මේ මාතෘකාව දුටු විට කෙනෙක්ට විමතියක් එනු ඇත. එහෙත් ලිපිය අවසානය තෙක් ඔබ කියවන්නේ නම්, … “ඒ කතාවේ යම් සත්‍යයක් ඇත”… යයි කියන්නට ඉඩ ඇත.
එසේ ඉපදීමෙන් වන එක වැදගත් දෙයක් වන්නේ, බෞද්ධ පොත පත සහ ලිපි සහ වීඩියෝ වඩාත් පහසුවෙන් අප අතට ලැබීම පමණි. තවත් එහාට ලිපිය කියවන්නට පෙර ඔබට කල හැකි එක පරීක්‍ෂණයක් ගැන කියමි. කුමක් නිසා දේව වාදී ආගමක් වන ක්‍රිස්තියානි ආගමට ඔබ කැමැත්තේද යයි කිතුණුවෙක් ගෙන් අසන්න. දැන් කල යුත්තේ එකම ප්‍රශ්නය තරමක් වෙනස් කර බෞද්ධ කෙනෙක්ගෙන් ඇසීම පමණි. එහෙත් එය බෞද්ධයන් දස දෙනෙක්ගෙන් පමණ අසන්න.
ඔබට නියම පිළිතුර නොලැබේ. එය එසේ නම් තවත් දහ දෙනෙක්ගෙන් අසන්න. මගේ නම් විශ්වාසය නම් තවත් දහ දෙනෙක්ගෙන් ඇසුවද, පිළිතුරේ ඇති වෙනසක් ඇති නොවන බවය. දැන් ඒ ප්‍රශ්ණයට ඔබටද පිළිතුරු දිය හැකි දැයි බලන්න.
ඇත්තෙන්ම ඔබට ලැබිය යුතු නිවැරදි පිළිතුර “දේව වාදියෙක්” නොවන්නෙක්, “උඩු යටිකුරු කරවන ආකාරයේ” පිළිතුරකි. එනම් “බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ, ප්‍රායෝගික වශයෙන් හෙවත් හේතුඵල දහමේ ආකාරයට කියැවෙන ආගමක් ගැන යන්නය. තවත් ඊට විස්තරයක් අලවන්නේ නම්, “ප්‍රායෝගික හේතු ඵල න්‍යායය” හෙවත් “පටිච්ච සමුප්පාදය” එහි මූලික න්‍යායයක් බවය. එහි දේව වාදීත්වයක් නැත.
තවත් දෙයක් කෙටියෙන්ම කීවොත්, …”බුදුන් වහන්සේ තරම් දේව වාදියෙක් නොවන්නෙක්”… ඔබට ලොව වෙන තැනක සොයා ගැනීමට නොහැකි වීමය. දැන් මා ඉහත මාතෘකාවට එන්නට පෙර එක්තරා සිදුවීමක් සිහි කරමි. දින කීපයකට පෙර යම් භික්ෂුවක් ඔටුන්නක් දමා ගැනීම පිළිබඳ කතාවක් කියනු ඇසිණි. ඊට පිළිතුරු වශයෙන් බොහෝ සම්ප්‍රදානුකූල බෞද්ධයන් බොහෝ දෙනෙක් එය කල යුතුය යයිද, ඒ ගැන සම්පූර්ණ සහාය දෙන්නේය යයිද සේ කියා තිබිණි.
යුව රජෙක් වූ සිද්ධාර්ථ කුමරුවා රජ වාසලෙන් එලියට බසින්නට පෙර, මාරයා අහසේ පෙනී සිට, …“තවත් සතියකින් ඔබට මුළු ලෝකයේම සක්විති පදවිය හෙවත් ලෝකයේ රජකම ලැබෙන්නේය යයිද, එනිසා අද දින මේ ක්‍රියාව කල යුතු නැති බව”… කියා සිටියේය. ඉන් පසු දින හිස මුඩු කල සිදුහත් තවුසා පූර්ණ ප්‍රතාපයෙන් යුතුව ප්‍රසිද්ධියේ පිඬු සිඟා යාමේදී එම දේශයේ රජු වූ බිබ්බිසාර රජු, …”ඔබ වැන්නෙක් මෙසේ දානය සොයා ගත යුතු නැත”… අප දෙදෙනාම මේ රජය පාලනය කල යුතුය යයි කියා සිටියේය.
ඔටුනු තුනක් ඉවතට විසි කල සිදුහත් තවුසා සොයාගත් බුදු දහම පිළි පදින්නෙක්, කඩදහි ඔටුන්නක් සඳහා මේ තරම් වද වන්නේ කුමටද ? එය එතන සිටි එකම එක බෞද්ධයෙක්ට අවබෝධ නොවුනේ ඇයිද යන්න මට නම් අපැහැදිළිය. එතනම මාතෘකාවට පිළිතුර ඇත.
මෙතෙන්ටම බොහෝ විට එකවර නොපෙනන න්‍යායයක් වන, …”මනෝ පුබ්බංග මා ධම්මා”…. ගාථාව සලකා බලමු. එහි බුදු දහමේ අර්ථය ඉතාමත් හොඳින් පහදවා දී ඇත. එනම් “ලෝකයේ අමෘතය ඉක්මන් වීමය”… තවද බුදුන් වහන්සේ …”ශ්‍රද්ධා තරතී ඕඝා” යයි කියා ඇත. “සංස්කාර” තරණය කල යුත්තේ “බුදුන් වහන්සේ” ව “ශ්‍රධාවෙන්” පිළිගන්නා ලෙස කියා ඇත. කෙනෙක් බුදුන් වහන්සේ වදාළ දෙය නොපිළිගන්නේ නම්?
අනෙක් අතට එසේ දේශනාවක් සමාජගත කල බුදුන් වහන්සේ ගේ මතය පිළිගන්නා ජනතාවක් “ඔටුන්නක්” සඳහා මේ තරම් වද වෙන්නේ කුමටද යන්න ගැටලුවකි. වෙන ආකාරයකට කිවහොත්, ඒ කියන ශ්‍රද්ධාව ලෝකය අවිදු අඳුරෙන් අල්ලා ගෙන සිටින එම ජනතාවට නම් කිසිසේත්ම තිබෙන්නට හැකියාවක් නැත. ඒ සියල්ලන්ම පරම්පරාවෙන් බෞද්ධ වූ අය බව පැහැදිළිය. අවම වශයෙන් ඉන් 99% ක් වත් ඒ අයුරෙන් වන්නට ඇත.
…”යමක් සිදුවේ”… හෝ …”යමක් නොසිදුවේ”… යන මත දෙකම බුදු දහමේ නොකියවේ. එය “ශාස්වත දෘෂ්ටිය” හෝ “අශාස්වත දෘෂ්ටිය” වේ.
ඉපදීමෙන් මිය යමින් නොනැවතී ගමන් කරන මේ අනන්ත අප්‍රමාණ කාම, භව, දිට්ටි, අවිද්‍යා ඕඝය තුලින් ඉවත් වීමට නම්, ජීවන ගමනෙන් ඉවත් විය යුතුමය. වෙන ක්‍රමයක් නැත.
… “උපතක් කරා යන කෙනෙක් පමණක් නැවත මිය යයි”…. බුදු දහම නිවැරදිව අල්ලා ගත් කෙනෙක් ඒ තත්වය හොඳින් අවබෝධ කරගනී. .. “පංච කාමය ඇත”… යන සිද්ධාන්තය අප පිළිගනිමු. ඒ නිසා, “එය ගෙදර ගෙන යන්නට අප උත්සාහ කරන ඕනෑම මොහොතක”, ඉහත කී සිද්ධාන්තය තදින් අල්ලා ගන්නෙමු. ලෝකය කෙරේ අපට “චන්දයේ රාඝයක්” ඇත. “චන්දය” යන්න “කැමැත්ත” යි. “රාඝය” යනු “අවශ්‍යතාවය” වේ. චන්ද රාඝය යනු, “කැමැත්තේ අවශ්‍යතාවය” වේ.
එය අපගේ මරණය වේ.
මරණයටත් වඩා එය නැවත ඉපදීම ම වේ.
ඉපදීම කොතනද, මරණයද එතනම වේ.
සම්ප්‍රදානුකූල බෞද්ධ පවුලක ඉපදුනා කීමට ලොකු හේතුවක් නැත.

Leave a Reply