ජන කවි

ලංකාවේ විසිර ඇති ජන කවි ප්‍රමාණය ගැන සිතන විට, මේ ලිපියෙන් දැක්වෙන්නේ ජලාශයකින් වතුර දෝතක් ගන්නවා වැනි දෙයක් පමණි. විසිර ඇති ජන කවි ලියා එකතු කරගන්නා කෙනෙක් හෝ, කිසියම් සාහිත්‍යමය සංගමයක් තිබේදැයි මා නොදන්නෙමි. එහෙත් ඉතාමත් ළගන්නා සුළු මේ කවි කෙමෙන් කාලයේ වැලි තලාවෙන් යටව යන බව නම් පැහැදිළිය. කෙසේ වුවද ජන කවි ගැන යම්... Continue Reading →

අපූරු මිනිස්සු- මහාචාර්ය සුචරිත ගම්ලත් – කලාව සහ සමාජ විප්ලවය. – [දෙවන කොටස]

   ... [මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ එළියකන්දේ කළා ෆීටයේදී , 1979 නොවැම්බර් මස කරන ලද දේශණයකදී ලියා ගත්තෙමි. මෙහි පළවන කොටස මුලින් පළ විය. එයට සමහර අය ප්‍රශංසා කල අතර සමහරු මා ලියු පසු වදනට චෝදනා කළහ. එහෙත් කිසි තැනක මහාචාර්ය තුමා කී දේ වෙනස් නොකලෙමි. එමෙන්ම ගල් සහ මල් උපේක්ෂාවෙන් භාර ගනිමි.... Continue Reading →

වත්තල විත්ති

වත්තල විත්ති   කෝකිල සංදේශය, තිසර සංදේශය සහ හංස සංදේශ තුනේම කියවෙන ලංකාවේ පුරාණ නගරය සහ තොටුපළ කුමක්ද? ඒ වත්තලයි. බලන්න, මෙන්න මේ ආකාරයට ඉහත සංදේශ කාව්‍යයන් හී වත්තල ගැන කියවෙනවා. කෝකිල සංදේශය -අඟනුන් ගැන - “වත්තල කුසුම තුඟු ...නැහැ වොරැඳි සම සඳ “වත්තල පල නිමල ...පියයුරු බරිනි නද “වත්තල නළල සුදිළිය ...ලිය රැඳී නොමඳ... Continue Reading →

ලංකාවේ ජන කවි සහ මේ සියවසේ රොබට් නොක්ස් කෙනෙක්…

ලංකාවේ ජන කවි සහ මේ සියවසේ රොබට් නොක්ස් කෙනෙක්...   ... එදා ගොයම් කැපීමට එකතු වෙන ගැහැණුන් මෙන්ම මිනිසුන් තරඟයට ගොයම් කවි කියන්නෝය. හිරු රැසෙන් තැවෙන ඔවුන්ගේ විඩාව නැති වන්නට, මෙසේ කවි කීම තවත් හේතුවක් විය. ගොයම් කපන කාලය කුඩා දරුවන්ටද සතුටක් ගෙන දෙන්නේය. එදා තරුණ තරුණියෝ ඔවුන්ගේ විවාහ සහකරු තෝරා ගන්නා ස්ථානයද කමත විය.... Continue Reading →

හුරතලා

හුරතලා   සෙක්කු ගෙදර සොපි හාමිට - පෙර පිනකින් ලැබුණ පුතා යම්තමකට දෙපය නගා - දුවන පනින කාලේ... අහුවන දේ මොනවා හරි - කඩන බිඳින නිසා ඔන්න දවසින් වැඩි හරිය වගේ - කොටු කරලයි හිටියේ... මේ හිර කොටුවෙන් පැනලා - ඔළුව පැළුණු දිනේ පටන් රෙදි කඹයක් ඉණේ දමා - ගෙයි කණුවක බැන්දා... කොහොම නමුත් සොපි... Continue Reading →

සරදාව …

සරදාව ... අබරන් උපාසක - කාටවත් වරදක් නැති - අකුරු බැරිකම තිබුනත් - හරිම හරි බණ කාරයෙක් විය... දවසක් උදෑසන - ගමේ රජ මහා වෙහෙරට - ගිය මේ උපාසක තැන - එදා අටසිල් ගත්ත දවසයි... දහවල ගෙවා රෑ - බණත් අහලා අබරන් -ඒ මඩුවේ පැත්තක - නිදාගන්නට පැදුර එලුවා... පැදුරේ දිගාවී - ටික වෙලාවක් යන... Continue Reading →

සපන් කම්

සපන් කම් ඉහළ ගෙදර බෙම්මයියයි - පහළ ගෙදර තොම්මයියයි දවසක් දා අඩි ගහගෙන - කොලහලයක් කෙරුවා... තොම්මා අද හම ගහනව - බෙම්මා හතරට ඉරනව මෙහෙම කියා ගෙන දෙන්නම - බහින් නහට වැටුනා... හොඳ හෝටලයකින් කන්න - අද පුළුවනි කියා ඔන්න බෙම්මයියා උඩ පැන පැන - උදලු කෙටිය සෙව්වා... හක්කෙ තියා සෙම අරින්න - ලොක්කව ටිකකට... Continue Reading →

රේස් විපත්තිය

                                                                         රේස් විපත්තිය අද පඩි නැත හෙට ඒවා - කියමින් බොරුවෙන් ගාවා සයිමන් පඩි රැගෙන එදා - රේස් යන්න ගෙට ආවා... එවිටම ශුභ මොහොත ලඟයි - බැලුවා පෙර නිමිති හුඟයි කතරගමට බාර වෙමින් - යුග පා පෙරමුණට නගයි... පෙර මඟ එන සිරියාවී - සුදු පිළියෙන් සිරි සේවි දිය කළයක් දී උකුළට - මොහුගේ සිතේ රඟ... Continue Reading →

බහු බුද්ධිය

බහු බුද්ධිය “මෙහි හොඳ හරක් මස් - විකිණීමට තිබේ යන ලොකු කදිම දැන්වීමක් - ලෙබ්බෙගේ මස් කඩේ තුබුණා... මෙහි මිස වෙන කොහිද - මෙහි තිබෙන දේ මෙහිම මයි “මෙහි”  කියන මේ වචනය - නුවුමනා යයි කෙනෙක් කීවහ... “මෙහි” යන්න මැකුවා - ඉන් පසු “හොඳ හරක් මස්” විකිණීමට තිබේ” යයි - කියන ටික දැන් ඇත පුවරුවේ...... Continue Reading →

නුදුටු වැරැද්ද

නුදුටු වැරැද්ද ... මේ පැරණි යුගයේ කී දෙනෙක් සොයිදොලා, ජුවන් අප්පුලා ගෙන් ගුටි කන්න ඇද්ද ? ඒ එදා කාලයයි. ලෙහෙසියෙන් ගැහැණියෙක් තමන්ගේ මිනිහට එකට එක කිව්වේ නැති කාලයක් ඒ. අදත් එහෙමද ?  මේ අතරේ ඒ කාලේ සිටි උගත් පඬිවරුත් මෙහෙම කියලා තියෙනවා...”සිනා නොමසෙන් දසන් දක්වා” ... ඒත් අර ‘ගැහැණිය’ පාලනය කරන්නයි. ඒ නිසා මෙවැනි කවි... Continue Reading →

නම් පෙරළිය

නම් පෙරළිය කට්ටකමින් අග තැන්පත් - කෙනෙකු නිසයි බබයියාට ‘කට්ට බබයිය” යි කියාලා -හැම මිනිහම කීවේ... විසි වසරක් කෑ දීගේ - කට්ට බබයියාගේ බිරිය දවසක් යම් කරුණක් -නිසා බහින් බස් වී... ඇගේ මව් පියන් ලඟට - වෙන්වී ගිය බැවින් එදා එන පාටක් නොපෙනෙන විට - වෙනින් කතක් සෙව්වා... කන වැන්දුම් වෙලා හිටිය - එකියක දුප්පත්... Continue Reading →

ගෑණු ටොක්ක

 ගෑණු ටොක්ක මෝඩකම තිබුනත් - කොයි කොයි වැඩත් දන්නා - අඹු සිඟිත්තට බිය - කෙනකි මේ ‘කිරි බබා’ කවදත්... තලෙළුවන් හැඩ ඇති - පියඹට වයස විස්සෙකි - ඇය මොනවා කලත් - කිරි බබා නම් නැහැ කිපෙන්නේ... හැටක් වයසැති මොහු-ඩිංගක්වත් නිකම් නැහැ- එහෙත් අඹු ගෙන් ටොකු - නොකන දවසක් ඇතොත් පුදුමෙකි... හරිහම්බ කෙරුවත් - දිනපතා දර... Continue Reading →

කනමැදිරි බිය

කනමැදිරි බිය තොවිල් පලේ දොළ උයන්න - උලව් ගෙදර නිදි මරන්න එහෙම තැනට සොයන්න බැරි හරි මිනිහෙකි බංජා... දවසක්දා කැළණි ගොහින් - හොඳ හැටි පෙරහරත් බලා මැස්සක් උඩ නිදා ඉඳල ගමට එන්න හැරුණා... වටින් ගොඩින් එළිවෙන විට - බඩගිනි පදමට එන කොට කුමක් කෙරෙම්දැයි සිතමින් හෙමිහිට පා නැගුවා... තනපට බැඳ ගෑණු කෙනෙක් - ආප්ප පිසිනවා... Continue Reading →

ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන් ලියූ වන්නමක්

ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන් ලියූ වන්නමක් … ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන් ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නැති යයි සිතමි. උන් වහන්සේ මහා විශාල සේවයක් ලංකාවට කල බැව් ඔබ දනී යයි සිතමි. එහෙත් මෙයින් උන්වහන්සේගේ ඒ සේවයේ, එක් නොදත් පැති කඩක් දැකීමට හැක … … 40 දශකයේ උන්වහන්සේ ලියූ වන්නමක් දක්වා පෙන්වීම මේ ළිපියේ අරමුණයි . ඒ... Continue Reading →

ඔරු පාරු, ගංගා , වර්ෂාව හා සම්බන්ද අපේ පැරණි කවි සහ ගීත කීපයක්

ඔරු පාරු, ගංගා , වර්ෂාව හා සම්බන්ද අපේ පැරණි කවි සහ ගීත කීපයක්  ... වැසි සහිත කඳු ප්‍රදේශ අතීතයේ ඝන වනයෙන් වැසී තිබිණ. එහෙයින්, මහා වර්ෂාවක් පොළවට පතිත වුවද, කුඩා ඇළ දොළ හරහා වැටී තිබුණු ගස් මුල් යනාදිය පසු කරගෙන මහ ගංගා වලට එන්නට, අතීතයේ දින කීපයක් ගත විය. මේ නිසා, අද මෙන් ඉක්මනින් ඇතිවන... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑