අතරේ, [සත්‍ය පුවතක්ද නොදනිමි.] එක ලීෆ් වාහනයකට එන්ජිමක් තියා ඇති බවක් කෙනෙක් කීවේය. සමහර රටවල් දියුණු වන්නේත්, සමහර රටවල්... Continue Reading →

වාහන විත්ති 413 – කැන්ඩි විදුළි වාහන

මෙහි කැන්ඩි කියන්නේ මහනුවර නම් නොවේ. ටික වෙලාවකට හෝ ඔබට ලස්සණ බොරු බලාපොරොත්තුවක් දුන්නාට සමා වෙන්න. ‘කැන්ඩි’ යනු චීන විදුළි වාහන වර්ගයකි. ඇත්තටම එය කැන්ඩි සේ කිව යුතු නැති වග පෙනේ. එනම් එය ‘කන්ඩි’ සේ ආමන්ත්‍රණය විය යුතු බවක් පෙනේ. චීන විදුලි මෝටර් රථ නිෂ්පාදක කැන්ඩි, සිය විදුලි වාහන ඇමරිකාවට ගෙන එන බව නිවේදනය කරමින්... Continue Reading →

ඇමරිකාවේ විදුළි වාහන ප්‍රවර්ධනය සහ මුදල් වියදම් කරන ආකාරය.

රටකට සුනාමියක්, පොළව සෙළවීමක් හෝ න්‍යෂ්ටික බලාගාරයක විනාශය වැනි කුමක් හෝ විශාල ව්‍යසනයක් වූ විට අන් රටවල් ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මෙන් වූ විවිධ ආයතන වලින් මුදලින් ආධාර ලැබේ. සුනාමියක් නොවුනද, ඇමරිකාවට නම් ටික කලකට උඩ දී ලොතරැයියක් වැනි වාසනාවක් ලැබිණ. එය පරිසර ව්‍යසනයක් හමුවේ දැමූ නඩුවකින් ලැබුණු වන්දියක් විය.   එය වූ... Continue Reading →

ලෝකයේ විසූ ධනවත්ම මිනිසෙක් සහ ඔහු ගේ මුණුපුරා

                             කුඩා උපකල්පනයක් කරන මෙන් යෝජනා කරමි. ඔබ පාරේ ඇවිදින විට බිම වැටී තිබෙන රුපියලක් ඇහිඳ ගත්තේ නම් ඔබ කුමක් කරන්නේද ? සමහරවිට වැඩි දුර නොසිතා ඔබ එය සාක්කුවේ දමා ගනු ඇත. ඒ මුදල සීයකින් වැඩි කරමින්,... කෙමෙන් ඊළඟට ලැබෙන මුදල් වලට... Continue Reading →

ටෙස්ලා සමාගමේ නොදුටු පැති.

ස්වර්ගයේ එල්ලා ඇති දැවැන්ත පහනක් දිවා ආලෝකය ලබා දෙන බව බොහෝ අය නොදනී. හිරු සහ සඳුගෙන් වැඩියෙන් වටින්නේ කුමක්දැයි අප්‍රිකාණු මිනිසෙක්ගෙන් ඇසූ විට ඔහු කීවේ, “සඳු වඩා වටින්නේය” යන්නය. හේතුව කුමක්දැයි ඇසූ විට ඔහු කීවේ; … “දහවලට කොහොමත් එළිය ඇති නිසා, ඉරෙන් ඇති වැඩක් නැත යන්නය”... “කරුවල රාත්‍රියට ඇති චන්ද්‍රයා වඩා වටින්නේය”...යන්න ඔහුගේ පිළිතුර විය.... Continue Reading →

 උමතු ජනපතියෙක්ට විරුද්ධව තරඟ කරන පරිසර වේදියා. 

                           2020 වසරේ නොවැම්බර් 3 වනදා නව ඇමරිකානු ජනාධිපති තෝරනු ලබයි. බොහෝ සාමාන්‍ය මිනිසුන් දැනට ඉන්නා ජනාධිපති ගැන මෙසේ කියයි. … “අපට උමතු ජනාධිපති කෙනෙක් සිටී”... “ඔහු රජෙක් වන්නට ආසන්න අතර, එය ස්ථිර කිරීමට එවන්ම වූ දූෂිතයන් පිරිසක් උත්සාහ දරති”... “ එහෙත් අවබෝධයෙන්... Continue Reading →

කොරෝනා මාරයා සහ ඇමරිකන් නිදහස

මේ කාලයේ ඇමරිකානු සමාජයේ මුඛ ආවරණය ගැන විරුද්ධව කියවෙන කතා ඔබ අහන්නේ නම්, එය එකළ ඇනස්ලි බර්ටි සැමුවෙල් ගේ ‘විනෝද සමය’ මෙන් වෙතැයි ඔබ සිතනු ඇත. එක කාන්තාවක් කියා සිටියේ ඇය මුඛ ආවරණ භාවිතා නොකිරීමටත්, ඇය යට ඇඳුම් භාවිතා නොකිරීමත් එකම හේතුව, ‘ඒවා’ හුස්ම ගන්නා හෙයින් යන්නය. මෙහි ‘ඒවා’ යන්න විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතමි.... Continue Reading →

කොරෝනා වලක්වන මුඛ ආවරණය

                                        කුඩා රෙදි කෑල්ලකින් ලොකු දෙයක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා වටහා ගත්තේ පසුවය. කොරෝනා රෝගය ඉදිරියේ ඉන් එතරම් වැඩක් නැති බවක් ඇඟවෙන තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් අවදියේ පළවිය. ඇත්තටම මුඛ ආවරණයක් මගින් ඊට... Continue Reading →

වාහන විත්ති 401 – කැනඩාවේ ඇල්බර්ටා හි විදුළි මෝටර් රථ භාවිතය .

මේ සිතියම දුටු විගස ඔබ මෙන්ම මාද සිතුවේ, එය ඇමරිකාවේ සිදුවන කොරෝනා ව්‍යාප්තිය ලෙසය. එය එසේ නොවේ.   මුලින් කැනඩාව දෙස බලමු.   වැඩියෙන් මෙන්ම, වඩා හොඳ ආරෝපණ මධ්‍යස්ථාන ලැබීම නිසා, ඊළඟ ගිම්හානයේදී සංචාරකයින් තම විදුලි වාහන වලින්, කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ කිලෝමීටර් දහස් ගණනක් ධාවනය කරනු ඇත. සංචාරක ගමනාන්ත දුසිම් ගණනක් සම්බන්ධ කරන දුම්රිය ස්ථාන... Continue Reading →

ජල විදුළි බලාගාරයක් නවීකරණයෙන් ලැබූ ප්‍රතිලාභ

ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන වලින් දිවෙන බලාගාර හැර, අන් ශක්ති ප්‍රභවයන් ගේ වටිනාකම එන්න එන්නම වැඩි වේ යයි අපට සැක හැර මේ කාලයේ කිව හැක. ඉන් එක විශේෂ හේතුවක් වන්නේ, ගල් අඟුරු නැව්ගත කිරීමේදී ඇතිවන ඕනෑම දුෂ්කරතාවයක්, රටක විශාල විදුලි බිඳවැටීමකට තුඩු දිය හැකි හෙයිණි. අද දින ලෝකය කොරෝනා රෝගය හරහා තෙවන ලෝක සංග්‍රාමයක... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑