දේශපාලනාත්මක සේ ඔවුන්ගේ ඇති අපූරුව කියන්නට මේ කතාව කියන්නට කැමැත්තෙමි. කලකට පෙර මා මහරගම හරහා සයිකලයක් පැද ගෙන ගියෙමි. ජීවිතයේ පළවන වතාවට සයිකලයක් පදිනවා වෙනුවට තල්ලු කරගෙන යාමට තරම්වත් තත්වයක් ඒ පාරේ නොතිබිණි.
මිනිසුන් ඒ තරම් එහි සිටියහ.
ජේ. වී. පී. පක්ෂය මගින් ඉදිරිපත් කල රැස්වීමකි. අද පොලිසිය තිබෙන තැනට අනෙක් පස එය තිබිණි. මෙතන එම වේදිකාවේ සිටි අය අතර මගේ නෑදෑයෙක්ද සිටියේය. සාපේක්ෂව ඔහු, නායක රෝහණ විජේවීර මහතාට වඩා බාල අයෙක් විය. මගේ නාදැයා ගේ නම කීමට නම් බැරිය. හේතු බොහොමයක් අතරින් එකක් වන්නේ ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් වීමය. මම , …”අයියේ !!… ! …කියා කෑගැසුවෙමි. අත් ලක්ෂයක් හරහා ඔහු මාව එදින දැක නැත.
ජේ. වී. පිය තහනම්ද වීමෙන් පසු, පණ බේරා ගන්නට ඔහුට රටෙන් පිට වන්නට සිදු විය. මේ සිදුවීමෙන් බොහෝ කලකට පසුව මම ඔහුගෙන් එම රැස්වීමේ තතු ඇසුවෙමි. ඔහු දීර්ඝ කතාවක් මට කීවේ බොහෝ විස්තර ඇතුලත් කරමිනි. ඔහුගෙන් විජේවීර මහතා මෙසේ අසා තිබිණ. …” මල්ලි, උඹ හිතන්නේ මෙතනින් අපිට චන්ද කීයක් විතර ඒවිද ? …? කියාය.
ඇත්තටම ඔබ එතන සිටියා නම්, “අවම සේ 25% ක් වත් චන්ද එතැයි” කියා කියන්නට ඉඩ තිබේ. මගේ නෑදෑයා ගේ පිළිතුර ඊට වඩා ස්වභාවික විය. ඔහු කීවේ අවම සේ 20% ක් වත් චන්ද එනු ඇතැයි යන්නය. ඊට සිනාසුණු විජේවීර කියා සිටියේ, …”උඹ තාම පරිණත වී නැහැ මල්ලි ,… මෙතනින් අපට ලැබෙන්නේ සියේට දෙකයි දශම පහයි”… ! කියාය.
මහත් පුදුමයකට මෙන් චන්දයෙන් පසු ඒ ප්‍රතිශතය හරියටම හරි ගියේය.
දැන් ඔබ මගෙන් අහන්නේ, …”සැබවින්ම ලංකාවේ මිනිසුන් අපූරු මිනිසුන්ය”… කියා කියන්නේ ඇයිද යන්නය.
මීටත් වඩා අපූරුවක් ඔබ දකින්නේ නැත්නම් ඔබත් ඒ අපූරු මිනිසුන්ගෙන් කෙනෙකි.
මේ කාලය දේශපාලන චන්ද වල ශක්තිය පෙන්වන කාලයයි. එක් රැස් වන සෙනඟ එහි සාධකයකි. මෙතෙක් අන්තිම අසාර්ථක සාධකයකි. දශක ගණනාවක් ගියත් ලංකාවට නම් එය සාර්ථක වනවා නම් අරුමයකි. පුදුමයකි.
එය සාර්ථක වන්නේ නම් ලංකාව දියුණුවේ මුලට පිවිසීම පෙන්වයි.
Leave a Reply