රටින් රට – ගැම්බියාව

කලකට පෙර ලංකාවේද ප්‍රචාරය වූ, රූට්ස් [Roots] හෙවත් “මුල්” නම් වූ ටෙලි වෘතාන්තය ඔබට සමහර විටෙක සිහිපත් වනු ඇත. නවකතාවක් සේ එය ලියනු ලැබුවේ ඇමරිකාවේ, ‘ඇලෙක්ස් හේලී’ නම් කළු ජාතික ගත් කතුවරයා විසිණි. ඔහු බොහෝ වැර වෑයම් කර පැරණි නැව් වාර්ථා සොයමින්, ඔහුගේ Roots හෙවත්, ‘මුල්’ සොයා ගත්තේය.ඒ වාර්ථා සඳහා පැරණි වෙළඳ නැව් වල ගෙන... Continue Reading →

රටින් රට – මුරුසිය

ප්‍රසිද්ධ ගත් කතුවරයෙක් වූ “මාර්ක් ට්වේන්” වරක් මෙසේ පැවසීය: ... “මොරිෂස් පළමුව නිර්මාණය විය. පසුව ඒ නිර්මාණයෙන් පසු, ස්වර්ගය ඉන් පිටපත් කරන ලද්දේය” ... එම නිර්දේශයත් සමඟ සෑම වසරකම බටහිර සංචාරකයන් 100,000 කට වඩා මුරුසියට පැමිණීම පුදුමයක් නොවේ.මුරුසිය කියා අප කිව්වාට මේ රටට විදේශිකයන් කියන්නේ, “මොරිෂස්” කියා වේ. මේ රටේ ඇති එක විශේෂත්වයක් නම්, රටේ... Continue Reading →

රටින් රට – ඝානාවේ වග තුග – ඩේසි ආච්චිගේ ලෝකය.

                                              මිනිසුන් සහ ගැහැණුන්ගේ හිසකෙස් වැඩිපුරම රැලි සහිතව අඳුරු පැහැයක් ගනී. ඉතියෝපියානුවන් හැරුණු විට මෙය ස්වදේශික අප්‍රිකානු රටවල බහුලව දක්නට ලැබේ. ජනතාවගෙන් බහුතරය දුප්පත් ය. රටින් රට යන විට ඒ රටේ සාමාන්‍ය විස්තර කීමේ විශේෂ හේතුවක් නැත්තේ, ඒ තොරතුරු අද දින ඇති තරම් ඔබට අන්තර් ජාලයෙන් ලබා ගත හැකි හෙයිණි. එසේ හෙයින් විශේෂ සිදුවීමක්, විශේෂ... Continue Reading →

රටින් රට – ඇන්ගෝලාව, එහි ඇති බැඔබැබ් ගස් සහ වහළුන්ගේ කවි සහ

                                        බැඔබැබ් ගස් වෙනත් රටවල තිබුනද, ඇන්ගෝලාවේ ඒවා බහුල සේ ඇත. ඇන්ගෝලාවේ සාමාන්‍ය තොරතුරු කෙසේදැයි කෙටියෙන් බලමු.ඇන්ගෝලාව කලකට පෙර පෘතුගීසීන් ගේ ආධිපත්‍යයට හසුව, පෘතුගීසියේ යටත් විජිතයක්ව තිබි රටකි. කිසිම රටක් තවත් රටකට යටත් වීම හොඳ දෙයක් නොවුවද, පෘතුගීසිය වැනි රටකට නම්, මොනම රටක් වත් කිසිසේත්ම යටත් විය යුතු නැත. ඔවුන් රටක සම්පත් පමණක් කොල්ල කනවා නොව,... Continue Reading →

රටින් රට – ඇන්ගෝලාව – සාමාන්‍ය විස්තර

 මධ්‍යම අප්‍රිකාවේ තෙල් හා දියමන්ති වලින් පොහොසත් රටක් වන ඇන්ගෝලාව 1975 දී නිදහස ලබන තෙක් පෘතුගීසි ජනපදයක් විය. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන ඇන්ගෝලාව ක්‍රමයෙන් නව ව්‍යාපාර හා සංචාරක කර්මාන්තය සමෘද්ධිමත් වන ස්ථානයක් බවට පත්වෙමින් තිබේ.  රටක් ගැන කියන්නේ නම් බොහෝ දේ කිව හැකි වුවද, මෙහි සාමාන්‍ය විස්තර සහ ආහාර ගැන පමණක් ලියා... Continue Reading →

රටින් රට – ඝානාව – කේප් කෝස්ට්

                                                 ඝානාවේ අතීතය සහ සාමාන්‍ය තත්වය ලිවීමෙන් පසුව, ඊට වඩා ඒ සමාජයට සමීප වීමෙන් ලැබුණු අත්දැකීම් ලියන්නට උත්සාහ කරමි. ඝර්ම කලාපීය සහ සමකයට ආසන්න රටක් වන ඝානාවේ දේශගුණය ලංකාවට සමාන වේ. අත්ලාන්තික් සාගරය ඝානාවට දකුණේ පවතී. ආසන්න රටක් වන නයිජීරියාව හා සසඳන විට ඝානාවේ අපරාධ තත්වය ඉතා අඩු අතර මංකොල්ලකෑමේ ප්‍රවණතාව අඩුය.මංකොල්ල කෑමක් වුනේ නම්, ඒ... Continue Reading →

රටින් රට – ඇල්ජීරියාව – යුධ කෞතුකාගාරය සහ උද්‍යාන සිරිය

                           වෙනත් බොහෝ රටවල් වල දකින්නට නැති දෙයක් මේ රටේ පාරවල් වල ඇවිදින විට දකින්නට ලැබේ. එය නම් පැරණි වීරයන්ගේ දැවැන්ත චිත්‍ර වේ. තවද ඒවා ඇඳ ඇත්තේ කිරිගරුඬ කැට එකට එකතු කිරීමෙනි. එනම් ඒවා එවිට දේශගුණයෙන් ආරක්ෂා වේ. එසේම පාරේ දෙපස විශාල ගස් සිටවා ඒවාට එතරම් වැවෙන්න නොදී හොඳින් නඩත්තු කිරීමද දැකිය හැක.එවිට ඒවා තරමක්... Continue Reading →

රටින් රට – සෙනෙගාලය – වැලි පින්තුර

                                            බටහිර අප්‍රිකාවේ පිහිටා ඇති සෙනෙගාලය කාන්තාර රටකි. සාපේක්ෂව විශාල රටක් වන සෙනෙගාලයේ, “ඩකා අගනුවර” ආශ්‍රිතව ජනතාව කේන්ද්‍රගත වී සිටිති. එහෙත් ස්වභාවික සෙනෙගාලයේ ජන ජීවිතය, ඩකා නගරයෙන් පිටත වඩා හොඳින් පෙනී යයි. ඒ සාමකාමී මිනිසුන්ගේ ජීවිතයට කණ කොකා හඬන ලද කාල පරිච්චේද තිබිණි.එනම් අරාබින් මෙන්ම යුරෝපීයයන් විසින්ද සෙනෙගාල් ජනතාව වහල් මෙහෙයට රැගෙන යාමෙනි. අරාබීන්ට වඩා එය හොඳින්... Continue Reading →

රටින් රට – සෙනෙගාලය – ගොරේ දූපත

 ගොරේ දූපත පිහිටා ඇත්තේ අප්‍රිකාවේ මහා බටහිර කලාපයේ ය - අප්‍රිකාණු මහාද්වීපයේ ඇමරිකාවට ආසන්නතම ස්ථානයයි.සෙනෙගාල ජාතිකයන් එය හැඳින්වූයේ, ‘බර්’ යනුවෙනි. පෘතුගීසීන් එය, “ඉලා ද පල්මා” ලෙස නම් කරන ලදී. ලන්දේසීන් විසින් මෙම නම, “ගුඩ් රීඩ්” ලෙස වෙනස් කරන ලද අතර ප්‍රංශ ජාතිකයින් “ගෝරි හෙවත් ගොරේ දූපත” ලෙස හැඳින්වීය. [Goree island]එහි අර්ථය “හොඳ වරාය” යන්නයි. නමුත්... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – මිනිසුන් සහ ඉතිහාසයෙන් බිඳක්

                                               මේ කතාව ඉතා පුළුල් මාතෘකාවක් නිසා, මා කියන දෙය තුල ඇත්තේ ඉතා කුඩා අන්තර්ගතයකි. එහෙත් ඉන් යම් අදහසක් හෝ ඔබට ඇති වන්නේනම් සතුටු වෙමි.කාර්මික විප්ලවය ආරම්භ වූ කාලයේ සිට බොහෝ යුරෝපීයයන් අප්‍රිකාවේ සම්පත් සඳහා තරඟ කිරීම තීව්ර කළහ. කාලයක් යන විට දකුණු දෙස ඇති අප්‍රිකාවේ කෙළවර වටා මුහුදෙන් ගොස්, ආසියාවටද ඔවුන් යාත්‍රා කළහ. සූවස් ඇළක්... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – ක්‍රවුන් රත්තරන් පතල් සංකීර්ණය.

1909 දී ආරම්භ කරන ලද, “ක්‍රවුන් පතල”, එවකට අතිවිශිෂ්ට පතලක් විය: එය රත්‍රන් ටොන් 80 ක් නිෂ්පාදනය කළ නමුත් 1950 දශකය වන විට එහි රත්තරන් සංචිත ක්ෂය වී ගියේය. “ක්‍රවුන් පතල් සංකීර්ණය” අවසානයේ 1976 දී වසා දමන ලදී. නමුත් නැවතත් විදේශීය සංචාරකයන් හට එය දැක බලා ගැනීම සඳහා නැවත විවෘත කිරීම කරන ලදී.එහි පහතට යන... Continue Reading →

රටෙන් රට – දකුණු අප්‍රිකාව – හොල්මන් බෝනික්කන්

                                                    මෙය කියැවිය යුත්තේ අද රාත්‍රී දහයෙන් පසුව යයි මා යෝජනා කරමි. ;)අප්‍රිකාවේ ඇති විශ්වාස සහ ඇදහිළි ගැන ලිවීමට මේ ආකාරයේ ලිපි දාහක් වත් අවශ්‍ය වනු ඇත. එය වෙනම ක්‍ෂේත්‍රයකි. හරි නම් පශ්චාත් උපාධියක් සඳහා නිරීක්‍ෂණ, පරීක්ෂණ සහ නිගමනයන්ගෙන් යුතු දැවැන්ත ක්‍ෂේත්‍රයකි. මේ විශ්වාස සහ ඇදහිළි අතරට බෝනික්කන්ද පැමිණ ඇත.බෝනික්කන් සහ ඒ සම්බන්ද ඇදහිළි විශ්වාස පැමිණෙන්නේ... Continue Reading →

රටින් රට – කොංගෝ – ඇදහිළි සහ පච්ච කෙටීම්.

අප්‍රිකාවේ කොහේ ගියත් එකක් නම් පොදු බව පෙනී යයි. එනම් කෙනෙක් මිය ගිය පසු ඒ තැනැත්තා තවමත් ඔබ අසළ සැරි සරන්නේය යන ඇදහීමයි. මේ ඇදහීම ඇති වී තියෙන්නේ, කෙනෙක් මිය ගිය පසු එකවරම අමතක කිරීමට නොහැකි වීම නිසා වෙන්නට ඇත. කෙනෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය අප අසළ සිටින්නේය යන්නට සාක්කි තිබේද නැත්ද යන්න... Continue Reading →

රටින් රට – දකුණු අප්‍රිකාව – ජොහැන්නස්බර්ග්

                                       නිවාඩු දිනයක දකුණු අප්‍රිකාවට ගියෙමි. සවස් වරුවේ කරන්න දෙයක් නොවුණු හෙයින්, හෝටලයේ සිට කිලෝ මීටර් 4 ක් පමණ ඈතින් ඇති නගරයට ඇවිද ගියෙමි. ඉතා ධනවත් ජනතාව සිටින ලකුණු පෙන්වන විශාල නිවාස පාර දෙපස තිබිණ. ඒ නිවාස වලටම අයත් යයි සිතිය හැකි නාන තටාක සහ හොඳින් සකස් කරන ලද උද්‍යාන දැකිය හැකි විය. පදික වේදිකා ඇති... Continue Reading →

තෙවන ලෝක යුද්ධය අප්‍රිකාවෙන් ආරම්භ වේද ?

මෙය දිග කතාවක් වුවද, ලොවටම බලපාන වැදගත් පුවතකි. දේශපාලන මෙන්ම ලෝකයේ බල ශක්තිය පිළිබඳ තීරණාත්මක මංසන්දියක් හෙයිණි. මීට වඩා කෙටියෙන් නම් මෙය ලිවීමට අපහසුය.   සුඩානයේ කාර්ටූම් නගරයේ චීන්නුන් විසින් තනන ලද මහ පාළම උඩ සිට බලන විට අපූරු දර්ශණයක් පෙනේ. උගන්ඩාවේ සිට ගලා එන විශාළ පළලකින් යුතු මහා ගංගාවක් වන සුදු නයිල් නදිය, ඉතියෝපියානු... Continue Reading →

 වියට්නාමයේ බල ශක්ති වගතුග – පළවන කොටස. 

                                    මූලික කතාවට යන්නට පෙර මා ලැබූ එක අත්දැකීමක් කියන්නට උත්සාහ කරමි.  සැම්බියාවේ රාජකාරියකට ගිය විට, ඒ ආයතනයෙන් මට ලැබී තිබුනේ අළුත්ම ෆෝ වීල් රථයකි. එය මට ආදරයට දුන්නා නොව, ඒ කාලයේ සැම්බියාවේ පාරවල් වල සාමාන්‍ය වාහන යෑමට අපහසු... Continue Reading →

සුන්දර සේෂෙල්ස් දිවයින ළඟදීම සූර්යාලෝකයෙන් බල ගැන්වෙන බවයි. 

                        ලංකාවට සමාන දේශගුණයකින් යුතු මේ දිවයින ඉතා සුන්දර පාරාදීසයක් වන ස්ථානයකි. කඳු උඩට ඇදී යන වංගු ඇති කුඩා පාරවල් වලට වඩාත් යෝග්‍ය කුඩා මෝටර් රථ වේ. රටට එන විදේශ සංචාරකයන් ගේ එක්තරා විනෝදාංශයක් වන්නේ තල්මසුන් බැලීමයි. එහෙත් ලංකාවේ මීගමු ප්‍රදේශයේ මෙන් බෝට්ටු වලින්... Continue Reading →

අලුතෙන් කොරෝනා වසංගතය වැළඳ ගන්නා රටවල්.

කයිරෝ - මාස ගණනාවක් තිස්සේ කිරීටක වෛරසයේ අබිරහසක් වූයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ සාපේක්ෂව ධනවත් සමාජයන් හරහා දැවෙන පිපිරීමක් වළක්වා ගැනීමට ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය පද්ධති අසමත් වූයේ මන්ද යන්නයි. ඒ අතර ජනාකීර්ණ මුඩුක්කු සහිත ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් සමහරක රෝගය එසේ පැතිරුණේ නැත්තේ මන්ද යන්නයි.   දැන් එම රටවල් සමහරක් වසංගතයට ගොදුරු වෙමින් සිටින... Continue Reading →

   නයිජීරියාවේ සහ කෙන්යාවේ වෙසෙන වීථි දරුවෝ. 

                              ඇත්තටම මා නයිජීරියාව සහ කෙන්යාව ගැන පමණක් කීවද, පාරට වැටුණු දරුවන් [Street children] අප්‍රිකා මහාද්වීපයේ වෙනත් රටවලද බොහෝ විට දැකිය හැක. ටැන්සානියාවේ ජීවත් වන එවන් අසරණ දරුවන්හට විශාල පිහිටක් වන අප්‍රිකාවේ ප්‍රධාන සංඝ නායක, ‘ගරුතර පූජ්‍ය පඥාසේකර නාහිමියන්’ මෙහිදී සිහිපත්... Continue Reading →

ඇල්ජීරියාවේ ඉස්ලාමික මූලධර්මවාදීන්.

සහරාවේ කොටසක්ද අයිති විශාල රටක් වන ඇල්ජීරියාව තෙල් සම්පතින් අනුන රටකි. අද දින එය සාමකාමීය. එහෙත් ඕනෑම මූලධාර්මික ඉස්ලාමික රටක් මෙන්, ඉස්ලාමික සමාජයක් මෙන් කොයි මොහොතක හෝ පුපුරා යෑමේ ඛේදනීය තත්වය එහිද පවතී.  1996 වසරේ ආණ්ඩුව සහ මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායම් අතර දරුණු සටන් ඇවිලිණි. මෙහි වන්දිය ගෙව්වේ ඊට මැදි වූ අහිංසක ජනතාවය. එකළ කුඩා කොල්ලෙක්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑