කේතුගේ වගතුග සහ පූජා විධි

                                                        අන් ග්‍රහයන් ගැන සාකච්චා කලාක් මෙන්ම, කේතු ග්‍රහයාගේ ඵලද විස්තර කෙරේ. ලෝකයේ ඇති විවිධ පරාමිතික දේවත්වයෙන් අර්ථ දැක්වීම සිදුව ඇත. සියල්ල විද්‍යානුකූල ආකාරයකින් කියනවාට වඩා ව්‍යංගයෙන් කියන කලාත්මක හෝ සාහිත්‍යමය ආකාරයෙන් ග්‍රහයන් ගේ විස්තර වේදික සාහිත්‍යයේ දැකිය හැක. ඒවා ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීමෙන් පසුව පමණක් එහි සැඟවුණු අර්ථය පසුව අවබෝධ කරගත හැකි වෙනවා ඇත.... Continue Reading →

අච්චාරුවක් වී ඇති ගුප්ත ක්‍රම අතරේ සත්‍යය කෙසේ සොයමුද ?

කිසියම් වස්තුවක ස්වභාවය ගුණ තුනකින් පෙන්වා දේ. යමක් නිර්මාණය වේ. එය පවතී. ඉන්පසු එය විනාශ වේ. මේ අවස්ථාවන් තුන පිළිවෙලින්, “උත්පාද”, “තිථි”, “භංග” සේ කියනු ලැබේ. මෙයට හින්දුත්වය විසින් දේවත්වයක් ආරූඩ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගැනීමට වන්නට ඇත. එය එසේ නොවේ නම් පසු කලෙක සාමාන්‍ය ජනතාව විසින් ඊට වඳින පුදන විට ක්‍රම ක්‍රමයෙන් දේවත්වයක්... Continue Reading →

රටින් රට – කොංගෝ – ඇදහිළි සහ පච්ච කෙටීම්.

අප්‍රිකාවේ කොහේ ගියත් එකක් නම් පොදු බව පෙනී යයි. එනම් කෙනෙක් මිය ගිය පසු ඒ තැනැත්තා තවමත් ඔබ අසළ සැරි සරන්නේය යන ඇදහීමයි. මේ ඇදහීම ඇති වී තියෙන්නේ, කෙනෙක් මිය ගිය පසු එකවරම අමතක කිරීමට නොහැකි වීම නිසා වෙන්නට ඇත. කෙනෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය අප අසළ සිටින්නේය යන්නට සාක්කි තිබේද නැත්ද යන්න... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම – අවසාන කොටස

යාගය අවසානයේ යකැදුරා, ඔහුට ලැබුණු තෑගී භෝග රැගෙන වටින් ගොඩින් එළිය වැටෙන්නට පෙර නිවසෙන් යන විට, ඒවා රැගෙන යන ඔහුට උදව්වට යන මුවාවෙන් අප තිදෙනෙක්ද ඔහු සමඟ ගියෙමු. දෙදෙනෙක් බිය නිසා යකුන් බලන්නට පැමිණියේ නැත. එහෙත්, “ඔවුන් බිය යයි කියන්නට ලැජ්ජා වුනෝය”... යයි මට සිතින. ඔවුන් කිව්වේ පාන්දර යාමයේ ලොකු ගුරුන්නාසේ පුහුලට යකුන් ගන්නා ආකාරය... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅔

                            තොවිල් පොළේ සිටි තරුණ පහේ බෙර කරුවෙක්ගෙන් … “හූනියම් යනාදිය සත්‍යදැයි”... ඇසුවෙමි. ඔහු කියා සිටියේ, … “ඒවා කල හැකි වුවද, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සෙවීම නම් අපහසු බවය. ද්‍රව්‍ය තිබුනද, සතෙක් මරන්නේ නැතිව නම් ඒවා ලබා ගැනීමට නොහැක කියාය. ඒ මොනවාද කියා, මා ඇවිටිළි කරන විට ඔහු ඒ දේවල් වල ලැයිස්තුවක් කියා සිටියේය.මතකයේ ඇති ඒ... Continue Reading →

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅓

 මා කුඩා කාලයේ පිටිසර ගම්මානයක ඉපදුනෙමි. අපේ ගමේ තොවිල් පවිල් සහ දෙහි කැපීම වැනි දෙයින් නම් අඩුවක් නොතිබිණි. … “ගමේ අතීතය කියන්න”... යයි තාත්තාගෙන් ඇසූ විට, ඔහු කී දේ ගැන මනඃකල්පිත පින්තුරයක් මවිසින් මවා ගත්තේ මෙසේ විය.  අවුරුදු දෙසීයකට පමන පෙර, ගමට ඒමේ මඟ බොහෝ දුෂ්කර විය. වනස්පතින් අතරින් පාර වැටී තිබේ. තුන්මං හන්දිය සිට... Continue Reading →

ෆීජි සුරංගනාවි.

19 වන සියවසේදී ප්‍රධාන ප්‍රදර්ශන ශිල්පියෙකු වූ පී.ටී. බාර්නම් විසින් සුරංගනාවියක් ප්‍රදර්ශනය කරන ලද්දේය. ෆීජි සුරංගනාවි සේ ප්‍රකට වූ ඇය තව තවත් ප්‍රසිද්ධ වූයේ එකළ ලෝකය පුරා ප්‍රචාරය වෙමින් පැවති සුරංගනා කතා හේතුවෙනි.  නිව්යෝර්ක්, බොස්ටන් සහ ලන්ඩන් හී ප්‍රදර්ශනය කරන ලද සුරංගනාවිය, 1859 න් පසු කොහේ ගියාදැයි යන්න අවිනිශ්චිතය. ජනප්‍රවාදයේ හා ජනප්‍රිය සංස්කෘතියේ සුරංගනා කතා... Continue Reading →

අමනුෂ්‍ය දෝෂ 

අමනුෂ්‍ය දෝෂ කියා දෙයක් ඇත්තටම තිබේද, එසේ නැත්නම් ඒවා මනෝ විකාරදැයි යන්න තීරණය කිරීම ඔබ  සතුය. බටහිර වෙදැදුරන්ට අනුව ඒවා මනෝ විකාර වේ. ගරු කටයුතු ස්වාමින් වහන්සේ කෙනෙක් මෙසේ කියා සිටියේය.   … “ඇතැම් අවස්ථාවලදී මල පෙරේතයන්ට නිදහස් වීමට ඕන කරන්නේ පින් ම නොවේ.   කොළඹ පන්සලක   ඉන්න අවස්ථාවකදී මම දැක්කා ගෑණු කෙනෙක් ආවා, ආවේස... Continue Reading →

  මන්තර සාස්තර කතා සහ ජන ප්‍රවාද .

මේ කතාව ඔබ කියැවිය යුත්තේ රාත්‍රී කාලයේ වේ. හේතුව ලිපිය අවසානයේ ලියමි. මන්ත්‍ර වලින් කල හැකි දෙයක් නැති බව සමහරු කියති. සත්‍යය එයම වේද ? … ? මෙන්න මෙසේ කියමනක් නම්  ඇත. … “සූපකාරං කවිං වෛද්යං මන්ත්රිණං මන්ත්රවාදිනම් - ස්වාමිනම් ධනිනම්චාපි මෘතකඤ්චන කෝපයේත්”...  එහි තේරුම වන්නේ, “ කෝකියා, කවියා, වෛද්යවරයා, මන්ත්රීවරයා, මන්තරකාරයා, තමා සේවය සපයන... Continue Reading →

මකුළු පිම්ම සහ ඇතීනාගේ ශාපය

ග්‍රී‍රීසියේ පුරාණ පේගන් ආගමේ ඇති දෙවියන් සම්බන්ද කතා වල සාහිත්‍යය, එදිනෙදා දකින ස්වභාවික දේවල් වලට මෙන්ම සතුන්ටද සම්බන්ද වේ. ‘අරක්නේ’ [Arachne] යන ලිඩියාවේ සිටි යුවතියක් වටා ගෙතුණු මකුළුවාගේ ආරම්භය ඒ එක් ප්‍රවාදයකි. ‘අරක්නේ’ට මැහීම් ගෙතීම් කිරීමට උපන් දක්‍ෂතාවයක් තිබිණ.   කොතරම් ඇය දක්ෂද කියනවා නම්, කෙනෙක් කියන ඕනෑම දර්ශනයක් ඒ ආකාරයෙන්ම නොයෙකුත් පාට නූල් යොදා... Continue Reading →

නිර්මාණ වාදය ප්‍රතික්‍ෂේප කරන හොයිල්- වික්‍රමසිංහ – ස්ටීල් න්‍යායය.

ජෛව භෞතික විද්‍යාව හා අණුක ජීව විද්‍යාව මෑතකදී වඩාත් විශිෂ්ට විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. පුළුල් පරාසයක පිළිගත් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනවල කතුවරුන් 33 දෙනෙකු සමඟ මෙම ලිපිය ඇදහිය නොහැකි දෙයක් ප්‍රකාශ කරයි. ජීවය, නිර්මාණය වූයේ පෘථිවිය මත නොවන බවයි.   මේ සඳහා හේතු පුවත්පත විසින්ම ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ප්‍රකාශයන් සිත් ඇදගන්නා... Continue Reading →

පොළව යටින්

ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික සිවිල් ඉංජිනේරුවෙක්, මිතුරෙක්ගේ නිවසකදී කියු කතාවකි. ලෝකයේ නොයෙක් කොන් වල රාජකාරි කල බොහෝ දෙනෙක්ගේ එකතුවක් වූ එහි පැමිණියවුන් කතා කලේ, ‘තර්කයෙන් ඔප්පු කර පෙන්විය නොහැකි දේවල් ලෝකයේ තිබේද’ යන්න ගැනය. ඉංග්‍රීසි ජාතිකයා විසින් සැම්බියාවේ අත් දකින ලද දේ, උත්තම පුරුෂයෙන් හෙවත්, ඔහු කියූ අයුරෙන් පහත සේ ලියන්නට උත්සාහ කරමි. +++ රාස්සිගේ... Continue Reading →

හඳහන් මගින් කිව හැකි මානසික රෝග

මානසික රෝගයක් ඇතිවීමට විශේෂයෙන්ම සඳුගේ තත්වය නිරීක්‍ෂණය කල යුතුය. සඳු නීචව, එසේ නැත්නම් සඳු ලග්නයට අශුභ ග්‍රහයෙක් ව සිටීම, සඳු නීච ග්‍රහයෙක්ගේ නැකතක සිටීම, ලග්නාධිපති රාහු සමඟ සිටීම මානසික රෝග ඇති වීමට හෝඩුවාවකි. මානසික රෝග ඇතිවන කාලයද වැදගත් වේ. සඳු ශනි සමඟ සිටි කල ඇතිවන ඒරාෂ්ටක කාල තුල මානසික රෝග ඇති විය හැක. මේ සියළු... Continue Reading →

අවතාර හොල්මන් සහ ආගම්.

ලිපියේ අවසානයේ, අවතාර සහ හොල්මන් ඔබටම බලා ගත හැකි ක්‍රමයක් කියා දෙමි. අවතාර සහ හොල්මන් වූ කලී, රාත්‍රී කාලයේ අන්ධකාරයේ ගැවසෙන මළවුන් යයි සැළකේ. මේ අවතාර පිළිබඳ විශ්වාස ලොව සෑම රටකම පාහේ ඇත. වෙන එකක් තියා ආගම යන්න මුළු ලෝකයම සහ ජීවිතය කරගත් අරාබි රටවල් වල මිනිසුන් අතරද, රහසේ හෝ මේ විශ්වාස පවතී. මේ මළවුන්... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් – ‘ හිමා ‘

  හැඳින්වීම :-   … ‘ලැප් කැඩියෝ හර්නන්’ ගේ (Lafcadio Hearn) ‘ක්වය්දාන්’ (Kwaidan) නම් ඉංග්‍රීසි පොතෙන් මෙය පරිවර්තනය කලෙමි. මුල් කතාව ජපන් සාහිත්‍යයෙනි. ඔහුගේ කතා අද්භූත කතා ගණයට අයත් විය. මේ කතා කීපයක් බ්ලොග් එකේ ඔබට බැලිය හැක.   හර්නන් දෙවන ලෝක මහා සංග්‍රාමය අවදියේ ජපානයේ ස්ථිර පදිංචියට ගියේ, බුදු දහම වැළඳ ගනිමිණි. ජපානයේ අස්සක්... Continue Reading →

කාලයෙන් එහා දුටු මිනිසෙක් – ජෝර්ජ් මැක්මුලන්

පර්යේෂණ කණ්ඩායමක් සමඟ ඇලෙක්සැන්ඩ්රියාව හරහා ගමන් කල ජෝර්ජ් මැක්මුලන් මෙසේ කීවේය. … “මේ දැන් අපි ක්ලියෝපැට්රා ගේ මාළිගාව උඩින් ගියා !..!! … “අතන තියෙන ප්‍රදීපාගාරය පේනවද ? ...යයි ඔහු අන් අයගේ ඇසූ නමුදු, වෙන කෙනෙක් එසේ ප්‍රදීපාගාරයක් දුටුවේ නැත. වසර 1000 කට පෙර එහි තිබූ ප්‍රදීපාගාරයක් ඔහුට හැර වෙන කෙනෙකුට නොපෙනිණි. වරායේ එක් තැනක් පෙන්වූ... Continue Reading →

අද්භූත ගුවන් යානයක් !

1954 වසරේ සැප්තැම්බර් 4 වනදා ජර්මනියේ, ‘ආචන්’ නගරයේදී ගුවන් ගත වූ ගුවන් යානයක් අතුරුදහන් වී ඉන් වසර තිස් පහකට පසු බ්‍රසීලයේ ගොඩබා ඇත. එනම් මේ යානය ගොඩ බැස ඇත්තේ 1989 වසරේ ඔක්තෝබර් 12 දිනදීය. ඒ ගුවන් යානය සැන්තියාගෝ ආයතනයේ “එයාලයින් ෆ්ලයිට් 513”  සේ නම් වූ අතර, එය ගොඩ බාන විට එය ඇතුලේ මිනිසුන් 92 කගේ... Continue Reading →

පිට සක්වල වාසීන් ගේ චිත්‍ර  

ක්‍රිස්තු පූර්ව 8000 ක අතීතයට යන මේ චිත්‍ර සටහන් ටියුනීසියාවට අයත් සහරා කාන්තාර කොටසේ,  ‘ටස්සිලි නජර්’ [Tassili N'Ajjer] යන ප්‍රදේශයේ ගල් ගුහාවක සොයා ගෙන ඇත. මේ පින්තුර වල ඉතා පැහැදිළිව අජටාකාශ ගාමීන් ගේ පින්තුර ඇඳ ඇත. ඒ අජටාකාශ ගාමීන් පැළඳ සිටින හෙල්මට්, සපත්තු මෙන්ම එම යානා වල පින්තුර මේ පින්තුර වල මැනවින් සටහන් කර ඇත.... Continue Reading →

‘රාම සේතුව’ හෙවත් ආදම්ගේ පාළම.

මේ වසර මිලියන 1.7ක් පැරණි යයි කියන පාළමෙන් නිහඬව කියන කරුණු වලින්, මිනිස් සම්භවය සිතනවාට වඩා ඈතට යන බව අනුමාන කල හැකිය. මෙසේ කියන්නේ භූගත මිනුම් කටයුතු පිළිබඳ විශේෂඥයෙක් වූ ආචාර්ය එස්. බද්රිනාරායන් මහතාය. ඒ අනුව එකළ මානවයා ප්‍රාථමික මානවයෙක් නොවුවේ වත්ද ? සම්ප්‍රදායික විශේෂඥයන්ගේ මතය වන්නේ නම්, ලෝකයේ මිනිසා සිටි කාලය අවරුදු 200,000 ක්... Continue Reading →

මිනිසාගේ නියම ස්වරූපය කුමක්ද ?

දෙවියන් විසින් මිනිසා නිර්මාණය කරන ලද්දේ තම ස්වරූපයෙන් යයි කියා දේව ආගම් වල කියා ඇත.  මේ සංකල්පය හරියටම සත්‍යදැයි දැන ගත යුත්තේ දෙවියන් මුණ ගැසුණු විටකදීය. මෙතනින් එහාට ඒ ගැන ඔබට ඇතිවන කුතුහලය මටද ඇති වූ නිසා, ඒ ගැන වැඩි දෙයක් කියන එකේ තේරුමක් නැත. එහෙත් එකක් නම් විශ්වාසයෙන්ම දනිමි. ඉතියෝපියානු කෞතුකාගාරයේ සිටින ලුසී ගේ... Continue Reading →

Blog at WordPress.com.

Up ↑