හොඳ උස මහත කෙනෙක්ට රෝගයක් වැළඳිණි. නමුත් ඔහු මිය ගියේය.
මළ ගෙදර පැමිණි එක්තරා ආච්චි කෙනෙක් ඉතා බැතිබරව ඒ දෙස බලා මෙසේ කීවාය. …”කොච්චර දෙයක්ද,… අතක් පයක් නොකැඩී මෙහෙම හරි ගියා !!… !!!
එහි සිනාවකි. මෙය වෛද්‍ය සිසුවෙක්ට අභියෝගයකි. එනම් කෙනෙක් ජීවත්ව තබා ගැනීම වඩාත් වැදගත් වේ. තවත් කතාවක් ඔළුවට එයි.
එක්තරා අති දක්ෂ කාර්මිකයෙක් දැවැන්ත එන්ජින් නඩත්තු කර මුදල් සොයයි. ඔහුගේ නිවස අනෙක් පැත්තේ ඇත්තේ හෘද ශල්‍ය වෛද්‍යවරයෙකි. කාර්මිකයා දිනක් වෛද්‍යවරයාට ප්‍රසිද්ධියේ මෙසේ කීවේය. … “අපි දෙන්නාම කරන්නේ එකම දෙයයි. එහෙත් ඔබ උපයන මුදල මා උපයන ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි”… ! දොස්තර මේ කතා ගණන් ගත්තේ නැත. එහෙත් විටින් විට මේ කතාව චෝදනා මුඛයෙන් කී කල්හී දොස්තර ඔහුව පැත්තකට රැගෙන ගොස්, මෙසේ හෙමෙන් කීවේය.
… “ඔය එන්ජින් නවත්වන්නේ නැතිව ඒවා නඩත්තු කල හැකිද බලන්න !!!
වෛද්‍ය සිසුවෙක්ට අභියෝගය වන්නේ මෙන්න මෙයයි. ජීවිතය පවත්වා ගත යුතුය. මේ කතාව පිළිකා වලට සම්බන්ද වන තැනකට අපි පැමිණ ඇත්තෙමු.
දැන් අපි මේ මාතෘකාව ගැන සාකච්චා කරමු. “Glioblastoma (GBM)” යන, මොළ පිළිකා හෙවත්, වඩාත් සංකීර්ණ, මාරාන්තික සහ ප්‍රතිකාර-ප්‍රතිරෝධී පිළිකා වලින් එකකි. ටිකක් ඈතට කතා කරමු.
2022 දී ඇමරිකානුවන් 13,000 කට වැඩි පිරිසකට GBM රෝග විනිශ්චය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සියලුම ප්‍රාථමික මාරාන්තික මොළයේ පිළිකාවලින් සියයට 49.1ක් GBM වේ. ස්කෑන් සහ පරීක්ෂණ කිහිපයකින් පසුව, කෙනෙක්ට ග්ලියෝබ්ලාස්ටෝමාව ඇති බව හඳුනා ගන්නා ලදී, එය මොළයෙන් ආරම්භ වන සියලුම පිළිකා අතරින් වඩාත් ප්‍රචලිත, ප්‍රතිකාර කිරීමට අපහසුම සහ මාරාන්තික වේ. ග්ලියෝබ්ලාස්ටෝමා රෝගීන්ගෙන් 25% ක් පමණ රෝග විනිශ්චය කිරීමෙන් වසර දෙකකට පසුව ජීවත් වේ.
5% ට වඩා අඩු පිරිසක් වසර පහක් ජීවත් වන අතර 1% ට වඩා අඩු පිරිසක් වසර 10 ක් ජීවත් වෙති.
ඇත්තෙන්ම මේ “Glioblastoma (GBM)” යනු කුමක්ද ?
එය, මනුෂ්‍යයාගේ පරිණාමයේ අනාදීමත් කාලයකට පෙර ඇතිවූ සෛල අනාවරණයේ, විකාශයේ, පරිවර්තනයේ සිදු වූ මුල් වෙනසකි. එය දැන් අපට වෙනස් කිරීම කල හැකිද යන්න නොදනිමු. අවම සේ එය වසර කීපයක් හෝ ප්‍රමාද කල හැකිද ? මෙයද සැක සහිතය. එකම එක ලින්ක් එකක් දුටුවෙමි. එහෙත් එය තවත් වෙළඳ දැන්වීමක්ද ?
ඉහත කී කතාව තව ටිකක් විස්තර කරමි. ඔබ පන්තියේ දරුවන් විසි පහකට යමක් කියයි. එහෙත් කියන්නේ එක දරුවෙක්ට පමණි. ඒ දරුවා තව කෙනෙක්ටද විලසින්, එම අනෙක් දරුවන් එකිනෙකාට සේ ඒ තොරතුර කියන්නේය. අවසානයේ එම තොරතුර අවසාන දරුවා වෙත එන්නේය. දැන් මුල් තොරතුර සහ ඒ අවසාන තොරතුර කොතරම් වෙනස්ද?
ඒ සඳහා ගිය කාලය පැය භාගයක් යයි කියා සිතමු. නමුත් අප මේ කියන උදාහරණයේ කාලය වසර මිලියනයකට අධිකය. එහි සඳහන් වූ ව්‍යාජ පණිවිඩ නිර්මාපකයන් ඊටත් වඩා අධිකය. මේ එක නිර්මාපකයෙක්වත් බොරු කලේ, බොරු කීවේ නැත්නම් වුවද, අවසාන තොරතුර කොතරම් වෙනස් වේද ? මෙන්න මේ තත්වයට අපට මුහුණ දෙන්නට සිදුව ඇත. ඒ නිර්මාණයේ මුලින්ම විශාල වෙනසක් වූයේ නම් තත්වය කුමක් වේද ?
“Glioblastoma” සඳහා 3.21 කි – 100,000 ජනගහනයක් වේ. එය පොදු මොළ ගැටලුව වන අතර 47.7 ප්‍රමාණයකි. පිරිමි මිනිස් ජනගහනයේ අවසානය වසර 64 කි. මෙය වෙනස් කල හැකි කෙසේද යන්න නොව, කුමක් කර එය කල හැකිද යන්න ගැටලුව වේ.
“ග්ලියෝබ්ලාස්ටෝමා” වර්ධනය වන විට එය අවට මොළයට පැතිරෙයි. මෙය ශල්‍යකර්මයකින් සම්පූර්ණ ගෙඩියම ඉවත් කිරීමට අපහසු වේ. විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාව මගින් පිළිකා කරා ළඟා විය හැකි වුවද, Glioblastoma සෛල නොනැසී වර්ධනය විය හැක. Glioblastomas සාමාන්‍යයෙන් සැත්කම්, විකිරණ ප්‍රතිකාර, රසායනික චිකිත්සාව සහ සමහර විට විද්‍යුත් උපාංගයක් සමඟ ප්‍රතිකාර කරනු ලැබේ, නමුත් සාමාන්‍ය පැවැත්මේ කාලය මාස 12 සිට 18 දක්වා පමණි.
අවාසනාවකට, GBM සඳහා ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා ගෙඩිය ඉවත් කිරීම හෝ හැකිලීම කෙරෙහි ප්‍රතිකාර අවධානය යොමු කරයි. පළමු පියවර වන්නේ පිළිකාව ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් (craniotomy), පසුව විකිරණ සහ රසායනික චිකිත්සාවයි. Astrocytes Glioblastoma පෝෂණය කරයි, පිළිකා වර්ධනය ප්‍රවර්ධනය කරයි: – Mouse Study | The Scientist Magazine®
GC සහ NE මට්ටම්වල වැඩි වීමක් සමඟින්. දැනට ඒවා එසේ මතකයේ තබා ගැනීම මැනවි. Glioblastoma යනු මොළයේ හෝ කොඳු ඇට පෙළේ ඇති විය හැකි ආක්‍රමණශීලී පිළිකා වර්ගයකි. Glioblastoma සෑදෙන්නේ ස්නායු සෛල වලට ආධාර කරන astrocytes නම් සෛල වලින්. ග්ලියෝබ්ලාස්ටෝමා ඕනෑම වයසක දී ඇති විය හැකි නමුත් වැඩිහිටි වැඩිහිටියන් තුළ බොහෝ විට සිදු වේ. එය නරක අතට හැරෙන හිසරදය, ඔක්කාරය, වමනය සහ අල්ලා ගැනීම් ඇති කළ හැකිය.
Glioblastoma (GBM) ලෙස හඳුන්වන මොළයේ පිළිකා වර්ගය ප්‍රතිකාර කිරීමට අපහසුම පිළිකාවකි. මෙම පිළිකා මොළයේ පටක වලට ඇතුල් වන්නේ කොතැනද සහ කෙසේද යන්න නිසා ශල්‍යකර්මයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම කළ නොහැක. දැන් අප මෙතක් ඉගෙන ගත් අති භයානක කොලොස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනයට කුමක් වූයෙද?
දැන් මෙතනදී වෙනත් දෙයක්ද ඔබට කීම වටී. එය නම් ඉහත සේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ආකාරයෙන් බැලීම පැත්තකින් තියා බුදු දහමේ සත්වයා කෙසේ නම් පෙන්වන්නේද යයි බැලීමය. එය රූප, වේදනා, සඥා, සංඛාර සහ විඥාන ආකාරයයි. ඉහත කී සියලු වෛද්‍ය විද්‍යාත්මක ආකාරයන් එකක් වත් රූප හැර වෙනත් කොටස් වලට අදාළ නැත. රූපය කැඩෙන විට අන් කොටස් ඉන් ඉවත් වේ.
මෙන්න මේ ක්‍රමයෙන් මෙම රෝගයට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරක් ගැනීමට නොහැකිද ?
එය එසේ නම් බුදුන් වහන්සේ නිර්වානාබෝධය ලැබූ ආකාරය වෙනස් නොකළේ ඇයි? බුදුන් වහන්සේ අවසානයට භාවිතා කල දානයේ ඉතිරියක් තිබේ නම් ඒවා වළලා දමන්න කීවේ ඇයි ?
එය තීරණාත්මක පරිනිර්වානයක් නිසා වත්ද ?
පාරිශුද්ධ පාදයක පතුල 7
දෙවරක් නොසිතා, “නිදහස ඇති ස්ථානයට පිළිතුර ඇත්තේ” අරහත් උත්තමයකු තුළ බව ඔබ කියනු ඇත. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බය වන අතර, ඒ සිත නම් සුදු පිරුවටයක් සේය. කිළුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යන ඒ චිත්‍ර නැවත මැකී යයි. වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන නිකෙලෙස් තීන්ත නිවුණු තීන්තය.
උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන වන සිත යන්න සැමවිටම නොකිළිටියි. මේ නිසා ඒ ජීවිත සැහැල්ලු, සරල, පැහැදිළි සහ විවෘතය.
ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද මේ ක්‍රමය සොයා යන්නෙමු. පැවිදිවීම සඳහා තමා රැස්‌කළ අයිති කල කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට, ආදරය අතහැර දමාය. ඇත්තෙන්ම මේ කතාව ආරම්භ කල ආකාරය නම් වැරදිය. මා ඒ හරහා මගේ ගැටළු සාකච්චා කිරීම කල යුතුව නොතිබිණි. කෙසේ වුවද ඒ සඳහා ඊට වඩා හොඳ වෙන ක්‍රමයක් මගේ සිතට නොනැගිණි. කියවා, මා කියන්නේ සත්‍යද යන්න සිතා බැලීම වටී.
කාලාන්තරයකට පෙර දුටු හෝ ඒ මොහොතේ එම අවස්ථාවේ කරන ලද එන්නතට මුසු වූ බෙහෙත් නිසා මා කිසියම් පින්තුර බොහෝ ප්‍රමාණයක් දුටුවේද? එසේත් නැතහොත් ඒ පින්තුර කෙරේ මට පිළිගන්වන අති ප්‍රබල බලපෑම් වලින් ඉවත්වීම මේ තරම් අපහසුද ?කිසි දිනෙක ගොස් නැති ආරෝග්‍යශාලාව නිවසේ එළිපත්ත මෙන් සුපුරුදු ඇයි ? මා නොදනිමි.
සාමාන්‍ය මිනිසුන් සේ අපි සිහින දකින්නෙමු. ඉන්පසු පියවි ලොවට ඇහැ අරින අප ඒ සිහින සිහිපත් කරන්නෙමු. ඒවායේ එන යම් යම් සිදුවීම් ඒ සිහින ලෝකයේ දකින අපි ඒ ගැන සිනා පහළ කරන්නෙමු. නැතිනම් හඬන්නෙමු. වැදගත්ම දෙය වන්නේ ඒවායේ දුටු දේ සාමාන්‍ය ලෝකයේ වෙනස් කර ගැනීමෙන් පසු ඒ ඒ තත්වයන් නැවත අත් නොදැකීමය. ඒ අවසාන වාක්‍යයේ මේ මුළු ලිපියේම අරුත ඇත්තේය.
මා දිනක ඉපදුනේය. කුඩා මම කෙමෙන් ලොකු වුනෙමි. කෙමෙන් කෙමෙන් වැඩිවියට පත් වුනෙමි. දැන් මොකෝ වෙන්නේ ? එක්කෝ මිය යනු ඇත. නැත්නම් තව ටික කලක් ජීවත් වීම වනු ඇත. පරිපූර්ණ දැනුමක් ඇති මහාචාර්යවරුන් වසර කීපයක් පමණක් ජීවත් වනු ඇතැයි කී විද්‍යාඥයන්, බොහෝ කල් ජීවත් වූහ. මෙය මෙසේම වේ කියා කියන්නට කාට නම් පුලුවන්ද?
වැළඳ ඇති පිළිකාව එන්නතෙන් තරමක් ඉවත් කලද ප්‍රශ්ණය තවමත් තිබේ. පෙරදා සහ ඉකුත් දින මා නිදා ගැනීම සඳහා දී ඇති නිද්‍රා වට අවශ්‍ය බෙහෙත් ගත්තෙමි. එහෙත් ඒවා ඉතාම කාර්‍යශීලී වේ. පසුදින අනිවාර්යයෙන්ම පැය දහයක් වත් නින්ද අවශ්‍ය වේ. එසේ හෙයින් අද දින සිට සාමාන්‍ය, ස්වභාවික ආකාරයෙන් නිදා ගනිමි යයි සිතුවෙම්,
රාත්‍රිය එළඹේ. මම අධික නිදාශීලතාවයට ගියෙමි. සතුරන් මා වට කර සිටී. රාත්‍රියේ හෙණ ගසමින් විදුළිය විනිවිද යද්දී [දියමන්ති පාදයන් රාත්‍රියේ පෙනෙන කල්හී] සතුරන් මඩු ගසා ගෙන සිටී. උන් දැන් එක එකා මා වට කර ගැන්මට උත්සාහ කරති. උන්ගේ ප්‍රහාර වලින් බේරීම ලෙහෙසි නැත්තේ හතර අතින්ම පහර වදින හෙයිණි. කුඩා කාලයේ අම්මා මට සෙල්ලම් තුවක්කුවක් හෝ ලැබෙනවාට අකමැති වූයේ ඒ තුවක්කුවෙන් හෝ මා සතෙක්ට පහරක් ගැසුවහොත් එය අනිවාර්යෙන්ම සතාට වදින හෙයිණි.
මා පව්කාරයෙක් වීමි.
එනම් මේ සතුරන් මා වට කර ගෙන කොහෝ සිට පහර ගැසුවද උන්ට එකම එක උණ්ඩයකින් පහර දීමේ හැකියාව මට තිබේ. එකම එක උණ්ඩයක්වත් මා අපතේ නොදැම්මෙමි. නමුත් එය ඉතාම අවදානම් මෙන්ම එකම තත්පරයක් වත් අපතේ දමන්න නොහැකි කාර්යයක් විය. මේ අතර එම ආක්‍රමකාරීන් අතර නොයෙක් පාටින් හැඳගත් කමාන්ඩෝ භටයන්ද සිටී. ඔවුන් වඩාත් වේගවත් විය. මේ තරම් භටයන් කොහෙන් නම් පැමිණියේද ? එහෙත් ප්‍රතිඵලය එකමය. වීරයන් මෙන් සටනට පැමිණ උන් මැරී යයි. ඇත්තටම මේ සතුරන් කව්ද? කොහෙන් එන්නෝද?
තියන සෑම පහරකටම සතෙක් මිය ගියා කියා සටනක් දිනීම වන්නේ නැත. දම් පඳුරකින් ගෙඩියක් කඩා ගන්නට යන ඔබව දිමියන් පොකුරක් වසා ගනී. එතනදී කීප දෙනෙක් මරා දම් ගෙඩියක් කඩා ගෙන එතනින් පලා යනවා වෙන කරන්න නම් දෙයක් නැත. මා මේ ගැන සිතා මොහොතක් තත්වය ගැන සිතා බැලුවෙමි. කුමක් නිසා මෙසේ මේ සතුරන් කඳු සේ, එසේ නැත්නම් මුහුදු රැළි සේ, මදෙස මෙතරම් ප්‍රමාණවලින් එන්නේද ?
එය වනවා නම් ඊට යම්කිසි ශබ්දයකිනි. ඔව්. ශබ්දයක් ඇසේ. එය ඒකාකාර පරතරයකින් යුතු හඬක් නිපදවන ශබ්දයකි. එන දිශාව හැර කුමකින් එය එන්නේද යන්න ගැන කිව නොහැක.
ඉතා හොඳින් ඒ ශබ්දය එන දිශාව නිර්ණය කර එකම එක වෙඩිල්ලක් ඒ දෙසට තිබ්බෙමි. ශබ්දය සැනකින් අතුරුදහන් විය. හ්ම්,.. එසේ නම් මෙය හොඳින් සැලසුම් කල යුද්ධයකි. සතුරන් ගේ පැමිණීමේ සාර්ථක ඒකාවලී ක්‍රියාවේ බාධාවකි. පැමිණි සතුරන් දැන් එකිනෙකා ගෙන් මුලින් එන්නේ කව්දැයි දැන් නොදැන සිදුවන කලබලයකි. සතුරන් ගේ ප්‍රහාර අඩකින් අඩු විය. ඊළඟට මා බැලුවේ මේ සතුරන්ට කෙසේ නම් පවතින වටපිටාව උදව් කරන්නේද යන්නය.
චීන මහා ප්‍රාකාරය බැලීමට ගිය විටෙක වක්‍රයක හතරෙන් එකක සේ හැඩයෙන් යුතු කොටසක පතුරවා ඇති ප්‍රහාර මණ්ඩල කීපයක් දැකීමට හැකි විය. මේවා වසර දහස් ගනනකට පෙර සොල්දාදුවන් සැඟවී සතුරන්ට පහර දුන් බවත් ඉතා සාර්ථක විසඳුම් වූ බවත්ය. දැන් මේ තත්වය ඒ ආකාරයෙන්ම මෙහිදී සිදු වේ. ඒ ආකාරයේ ස්ථාවර මණ්ඩල 16 ක් හෝ 18ක් ඇත. ඒවා ස්ථාවර මෙන්ම ස්ථායි මණ්ඩප වේ. ඉන් පහළ තවත් මණ්ඩප සිය ගණනක් ඇත. පහර දීමට එන සතුරන්ගෙන් වැඩි තරමක් එන්නේ මේ මණ්ඩප 16 හරහාය.
මේ වන විට මගේ කටේ සහ ඇසේ ඇති දියර නැති වෙමින් පවතී. පළවන වතාවට තෙහෙට්ටුව, මහන්සිය සහ විඩාවද දැනේ. ශක්තිය බෙහෙවින් පිරිහී ඇත. එකම එක උණ්ඩයක් එක් තුවක්කුවකට ඇතුලත් කර දකින ලද මණ්ඩප වලින් විශාලම සහ කාර්‍යබහුලම මණ්ඩපයට තිබ්බෙමි. එතනින් එහාට මට මොනවා වුනේද යන්න ගැන කල්පනාවක් නැත.
විචිත්‍රාත්මක දියමන්ති තීරයන්ගේ එළියෙන්, විවිධාකාර පැහැයන්ගේ හැඩයෙන් ලෝකය දකින පසුදින උදයේ මා නැගිටින විට, ඉහත කී භටයන් බොහෝ දෙනෙක් මැරී පණ අදිති. එක වතාවක් ඇස් පිහා දමා වෙලාව බැලුවෙමි. ඔරලෝසුව නැවතී ඇත. මට නැගිටීමට නොහැක. මා ඉහත කී ලෙස වැටෙන ඇසෙන ශබ්ද මොනවාද කියා බැලුවෙමි. රේඩාර් ශබ්ද පමණක් ඇසේ. ඒ ගැන නොසිතා වෙන මොනවා ඇසේද යයි සෝදිසියෙන් බැලුවෙමි. බෞද්ධ භික්ෂුන් විසින් ගායනා කරන ස්ත්‍රෝත්‍ර ඇසී යයි.
එවිටම මට මගේ ශරීරයේ තිබී අඩුපාඩුද, ශක්තියේ හීන වීමද නැතිව ගියාක් මෙන් දැනිණ. හ්ම්,.. මෙය තීරණය කල යුතු ස්ථානයයි. කෝ ඒ මණ්ඩප ? කෝ ඒ ශබ්දය ගෙන ආ විශාල දෝනාව ? ඔරලෝසුව නම් නැවතී ඇත. මේ කාලයේ ශබ්දයක් එන ලෙස ඔරලෝසු හදන්නේ කුමකටද ?
නිර්මලී නැගිට ඇත්තේද මේ දැන්ය. නැගිටීමට ඇයට නම් ඔරලෝසු අනවශ්‍ය වුවත් ඔරලෝසුව නැවතී ඇති බව ඇයට අවබෝධ වී ඇත. පැරණි බැටරියක් නොවන වගත් අලුත් බැටරියක් දමා ඇති බව ඇය කීවාය. ඔරලෝසුව අටට ගෙන බැටරිය දමා ඇති ආකාරය බැලුවෙමි. එහි වරදක් නැත. බැටරිය ගලවා නැවත සවි කලෙමි. ඔරලෝසුව දැන් වැඩ කරයි.
එය එසේ නම් අර “මණ්ඩප” මොනවාද? කන්නාඩිය ඉදිරියට ගොස් මුහුණ බැලුවෙමි. හරියටම නළලේ මද සිට ඉහළ මුහුණේ කණ හරහා යන රේඛාව ඔස්සේ වම් කණට එන සැත්කම් රේඛාවේ ඇත්තේ එවැනි මණ්ඩප වේ. මේ සැත්කම් රේඛාව ජලයෙන් නොතෙමන්න යයි උපදෙස ලැබිණි. දැන් වී ඇත්තේ ඒවාට විෂබීජ යාමක් මෙනි. උපදෙස කුමක් නිසා ලැබුනාද යයි නොදනිමි. දින විස්සක් පමණ නෑමෙන් වැලකී සිටීමේ ප්‍රයෝජනයක් සිදුව නැත.
මහත් පුදුමයකට මෙන් ඒවා ගේ හැඩය සිහිනයේ දුටු මණ්ඩප සේය.
කෙමෙන් සහ සෙමෙන් ඒ එන්නත් කැළල තෙත මාත්තු කලෙමි. වෙනසක් දැනී යයි. රැවුල කපා ගත්තෙමි.
පාරිශුද්ධ පාදයක පතුල – 8
ජීවිතයට මාන නැත. එක්තරා වැඩ භූමියක එක කොනක සිට අනෙක් කොනට කෙනෙක් මොනවා හෝ රැගෙන යයි. එසේ රැගෙන යන්නේ රළු අයුරෙන් හෙවත් ඉඳ හිට ඒවා අතෙන් ගිලිහී වැටෙන්නේ යයි සිතමු. මේ අතර තවත් කෙනෙක් කිසියම් දෙයක් ඉතා අවශ්‍යතාවයකින් යුතුව රැගෙන යයි. මුල් තැනැත්තා ගේ ක්‍රමය එතරම් වෙනස් වී නැත. දෙවැන්නා නම් දැන් වඩාත් ශක්තිමක් කරත්තයක ඒවා ගෙන යෑම ආරම්භ කර ඇත.
මේ කියන ලද වැඩ භුමියේ ද්‍රව්‍ය එක් එක් පුද්ගලයා විවධ අයුරෙන් ගෙන යයි. මෙන්න මෙය ජීවිතයයි.
වැඩ භුමිය යනු කුමක්වත් නොව අපගේ ජීවිත යයි ඔබට සිතෙන්නේ නැද්ද ? තවත් කලකට පසු ඒ වැඩ භුමියේ ඒ ඒ ද්‍රව්‍ය ඉතා සුරක්ෂිතව ගෙන යන්නේ බෝධිසත්වයන් වේ. අනෙකුන් අපි වීමු.
අද ඒ පන්සලේ සිටින බෝධිසත්වයන් අප විසින් වන්දනාමාන කරමු.
ජීවිතය වූ කලී, රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන වලින් තැනුණු දෙයකි. ඔබට පිළිකාවක් වැළඳුනහොත් ඒ සඳහා “රූප” කොටසට බෙහෙත් ගනී. එවිට ඉතිරිය? කුමක් හෝ අඩුවක් මෙහි ඇත්තේ නැද්ද ? ඒ කොටස් ඉහළ පෙලැන්තියේ වෛද්‍ය විද්‍යායතන වලින් පහදා දී නැද්ද ? මෙන්න මේ ඉතිරිය අතර ඇති ගැටළු අප විසින් ඉවත් නොකළේ නම් පිළිකාව මර්ධනය කිරීම අපහසුය. මෙහි මා කරන්නට ගත්තේ අන්න එයයි. අපි උත්සාහ කරමු.
උදේ නැගිටින වෙලාවේ මගේ කට දිව වියැළී තිබිණ. නමුත් ඒ වෙලාවේ මට අමුතු ශබ්ද ඇසෙමින් තිබිණ. පැහැදිළිවම දෝෂ දර්ශන තිබිණ. ඒවා මා නිදා ගන්නා මේ පරිසරයේ කිසිසේත්ම ඇසෙන්නේ නැති දේවල් විය. ඒවා නම් කිසියම් රෝහලක ගන්නා ලද සිය ගණනක් “X” රේ පින්තුර ගන්නා විට ඇසෙන දැනෙන ශබ්ද විය. ඇස ඉදිරියේ තිබී ලේසර් කිරණ දර්ශන ඉතා විචිත්‍ර විය. ඇඳෙන් නැගිටීම ඉතා අපහසු විය. එය මේ රෝග වල ලකුණු වේ. දැන් මා මැරෙමි.
නැගිටීම පැත්තක තබා සිත දියුණු කලෙමි. ඉන් පසු ඇසෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගන්නා සිල්පද වේ. දැන් ඇහෙන්නේ ඒවායි. ස්වභාවික ආකාරයෙන් නැගිට්ටෙමි. අපහසුවක් නැත.
කට දිව වේලී තිබී ආකාරය අනුව නම්, ඇති තරම් ජලය පානය කල බවක් නොපෙනේ. එහෙත් එය එසේ නොවිණි.
දැන් මෙතන එක දෙයක් සලකා බැලීම වටී කියා ඔබ සිතන්නේ නැද්ද ? එනම් තමාට ඇති රෝගයේ බලපෑම සහ ඒ තත්වය කොතෙක් දුරට අපට පාලනය කල හැකිද යන්නය. එය අපම තීරණය කල යුතු වගක් පෙනී යයි. උදාහරණයක් ගනිමු.
Glioblastoma යනු මොළයේ පිළිකාවේ ආක්‍රමණශීලී ආකාරයකි. සමහර විට මිය ගිය සහ දිරාපත් වූ සෛල ඇතුළු විවිධ සෛල වර්ග එහි අඩංගු වේ. IV ශ්‍රේණියේ Glioblastoma ඉතා බලවත් වන අතර වේගයෙන් ප්‍රජනනය කරයි. රෝගය ඉවත් කල නොහැක. රෝගයේ ප්‍රමුඛතම ලක්ෂණයක් වන්නේ පිළිකාවලට පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් සපයන රුධිර නාලවල වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාවයි.
මෙම පිළිකාවෙන් සාදන ලද රුධිර වාහිනී දුර්වල ලෙස ගොඩනඟා රුධිර කැටි ගැසීමට හේතු විය හැක. එසේ නැතහොත් ඉතා කළාතුරකින් ලොවට එන “Epithelial Tumors of Oropharynx” වැනි පිළිකාවක් මගින් කෙසේ නම් මිදෙන්නේද ?
මෙවැනි රෝගයක් සිරුරට පැමිණි කලෙක ඉන් මිදිය හැකි යයි ඔබ සිතන්නේ නම් ඔබ ජයග්‍රාහික කෙනෙකි.
පාරිශුද්ධ පාදයක පතුල – 9
සඳ නැති රාත්‍රී අහසක් දෙස බැලුවොත් ඔබ අප්‍රමාණ තාරකා ප්‍රමාණයක් දකී. එහෙත් සඳ යාන්තමින් හෝ ඇත්තේ නම් ඒ තරු නොපෙනී යනු ඇත. පිළිකාව, වෙනත් බෝවෙන ඕනෑම ලෙඩක් ද එසේමය. ආලෝකය ඉදිරියේ නොපෙනී යයි. පසුවදා හිරු නැගෙන තුරු ආලෝකයක් සමඟ ඒ තරු නොපෙනී යයි. එහෙත් ඒ පසු දින හිරු ඔබ දකීද ? මේ දින වල වැඩ නම් ටිකක් වැඩි වගේ නේද ? පන්සල් යන්න වෙලාවක් ඇත්තේ නැහැ.
කෙසේ වුනත් මාරයා ඇවිත් කතා කලොත් යන්න වෙනවා.
ඒ අතර පහත ලිපියත් කියවන්නේ නම් මැනවි.
පිළිකා රෝගයෙන් මිදුණහැටි – “සුනිමාලි සිල්වා ගුණසේකර” මියගේ සටහනක්..!
පළමුව – ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.
පිළිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.
කිමෝ ගන්න තියනවානම් ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න. කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.
සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර කැමට ගන්න බලන්න.
1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.
2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්, *ගොටුකොල අහුරැ 2කක්, *කරපිංචා කොල 1ක ඉත්තක්, *ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි) *සුදුලුණු බිකක්
හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරච්චි කර එකට බොන වතුර කොප්ප 2කක් දමා හොදින් මිශ්‍ර රකරගන්න.. එය පෙරාගෙන වතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතියට වතාවක් නොවරදවාම කරන්න.
3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න
4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.
5) කටු ආනෝදා කන්න.
6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.
7) සති 3නකට වරක්.
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.
නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න. ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න). මිදි ගෙඩිවල ඇට ද කන්න. වට්ටක්කා ඇට කන්න. කරවිල ඇට දිනකට 9යක් කන්න. කරවිල අමු සම්බෝල කැමට ගන්න.
9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි. මේ විදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න
ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්
මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.
දොස්තර අනුමැතිය ඇතිව පමණක්
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ….
“සුනිමාලි සිල්වා ගුණසේකර” මියගේ සටහන උපුටාගැනීම අවසන්.
ඉතින් මේවත් කර බලමු.
තව සති කීපයකින් මෙටර්ලොජි ඉවර වෙනවා ,.. ඊළඟට කීමෝ …. එතකොට මොකද වෙන්නේ කියා ලියන්නම්.
පාරිශුද්ධ පාදයක පතුල – 10
පිළිකාවක් දැවැන්ත නම් කිසි සේත්ම එය හිසකින් ඉවත් කල නොහැක. ඉවත් කල හොත් ඔහුට හෙල වෙන්න බැරි, යන එන මං නැති, එකතැන සිටින තලපයක් මෙන් කෙනෙක් වීම වන හෙයිණි. කල හැකි එක දෙයක් වන්නේ හිස් කබල කපා, සම්පූර්ණයෙන්ම ඇර, මොලය පාදා, ඒ අවට ඇති විෂබීජ සෛල එකින් එක ඉවත් කිරීමය.
කියන විදියට නම් මෙය ඉතා පහසුය. එහෙත් ඊට සමහරවිට පැය හත අටක පමණ කාලයක් යනු ඇත. කිසියම් හේතුවක් නිසා එම සෛල හිස පුරා පැතිර ඇත්නම් කුමක් කරන්නේද ? සමහරවිට කිසිත් කල නොහැක. ස්වභාවික සේ මිය යන තුරු එසේම ඉන්නට වනවා ඇත. නමුත් වේදනාව අත්‍යන්තයෙන්ම දරුණු වේ. පිළිකාවේ දුක්ඛාන්තය මෙයයි.
තවත් නවතම ක්‍රමයක් වන්නේ එසේ හිස නොකපා, හිසේ සිදුරක් ඇති කර ඊට කැමරාවක් දමා එම සෛල ඉවත් කිරීමය. මේ ක්‍රම දෙකේම ඇති පොදු සාධකයක් වන්නේ විශාල වියදමක්, ඒ ඒ ශල්‍යකර්මයන් සඳහා වියදම් වීමය. දැන් ඒ අතිශයින්ම අපිරිසිදු සෛල ඉවත්කළ හිසේ ඇති මොලය මගින් පාලනය වන යම් යම් ක්‍රියා වල අඩුපාඩු තිබිය හැක. මෙය ඉතාම බරපතල තත්වයකි.
මේ කියන ශල්‍යකර්මය කරනු ලැබුවේ චීනයේ මේ ක්‍රම ඉගෙන ගත් විශේෂඥ වෛද්‍යවරියක් විසිනි. ඒ විෂබීජ සෛල ඉවත් කළා කියා ඇති වැඩක් නැත. මක්නිසාදයත් එම ගෙඩිය කෙමෙන් නැවත නැවතත් විශාල වීම වන හෙයිනි. මෙන්න මේ නිසා එම විෂබීජ සෛල තවත් ඇත්නම් ඒවා, “රේඩියෝ ක්‍රම” සහ “කීමෝ තෙරපි” යන ක්‍රම වලින් ඉවත් කිරීම අනිවාර්යය වේ.
“කීමෝ තෙරපි” යනු, “විකිරණ ක්‍රම” වලින් එය කිරීමයි. මේ ක්‍රම දෙකම එකවර කර පසුද, ඊළඟ මොහොතේ රෝගියාට විද්‍යාගාරයෙන් ඉවතට යන්නට දෙන්නේද නැත. මක්නිසාදයත්, ශරීරයේ තවමත් ඇති විකිරණ ඉවත් විය යුතු හෙයිණි. ඔහු අවම සේ තවත් පැයක් වත් විද්‍යාගාරයේ රැඳිය යුතුය.
වාසනාවක් කියා දෙයක් ගෑවී හෝ ඇත්නම් එය වන්නේ, එම ගෙඩියේ මතු අනාගත විශාල වීම අවම වීමය. මේ කියන පුද්ගලයාට ඇති වූ හානිය වන්නේ ඉලක්කම්, මිනිස් නාම, දින වකවානු සහ යුග අමතක වීමය. නමුත් ඔහු, එසේ වූ බව හොඳින් අවබෝධ කරගෙන ඇත. මේ සඳහා උදාහරණයක් කිවහොත්, “එංගලන්තයේ රජ පවුල” ගැන ඔහු සමඟ කතා කරන්නේ නම්, ඔහු “වික්ටෝරියා රැජින” වෙනුවට, ජර්මනියේ “හොල්ස්ටෙන් යන රැජිනකගේ” නමක් කියනු ඇත.
නමුත් ඔහු, ඔහුටම වැරදී ඇති බව දනී. එනම් එහි මානසික ව්‍යාධියක් ඇත්තේ නැත.
දැන් අතුරු කතාවක් පැන නගී. එනම් එවන් ආබාධයක් ඇති වූයේ කුමක් නිසාද යන්නය. ඊට නම් හේතුව සෙවීම එතරම් පහසු නැත. එක කාරණයක් වන්නේ ලේසර් කිරණ, අධි සංඛ්‍යාත කිරණ භාවිතා වන යන්ත්‍ර සමඟ සමීප නඩත්තු වල යෙදුනු කෙනෙක්, පර්යේෂණාත්මක දේ හා කටයුතු කල කෙනෙක් වීමය. පාලක පරිඝනක සහ දැවැන්ත ජෙනරේටර සමඟද ඔහු කටයුතු කර තිබේ. මා මේ උත්සාහ කරන්නේ හැකිතාක් මෙවැනි තත්වයක් නිසා පව්ලක සිදුවිය හැකි දෙයක් පෙන්වාදීම පමණි.
මා වෛද්‍යවරයෙක් නොවීම හේතුවෙන් වැරදීම් විය හැක. එනිසා මෙය බලන උගත් වෛද්‍යවරයෙක්, වෛද්‍යවරියක් වැරදීම් වලට අපට කමා කරන්න. වැරදි පෙන්වා දෙන්නේ නම් ඉතා අගය කරමු.
දැන් මේ සරළ සේ පෙනෙන, එහෙත් අති මහත් සංකීර්ණ, බහු කාර්ය සාධක සහිත සහ විෂමතා තත්වය එම පවුලටම විශාල බාධාවක් වනවා ඇත. විශාලතම බාධාවක් වන්නේ මේ සඳහා යන විශාල මුදලයි. නමුත් ඇතිවී තිබෙන පිළිකා තත්වයේ අනුරූපතාවයද බරපතල සාධකයක් වන්නේය. උදාහරණයක් කියමි. මොලයේ පිළිකාවක් අදාළ රෝගයක් නිසා, කෙනෙක්ගේ රියදුරු වෘත්තීයේ බරපතල සීමා ඇති විය හැක. බටහිර නම් ඒ සඳහා කියන්නේ, අවම වශයෙන් මාස දෙකක් වාහන එළවීම නවත්වා දැමිය යුතු බවය.
මොළය හා සම්බන්ද ආරෝග්‍ය තත්වයන් කෙරෙන අවස්ථාවන්හී මානසික තත්ව ඇති විය හැක. මෙන්න මෙතන නම් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඒ ගැන කෙලින්ම සඳහනක් නැත. අවම සේ මා එසේ සාර්ථක සටහනක් මෙතෙක් නොදුටුවෙමි. එනිසාම මේ ලිපිය ලිවීම කලෙමි. මෙහිදී එම රෝගියාගේ තත්වය සහ ඔහුගේ ඥාතීන් සහ වෙදැදුරන් ගේ අදහස් විමර්ශනය කිරීම ලියන්නට කැමැත්තෙමි. ඔබම ඒ අදහස් බලන්න.
රෝගියා :- …“මෙතන පෙරේතයෝ ඉන්නවා”…”උන් මගේ ඇඟේ ඇලෙනවා” …
වෛද්‍යවරයා සහ අන් අය :- … “එහෙම උන් නැහැ”… “ඔබට උන් පෙනෙනවාද ?…
රෝගියා :- …“නැහැ. ඉන්නවා. මට පෙනෙන්නේත් නැහැ, නමුත් මට පැහැදිළිව දැනෙනවා “ … “ඇඟේ ඇලෙනවා”…. හිරිකිතයි !!
වෛද්‍යවරයා :- … “මටත් ඔවුන්ව පෙන්වන්න”….
රෝගියා :- …”දැන් මාව ඇඳ විට්ටමට බැඳලා නැහැ නේද?… “මම කිව්වා, මා ඔබේ කටයුතු වලට කරදරයක් වන්නේ නැහැ කියා” … “බලන්න, ඔබේ සේවා මඬුල්ලෙන් අහලා”… “මාව බැන්දොත් වැඩ වරදීවි !!!
වෛද්‍යවරයා :- … “ඔව් ඔබව කවදාවත් එහෙම බැන්දේ නැහැ”… “හේතුවක් තිබ්බේ නැහැ”…
රෝගියා :- …”බලන්න, මම දැන් නිදා ගන්නවා”…. “අත් වලට වෙන්නේ මොකද කියා බලන්න”…. [මෙහිදී රෝගියා වෛද්‍යවරයාට වඩා බොහෝ සූක්ෂම කෙනෙක් විය. ඔහු එතනම සිටි ඔහුගේ මිතුරෙක්ට කතාකර, මොබයිල කැමරාව ක්‍රියාත්මක කරන්න කීවේය.]
නිදන බව පෙන්වමින් ඔහු විනාඩි කීපයකට ඇස් පියා ගන්නා අතර, අත් දෙපසට බඳින බව දැනී යයි. තවත් මොහොතකින් ඔහු ඇස් හැර වෛද්‍යවරයාට තම දෑත් පෙන්වූයේය. වෛද්‍යවරයා මේ දැක විමතියෙන් විමතියට පත් විය. පසුව කැමරාවෙන් බලන විට තවත් පුදුමයකි. කිසි දෙයක් පටිගත වී නැත. එය එසේ නම් රෝගියා නිදන කොටු ඇඳ යට අත් බඳින්නන් දෙදෙනෙක් සිටිය යුතුය. එසේද නැත. රෝගියා හැර අන් සියල්ලන්ම රෝගියාව වෙන මඟක යවනවාද ?
දැන් මේ කලබලය නිරවුල් කර ගන්නට රෝගියා වෙන කෙනෙක්ට නොකියා මෙසේද දෙයක් කළේය. …” හරි මා නැවත නිදා ගන්නවා”…. ! මේ අවස්ථාවේ ඔහු නිදා ගත්තද, වෙන ක්‍රමයකින් එය කළේය. එනම් හරියටම ඇඳ මැද නිදා ගැනීමය. ඔහු සිතුවේ මධ්‍යයට එන්නට වෙනත් කෙනෙක්ට නොහැකි බවය. එවිට නම් අත් බැඳීමක් සිදු වූයේ නැත. මේ ක්‍රම අමුතු නිසා, “සිනා වෙනවා” හැර වෙන කුමක් කරම්ද? එහෙත් ප්‍රතිඵල ද අමුතුය. බොහෝ අමුතුය.
මේ උදාහරණය එකම එක උදාහරණයක් පමණි. තව උදාහරණ ඇත. ඒ උදාහරණ වලදී රෝගීන් වෛද්‍යවරුන්ට, කාර්ය මණ්ඩලයට අඩන්තේට්ටම් කර ඇත. තවද මේ ආරෝග්‍යශාලාව කුඩා ප්‍රාථමික ස්ථානයක්ද නොවේ. පසුව සෝදිසි කරන විටදී, වෙනත් රෝගීන්ටද මීට වඩා වෙනත් ආකාර දේ සිදුවී ඇත. එය එසේ නම් මෙය මහා පරිමාණයේ විපරීත සිදුවීමක්ද ? කෙසේ හෝ සම්පූර්ණයෙන්ම නිර්වින්දන බෙහෙත් වලට යටත් වූ විප්‍රකාර වූ රෝගියා කියන්නේ මොනවාද යන්නද සැලකිය යුතුය. තීරණය කිරීම ඔබට භාරය.
දැන් අපි නවීන විද්‍යාව දෙසට හැරෙමු. මේ ආකාරයේ ආසාත්මික රෝගී තත්ත්ව සඳහා නොයෙක් ආකාරයේ පර්යේෂණ පත්‍රිකා භාවිතා වේ. Specimen type FFPE Block, Test performed IDH Mutations, IDH1 132 Wild type , IDH2 172 Wild type. මේ සෛල දෙවර්ගය වඩාත් බියකරුය. පැතිරෙන ස්වභාවයෙන් යුතුය. පැතිරීම රෝගියාගේ ජීවිතය පවතින තත්වය නිර්ණය කරයි. මතක තබාගත යුතු කරුණක් වන්නේ IDH කියූ විගසම එය අපට සිහි කරන්නේ “අයිඩෙන්ටිෆිකේෂන්” යන්නය.
එය එසේ නොවේ. IDH යනු “isocitrate dehydrogenase” යන්නයි. IDH1 යන්න 12% of “glioblastomas” වල ඇත. එය වඩා බියකරුය. එවිට රෝගියාගේ උපරිම ආයු කාලය මාස 1.5 යි. මේවා අමතක කලොත් කුමක් වේද? සමහරවිට ඒ අපහසු පිළිකා තත්ත්ව වලට රෝගියා යනු ඇත.
[සටහන :- ඇත්තෙන්ම මේ විද්‍යාත්මක තත්වයන් අවබෝධ කරගැනීම එතරම් පහසු නැත. සාමාන්‍ය වෛද්‍යවරකට පවා මේවා අවබෝධ කර ගැනීම පහසු නොවනු ඇත. කරුණාකර, මින් පෙර ලියා ඇති ලිපි වල ඇති න්‍යායාත්මක කරුණු ගූගල් කර බැලීමෙන් යම් අවබෝධයක් ලබා ගත හැකි වේ.]
මෙය සෑහෙන අභියෝගාත්මක තත්වයක් වේ. වසරක් පමණ “කීමෝ තෙරපි” හෙවත් විකිරණ භාවිතා වන ප්‍රතිකාර කිරීමට හේතු වන තත්වයකි. යම් හෙයකින් මේවා අමතක කර දැම්මොත් තවත් කාලයකින් සිරුරට එන රෝගී තත්ත්ව වඩාත් බියකරුය. පිළිකා රෝගියෙක්ට මුහුණ දෙන්නට වන වඩාත්ම අභියෝගාත්මක තත්වයක් වන්නේ මෙන්න මේ විකිරණ භාවිතා වන ප්‍රතිකාරයි. එනිසා ඒ විකිරණ ප්‍රමාණය තීරණය කිරීමට අවශ්‍ය වන ප්‍රතිකාර සඳහා පර්යේෂණ පත්‍රිකා ඇත.
ඒ එක තවත් ක්‍රමයක් වන්නේ “කීමොලොජි” සඳහා අවශ්‍ය තත්වයන් නිර්ණය කිරීමට අවශ්‍ය වන නිර්යාත සොයාගැනීමයි. “කීමොලොජි” වඩාත් අපහසු ආරෝග්‍ය ක්‍රියාවලියකි. දැඩි ලෙස පීඩා වීමට සිදු විය හැක. ඔක්කාරය, සිරුරේ දැඩි වෙහෙස ගතිය, කතා කිරීමේ අපහසුතා යනාදී නොයෙක් ආකාරයේ වේදනා ඇති කෙරේ. නමුත් “කීමෝලොජි” අවශ්‍ය වේ. සිරුරේ කේශය හැලී යනු ඇත. තැඹිලි ලොරියක් බොන්නට වනවා ඇත.
මෙහිදී කුමන මාර්ගයක් රෝගය වලක්වා ගැනීම සඳහා ගන්නේද යන්න සිතිය යුතුය. … පෙරේතයන් … ?? … වෛද්‍යවරුන් …? … මෙටල් ලොජි ?,,, කීමෝ?… එසේත් නැතහොත් වෙනත් ක්‍රම?…? …පාරම්පරික සිංහල ප්‍රතිකාර ?…?
පාරිශුද්ධ පාදයක පතුල – 11
සැත්කමෙන් පසුව වෙනත් කාමරයකට මා යවනු ලැබීය. එහි ඇඳ උඩ සිට එතනම එහා පැත්තේ පුටුවේ සිට ගෙන සිටි මිතුරෙක් සමඟ කතා කරමින් සිටියදී, මට මේ ආකාරයේ සිතක් පහළ විය. එනම්, කුමක් නිසා මා තවමත් මේ අතේ ගසා ගෙන ඇති “කැනියුලා” එක ගලවා නොදමන්නේද යන්නය. එතන ඒ ගැන වචනයකින් වත් අප කතා නොකළෙමු. මා සිටියේ මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වූ අතර ඊට ඒමට දොරක් සහ එලියට ලොකු ජනෙල දෙකක් පමණක් තිබිණ.
එකෙනෙහිම කළු පැහැ, මධ්‍යම ප්‍රමාණයේ ශාරීරික පුද්ගලයෙක් කාමරයට ඇතුලත් විය.
මා කලබලයට පත් වූයේ කෙසේ නම් ඔහු කාමරයට පැමිණියේද යන්නය. එකවරම මා දෙස බැලු ඔහු ඇසුවේ,…”කුමක් නිසා ඔබ ඔය කැනියුලා එක ගලවා දමන්නට හදන්නේද ?…යන්නය. මා එවිට ඊට පිළිතුරක් නොදී මෙසේ ඇසුවෙමි. …”මට ප්‍රශ්න දෙකක් ඇත. එකක් නම් ඔබට මේ කාමරයේ යතුර ඔබට කෙසේ ලැබුනේද? …“සහ ඊටත් වඩා, මගේ සිතේ ඇති දේ ඔබ දැන ගත්තේ කෙසේද?… යන්නය.
ඒ දෙකෙන් එකකට වත් පිළිතුරක් නොදුන් ඔහු, සිනාසී මෙසේ කීවේය.
…”ඔබ විසින් කැනියුලාව ගලවා දැමීම යෝග්‍ය නැත. එය ගලවා දැමිය යුත්තේ ආරෝග්‍ය නීති රීති මැද සේවය කරන සෞඛ්‍ය සේවකයෙක් විසින් පමණි”…” ඒ සඳහා තව දින දෙකක් ඇත”… ඔහු නැවත එළියට ගියේය. මා දොර වසා හිතවතා සමඟ ලංකාවේ දේශපාලනය ගැන කතා කිරීම ආරම්භ කලෙමි. නමුත් කාමරයට අනවසරයෙන් පැමිණි පුද්ගලයා ගැන මගේ සිතේ කුකුස දිගටම යොමු වී තිබිණ.
ඔහුව “අන්දවන්න” හැකිද යයි බැලිය යුතු යයි සිතුණි. නැවත මා කැනියුලාව ගැන සිතුවෙමි. මෙන්න ඔහු නැවතත් කාමරයේ… ! නැවතත් ඔහු කියා සිටියේ, …”ඔබ කැනියුළාව ගැන සිතීමෙන් වැළකිය යුතුය” … යන්නය. නැවත ඔහු යන්නට ගියේය.
හිතවතා සහ මා තවත් ටික වෙලාවක් කතා කරමින් සිටියෙමු. නැවතත් මා කැනියුළාව දෙස බලා එය ගලවා දැමිය යුතුමයයි සිතුවෙමි.
පුදුමයක මහත වූයේ, නැවතත් ඒ පුද්ගලයා ඒ මොහොතේම කාමරයට ඇතුලත් වීමය….”එන්න යන්න, අපි පොඩ්ඩක් එළියට…! ඔහු කීවේය. …”කුමක් නිසාද ? යයි මා ඇසුවෙමි. … “යමු එලියට, ගස් කොළන් බලන්න පුළුවන්”… “ඔබේ සිත පැහැපත් වේවි”… “සාමාන්‍ය තත්වයට හැරේවි”… ඔහු මගේ අත අල්ලා ගත්තේය.
දඬු අඬුවක් සේ වූ ඒ අල්ලා ගැනීමේ දෘඩ බවෙන් මට අවබෝධ වූයේ, අනිවාර්යයෙන්ම මා ඔහු සමඟ එළියට යා යුතු බවය. ඔහු සමඟ කාමරයෙන් එළියට යනතුරුම මා ඔහුගෙන් අසා සිටියේ, …”ඔබ මගේ සිතේ ඇති දේ දැන ගත්තේ කෙසේද? …. යන්න ගැනමය.
ඒවාට පිළිතුරු නොලැබිණි.
මේ පුද්ගලයාගේ එකම එක විස්තරයක් හැර අනෙක් දේ කීමට අකමැත්තෙමි. මක්නිසාදයත්, ඔහු මේ ස්ථානයට විශාල සේවයක් කරන හෙයිනි. එකම එක විස්තරය වන්නේ, ඔහු ටයි හැඳ නොසිටි බවත්, ඇඳ සිටියේ සුදු ඇඳුම් බවය. ෂර්ට් එකේ අත් දිග හැර ඇඟිලි දෙසට එනතුරු දික් කර තිබිණි. ඔහුගේ අත් තරම් විශාල අත් මා කිසි දින ලංකාවේ කෙනෙක්ගේ නම් දැක නැත. ඒවා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දණහිස සහ කලවා අතර ඇති මස් පිඬු මෙන්ය.
ඔහු මා සමඟ කතා කළේය. මා ඔහුගෙන් මේ ස්ථානය ගැන තවත් විස්තර ඇසුවෙමි. ඒ අතර මා දිගටම කියා සිටියේ, …”අනිවාර්යයෙන්ම මා කැනියුළාව මේ දැන් ගලවා දමන බවය”….! …”ඔව්, ඔබ ඒවා ගලවාවී…!..ඔහු කීවේය.
නැවත මා කාමරයට පැමිණියෙමි. ඒ එන විට කැනියුලාවෙන් භාගයක් මගේ අනෙක් අතේ විය. කාමරයට පැමිණෙන විට එය සම්පූර්ණයෙන්ම ගැලවී තිබිණි. අද්භූත පුද්ගලයා එවිටද කාමරයේය. ඔහු ගලවා ඇති තැනෙන් විදින ලේ දෙස බලා … “අත විනාඩි කීපයක් ඉහලින් තියන්න”… යයි කියා යන්නට ගියේය. තවත් විනාඩි කීපයකින් පුළුන් සහ ප්ලාස්ටර් සෞඛ්‍ය සේවකයෙක් හරහා මට ලැබී තිබිණි. මේ අපූරු පුද්ගලයා කව්ද කියා මා නොදනිමි. නමුත් විශාල සේවයක් කරන මේ ආකාරයේ අයත් මෙවැනි ස්ථාන වල සිටිති.
පැරණි යක්ෂ ගෝත්‍රිකයෙක්ද, එසේ නැත්නම් කැනියුළාවට සවි කර ඇති කුඩා ට්‍රාන්ස්මීටරයකින් මගේ සිත දැන ගන්නා ක්‍රමයක් වත් ඔහුට තිබුනේද ?
අනෙක් මිනිසා.
මා මෙන් තුන් ගුණයක් පමණ විශාල කෙනෙක් මේ ස්ථානයටම රාත්‍රියේ පැමිණියේය. ඔහු දොස්තර කෙනෙක් නොවීය. කුඩා රේඩියෝවක ඇති ඇන්ටෙනා එකක් වැනි එහෙත් ඊට වඩා බොහෝ විශාල දණ්ඩක් මගේ ඇලපතට තැබීමට ඔහුට අවශ්‍ය විය. “සම්පූර්ණ ප්‍රාශ්වාසය” කරන්න කී ඔහු ඒ දණ්ඩ තම උරහිසට තබා, “සම්පූර්ණ ආශ්වාසය” කරන්න යයි කීවේය. මා කිසි අපහසුවක් නැතිව ආශ්වාස කලෙමි. මට දැන් ඔහුගේ හුස්ම තද වෙනවා දැනේ. මේ ක්‍රියාවලිය කීප වතාවක් කරන්නට විය.
අපහසුවෙන් ඔහු හුස්ම ගනී. මේ දැවැන්තයාට කුමක් වූයේද ? ඔහු කියා සිටියේ,…”ඔබ වැනි අය ලොව අඩුය. ඔබ ශක්තිමත් කෙනෙකි”. එතනින් එහාට යමක් ඔහු නොකියා මට ආචාර කර යන්නට ගියේය.
අනෙක් මිනිසා.
ඇත්තෙන්ම ඒ මිනිසෙක් නොව ගැහැණියෙකි. ඇය මා සමඟ සාමාන්‍ය විස්තර කතා කලාය. එපමණකි. ඒ සැත්කම කර දිනකට පසුව විය. නමුත් ඇය මගෙන් බොහෝ දේ අසා සිටියාය. එතරම් දේවල් අසන්නේ ඇයිද යන්න මට ගැටලුවක් දැනවුවද, මා පිළිතුරු දුන්නෙමි. ඊළඟට මා ඇයව දුටුවේ තවත් දින දෙකකට පසුවය. ඒ මහා රාත්‍රියේ මැද සාත්තු සේවිකාවක් සේ විය. මේ වන විට මා මෙතනට එන සියල්ලන් සැක කිරීම ආරම්භ කර තිබුනෙමි. ඊට මට ඇති තරම් හේතු තිබිණි.
නමුත් එය මගේ ඇස් වලින් හෝ වෙන ආකාරයකින් තව කෙනෙක්ට නොපෙන්වීමට සම්පූර්ණ උත්සාහය දැරුවෙමි.
මේ ගැහැණිය හෝ වෙන කෙනෙක් ඇඳ වෙත එනවිට ඇස් පියා ගෙන සිටීම කලෙමි. ඇය පැමිණියාය. ශරීරයට සවි කර ඇති වයර් දෙස ඈ බොහෝ වේලාවක් බලා සිටී. මා දෙස තරමක් වෙලා බලා සිටි ඇය මට කතා කළාය. මා ඇයගෙන්, ඇයගේ නම ඇසුවෙමි. ඇය කීවේ ඇයට ඇයගේ නමවත් මතක නැති බවය. මෙය මට විස්මයක් දැනවූ හෙයින් ඇය දෙස කෙලින් බැලුවෙමි. තවත් විනාඩියකට පසුව ඇය කලබලයේම කාමරයෙන් පිටට ගියාය. මෙය විශ්මයජනක සිදුවීමකි. මගේ ඇස් වල ලියවී ඇති ප්‍රෙහේළිකාව ඇය හඳුනා ගත්තාද ?
සමහරවිට මේ සියලු දේ වන්නට ඇත්තේ මානසික වික්ෂිප්ත ස්වභාවයකට පැමිණි රෝගියෙක් තව තවත් මානසික සේ පශ්චත්තාපයට ඇති වීමට ඉඩ නැති කිරීමටද ? එසේත් නැතහොත් මේ ස්ථානවල තවත් අමුතුම වර්ගයේ මිනිසුන් සිටීද ?
මේ ඔක්කොටම වඩා හේතුවක් ඇත. එනම් ඔලුව කපා විවෘත කලේ පිළිකාව ඉවත් කරන්නටය. එහෙත් පිළිකාව ඉතා විශාල වේ. එහෙයින් ඉන් කුඩා කෑල්ලක් කපා එය විද්‍යාගාරයට යවා, සැක නැතිව එහි තත්වය සොයා ගැනීමට විශේෂඥ වෛද්‍යවරිය ක්‍රියා කර ඇත. එය දැවැන්ත ගෙඩියකි. එසේ හෙයින් ඉවත් කල නොහැක. එනිසා නැවත නළලේ මැද සිට ආරම්භව වම් කණ තෙක් යන ඔලු කටු කීපයක් හැර අන් ඒවා නැවත සම්බන්ද කර ඇත.
විශේෂයෙන් පිළිකාව ඔලුවේ ඇති නිසා ශරීරයට අවශ්‍ය අනෙක් සඥා සඳහා එම පිළිකාව සහිත ගෙඩිය උදව් වෙනවා ඇත.
ඊළඟට ඇත්තේ “මෙටල්ලොජි” හෙවත් “රේඩියෝ තෙරපි “ කිරීමය. එය කරන දොස්තර කියා සිටින්නේ, එයින් ප්‍රයෝජනයක් වීම හෝ නොවීම විය හැකි බවය. එය අපූරු, එහෙත් පශ්චාත්තාපය ගෙනෙන, වැඩකට නැති පිළිතුරකි. දැන් මා සිතා සිටින්නේ මේ සඳහා සිංහල බෙහෙත් කිරීමටය. එය පහසු නැත. මා ජීවත්ව සිටියහොත් ඔබට විස්තර කියමි. ඇත්තටම මේ පුද්ගලික තොරතුරු කියන්නට මගේ ඇති කැමැත්තක් නැත. නමුත් මේ තත්වය ඕනෑම කෙනෙක්ට පැමිණිය හැක.
පිළිකාව කෙතරම් ශක්තිමත්ද? අප කොතරම් ඒ ඉදිරියේ අසරණද ?
Leave a Reply