තායිලන්තය ජල විදුලි බල ජලාශවල දැවැන්ත පාවෙන සූර්ය බලශක්ති බලාගාර සැලසුම් කරයි.

        මේ අපූරු ව්‍යාපෘතිය ගැන විස්තර සොයන්නට පෙර, අපි ලංකාවේ තත්වය දෙසට සුට්ටක් හැරෙමු. මෙච්චර මාධ්‍ය වලින් කියද්දී, ලෝකයේ බොහෝ රටවල් වලින් මේ පොම්ප බලාගාර තැනෙද්දී කුමක් නිසා ලංකාවේ එය කෙරෙන්න හිතලාවත් නැද්ද යන්න ගැන ඔබ සිතා ඇද්ද? මේ ලිපියෙන් ඔබ දෙයක් ගන්නේ නම්, මෙන්න මේ සැකයත් ඔබේ සිතට ඇතුල් විය යුතුය. මෙහි... Continue Reading →

ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දිනය 

චන්දයෙන් පසු කිසියම් ජනාධිපති කෙනෙක් පත්ව එනූ ඇත. කව්රුන් පැමිණියත් ට්‍රිලියන එකොළහක ණය ගෙවන්නේ කෙසේද යන්න සඳහා ලැබෙන විසඳුම නම් ඒ තරම් වෙනස් නොවනු ඇත. මෙහිදී ඒ නව ජනාධිපති විසඳුම දෙන තෙක් නොසිට අපට කල හැක්කේ කුමක්දැයි රටට එන ආදායම් මාර්ග කුමක්දැයි විමසීම වටී. නිවසක වුවත් ආදායම් වියදම් සමබර කර ගැනීමේ අභියෝගය පවතී. එවිට දැනටමත්... Continue Reading →

  මොකක්ද මේ මුදල් සේදීම කියන්නේ ?

මත් ද්‍රව්‍ය, මිණී මැරුම් හෝ වෙනත් අපරාධ වලින් මුදල් සොයන අපරාධ කරුවෙක්, ඒ මුදල් සේදීම හෙවත්, මුදල් ශෝධනය [Money laundering] නොකළේ නම් වැඩිකල් නොගොස් ඔහු නීතියේ රැහැනට අසු වනු ඇත. මේ ශෝධනය කරන්නේ කෙසේද යන්න සොයා බැලීම වැදගත් වන ප්‍රධාන හේතු දෙකක් ඇත. එකක් නම් සමාජයේ යහපතට යොදා ගතහොත් විශාල කාර්යයක් කල හැකි සියුම් ඥාණයක්... Continue Reading →

 සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට හැකිද ?

ශත වර්ෂ භාගයකට පමණ පෙර වෑල්ව් රේඩියෝ හෙවත් ‘වයර්ලස්’ ඉවත්ව ගොස් ට්‍රාන්සිස්ටර් රේඩියෝ පැමිණීම ගැන සමහරු දනී. එම වෑල්ව් රේඩියෝ වල තිබුණු වෑල්ව්, හරියට පැරණි ආකාරයේ සූත්‍රිකා ඇති බල්බයක් මෙනි. එනම් ඒවා ‘ෆිලමන්ට් බල්බ’ වැනිය. මේ රේඩියෝ වල වෑල්ව් වලට ආයු කාලයක් තිබේ. එනම් ඒවායේ බලය අඩු වූ විට හෝ සම්පූර්ණයෙන්ම අක්‍රීය වූ විට, ඒවා... Continue Reading →

නයි කතාවක්, මී නැටි, සෝඩා බද්ද, තවත් කතා සහ මිනිසුන්ගේ හැසිරීම් රටා …

මේ කතාව ආර්ථික විද්‍යාව පමණක් නොව, වෙන බොහෝ ක්ෂේත්‍ර සඳහා අදාළ වේ. ඉන්දියාව යටත් විජිතයක් වූ කල සිදුවූ කතාව මෙහෙමයි. එහි දිල්ලිය නම් නගරයේ නයින් බොහෝ සිටියෝය. නයින්ගේ දෂ්ට වලින් මිය ගිය මිනිසුන් ගණන සුළු පටු නැත. එසේ හෙයින් මිනිසුන් බොහෝ දෙනෙක් ඉතා බියෙන් සිටියහ. අවේලාවේ තියා වෙලාවේ වත් ගෙයින් පිටට අඩිය තියන්නට කැමති නැති... Continue Reading →

ලංකාව, පරමාණුක ශක්තිය සහ ජනාධිපති අපේක්ෂකයෝ.

දින කීපයකට පෙර රවී කරුණානායක ඇමති තුමා ලංකාවට පරමාණුක බලාගාරයක් ගෙනෙන බව කියා සිටියේය. එයත් මේ කාලයේ හැම තැනම කියැවෙන ජනාධිපති කෝලමේ තවත් අංගයක්ද එසේ නැත්නම් එතුමාව, බල ශක්ති විශේෂඥයන් යයි කියා ගන්නා අය විසින්, ‘රයිඩ් එකක යැවීමක්’ ද යන්න පැහැදිළි නැත.  මෙය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාව තවත් පතුලක් නැති ළිඳකට දැමීමක් යයි කිවහොත් වඩා... Continue Reading →

ක්‍රෙඩිට් කාර්ඩ් ණය උගුළෙන් බේරෙන්නේ කෙසේද ?

මාලුවෙක් අල්ලා ගන්නට ඇමක් යෙදු විට, සාමාන්‍යයෙන් මාළුවෙක් ව අල්ලා ගැනීමට අමාරුවක් නැත. එහෙත් කළාතුරකින් එක් මාළුවෙක්, ඇම ගිල දමා කොක්කෙන් මිදී පලා යන්නේය. මෙය පහසු දෙයක් නොවේ. අපද අන්න ඒ මාළුවා සේ ඇම ගිල දමා පලා යෑම කල යුතුය. එනම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ළඟ තබා ගැනීම අවශ්‍යම නම්, ඒ ක්‍රෙඩිට් කාර්ඩ් සෙල්ලම කරන ආකාරය... Continue Reading →

ඔබත් ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කරනවාද ?

ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතය සහ එහි නීති රටෙන් රටට වෙනස් වේ. එසේ හෙයින් මේ ලියන සෑම දෙයක්ම ඔබ සිටින රටට නිවැරදි හෝ අදාළ යයි නොසිතා, මේ කාරණාව ගැන ඔබ සිටින රට අනුවද සිතීම වටී.   හිතවතෙකුට වූ ඇබැද්දියක් මෙසේ විය.   ඔහු මැදපෙරදිග රටක සේවය කරන අතරතුර එහි බැංකුවකින් ලබා ගත ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් රුපියල් පනස්... Continue Reading →

වාහන විත්ති 329 – ප්‍රවාහනය සහ දේශපාලනය.

අවාසනාවට මෙන් , කරන කියන කිසිම දෙයකට දේශපාලනය නොගාවා කතා කරන්නට හැකියාවක්  අපට නැත. කන බොන දේ, ඇඳුම් පැළඳුමේ සිට ප්‍රවාහනයටද දේශපාලනය අනියම්ව හෝ සම්බන්ද වේ. මේ පහත ඇති ආරංචියට සාපේක්ෂව ලංකාවේ ඇමතිවරුන් ක්‍රියා කරන දිනයක් තව දශක දෙකකින් පමණ එනු ඇත. එවැනි මැති ඇමති උතුමන් සිටින අප වාසනාවන්තයන් වේ. නැති නම් මේ දුම් දමමින්,... Continue Reading →

ලෝකයේ බල ශක්තිය යන දිශාව විශ්ලේෂණය කරන ක්‍රම දෙකෙන් කුමක් ජය ගනීවිද ?

2014 වසරෙන් පසුව නැවතත් තෙල් බැරලයේ මිළ ඩොලර් 100 ට සමීප වන්නට ඉඩ ඇති බව අනාවැකි පැවසේ. ඉන්ධන ආනයනය කරන්නන්ට මෙය ශුභ ආරංචියක් වුවද, ඉන්ධන නොමැති රටවල් වලට මෙය අශුභ ලකුණකි. එනම් ඒ රටවල් වල ආදායමට මෙය පහරක් වනු ඇත. යුරෝපයේ රටවල් වලට මේ කාලයේ එය එය විශේෂයෙන් බලපාන්නේ, ළඟ එන ශීත සෘතුව හේතුවෙනි. එනම්... Continue Reading →

ලංකාවේ කජු සහ එංගලන්තයේ බැටරි.

කත්මන්ඩු සිට ලංකාවට පැමිණි අපේ රාජ්‍ය නායකතුමාට ඇති වූ ප්‍රශ්නය නම්, ගුවන් යානාවේ එතුමාට පිළි ගැන්වූ කජු වල ඇති අමිහිරිතාවය විය. ඒවා බල්ලෙක්ටවත් කන්නට නොහැකි බව එතුමා කියා සිටියේය. කතාව ඇත්ත බව එතුමා පෙන්වා දුන්නේය. ලංකාව සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යන මේ යුගයේ, විශේෂයෙන් ලංකා ගුවන් සේවය ලාභ පිට ලාභ ලබන අවස්ථාවක, සවුත්තු කජු රාජ්‍ය නායකයාට... Continue Reading →

Blog at WordPress.com.

Up ↑