බොහෝ අය මේ පසුව ලියා ඇති වචන ගැන අඩුම ගානේ අසා තියෙනවාට සැක නැත. එහෙත් “කොහොඹා” සහ “හාපුරා” ගැන කී දෙනෙක් නම් දන්නේද ?මිහිතලයෙන් යට ඇති දේ බහිරවයාට අයත්ය. එතැනින්ද ඒ ඒ දේවල් වෙන වෙනම බහිරවයන්ට අයත් බවට විශ්වාසයකි. ඒ අනුව වී අයත් වන්නේ කිසි කෙනෙක්ට බිය නැති එක්තරා බහිරවයෙක් ටය. ඔහුට කියන්නේ “කොහොමා” කියාය.... Continue Reading →
බිත්තිවල තාප්ප වල පින්තුර ඇඳීම සහ ග්‍රැෆිටි .
අන් සතුන් මෙන්ම මිනිසා යන සත්වයාද තම අදහස් ප්‍රකාශ කිරීමට එක් එක් ක්‍රම භාවිතා කරයි. බල්ලෙක් තමා ගේ සීමාව ලකුණු කිරීමට මුත්‍රා කරයි. එහෙත් බළලෙක්, විශේෂයෙන්ම බැළලියක් මුත්‍රා සහ අශුචි වසා දමන්නේ ඒ සීමාව සැඟවීමටය. මිනිසා ඊට වඩා ඈතට සිතා චිත්‍ර ඇඳීම කරයි. අනාදිමත් කාලයක සිට මිනිසා විසින් චිත්‍ර සහ සටහන් ඇඳි බවට ගල් ගුහා... Continue Reading →
තිබේ.
අවුරුදු 2500 ක් පරණ ඊසොප්ගේ උපමා කතාවක් මෙසේ වේ. බූරු කතාව:- පියෙක් පුතෙක් සහ බූරුවෙක් ගමනක් ගියෝය. මිනිසුන් සමූහයක් පසු කරන විට ඔවුන් මේ දෙස බලා,... “අන්න බලාපල්ලා අර මෝඩයෝ දෙන්නා …!..!! බූරුවාගේ පිට නැගිලා යන්නේ නැතිව පයින් යනව …! මෙය ඇසුණු පියා, පුතාට බූරුවා පිට නගින්න කියා කීවේය. තවත් දුරක් යනවිට ඔවුන්ට... Continue Reading →
පරණ දේ හෙළි කල, පරණවිතාන මහ ඇදුරන් සෙවූ සීගිරි ගී.
මේ සඳහා මූලාශ්‍ර මහාචාර්ය පරණවිතාන මහතා ගේ ගෝලයන් ගේ පැරණි කෙටි සටහන් සහ පැරණි ග්රන්ථ වලින් ගතිමි. ඒවා පිළිබඳ වැඩි විස්තර සහ මූලාශ්‍ර, ලිපියේ තැන් තැන් වල දක්වා ඇත. සීගිරි නැගීමට 7,8,9 ශත වර්ෂ වල ලංකාවේ විවිධ පළාත්වලින් ආ ජනයා සිය අදහස් කැටපත් පවුරේ සටහන් කළහ. 1928 වසරේ මහාචාර්ය පරණවිතාන මහතා මේ සීගිරි ගී වලින්... Continue Reading →
ජන කවි
ලංකාවේ විසිර ඇති ජන කවි ප්‍රමාණය ගැන සිතන විට, මේ ලිපියෙන් දැක්වෙන්නේ ජලාශයකින් වතුර දෝතක් ගන්නවා වැනි දෙයක් පමණි. විසිර ඇති ජන කවි ලියා එකතු කරගන්නා කෙනෙක් හෝ, කිසියම් සාහිත්‍යමය සංගමයක් තිබේදැයි මා නොදන්නෙමි. එහෙත් ඉතාමත් ළගන්නා සුළු මේ කවි කෙමෙන් කාලයේ වැලි තලාවෙන් යටව යන බව නම් පැහැදිළිය. කෙසේ වුවද ජන කවි ගැන යම්... Continue Reading →
ගම් වලට නම් ආ හැටි.
පසුගිය දිනෙක මරදානේ පොලිසිය අසළින් ඇවිදින විට එක් හෝටලයක් දුටුවෙමි. එහි නම ‘ධවලගිරි’ විය. කුමක් නිසා එයට ‘සුදු කන්ද’ යන නම තිබ්බේද යන්න නොදනිමි. එහි නාම පූවරුවද රතු පැහැයක් ගනී. මේ සිද්ධියත් ගම් වලට නම් වැටුණු ආකාරය ගැන කලකට පෙර එකතු වී කල සාකච්චාවක් සිහිපත් විය. කෙසේ වුවද මේ විස්තර බොහොමයකට කෘතඥතාවය පල කල... Continue Reading →
පබඳකින් කොටසක් විමසමු. [දශක අටක් පමණ පරණ, ලිපියකින් උපුටා ගැනිණි.]
... කිබුළා ගොඩට ඇදී සුදුසු තැනකට වී මුඛය අයයි. යහළුවෝ ඔහු වට කර ගනිති. ඇතැමෙක් දකුණු පසැ වෙති. ඇතැමෙක් වමත් පසැ වෙති. ඇතැමෙක් නොපැකිලැව මුව තුළට මැ යෙත්. කිබුලාට එතරම් සැපක් කොයින්ද? හේ ඇස් තවත් තදින් පියා ගෙන, මඳකුදු නොසැලී ඒ සුඛය සිත් පුරා විදී. ඔහුගේ දත් අතරෙහි ද, කිසිලි ආදී මෘදු තන්හී ද වූ... Continue Reading →
බූරු කුට්ටම සහ බණ කතාවක්.
බණ කතාව කියන්න පෙර එක ප්‍රශ්නයක් ඔබෙන් අසමි. බූරු කුට්ටමේ සිටින ජෝකර් ගෙන් හඳුන්වන්නේ කුමක්දැයි ඔබ දන්නවාද ? කානිවල් වල සිටින ජෝකර් ලා එසේ ඇඳ ගෙන සිටින්නේ මන්ද ? දන්නේ නැති අය මේ කොනට එන්න. කුරුස යුද්ධ වලදී මරණයට නියම කල තැනැත්තා මරන්නට පෙර මෙන්න මේ ආකාරයට සරසවන ලදී. බොහෝ විට උළ තබා මරන්නට ගෙන... Continue Reading →
ඇටි කෙහෙල් කෑ උගුඩුවා සහ මත් ද්‍රව්‍ය.
මෙන්න ඇටි කෙහෙල්. අප කී දෙනෙක් ඇටි කෙහෙල් දැකලා තියෙනවාද? 'ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ' එහෙම නැත්නම් 'ඇටි කෙහෙල් කන්න යන තවත් උගුඩුවෙක්' ...කියලා ගමේ ගොඩේ කියන උපහැරණ අහාලා තියෙනවානේ?... ඇටි කෙහෙල් කෑවාම උගුඩුවාට මොකද වෙන්නේ කියා දන්නවාද?... ඉස්සෙනවා-පාත් වෙනවා. රෑට දැක්කොත් හොල්මනක් කියලා තමා හිතන්නේ. මළ පහ කර ගන්න ලොකු වෙහෙසක් දරනවා. සමහරවිට උගුඩුවා... Continue Reading →
Recent Comments