ලංකාවේ දේශපාලනය

                                                                      මෙය ආර්ථික අර්බුදයක් පමණක් නොව සමාජ ආර්ථික සහ දේශපාලන ගැටළු එකට සම්මිශ්‍ර වුණු අර්බුදයකි. එහෙත් ආණ්ඩුව සහ ඔවුන්ගේ බත් බැලයන් දිගින් දිගට ම කියන්නෙ මෙය ආර්ථික අර්බුදයක් බවය. “ජනතාවට සහන ටිකක් දුන්නම අරගලය ඉවර වෙයි”... කියන ව්‍යාජ බලාපොරොත්තුව රජය කියා හිතාගෙන ඉන්නේ. අනෙක් දේ වන්නේ එසේ ණය ගත්තා යන ආකල්පය ජනතාවට යන්නේ නැහැ.හොඳම උදාහරණය මේ... Continue Reading →

සැබවින්ම ලංකාවේ මිනිසුන් අපූරු මිනිසුන්ය.

දේශපාලනාත්මක සේ ඔවුන්ගේ ඇති අපූරුව කියන්නට මේ කතාව කියන්නට කැමැත්තෙමි. කලකට පෙර මා මහරගම හරහා සයිකලයක් පැද ගෙන ගියෙමි. ජීවිතයේ පළවන වතාවට සයිකලයක් පදිනවා වෙනුවට තල්ලු කරගෙන යාමට තරම්වත් තත්වයක් ඒ පාරේ නොතිබිණි.මිනිසුන් ඒ තරම් එහි සිටියහ.ජේ. වී. පී. පක්ෂය මගින් ඉදිරිපත් කල රැස්වීමකි. අද පොලිසිය තිබෙන තැනට අනෙක් පස එය තිබිණි. මෙතන එම වේදිකාවේ... Continue Reading →

රටක් දියුණු වෙනවා යනු කුමක්ද ?

                                                         වැදගත්ම දෙයක් වන්නේ ඒ ඒ අවස්ථාවල් වල රටක සිටින, “මජරම දේශපාලුවන්” එකට එක් වන අවස්ථාව හෝ එරෙහි වන අවස්තාව, එම රටේ ආර්ථික ස්ථාවරයට බලපාන බව දැන ගැනීමයි. මුන් මෙහෙමම කෙළගෙන හැඳි ගෑවිලා යනවා හෙම නොවේ. අවාසනාව ඊට වඩා වැඩියි. රටේ වාසනාව නොව, රටේ සිටින අපගේ අවාසනාව ඊට වඩා වැඩියි.   මොන රටෙන් ණය ලැබුනත් රට නම්... Continue Reading →

මරණයට කෙසේ මුහුණ දිය යුතුද ?

                                                          මිනිසුන් මිය යාමේදී සංසුන්ව ඇඳ උඩට ගොස් කොට්ටයට හිස තබන විටම මිය ගිය අය කී දෙනෙක් ගැන අප දැක ඇත්ද? දැකීම කෙසේ වුනත් අඩු තරමේ එවැනි මරණ ගැන අප අසාවත් තිබේද ? සිදු නොවෙන තරමට එය විරළය. මියයාම අපට කැමති අයුරකින් කරගන්නට අවස්ථාව ලැබේ නම් ඔබ කුමක් තෝරා ගන්නේද? සාමාන්‍යයෙන් මැරෙන බොහෝ දෙනා එසේ මියයන... Continue Reading →

අපැහැදිළි අනාගතය

                                                                         ඊයේ මිනිසෙක් අමුතු ආකාරයකට ඈත සිට ඇවිද එන බව දුටුවෙමි. උඩට ඇඳි වස්ත්‍රයක් නැත. සුදු සරම වලාපොට ගසාගෙන වැනි වැනී එන ගමනෙන් පෙනී ගියේ, ඔහු බීමතින් සිටින බවය. මේ පටු පාර යන්නේ තරමක් ඈත පාලු කඳුකරයට ඇදෙන, වැඩි ප්‍රමාණයක් වතු කම්කරුවන් සිටින පළාතකටය. මිනිසා මා දෙසට පැමිණෙත්ම , සමහරවිට ගෞරවය උදෙසා හෝ සරම පහත දමා... Continue Reading →

රැජිනගේ අභාවය සහ ලංකාවට එහි ඇති වැදගත්කම

ලංකාව කාලයක් පාලනය කල ජාතියක නායිකාවකගේ අභාවය උදෙසා ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම කෙසේ වුවත්, ඒ නායිකාවගේ රටේම එවැනි නිවාඩුවක් අනිවාර්ය නොකිරීම යන්න ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය. බ්‍රිතාන්‍යයේ මෙන් නොව, දිනක නිවාඩුවක් නිසා රටකට නැතිවන ශ්‍රම දායකත්වය ගැන මෙලෝ හසරක් නැති ලංකාවේ පාලකයන් විසින් ඒ නිවාඩුව ලබා දී තිබේ.නැතිවන ශ්‍රමයට සාපේක්ෂව, මෙහි ඇති රාජ්‍ය... Continue Reading →

කොහොඹා, හාපුරා, තුප්පහි සහ පද්දෝ

බොහෝ අය මේ පසුව ලියා ඇති වචන ගැන අඩුම ගානේ අසා තියෙනවාට සැක නැත. එහෙත් “කොහොඹා” සහ “හාපුරා” ගැන කී දෙනෙක් නම් දන්නේද ?මිහිතලයෙන් යට ඇති දේ බහිරවයාට අයත්ය. එතැනින්ද ඒ ඒ දේවල් වෙන වෙනම බහිරවයන්ට අයත් බවට විශ්වාසයකි. ඒ අනුව වී අයත් වන්නේ කිසි කෙනෙක්ට බිය නැති එක්තරා බහිරවයෙක් ටය. ඔහුට කියන්නේ “කොහොමා” කියාය.... Continue Reading →

උදව් අල්මාරිය 

ඔබ වික්ටෝරියා දිය ඇල්ල වැනි දිය ඇල්ලක් දැක තිබේද ? ඒ ආකාරයේ දිය ඇල්ලක් නිර්මාණය වන සැම්බිසි වැනි විශාල ගංගාවක් දැක තිබේද? එවැනි ගංගාවක් සිතේ මවා ගනිමු. ගංගාවේ පහළට ඇදෙන නැවකි. නැවේ නියමුවා සහ කාර්ය මණ්ඩලය ඒ ගංගාවේ සීතල හුළං වලින් මත්වූහ. නැව පහළට යන බවද, කොයි මොහොතේ හෝ එය ඇල්ලෙන් පහලට වැටෙන බව අමතක... Continue Reading →

එංගලන්තයේ “බ්ලිට්ස්’ සහ ලංකාවේ අරගලය

1940 දී ලන්ඩනයේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා සිදු වූ විනාශයන්ට බ්‍රිතාන්‍යයන්, “බ්ලිට්ස්” [The Blitz] යන නම දුන්හ. සිදු වී ඇති මුළු විනාශයන් ගැන ඉඟියක් පින්තූරයේ පැහැදිලිව දැකගත හැකිය. එය මෙසේ මාස දෙකක භීෂණය තුළ සිදු වූ සමස්ත විනාශයේ එක් පැති කඩක් පමණි. මේ පින්තුරයේ විශේෂත්වය එය පමණක් නොවේ.  1940 නොවැම්බර් 4 වැනිදා විවාහ වීමට ලන්ඩනයේ... Continue Reading →

ත්‍රී වීල ලංකාවේ තහනම් කිරීමට හේතු දහයක්

1. කිසිම ආකාරයේ පිළිගත් මෝටර් වාහන කර්මාන්තයට අදාළවූ සංවිධානයකින් පිළිගැනීමක් මෙම වාහනයට නැති වීම. 2. පාරක එක ලේන් එකකට වඩා පළලින් අඩු වීම සහ, ත්‍රී වීල් දෙකක් එක ලේන් එකකට වඩා පළල වැඩි වීම හේතුවෙන්, සමාන්තරව යන ත්‍රී වීල් දෙකක් නිසා මාර්ගයේ ගමන් කරන අනෙක් වාහන වලට අවහිරයක් වීම. 3. එක තැන හැරවීමේ හැකියාව සහ... Continue Reading →

ලංකාවේ වැව් සහ ඊට ඇති බාධක

වැව් ගැන ඇති විස්තර විචිත්‍ර වේ. මහ වැව්,  ගබඩා වැව් සහ කුඩා වැව් සේ වැව් වර්ග දළ වශයෙන් තුන් වර්ගයකට වර්ගීකරණය කෙරේ.  උදාහරණයක් සේ පදවිය වැව, සහ පරාක්‍රම සමුද්‍රය ගත හැක. පරාක්‍රම වැවට, පරාක්‍රම සමුද්‍රය සේ කීවද, පරාක්‍රම සමුද්‍රය මහා වැව් ගණයට වැටේ. මේ වැව් සංස්කෘතිය නිසා මිනිසාට ඇති යහපත බොහෝ වේ. උදාහරණයක් සේ පොලොන්නරුව... Continue Reading →

ලංකාවේ අනාගතය කුමක් වේද ?

                                                          ගෝටා එළවා දමන ලදී. ඔලුවේ තිබුණු මොකක්දෝ විශාල බරක් ඉවත් වූවා යයි සිතේ. රාජකීයයන් යයි සිතාගෙන සිටියවුන් ඉවත් වීම සිතට සහනයකි. උද්දච්ච අදක්ෂ පාලකයෙක් ඉවත්වීමේ සතුට තව කොපමණ කාලයක් තිබේද ? එය ආරම්භය පමණි. මෙතනින් එහාට කුමක් වේද ? අද දින ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 112 ක් වූ බව ආරංචි විය. මේ අතර මහ... Continue Reading →

දේශපාලන පළි ගැනීමක් නිසා අසරණ වූ ජීවිත !

"ජයිකා" යන්න ලංකාවට මෙන්ම ලොවටම අමුතු දෙයක් නොවේ. එය JICA හෙවත් Japan International Corporation agency යන්නේ මුල් අකුරු වලින් කියැවේ. ලෝකයේ බොහෝ රටවල් වලට සහාය දුන් මේ සංවිධානය, ජපන් ආණ්ඩුවේ සහයෝගීතාවය මත ක්‍රියාත්මකය. මේ සංවිධානයෙන් ලෝකයේ බොහෝ රටවල් වලට වටිනා ව්‍යාපෘතීන් ප්‍රධානය කර ඇත. ඒවා අප්‍රිකාවේ බොහෝ දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල් වන, බූකිනා ෆාසෝ, කොන්ගෝ, ඝානා,... Continue Reading →

චොක්ලට්, හිස් කොකා කෝලා බෝතල් සහ මසයි මාරා

                                    ... ඔබ දන්නවාද  ෆෙරෝ රොචෙර් [Ferro rocher] කියන්නේ මොනවාද කියා ? ... ඒ ලංකාවට සාපේක්ෂව මිළ අධික ඉතාලි චොක්ලට් වර්ගයක්....!!... ඔය පින්තුරයේ මේසේ මැද ඇත්තේ අන්න ඒ චොකලට් ... ! මේ පින්තුරය හිතවත් සුජීව ප්‍රේමරත්න මහතාගේ වෝල් එකෙන්. ඒ රැස්වීම ලංකාවේ රාජ්‍ය අමාත්‍යාංශයක දර්ශනයක්.  තව කල්පනාවෙන් ඔබ ඒ පින්තුරය බලන්නේ නම්, විදේශිකයන්ගේ අතේ නෝට් පොත්... Continue Reading →

ජනාධිපතිකමට සුදුසු වඳුරෙක්

                                                     එක්තරා රටක ජනාධිපතිවරයෙක් [ලංකාවේ නොවේ] බෝලයක් ගිල්ලේය. බෝලය වූයේ රටේ කෘෂි කර්මය සම්පූර්ණයෙන්ම කාබනික ආකාරයෙන් කල හැකිය යන්නය. එය කල හැක. එහෙත් ක්‍රමානුකූලව, කෘෂි විද්‍යාඥයන් ගේ සහ කෘෂිකර්මයේ නිපුනයන්ගේ අත්දැකීම් අනුව යමින්, කිසියම් නිශ්චිත කාලයක් තුල පර්යේෂණාත්මක දත්තයන් මත රැඳෙමිනි. ඒ කිසිත් නැතිව හිටපු ගමන් ගන්නා ලද තීරණය නිසා එම රටට ලැබුණු ප්‍රතිවිපාක ඉමහත්ය.... Continue Reading →

තරුණ ඔබ. ලංකාවෙන් වහා පිටවිය යුතු හේතුව.

                                          එක්තරා වයලීන වාදකයෙක් නිව් යෝර්ක් උමං මාර්ගයක විනාඩි 45 ක් වයලීනය වාදනය කළේය. මිනිසුන් අතලොස්සක් නතර විය, යුවළක් අත්පුඩි ගැසූවෝය. එක්තරා කුඩා දරුවෙක් පමණක් විනාඩි කීපයක් ඒ දෙස බලා සිටියේය. ඔහුගේ මවට දුම්රියේ යෑම හදිසි වූ හෙයින්, ඇය ඔහුව එතනින් ඇදගෙන ගියාය. එහෙත් ළමයා පසුපස හැරෙමින් වයලීන වාදකයා දෙස දිගටම බලමින් මව සමඟ යන්නට ගියේය.මේ... Continue Reading →

බංග්ලාදේශයේ පුවත් පතක පළවුණු ලිපියේ අනුවාදයකි.

[- ටීම් ස්ටීල් විසින් ලියන ලදී. ඔහු ලන්ඩනයේ ඇඩම් ස්මිත් ආයතනයේ [ Adam Smith Institute in London] ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.]]  ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුමක් නොමැතිකම භයානක සේ පෙන්නුම් කරයි. දේශීය ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තැතිගන්වන සුළු දැනුමක් ඔවුන් මෑතකදී පෙන්නුම් කර ඇත. නිදසුනක් වශයෙන්, මුළු රටේම ගොවිතැන් ක්‍ෂේත්‍රය කාබනික... Continue Reading →

අද දින පලවූ ප්‍රවෘත්තියක් සහ වසර ගණනාවක් පසුපස සිටින අප.

                                  ඩීසල් සහ පෙට්‍රල් මිල තීරණය කරන සාධක වන්නේ, ගොඩබෑමේ පිරිවැය, ණයවර ලිපි සැකසීමේ ගාස්තු, බිල්පත් භාර ගැනීමේ ගාස්තුව, වරාය ගාස්තු, ප්‍රතිපාදන ගාස්තු, බෙදාහරින්නාට දෙන වාෂ්පීකරණ ගාස්තු, අලෙවි නියෝජිතයාට, ප්‍රවාහන ගාස්තු, සැකසුම් පිරිවැය, මූල්‍ය පිරිවැය, බදු සහ අනෙකුත් මිළ.ඊළඟට මේ ඉන්ධන භාවිතා කර ධාවනය කරන වාහනයක් හෝ ජෙනරේටරයක් 25% ක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන්නේ නම් එයද පුදුමයකි. මක්නිසාදයත්... Continue Reading →

මෙය වැඩ කිරීමේ කාලයයි.

ව්‍යසන උවදුරු සහ ලෙඩ රෝග ඇති විය. දිගු පෝලිම් ඇති විය. දිග දුරක් නොපෙනෙන නායකයන් විසින් උසි ගන්වන ලද මැරයන් හේතුවෙන් දේපල හානි සිදු විය. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියද, ඔවුහු සත්‍යය අවබෝධ කරගනිමින් සිටිති. රටක් කාලයක් පුරා ක්‍රමිකව විනාශ වීමට හේතු වූ කරුණු වලට තිතක් හෝ, අඩුම ගානේ කොමාවක් තබන්නට එයද සමහරවිට හේතුවක් වනු... Continue Reading →

පිටකොටුවේ වෙසක් තොරණ කඩා වැටීම.

... මෙය හොඳ පාඩමක්. මේ වගේ සුළං අල්ලන විශාල ක්ෂේත්‍රඵලයන් ඔහොම ඔසවන විට ඒවායේ එක්කෝ සිදුරු තියෙන්නට ඕනා. එය ලස්සන නැහැ කියා සිතනවා නම්, අතරින් පතර කඩදාසි හෝ කාර්ඩ්බෝඩ් වලින් කොටස් තියන්න ඕනා. සුළඟට ඒ කොටස් පමණක් ඉරී යාවි. තව වඩා සුදුසු ක්‍රමයක් තියෙනවා... ... එය නම්, තොරණ සාමාන්‍යයෙන් හදන විදියට හදලා, එක එක පින්තුර... Continue Reading →

Blog at WordPress.com.

Up ↑