ඇත්තෙන්ම, ජිනීවා විලට වඩා ප්‍රසිද්ධියක් ගන්නේ ජිනීවා නගරයයි. ලෝක රතු කුරුස මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලය, එක්සත් ජාතීන්ගේ යුරෝපා හවුල ,… මෙවැනි දේ සඳහා ජිනීවා නගරය ප්‍රසිද්ධ වේ.
ජිනීවා විල ඒ සමඟම කියැවෙන තවත් දෙයකි. එය ඇල්ප්ස් කඳුකරයේ උතුරු පැත්තේ පිහිටි ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය අතර ඇති බටහිර යුරෝපයේ විශාලතම විල්වලින් එකක් වේ. තවද එය, “රෝන් ගඟේ” විශාලතම විල වේ. විලෙන් සියයට හැටක් ස්විට්සර්ලන්තයට සහ සියයට හතළිහක් ප්‍රංශයට අයත් වේ. තවත් අයුරකින් කිවහොත්, “ජිනීවා විල” යනු ගිනිකොණ දිග “විස්කොන්සින්” හි “වෝල්වර්ත් ප්‍රාන්තයේ” මිරිදිය ජලාශයකි.
එහි වෙරළ තීරයේ “ජිනීවා නගරය” සහ “ෆොන්ටානා-ඔන්-ජිනීවා-ලේක්” සහ “විලියම්ස් බේ” යන ගම්මාන ඇත.
සාපේක්ෂව බැලුවහොත් ලංකාවේ “තිසා වැවේ” වර්ග ඵලය වන්නේ වර්ග සැතැප්ම 550 කි. එහෙත් ජිනීවා විල ඊට වඩා කුඩාය. එනම එය වර්ග කිලෝමීටර 580 ක වර්ග ඵලයකින් යුතු වේ. එහෙත් මීටර් 8ක් ගැඹුර තිසා වැවට වඩා මෙය බොහෝ ගැඹුරුය.
ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය අතර මායිමේ උතුරු ඇල්ප්ස් කඳුකරයේ පිහිටා ඇත. මෙම ගැඹුරු අඩ සඳ හැඩැති විල සියවස් ගණනාවක් තිස්සේ කලාකරුවන්ට ආස්වාදයක් ලබා දී ඇත. සම්භාව්‍ය ලතින් ලේඛකයන් විල හැඳින්වූයේ “Lacus Lemanus” ලෙසය.
18 වන සියවසේ සිට මෙම විල එහි ප්‍රංශ නම Lac Léman ලෙස හඳුන්වනු ලැබුවේය. ජර්මානු භාෂාවෙන් එය “Genfersee” හෝ “Genfer See” ලෙස හැඳින්වේ. ඉතාලි භාෂාවෙන් එය “Lago Lemano” හෝ “Lago di Ginevra” විය හැකිය. වැවේ නැඟෙනහිර කෙළවර ඇල්පයින් කඳු බෑවුම් වලින් සීමා වේ. උතුරු වෙරළ තීරය මාලිගා වැනි පැරණි මන්දිර ඇති බෑවුම් වේ. විවිධාකාර භූ දර්ශනයක් සහ වෙනස් විය හැකි කාලගුණයක් එහි ඇත.
කුණාටු වලාකුළු පිළිබඳව ජිනීවා විල වැදගත් කෞතුකාගාරයක් සේ ක්‍රියා කරයි.
ජිනීවා විලේ පිහිටීම තව විදියකින් කිව හැක. එය ඇල්ප්ස් කඳුකරයේ උතුරු පැත්තේ පිහිටි විලකි. මීටර් 72 ක උන්නතාංශයක පිහිටා ඇති ජිනීවා විලේ උපරිම දිග කිලෝමීටර් 73 , උපරිම පළල කිලෝමීටර 14 , සාමාන්‍ය ගැඹුර මීටර් 154 සහ උපරිම ගැඹුර මීටර් 310 වේ.
විලෙහි ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර් 345 (වර්ග සැතපුම් 134) පමණ ස්විස්ටර්ලන්තයට අයත් වන අතර වර්ග කිලෝමීටර් 235 (වර්ග සැතපුම් 90) ප්‍රංශයට අයත් වේ. ස්විට්සර්ලන්තයේ “විලේනුව්” සහ ප්‍රංශයේ “සෙන්ට්-ගිංගෝල්ෆ්” අතර නැගෙනහිර කෙළවර වේ. බටහිර කෙළවරේ ජිනීවා නගරය ඇත.
අසාමාන්‍ය ලෙස නිල් පැහැයෙන් විනිවිද පෙනෙන ජලය, රිද්මයානුකූලව එක් වෙරළක සිට අනෙක් වෙරළට පැද්දේ. ජිනීවා විලෙහි වෙරළ තීරයේ විශාලතම නගරය ජිනීවා වේ. එය ස්විට්සර්ලන්තයේ දෙවන වැඩිම ජනගහනය සහිත නගරය වේ. එය ස්විට්සර්ලන්තයේ ප්‍රංශ භාෂාව කතා කරන කොටස වන “රොමැන්ඩි” හි වඩාත්ම ජනාකීර්ණ නගරය යි.
18 වන සියවසේ සිට, සුන්දරත්වය සඳහා කීර්තිමත් වූ ජිනීවා විල කලාපය, ලෝකයේ විශිෂ්ට පුද්ගලයින් සංචාරය කරන ලද නිවාඩු කලාපයක් ලෙස වර්ධනය වූ බවක් පෙනේ. විකට ප්‍රහසන නළුවෙක් වූ “චාලි චැප්ලින්” සිය අවසන් වසර ගත කළේ ජිනීවා විලෙහි උතුරු වෙරළේ “වේවි නගරයේ දී” ය.
ආගන්තුකයෙක් ජිනීවා විල ඉවුරට පැමිණෙන්නේ නම්, ඔහුට වෙනස් වන වර්ණ ඇති මිදි වතු සහිත බෑවුම්, අතීත සහ නවීන ක්‍රියාකාරකම්වල සම්මිශ්‍රණයෙන් යුත් සිත් ඇදගන්නා කඳු, මනරම් ගම්මාන සහ නගර අගය කරනු ඇත.
ක්‍රිස්තු වර්ෂ 563 දී, “ග්‍රෙගරි ඔෆ් ටුවර්ස්” සහ “මාරියස් ඇවෙන්ටිසෙන්සිස්” ගේ ලේඛනවලට අනුව, සුනාමි රළ වැව දිගේ ගසාගෙන ගොස්, ටෝරෙඩුනම් බලකොටුව සහ අනෙකුත් ජනාවාස විනාශ කර, ජිනීවාහි බොහෝ මරණ ඇති කළේය. “රෝන් ඩෙල්ටාව”ට ආසන්නයේ ඇති වූ දැවැන්ත නාය යෑමක් නිසා එය වූ අතර, එය මීටර් අටක් උස රළ පහරක් විනාඩි 70 ක් ඇතුළත ජිනීවා වෙත ළඟා වීමට හේතු විය. 1960 ගණන්වල අගභාගයේදී, දූෂණය නිසා වැවේ සමහර වෙරළ තීරවල පිහිනීම අනතුරුදායක විය.
ඇත්ත වශයෙන්ම, ජලය යට දෘශ්‍යතාව එකළ ශුන්‍යයට ආසන්න විය. 1980 දශකය වන විට උග්‍ර පරිසර දූෂණය නිසා මත්ස්‍ය වර්ග සියල්ලම පාහේ විනාශ වී ගියේය. පරිසරයට මුල් තැනක් දෙන ස්විස්ටර්ලන්තයේ සහ ප්‍රංශයේ විශාල බලපෑම නිසා, අද වන විට, පරිසර දූෂණ මට්ටම් සෑහෙන්න අඩු වී ඇති අතර, නැවතත් වැවේ පිහිනීම ආරක්ෂිත යැයි සැලකේ.
මෙහි “බෝට් රේසිං” යනු ජනප්‍රිය ක්‍රීඩාවක් වේ. ඉහළ කාර්ය සාධනයක් සහිත “කැටමරන්” බෝට්ටු විශේෂයෙන් වැව සඳහා නිර්මාණය කර ඇත. ජිනීවා විල සබ්මැරීන මගින් ගවේෂණය කර ඇත. අනෙකුත් ස්විට්සර්ලන්ත විල් මෙන් මෙම විල මාළු වලින් පොහොසත් නොවේ; දේශීය මාළු විශේෂ 20 ක් එහි ඇත.
වෙරළ තීරයේ ප්රාග් ඓතිහාසික විල් වාසස්ථාන තිබී බව සොයාගෙන ඇත. ජිනීවා ලේක් කලාපයේ සංචාරක යටිතල පහසුකම් විශිෂ්ට හෝටල් සහ අවන්හල්, උත්සව, සිදුවීම් සහ දර්ශන නැරඹීමෙන් ඉතා හොඳින් සංවර්ධනය වී ඇති බව පෙනීයයි.
https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid02PA1LVu6QXjQMk7Q3Ug7DQowhqVDPfe6uhzRDjzi2fXsQHALkKoWeANMjvyoYhSb1l?notif_id=1667192906352159¬if_t=feedback_reaction_generic&ref=notif
Leave a Reply