රැජිනගේ අභාවය සහ ලංකාවට එහි ඇති වැදගත්කම

ලංකාව කාලයක් පාලනය කල ජාතියක නායිකාවකගේ අභාවය උදෙසා ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම කෙසේ වුවත්, ඒ නායිකාවගේ රටේම එවැනි නිවාඩුවක් අනිවාර්ය නොකිරීම යන්න ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය. බ්‍රිතාන්‍යයේ මෙන් නොව, දිනක නිවාඩුවක් නිසා රටකට නැතිවන ශ්‍රම දායකත්වය ගැන මෙලෝ හසරක් නැති ලංකාවේ පාලකයන් විසින් ඒ නිවාඩුව ලබා දී තිබේ.නැතිවන ශ්‍රමයට සාපේක්ෂව, මෙහි ඇති රාජ්‍ය... Continue Reading →

කොහොඹා, හාපුරා, තුප්පහි සහ පද්දෝ

බොහෝ අය මේ පසුව ලියා ඇති වචන ගැන අඩුම ගානේ අසා තියෙනවාට සැක නැත. එහෙත් “කොහොඹා” සහ “හාපුරා” ගැන කී දෙනෙක් නම් දන්නේද ?මිහිතලයෙන් යට ඇති දේ බහිරවයාට අයත්ය. එතැනින්ද ඒ ඒ දේවල් වෙන වෙනම බහිරවයන්ට අයත් බවට විශ්වාසයකි. ඒ අනුව වී අයත් වන්නේ කිසි කෙනෙක්ට බිය නැති එක්තරා බහිරවයෙක් ටය. ඔහුට කියන්නේ “කොහොමා” කියාය.... Continue Reading →

කාලයේ වැලිතලාවෙන් යටවන ඉතිහාසය.

ඊජිප්තුව ආක්‍රමණය කල කාලිඩ් රජතුමා, ඇලෙක්සන්ඩ්රියාවේ පුස්තකාලයේ විශාලත්වය දැක මවිතයට පත් විය. එය එකල ලෝකයේ තිබුණු විශාලතම පුස්තකාලය විය. සමහරවිට ඒ පුස්තකාලය මෙතෙක් ලොව පැවති විශාලතම පුස්තකාලය වන්නටද ඇත. කුරාණය සහ ඉස්ලාමික හදීත් පොත් කීපයක් පමණක් සංසරණය වූ සමාජයක ජීවත් වූ රජතුමා ඇතුළු පිරිස, මෙම පුස්තකාලයේ ගැබ්ව ඇති අප්‍රමාණ දැනුම් සම්භාරයෙන් ශේෂයක් හෝ අවශෝෂණය කර... Continue Reading →

ඩුප්ලිකේට් කොකා කෝලා සහ රහත් මාර්කටින්

                                 එකම වර්ගයේ බඩුවක් වෙළෙන්දෝ දෙදෙනෙක් විකුණනවා. ඒ බඩු දෙකම, “හොඳ ටොප් බඩු” කියා පාරිභෝගිකයෝ ඉදිරියේ, වෙළෙන්දෝ දෙදෙනාම කියනවා. ඒත් ඒ බඩු හරියට "කොකා කෝලා වගේ. මොකද, කොකා කෝලා හදන කොම්පැණියෙන් ඒ බීමේ අන්තර්ගතය කුමක්ද කියා කියන්නේ නැහැ වගේම, ඒවා විකුණන ලොකු අවුට්ලට් කොම්පැනි වලටත්, එහි අන්තර්ගතය ගැන කියන්න තහනම්.... ! ... දැන් මෙතන වෙලා තියෙන්නේ... Continue Reading →

භික්‍ෂුන්ගේ අවවාද, සාසන කඳ පණුවන් සහ බුදුන් වහන්සේගේ අවවාද.

  කිසියම් භික්ෂුවක් කියන දේ එසේම විශ්වාස කිරීම නිවැරදිද, එසේ නැතහොත් ඒ කියනා දෙය ධර්මයට අනුකූලව පිළිගැනීම කල යුතුද යන්න අතරේ සමහරුන් මංමුලාවී සිටිති. ඒ නිසා, කලින් කලට, නොයෙක් පුද්ගලයන් ඒ ඒ භික්ෂූන් වහන්සේලාව අනුගමනය කරනවා මිසෙක, බුදුන්වහන්සේගේ ධර්මය නිවැරදිව අනුගමනය නොකරති.භික්ෂුන් වහන්සේලා යනු බුදුන් වහන්සේගේ ඖරස පුත්‍රයන් බව සැළකීම මැනවි. සමහර අය බුදුන් වහන්සේ... Continue Reading →

රහත් බව සහ පිරිතෙන් ඇති ප්‍රයෝජන.

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට, රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ. කණ පැලෙන්නට හන්දියක් ගානේ, පන්සලක් ගානේ පිරිත් දැම්මා කියා, ඉන් ඇතිවන... Continue Reading →

පරිසරය රැකීමට මී ගස් පමණක් සිටවන්න එපා… !…!!

                                      … “කාබන් උදාසීන වීමට ගස් සිටුවීම කෙරෙහි විශ්වාසය නොතබන්න”,... විද්‍යාඥයන් අනතුරු අඟවයි.විමෝචන අඩු කිරීම කළ හැක්කේ සමාගම් විසින් තමන්ගේම විමෝචන කප්පාදු කර ගස් සිටුවීම පමණක් නොව, ජෛව විවිධත්වයද ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළහොත් පමණක් බව විද්‍යාඥයින් පවසා තිබේ. එනම් ගස් සිටුවීමේදී ජෛව විවිධත්වයට වඩාත් වැඩි තැනක් දිය යුතු බව සොයාගෙන ඇත.මෙය ලංකාවේ වුවද, “මී... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම – අවසාන කොටස

යාගය අවසානයේ යකැදුරා, ඔහුට ලැබුණු තෑගී භෝග රැගෙන වටින් ගොඩින් එළිය වැටෙන්නට පෙර නිවසෙන් යන විට, ඒවා රැගෙන යන ඔහුට උදව්වට යන මුවාවෙන් අප තිදෙනෙක්ද ඔහු සමඟ ගියෙමු. දෙදෙනෙක් බිය නිසා යකුන් බලන්නට පැමිණියේ නැත. එහෙත්, “ඔවුන් බිය යයි කියන්නට ලැජ්ජා වුනෝය”... යයි මට සිතින. ඔවුන් කිව්වේ පාන්දර යාමයේ ලොකු ගුරුන්නාසේ පුහුලට යකුන් ගන්නා ආකාරය... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම 3/3

           යකැදුරා විසින් කපන ලද දෙහි අල්ලන්න වත් කිසිවෙක් අකමැති වූහ. එසේ කළහොත්, ආතුරයාට වැළඳ තිබුණු ලෙඩ තමන්ට එන්නේය යන්න ගැමියන්ගේ විශ්වාසය විය. මා මෙය තාත්තාගෙන් ඇසුවෙමි. ඔහු කියුවේ වෙනත් දෙයකි. දෙහි ගෙඩිය කිනම් අතට තිබුනද, අතින් ඇල්ලුවද, ඒවා අදාළ නැති බවත් ඒ දෙහි කැපිල්ල නිසා ලෙඩාගේ සිතට යම් විශ්වාසයක් එන නිසා රෝගය අඩු විය හැකි... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅔

                            තොවිල් පොළේ සිටි තරුණ පහේ බෙර කරුවෙක්ගෙන් … “හූනියම් යනාදිය සත්‍යදැයි”... ඇසුවෙමි. ඔහු කියා සිටියේ, … “ඒවා කල හැකි වුවද, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සෙවීම නම් අපහසු බවය. ද්‍රව්‍ය තිබුනද, සතෙක් මරන්නේ නැතිව නම් ඒවා ලබා ගැනීමට නොහැක කියාය. ඒ මොනවාද කියා, මා ඇවිටිළි කරන විට ඔහු ඒ දේවල් වල ලැයිස්තුවක් කියා සිටියේය.මතකයේ ඇති ඒ... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅓

 මා කුඩා කාලයේ පිටිසර ගම්මානයක ඉපදුනෙමි. අපේ ගමේ තොවිල් පවිල් සහ දෙහි කැපීම වැනි දෙයින් නම් අඩුවක් නොතිබිණි. … “ගමේ අතීතය කියන්න”... යයි තාත්තාගෙන් ඇසූ විට, ඔහු කී දේ ගැන මනඃකල්පිත පින්තුරයක් මවිසින් මවා ගත්තේ මෙසේ විය.  අවුරුදු දෙසීයකට පමන පෙර, ගමට ඒමේ මඟ බොහෝ දුෂ්කර විය. වනස්පතින් අතරින් පාර වැටී තිබේ. තුන්මං හන්දිය සිට... Continue Reading →

ආතාගේ භාෂාව

පැරණි පොත පත ඔප්පු තිරප්පු ඇති පරණ අල්මාරියක් අදින විට, පොතක් අස්සේ තිබී බාගෙට කාවන්ට ආහාර වූ පින්තුරයක් මගේ සිත ඈත අතීතයට ගෙන ගියේය. ඒ අතීතය ජීවිත රෝදය වට භාගයකට වඩා කැරකී අද දින වෙත පැමිණ ඇත. ඒ පින්තුරයේ මගේ ආතා ද සිටී.   ආතා ගැන මට ඇති ඈතම මතකය වන්නේ, ‘සෙක්කුව’ සේ එකළ හැඳින්වූ... Continue Reading →

ඉමක් නැති ගමන

අපමණ පෙණ පිඩු විසිරෙන වෙරළේ - දහසක් සටහන් වියැකී යනවා අනේක සඳ හිරු තරු තිබුණද අහසේ - අඳුරෙන් අඳුරට අප යනවා ... තුන් යම තුන් කල්ප ගෙවාගෙන - ඇස නිදි නොලබා ගාටනවා  සහන් එළිය මායාවක පැටලී - ගල් කුළු නැග බැස ඇවිදිනවා ... කරදිය වෙරළේ ඇවිදින විටදී  - වෙහෙසෙන පා යුග කකියනවා පිපාසයෙන් ගත මිලිනව... Continue Reading →

  අපේ රසඥතාවය සහ කරෝලිස් පිස්සන්.

                                        මේ වචනය මා කොහේදෝ දුටුවෙමි. මා හිතන්නේ මෙහි තේරුම, ‘කෙනෙක්ට හෝ තමාට හානි නොවන සේ ජීවිතය රස විඳීම’... යන්න කියාය. එසේ සිතමින් ලිපිය ලියමි.  ලිපියේ ආරම්භය මගේ මතකයේ මා ගමේ සිටි කුඩාම අවදිය වෙත ගෙනයයි. තුනේ... Continue Reading →

  හැඳි මිටේ දිග 18 – අල බැදුම. 

                                                      සරළව හදන්න පුළුවන් අල බැදුමක් ගැන, මොනවා ලියන්න තියෙනවාද කියා කෙනෙක් හිතාවි. එහෙම හිතන වැඩ කාරයෝ, වැඩ කාරියෝ මේක බලන්න එපා…. මේක මේ මම වගේ ඉගෙන ගන්න කෑම හදන... Continue Reading →

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ අනාවැකිය.

කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වූ මහාචාර්ය තුමා, කොරෝනා වසංගතය වෛරසයක් සේ ලොවට පැමිණෙන බව පැහැදිළිවම, සාක්ෂි ඇතිවම, වහෙන් ඔරෝ නැතිවම, විද්‍යාත්මක සාධක මත 2019 නොවැම්බර් 25 වන දින නිගමනය කර කී හෙයිනි. මෙය ජ්‍යෝතිෂ අනාවැකි ආකාරයේ වචන සිය ගණනක රචනාවක් අස්සේ, “රෝගී තත්ත්ව ඇතිවේ”... යන වචන කීපයක් කීමක් නොව, ඉතා කෙලින් 100% ක් නිරවද්‍ය සේ... Continue Reading →

    හැඳිමිටේ දිග – ව්‍යාජ කුරුඳු වලට නොරැවටෙමු  – 17 

                     කෑමක් සකස් කිරීමට වඩා, ඒ කෑම සඳහා අවශ්‍ය වන වැදගත් දෙයක් හරහා අප මුහුණපාන තත්වයක් කීම වඩා වැදගත් යයි සිතෙනවා. අපි කුරුඳු ගැන කතා කරමු. සමහරවිට මේ ප්‍රශ්ණය ලංකාවේ නැතිව ඇති. හේතුව ලංකාවේ කුරුඳු දුර්ලභ නොමැති නිසා. නමුත් සෑම දෙයක්ම වාණිජ මට්ටමෙන් බලන ලෝකයේ, මේ... Continue Reading →

අළුත් අවුරුදු නැකතෙන් අපේ ජීවිත අර්ථවත් කර ගන්නා අයුරු.

ජ්‍යෝතිෂය ගැන සැලකීමක් නැති, එය විහිළුවක් යයි සිතන අය, කරුණාකර මේ ලිපිය නොබලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමගින් අප දෙපාර්ශයේම කාලය නාස්ති වනවා පමණි. අද වැනි ව්‍යසනකාරී තත්වයක් ඇති කලෙක මොන අවුරුදු නැකත්ද, මොන නව වසරක්ද සේ කෙනෙක් අහන්නට පුළුවන. කෙසේ වුවද සියළු දේ අනිත්‍ය වන්නේය. රෝගයෙන් සාගින්නෙන් පීඩිත වූ මේ යුගයද කවදා හෝ අවසන්... Continue Reading →

  ව්‍යසන අවස්ථාවක අපට නිවැරදිව හැසිරිය හැකි වේද?

සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව මුහුදුබත් වීම ගැන නොදන්නා කෙනෙක් නැත. … “කිසි දිනෙක ගිල්විය නොහැක”... යන විරුදාවලිය ලැබූ ඒ නෞකාව, මිනිසුන් දහස් ගණනක් සමඟ මුහුදු පත්ලට කිඳා බැස්සේය. එහෙත් එහි සිටි වාදක මඬුල්ල කෙසේ මිය ගියේද කියා වැඩි දෙනෙක් නොදන්නවා විය හැක. ලංකාවේ, … “නැව ගිලුනත්, බෑන් චූන්”... කියා කියමනකි. මේ කතාව ආවේ ටයිටැනික් නෞකාවේ එම... Continue Reading →

ථාර් කතරේ වගාවක්.

  අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑