නාම රූප, විඤ්ඤාණය, සහ විදර්ශනාව

නාම රූප, විඤ්ඤාණය, සහ විදර්ශනාව – https://www.youtube.com/watch?v=vZn7m8lSZdw
  

[… සාමාන්‍ය ආකාරයට ලියා ඇත්තේ, “ගෞරවණීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ” ප්‍රකාශයේ සංක්ෂිප්ත වාර්ථාවකි. මෙහි වරහන් ඇතුලේ ඇත්තේ මා විසින් ලියු දේවල් වේ. සමහර මුලික න්‍යායන් නොදන්නා අයට එය තව දුරට පහදා ගැනීමට ලියු දේවල් ය. අවශ්‍යතාවය වන්නේ කිසිත් නොව, මේ යූ ටියුබ් වීඩියෝවම කීප වතාවක් බැලීමය. එනම් මා අදහස් කල, මේ ලියු දෙයහි අඩුපාඩු තියෙන්නට හැකි වීම නිසා වේ. මේ බණ දහම් විස්තරයේ දෙවන කොටස ගැන ආරංචියක් නැත. – පහත විස්තරය සඳහා, වීඩියෝවේ විනාඩි 15 පමණ කාලයේ පමණ සිට ඇත… ]

“ස්පර්ශය”  → “විදර්ශනාව”ට යාම සහ “සෝතාපන්න තත්වය” ලැබීමට හේතුව වේ. “ස්පර්ශය” සදාකාලික සේ ග්‍රහණය කල යුතු දෙයක් නොවේ. → “ස්පර්ශය” හටගෙන “නිරුද්ධ” වේ. → එනම් “නාම රූප” නිරුද්ධ වීම නිසා —> “නාම රූප” නිරුද්ධ වුනේ ඇයි → “සළායතන” නිරුද්ධ වූ නිසයි. —> :- එනිසා, අවසානයේ “සළායතන” නිරුද්ධ වූ නිසා, “ස්පර්ශය” නැති වී යයි. ] 

[“ස්පර්ශය” යනු යමක් දැක, ඇසෙන් දැක, කනෙන් ඇස, නහයෙන් දැනී, දිවට රසය දැනී, සමට දැනී සහ එය මනසට දැනෙන දැනීමයි. “නිරුද්ධ” වෙනවා යනු එය නැති වීමයි. “නාම රූප” යනු “මේසය” , “ශබ්දයක්”, “ගඳ සුවඳ”,  “රසය” සහ “සමට” හඳුනාගත් දේ වේ. එනම් යමක් දැනී එය කුමක්ද කියා හඳුනා ගැනීමයි. එවිට එයට නාමයක්, රූපයක් පවතී..]

“විදර්ශනාව” යනු දර්ශනයේ උච්ච අවස්ථාවකි., සළායතන යනු අපගේ භෞතික ඉන්ද්‍රීයයන් වේ. උදාහරණය වශයෙන් එකක් :- නාසය.].  

“ස්පර්ශයේ” 4 ආකාරය මෙසේය. ඒ අනුව යම්කිසි ශ්‍රාවකයෙක් , මේ කවර තැන වුවද 4 ආකාරය පිලිබඳ නුවණ මෙසේය. විදර්ශනා කිරීමෙන් කෙලින්ම “සෝතාපන්න ඵලයට” ලඟා විය හැක. එය අපි මෙසේ බලමු.  

1. “ඵස්සන්ච පජානාති”
2. “ඵස්ස සමුදයන්ච පජානාති”
3. “ඵස්ස නිරෝධන්ච පජානාති”
4. “ඵස්ස නිරෝධගාමිනී පටිපදන්ච පජානාති”

මෙය විශ්ලේෂණය/ විදර්ශනාව පවත්වා නුවණ එහි පවත්වන විට ඔහුට, “සම්මා දෘෂ්ටිය” උපදී. “ඵස්සය” යනු “කුමක්ද?” යන්නයි. “ඵස්සන්ච පජානාති”යනු “ස්පර්ශය’ දැන ගැනීමය. “ඵස්සකාය” හය තියෙන්නේ, “චක්ඛු”, “සෝත”, “ඝාන”, “ජිව්හා”, “කාය”, “මනෝ” යන සම්ඵස්ස වේ.  මේ සම්ඵස්සය, “ස්පර්ශය” කියන ආකාර හය යයි දැන ගනී. “ස්පර්ශය” නිසා පුද්ගලයා තුල “විඳීම්” හටගනී. .

“සළායතන තිබ්බොත්”, “සළායතන මට්ටමෙන් ක්‍රියා කලොත්”, එතන “ස්පර්ශය” හටගනී. මියගොස් ඇති මිනිසුන්ට “ස්පර්ශයක්” නැහැ. ඒ , ආයතන නැති නිසා. “ආයතන” හෙවත් “චක්කායතන” නැත, “සෝතායතන” නැහැ. “නාම ධර්ම” ඇති වන්නේ නැහැ. ඇස , කන , නාසය තිබ්බට වැඩක් නැහැ. “සළායතන සමුදයා – ඵස්ස සමුදයෝ” හෙවත් “සළායතන නිසා ස්පර්ශ” ඇති වේ. එවිට මෙය ලිහා ගන්න තැනක්, “ඵස්ස නිරෝධන්ච” කියන්නේ, “සළායතන” නිරුද්ධ වන විට “ස්පර්ශය” නිරුද්ධ වන බවය.

යම් තැනක “සළායතන” නිරුද්ධ වන්නේ නම්”,  එහිදී “ස්පර්ශය නිරුද්ධ” වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවැන්න, “සම්‍යක් දෘෂ්ටිය” වේ. මෙසේ හතර ආකාරයකින්, “ස්පර්ශය විමර්ශනයේදී”, මනාප අමනාප කම් ගොඩනැගීමට හේතුවක් නැත. “ස්පර්ශ වීම” තුල, “තණ්හාවක්” හදාගෙන වැඩක් නැත. එනම් ස්පර්ශය ඇති වී නැති වී යන හෙයිණි.  එනම් තාවකාලිකව “ස්පර්ශය” ඇතිවන්නේ ආයතන හට ගැනීම සහ නැති වීම අනුවය. එනම් “සළායතන” ඇති වී නැති වී යයි. ඇතිවී නැති වී යන ලෝකයක අප හිරැවී ඇත.

අපට එහි පැවත සිටීමට හැක යයි සිතමු. එය කල නොහැක. “කල හැක” යයි සිතන්නේ නම්, එය මායාවක් පමණි. මනාපයක් හෝ අමනාපයක තේරුමක් නැත. එසේ දෙයක් හදා ගැනීමට දෙයක් නැත.

ඇහෙන දකින විට සහ රූපය හරහා, “චක්ඛු විඥානය” ඇති වීම “ස්පර්ශය” නිසා ඇති වේ.  අපගේ රූපය යනු “වර්ණ සටහන”කි. එය වෙනස් වේ. ඒ “වර්ණ සටහන” සඳහා “ප්‍රසාද චක්‍ෂුසය” ගෝචර වේ. මනසට, ඊට “මනසිකාරය” උදව් විය. එනම් “චක්ඛු විඥානය” විය. එවිට මෙසේ “රූපය” යන මේ “වර්ණ සටහන” තුල , “වෙමි” යන අදහස පවතී. ගෝචර වූ “ප්‍රසාද චක්‍ෂුසය”, “හිත” කෙරේ යොමු විය. 

[“චක්ඛු විඥාණය” යනු, යමක් ඇසෙන් දුටු විට ඇති වන මනසේ අදහස වේ. මේ සඳහා කරුණු තුනක් අවශ්‍ය වේ. “ඇස”, ඒ “ද්‍රව්‍යය” සහ එනිසා “මනසේ ඇතිවන සිත් ස්වභාවය” වේ. මෙන්න මේ “ “ චක්ඛු විඥාණය වේ. උදාහරණයක් සේ මේසය, ඇස ඇසුරෙන් සහ “චක්ඛු විඥාණය” යන්නය. “ප්‍රසාද චක්‍ෂුසය” යනු යමක් දුටු විට, මනසේ ඒ ගැන ඇතිවන අදහසයි. ඇත්තෙන්ම එය ගඳ සුවඳ දැනීම, වැනි අනෙක් ඉන්ද්‍රීයයන් සඳහාත් ඇති වේ.]  

කෙනෙක් “ස්පර්ශය” යන්න දන්නේ නැති තැනක, “වර්ණ සටහන” පැත්තේ සිට ගනී. “රූපය” පෙනුනේය කියා සිතේ. “රූපය’ පෙනුනේ මටය යයි අදහස ඇති වේ. මෙය සිත සිට ගන්නා ක්‍රමය වේ. “පස්සන්ත පජානාති” යන කාරණය හෙවත්, “ස්පර්ශය දැන ගන්නවා” යන්න තුල මෙය කියවේ. “ස්පර්ශය හට ගත්තේ”, “සළායතන ක්‍රියාත්මක වීම” නිසා වේ. ඒ නැතිව “ස්පර්ශය” ඇතිවන්නේ නැත. දෙවි කෙනෙක් “ස්පර්ශය” හැදුවා  නොවේ.

“සළායතන” → “නාම රූප” නිසා ඇති වේ. “නාම රූප නිසා “සළායතන” ඇති විය. “සළායතන” නිරුද්ධ වූ විට නාම රූප සහ ඒවා නිරුද්ධ වේ නම්, ආයතන ඇති වී නැති වී යයි. මේවා හටගෙන නිරුද්ධ වන දේවල් පමණි. එවිට මම, මා, මට, යයි කියා අදහසක් ඉදිරිපත් කල නොහැක. මම කියා ස්වභාවයක් පනවා ගැනීමට නොහැක. “බබා කන්නාඩිය ඉදිරියේ රැවටිලා ඉන්නේ”. ඒ රැවටීම හරිම බරපතලයි. පිට සිට බලන විට තේරෙන්නේ, එය රැවටීමක් පමණයි යන්නයි.

රූපය මා තුල පවත්වා ගන්නට අප නොයෙක් කර්මයන් කරමු. “කාමයන්”, “උපාදානයන්” වූ පසු, කාන්තාවක් විවාහ කරගන්නට සිතේ. කාන්තාවක් කෙරේ රූප තණ්හාවක් ඇති වූ විට, එයාව වසඟයේ තබා ගැනීමට නොයෙක් දේ අවශ්‍ය වේ.  නාම රූප ධර්ම ටිකක් පහල වෙනවා පමණි. ඒ දැක්ම තුලම අවබෝධය ඇත.

භාවනාවෙන් මේ ආකාරයට ස්පර්ශයේ යථා ස්වභාවය දුටුවොත් නිවන කරා යා හැක. “ඵස්සන්ච පජානාති” යන සීමාව විදර්ශනා කළහොත්, “ඵස්ස සමුදයන්ච” යන්න “සලායතන සමුදය” කියා දැන ගත්තොත්, “සළායතන” නිරුද්ධ වන විට “ඵස්ස සමුදයන්ච” බව භාවනාවෙන් දැන ගත්තොත්, ඒ දැන ගැනීම තුලම බොහොම පැහැදිළිව “සම්මා දෘට්ටිය” ඒ ශ්‍රාවකයාට උපදී.

“සම්මා දිට්ටිය” උපන්නාට පසුව, ඒ අත් දැකීම තුල අපි පුළුවන් නම්, මෙතැනින්ම සප්ත බෝජ්ජංග [බෝධියන්ග] දැනෙන ආකාරයට දකී.

ඒ නාම රූප ධර්ම නිසා, “සළායතන” ඇති වේ. හැම අත්දැකීමක් තුලම “නාම රූප” පමණක් ඇත යන්න ලෝකයේම දෘෂ්ටිය වේ. එහෙත් මේ ආකාරය බොජ්ජංග වැඩෙනවා සේ බලන්නට පුළුවන්. සලායතන ප්‍රත්‍ය කර ස්පර්ශ ඇති වේ. ස්පර්ශයේ ඉහත සේ ආකාර 4 කි.

ඒ ආකාරයට ස්පර්ශය ඇති වේ. ඒ ආකාරය දැක “සම්මා දෘෂ්ටිය” දැක “බෝජ්ජංග” දැන ගැනීම හරහා “නිවන” අවබෝධ කරගත හැක. “සම්මා දෘෂ්ටියේ” අවසාන සහ “උච්චතම ආකාරය”,  “නිවන” වේ.   පලවන “බොජ්ජන්ගය”, “සතිය” හට ගනී. මැණිකක් සේ රැකගත යුතුය.   එසේම එය දැකීම තව තීව්‍ර කරගත යුතුය. පළවන බොජ්ජංගය එය වේ. “ස්පර්ශය” හරහා කෙනෙක් මෙය දැන ගනී. බොජ්ජංග වැඩෙන ආකාරයට මෙය දියුණු කල යුතුය.

බුදු දහමේ, ඇලෙන්නේ නැතිව “ස්පර්ශය” දියුණු කල යුතුය. “ඇතුලත විඥානය පිහිටා ගැනීම” යන්න පිහිටා ගත යුතුය. නිවනටම බරවී ඇති කරගත් තත්වය අනුව දැකිය යුතුය. “සම්මා සතිය” යන්න හරියටම අවබෝධ වන්නේ රහත් වීමෙන් පසුවය. “ධම්ම විජයක්” එවිට ඇති වේ. එතනදී එයාට පැහැදිලි දහම් අවබෝධයක් ඇතිවේ. “විරිය සම්බොජ්ජයක්” මෙවිට ඇති වේ. ඇතිවී, නැතිවී යන “ස්පර්ශය” ඇති වූ තැන් වල මෙය දැනී යයි. සාමාන්‍ය කෙනෙක්ට, “පංච ස්කන්ධය” පහළවී එය “උපාදාන” වේ. නමුත් බුදු දහමේ අවසාන විමුක්තියට යන්නෙක්ට එය වෙනස් ආකාරයකින් දැක ගැනීමට හැකි වේ. විදර්ශනාව යන්න අවබෝධ කරගනී.
[උපාදාන යනු දෙයකට ඇලී යාම වේ. උදාහරණයක් සේ කෙනෙක් මිය යන විට, මෙතෙක් ජීවත් වූ නිවසට කැමැත්ත යන්නයි. මෙන්න මේ කැමැත්ත උපාදානය වේ.]

“විරිය සම්බොජ්ජය” නිසා යම් “ප්‍රීතියක්” ඇති වේ. එනම් ඒ අනුව “ප්‍රීති සම්බොජ්ජය” ඇති වේ. ස්කන්ධයන්ගේ පහළ වීමක්ම වේ. එනම් ස්කන්ධයන්ගේ හරහා “උදය” සහ “වැය”, “චක්ඛු”, “සෝත”, “ඝාන”, “ජිව්හා”, “කාය”, “මනෝ” සම්පස්ස තුල පංච ස්කන්ධ ඇති වේ. [උදය යනු අය හෙවත් ලැබීම වේ. චක්ඛු යනු දැකීමට අදාළ, සෝත යනු , ඝාන යනු ගඳ සුවඳ අදාළ, ජිව්හා යනු දිව හා අදාළ,… දේ වේ.] 

“ඵස්ස” නිරුද්ධ වන විට ඒ පංච ස්කන්ධ” ඇති වේ. එහෙත් විමුක්තිය සොයාන්නාගේ ප්‍රීතිය එසේ සාමාන්‍ය පුද්ගලයාගේ මෙන් නොවේ. එය අරමුණු හා බද්ධ වීමක් නොවේ. භාවනාවෙන් ලැබෙන ප්‍රීතියක් පමණි.

මොකක්ද ඇවිලෙන්න ඇත්තේ? මේක හිතෙන්ම තනා ගත් ලෝකයකි. දැන් “පස්ස්සධි සම්බෝජ්ජන්ගය” ඇති වේ. ස්පර්ශය උපදී වී ඊළඟට “සමාධි බොජ්ජන්ගය” ඇති වේ. මෙය තමන් විසින්ම කල යුතුය. “සළායතන නිරෝධා – ඵස්ස නිරෝධා” යන්න තමන්ම දකිනු ඇත. ස්පර්ශය හදා දුන් සළායතන, නාම රූප ඵස්ස. දැන් මෙය සෝතාපන්න වීමට හේතුවක් වේ. මේ පළවන ධ්‍යානය වේ. සපර්ශය නිසා ඇතිවන තමා විසින්ම සොයාගත යුතු සමාධියකි.

https://www.facebook.com/photo/?fbid=10162252572451729&set=a.140146881728



Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: