මෙය ආර්ථික අර්බුදයක් පමණක් නොව සමාජ ආර්ථික සහ දේශපාලන ගැටළු එකට සම්මිශ්ර වුණු අර්බුදයකි. එහෙත් ආණ්ඩුව සහ ඔවුන්ගේ බත් බැලයන් දිගින් දිගට ම කියන්නෙ මෙය ආර්ථික අර්බුදයක් බවය. “ජනතාවට සහන ටිකක් දුන්නම අරගලය ඉවර වෙයි”… කියන ව්‍යාජ බලාපොරොත්තුව රජය කියා හිතාගෙන ඉන්නේ. අනෙක් දේ වන්නේ එසේ ණය ගත්තා යන ආකල්පය ජනතාවට යන්නේ නැහැ.
හොඳම උදාහරණය මේ කාලේ ජනතාවට නොමිලේ දෙන්නට යන සහල් ප්‍රමාණයයි.
ඒවා ගන්නට යන මුදල් කොහෙන්ද ලැබෙන්නේ යන්න ගැන ජනතාව පොඩ්ඩක්වත් සොයන්නේ නැහැ. ඒ ජනතාවෙන් අවම සේ 5%ක් වත් දන්නේ නැතිව ඇති එය “ඉන්දියන් ක්‍රෙඩිට් ණය” හරහා එන බව. මීට අදත් හේතුවක් වුණු “අදූරදර්ශි තීරණ ගැනීම” නැත්නම් “අවකළමනාකරණය” එහෙම්මම තියාගෙන මේ පතුලක් නැති අර්බුදය විසඳන්න බෑ. අර්බුදය ඇතිකරපු සහ අර්බුදය වවාගෙන කාපු මිනිස්සුන්ව බලයේ තියාගෙන අර්බුදයක් ඉවත් කරන්න බැහැ.
පැහැදිළිවම එම අර්බුදයට හේතුව එක පවුලක අසීමිත බල තණ්හාව සහ ධන තණ්හාවයි. “පවුල පිටින් ම ගෙදර යා යුතුයි” යන පොදු මතය කරකැවෙනවා. ඒ විසඳුම් සොයන්නා, සජබද, ජවිපෙ ද නැත්නම් පොහොට්ටුවෙ ම ද නොවේ, පාර්ලිමේන්තුවේ දක්ෂයින් ඉන්නවා. ඔවුන්ට මෙතෙක් තැනක් ලැබුණෙ නෑ. ගෝඨා ගියායින් පස්සෙ එන්නෙ කවු ද කියන එක ප්‍රශ්ණය නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්නා අයගෙන් තෝරගන්න පුළුවනි.
පාර්ලිමේන්තුවට පිටින් කෙනෙක් ජාතික ලැයිස්තුව හරහා ඇතුළට ගෙනැල්ලා පත් කරන්න පුළුවනි. විසඳුම් තියෙනවා. කරන්නයි ඕන. හැබැයි ඒ ඔය අන්තිමට කියූ කතාව ජීවිතයට වන්නේ නැහැ. හේතුව ඉතාම පැහැදිළියි. කව්ද කකුලට වෙඩි තිය ගන්න කැමති ? ඔබට මතකද ප්‍රංශ විප්ලවය? නැත්නම් රුසියානු විප්ලවය, එසේත් නැත්නම් කාම්බෝජයේ සිදු වූ දේවල්?
දළ වශයෙන් කිවහොත් රටවල් වල සම්පූර්ණ බල ශක්තිය දරා සිටි සියල්ලන් එම විප්ලවය මගින් විනාශ කළා. ඔන්න දැන් බලන්න දාලා ඇති පින්තුරය !!
අවාසනාවට පැහැදිළි සංකල්පයක් නැති වුනත්, පසුගිය කාලේ ජනතාව පාරට බැස්සෙ දරාගන්න බැරි තැනයි. මෙය අර කියනා ලද සම්පූර්ණ විනාශයේ පැති කඩක් පෙන්වනවා. තව ඉදිරියට තව අමාරුකම් ඒවි. ඒකෙන් ජනතාව ආරක්ෂා කරගන්න යම් සමාජ ආරක්ෂක දැලක් අවශ්‍ය වන්නේ අත්‍යාවශ්‍ය ආහාරපාන, ඖෂධ, ඉන්ධන ආදිය අඛණ්ඩ ව සහ දරාගත හැකි මිලකට සැපයීමටයි. හැබැයි මා ඉහත කියන ලද පූර්ණ විනාශයට පෙර මේවා කෙරෙන්නට ඕනා.
අපිට තීරණ කියන්න පුළුවන්, හැබැයි කවදාවත් ඒවා වන්නේ නැහැ. එහෙම එකක් වන්නේ, ආර්ථිකය බේරගන්න ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න එක. ඒකට කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් ඇති. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් නියෝජනය වෙන පරිදි තෝරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පත්කර එම ස්ථාවර ආණ්ඩුව හරහා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත යුතුයි. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ වලට යාම දෙවන පියවර වේවි.
ලංකාව දුප්පත් නෑ යන්න මිනිසුන් විශ්වාස කරන්නේ, ලංකාවෙ මිනිස්සුන්ගෙ ධනය සොරාකෑමට ලක් වෙලා තියෙන්නෙ යන්නට මුල් තැන දෙමින්. සාධාරණ සේ හඳුනාගන්නා ඊට ප්‍රමාණාත්මක විගණනයක් සහිත ව රා පක්ෂ පවුල ඇතුළු රජයේ මුල්පුටුවල ඉන්නා උදවියගේ වත්කම් ගැන සාධාරණ විමර්ශනයක් අවශ්‍ය වෙනවාමයි.
සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍ය මර්දනය, භාෂණයේ සහ ප්‍රකශනයේ නිදහසට වැටබඳින නීති අහෝසි වීම, විය යුතුයි. නීතියේ සාධාරණත්වය සහ ස්වාධීනත්වය තහවුරු වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආණ්ඩුවට ඕන ඕන හැටියට නඩු ඉල්ලා අස්කරගන්න බැරි වෙන්න ඕන. නෛතික අඩන්තේට්ටම් නවතින්න ඕන. ජනාධිපති කියා නමට හරි ඉන්න එකා රටේ නීතියට යටත් වෙන්න ඕන. ජනාධිපති වෙන්නට මිලියන ගානක් චන්ද ඕනා වෙනවා. 132 දෙනෙක්ගේ කැමැත්තෙන් ජනාධිපති වෙන රටවල් තියෙනවාද ? ඒ අතරේ රා පවුල ගැන වචනයක් හෝ සමාජ මාධ්‍යයක කියවුනොත්, ඔවුන්ට මිනිසුන්ගේ ඇති අකමැත්ත, පිළිකුල සහ අසීමිත අකමැත්ත දකින්නට පුළුවන්.
Leave a Reply