වැදගත්ම දෙයක් වන්නේ ඒ ඒ අවස්ථාවල් වල රටක සිටින, “මජරම දේශපාලුවන්” එකට එක් වන අවස්ථාව හෝ එරෙහි වන අවස්තාව, එම රටේ ආර්ථික ස්ථාවරයට බලපාන බව දැන ගැනීමයි. මුන් මෙහෙමම කෙළගෙන හැඳි ගෑවිලා යනවා හෙම නොවේ. අවාසනාව ඊට වඩා වැඩියි. රටේ වාසනාව නොව, රටේ සිටින අපගේ අවාසනාව ඊට වඩා වැඩියි.
මොන රටෙන් ණය ලැබුනත් රට නම් ඉතින් වලටම තමා. ඒ නිසා අපගේ සියලු ශක්තියෙන් දූෂණයට එරෙහි වෙමු. ඒක තමා පොදුවේ කරන දෙයක් ආකාරයට කරන්නට ඇත්තේ. එහෙත් පෞද්ගලිකව ඊට වඩා මේ වෙලාවේ කරන්න දේවල් තව තියෙනවා. ඉන් එකක් වන්නේ රුපියල් එකතු කිරීම අවම කර, ඒ රුපියල් වලින් යමක් නිර්මාණය කිරීමයි.
මා ඔබට එක උදාහරණයක් කියන්නම්. පකිස්ථානයේ පරණ කබල් යකඩ කෑලි දෙකට තුනට කඩා රත් කර උණු කරනවා. ඊළඟට ඒවායින් වාහනවල වීල් හදනවා. මේවා කරන්නේ ඉහළ තලයේ මිනිසුන් නොවේ. බොහොම ප්‍රාථමික තලයේ මිනිසුන් විසින්. එය සාර්ථක දෙයක්. ඒක මේ කාලේ ඔබට පෙන්වන්නට හැකි එකම එක දෙයක් පමණයි.
ඊළඟට බලන්න පුළුවන් තව දෙයක් වන්නේ, සමහර රටවල් පෞද්ගලික මෙන්ම පොදු ඒකායන අරමුණක් ඔස්සේ ගොස් දියුණුවේ කොණ දැකීමයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ ඉතියෝපියාවයි. එය විශාල රටක්. එනිසා එකවර එහි තත්වය ගැන මැන බැලීම පහසු නැහැ. නමුත් විශේෂයෙන් අලුත් නයිල් නදී විදුළි බල ව්‍යාපෘතිය මගින් පණ ගැන්වුණු බල ශක්ති ජනනය මෙන්ම, රටේ කෘෂිකර්මයත් වේගයෙන් දියුණු වෙලා.
ඊට සම්බන්ද තව උදාහරණයක් මා කියන්නම්. එක්තරා කාලයක මා අරාබිය ආශ්‍රිතව රැකියාවක් කළා. එහි සිටි මගේ හිතවත් යහළුවෙක් ඒ ආයතනයක හොඳම “විකුණන්නා” වුනා. දැන් මේක හොඳ අවස්ථාවක් තව ඉහළ නිලයකට යන්නට. එහෙත් ඔහු අපූරු දෙයක් කළා. එනම් ඔහු ආයතනයෙන් අස්වී ඉතියෝපියාවට ගියා. අවම වශයෙන් පදින්නට මෝටර් සයිකලයක් නැති ඔහු අද දින අස්වයන් සිටින කෙනෙක්.
දෙයක් “නිර්මාණය” කිරීම සහ එය “විකිණීම” ලෙහෙසි දෙයක් නොවේ. විශේෂයෙන් “නිර්මාණය”ට වඩා, එය “විකිණීම” අපහසු දෙයක් වෙනවා. ඉතින් මේ කිව්වාට ඔබම ඔබේ ශක්තිය කුමක්ද කියා “නිර්ණය” කර ඊට අත ගහන්න ඕනා දෙයක් වෙනවා. මේ තත්වය සාපේක්ෂ වශයෙන් අද පහසු වේවි. හේතුව වන්නේ “ඔපෙක්” වගේ හෝ “ලෝක බැංකුවෙන්” වගේ තැනකින් ණය නොලැබුනත්, ඇති මුදලට ශක්තියක් වෙන ආකාරයකින් ලැබීමයි.
එය කෙසේ වෙනවාද කියා අවබෝධ කර ගැනීමට වඩා වටින්නේ, එය වන බව අවබෝධ කර ගැනීමයි. නමුත් ඊට ආවේගයක් තියෙනවා. එය සදාකල් වන්නේ නැහැ. තව මාස කීපයයි.
රටක් දියුණු වෙනවා යනු කුමක්ද ?

Leave a Reply